5. හිජාබ් (පර්දාව – ඇඟ වැසෙන ඇඳුම*
අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්* නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැර ගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය.
ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එය හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.
කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.
මොනයම් අවස්ථාවකදිවූවත් යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිබෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැුකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව* උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැුකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.
”නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.” (අල්-කුර්ආන් 33: 59*.
ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිබෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡුායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.
කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැුස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත. එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්* ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.
මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැුඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.
ඉහත සදහන් කළ අදහස්වලට සවන් දෙන අය ආපසු අපෙන් මෙලෙස ප්‍රශ්න කරති. හිජාබ් වැස්ම ඇන්දවිටත් ඉහත දැක්වූ කරදර කිසිවකට මුහුණ පාන්නට සිදු නොවේ යැයි සහතිකව කිව හැකිද? නරක පුරුදු ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් නැතත් කාන්තාවන්ට අතවර නොකරන්නේද?
අප ඔවුන්ට දෙන පිළිතුර ගැන අවධානයෙන් බලන්න. හිජාබ් අඳින්නේ නම් සත්‍ය වශයෙන්ම මේ තත්ත්වය උදා නොවේ යැයි සහතිකව කිවහැක. ඒත් එක් දෙයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුය. කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟුම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟුම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි. සත්‍ය මෙසේ තිබියදී පිරිමියාගේ නෙත් සිත් ඇදගන්නා අයුරින් ඇඳ පැළඳ පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට සැළසීම ඇයගෙන් සිදුවන්නේය. නරක ගති පැවතුම් ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් අතවර කරන්නේ යැයි ඇසූවොත් කවුරුන් නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණේද යන්න සළකා බැලිය යුතුය. එය හිජාබ් නොඅඳින කාන්තාවන් නිසා ඇතිවී තිබෙන තත්ත්වයකි. හිජාබ් නොඅඳින, ආකර්ශනීය ලෙස හැඳ පැළඳ යන කාන්තාවක් හමුවේ හැඟුම්බර වුණු පුද්ගලයෙකු අතින් හිජාබ් අඳින කාන්තාවක් වුවද අතවරයට ලක්විය හැක. එයට මුල්වූයේ ඔහු කළින් ඇතිකර ගත් නරක පුරද්ද වන්නේය.
මෙතරම් දුරට පිරිමියෙකු පිරිහීමටත් ඔහුට යහපත් ජීවිතයක් අහිමි වීමටත් හේතුවූයේ තම ඇඟ පසඟ ප්‍රසිද්ධියේ පෙන්වමින් සැරිසරණ කාන්තාවන් බව නොරහසකි. එහෙයින් මේ ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා ¥ෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.
මෙසේ හිජාබ් ඇදුමෙන් සැරසී යන කාන්තාවන් සැළකිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. තමන් හිජාබය ඇදගෙන සුරක්ෂිතව ගමන් කරන බව පැවසුවත් සුවඳ විලවුන් හා තොල් නිය ආදියද ඇහිබැම්ද වර්ණවත් කරමින් යකඩ ඉදිරියෙන් කාන්දම් තබන්නාසේ සැරිසැරුවොත් හිජාබයේ අරමුණද සුනුවිසුනුවී යන්නේය. හිජාබය අඳින කාන්තාවට තම මුහුණ හා මැණික් කටුවෙන් පහල අත්දෙක පෙන්විය හැක. එහෙත් පිරිමින් ආකර්ශණය කරගන්නා දේවල්වලින් වැළකිය යුතුය. ඒ ගැන අල්-කුර්ආනය කරන ප්‍රකාශය කුමක්දැයි බලමු.
”විශ්වාසවන්ත කාන්තාවන්ටත් මෙසේ කියන්න. ඔවුන් තම බැල්ම පහත් කරගත යුතුය. ඔවුන්ගේ රහසඟ (විලි*ද වසාගත යුතුය. පිටත පෙනෙන අංග හැර” (තමා සතු අනෙක් රූපාලංකාරයන් කිසිවක් නොපෙන්විය යුතුය* (අල්-කුර්ආන් 24:31*.
හිජාබයට විරුද්ධත්වය දක්වන්නන් තවත් බොරු හේතුවක් දක්වමින්, වැඩ කරන කාන්තාවන්ට හිජාබය මහත් හිරිහැරයක් බව කියති. මොවුන් කියන ආකාරයට වැඩකරන කාන්තාවන්ට හිජාබය හිරිහැරයක් නම් ඉස්ලාමීය රාජ්‍යයන්හි කාන්තාවන් වැඩකරන්නේ කෙසේද? අපේ රටේ පවා බොහා් කාන්තාවන් වෙළඳීයන්, කම්කරුවන්, ගුරුවරියන්, ප්රචාරක වරියන්, ලේඛිකාවන්, පාලිකාවන්, වෛද්‍යවරියන් හා හෙදියන් වශයෙන්්ද තවත් විවිධ සේවාවන් හා වැඩවල යෙදෙන්නෝය. මොවුන් වැඩ කරන්නේ කෙසේද? ක්‍රිස්තියානි කාන්තාවන් කන්‍යා සොයුරියන් නමින් ජීවිත කාලය තුලම හිජාබය ඇඳගෙන සෑම වැඩක්ම (සේවාවන්හිම* යෙදෙන්නෝය. මේ හිජාබය ඔවුන්ට පහසු වන්නේ කෙසේද? වසර 1400 කට පෙර නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා හා මිත්‍රවරුන් සහභාගිවූ බොහෝ සටන්වලදී තුවාල ලැබූ සෙබලූන්ට ප්‍රථමාධාර හා ප්‍රතිකාර ලබාදීම සදහා එතුමාගේ භාර්යාවන් හා මිත්‍රවරුන්ගේ භාර්යාවන් සම්පූර්ණ හිජාබය ඇඳගෙන හෙදියන් වශයෙන් සේවයේ යෙදුන බව මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුව ඇත.
වැසි කාලයට වැස්ස තදින් වසින විට තෙමීමෙන් නොයෙක් ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ආරක්ෂාවීම සදහා අතේ කොතරම් බරට බඩු තිබුනත් කුඩයක් ඉහලාගෙන හැම දුෂ්කරතාවක්ම විඳ දරාගෙන තමා වැස්සෙන් ආරක්ෂා කරගන්න දරන උත්සාහය මෙන් හිජාබයත් බොහෝ පිරිමින්ගේ ඇස්වලින් තම අඟ පසඟ (නොපෙනී* වසාගෙන, භයානක රෝගයක්වූ ¥ෂණය හා අපචාරවලින් අපව ආරක්ෂා කරගන්නා පලිහක් ලෙස සළකා එය අපේ ජීවිතයට ළංකර ගන්නේ නම් සමාජයේ සදාචාරාත්මක පැවැත්මට මඟ පෑදෙන්නේය.
ලිංගික අපචාර හා බාල අපචාර පිළිබඳව කොතරම් යෝජනා හා අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කළත් දිනපතා ඒවා වර්ධනය වීමක් හැර මර්ධනයක් හෝ අඩුවීමක් හෝ පෙනෙන්න නැත. කාන්තාවන් ඉස්ලාමය හඳුන්වා දෙන මෙම හිජාබය ඇඳ ගැනීමට පෙරට එන්නේ නම් මෙවැනි පිළිකුල් සහගත තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිවන්නේය. අපරාධ ගැන බියෙන් තොරව කාන්තාවන්ට නිදහසේ තම වැඩ කටයුතු සඳහා නිවසින් පිටවිය හැකිය.
සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා
පරිවර්තක:
සෙයියද් මුහම්මද්
ප්රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10