ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්
ඒ. එච්. ෆාතිමා ජනූෆා

පරිවර්තක:
සෙයියද් මුහම්මද්

ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10
ෆ ෂීඛ්ඵ්ශෑ ණ්්භඔ්‍ය් ්ශඔ්‍යෂඋ්ීෂණ්ඵ ෆ ක්‍දපචසකැා ඉහථ ්ග්‍යග ත්‍්එයසප් න්‍්බදදේ ෆ ඛ්බටම්ටැථ ීසබය්ක් ෆ ඔර්බික්එැා ඉහථ ීැසහහැා ඵමය්පපැා ෆ ්ිිසිඑැා ඉහථ ඵදමක්ඩස ඔගෘග ඍ්පාැැබ :ඵ්යසර* ෆ ත්‍සරිඑ ෑාසඑසදබථ 2009 ෆ ීස‘ැථ 1රැු8 ෆ ඡු්ටැිථ 41 ෆ ඡුමඉකසියැා ඉහථ ්ිිදජස්එසදබ දෙ ඵමිකසප ශදමඑය දෙ ී්සක්බ :න්‍්පපසහහ්එයමිය ීය්ඉ්ඉ* ඵ්කසට්න්බා් ඍද්ාල ඵ්ර්ා්බ්ල ක්‍දකදපඉද – 10ල ීරස ඛ්බන්ග ෆ ඔැකථ 0112678333 ෆ ෑ-ප්සකථ ්පහි?ිකඑගකන ෆ ක්‍දචහරසටයඑථ න්‍්පපසහහ්එයමිය ීය්ඉ්ඉ ෆ ඔහචැ ිැඑඑසබට ඉහථ ඵදමක්ඩස ඔගෘග ඍ්පාැැබ :ඵ්යසර*

පෙරවදන
 ලෝකයේ අද කොතැනක බැලූවත් කාන්තාවන් ගැනත් කාන්තා නිදහස ගැනත් කතා කෙරෙයි. අපට නිදහස අවශ්‍යයි, සාමානත්වය හා සම අයිතිවාසිකම් අවශ්‍යයයි කියා අද හැම තැනම හැම දෙනාම හඩනගන මෙවන් අවස්ථාවක මේ ගැන ඉස්ලාම් දෙන විසඳුම කුමක්දැයි විමසා බැලීම අපේ යුතුකමක් වන්නේය.

වසර 1400 කට පෙර කාන්තාවන්ටත් ආත්මයක් තිබේදැයි? විශ්වාස නොකරන තත්ත්වයක් තිබිණි. ඔවුන් කාමයට පමණක් අවශ්‍ය (සීමාවූ* පිරිසක් ලෙසයි සලකන ලදී. ලෝකය පුරා පැවති කණගාටුදායක තත්ත්වය එයයි. ඉස්ලාම් ආගම පහළවීමෙන් පසුව ගැහැණුන්ටත් ආත්මයක් ඇති බවත් ඔවුන්ටත් ජීවත්වීමේ අයිතියක් ඇතිබවත් දැනුවත් කරන ලදී. මෙය උමර්(රළියල්ලාහු අන්හු* තුමාගේ ප‍්‍රකාශයෙන් මනාව ඔප්පුවන්නේය. ”ඉස්ලාම් පහළවීමට පෙර අප විසින් කාන්තාව කිසිම වැදගත්කමක් ඇති කොටසක් හැටියට සැලකුවේ නැත. ඉස්ලාම් දහම පැමිණීමෙන් පසුවයි කාන්තාවන්ටත් හැඟීම්, සිතුම් පැතුම් හා අයිතිවාසිකම් ඇති පිරිසක් ලෙස සලකන්න පටන් ගැනුනේ” යැයි එදා කාන්තාවන්ට පැවති තත්ත්වය ගැන ප‍්‍රකාශ කළහ.

දැනට ලෝකයේ සාමාන්‍යයෙන් කෝටි හැටක් පමණ මුස්ලිම් කාන්තාවන් ජීවත් වෙයි. ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් ඉස්ලාම් ගැන හෝ ඉස්ලාමය විසින් කාන්තාවන්ට ලබාදී ඇති නිදහස ගැන හෝ නොදනිති. ඉස්ලාම් පිළිබඳ උගතුන් යැයි කියාගන්නා බොහෝ දෙනෙක්ද මේ ගැන කරුණු හෙළිදරව් කිරීමක් හෝ දැනුවත් කිරීමක් නොකරති. මේ තත්ත්වය උඩ ඉස්ලාමයේ කාන්තාවන්ට නිදහසක් ඇද්ද? යන සැකය මුස්ලිම් නොවන කාන්තාවන් අතරේ පමණක් නොව සමහර මුස්ලිම් කාන්තාවන් තුල පවා පවතී.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4:1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප‍්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්ද? දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට අපට ඇති අයිතිය කුමක්ද?

මේ තත්ත්වය උඩ දෙවියන් විසින් කාන්තාවන්ට ලබාදුන් නිදහස (අයිතිවාසිකම්* හා ප‍්‍රතික්ෂේප කරන ලද සමහර කරුණුවල සාධාරණත්වයත් ගැන පෙළගස්වා පැහැදිළිව තේරුම් ගැනීම අපේ වගකීමක් වන්නේය. මේ කුඩා පොතේ අරමුණ වන්නේ ඒ ගැන විග‍්‍රහ කිරීම වන්නේය.

මේ ලිපිය මුල සිට පලකළ ”මුස්ලිම් කාන්තාව” මාසික සගරාවටත් එය පොතක් වශයෙන් මුද්‍රණය කළ ”මුනීරා” මුද්‍රණකරුවන්ටත් සඥාපනයක් ලියූ මගේ ගුරුපියාණන් හා කායිල් පට්ට්නම් අන්නෙයි ආයිෂා සිද්දීකා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පති එන් හාමිද් බක්රි මන්බඊ තුමන්ටත් මගේ ස්තූතිය පිරිනමමි.

සර්වබලධාරි අල්ලාහ් මුළුමහත් මානව වර්ගයාම සත්‍ය අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වීමේ හැකියාව හා ශක්තිය ලබා දෙත්වා!

ඒ එච්. ෆාතිමා ජනූෆා
කායිල් පට්ටිනම්

ජම්ඉයියතුෂ් ෂබාබ් සභාපතිතුමාගේ පණිවිඩය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
සිංහල භාෂාවෙන් ඉස්ලාමය අවබෝධ කරවීම පිණිස සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය මඟින් කරනු ලබන මහඟු සේවාවකි මෙය. 2005 අග භාගයේ සිට මෙම සංවිධානය මඟින් ඉස්ලාම් ආගමික සංස්කෘතික සුභසාධක සහ මඟපෙන්වීම සඳහා ඉටු කරනු ලබන ඉමහත් සේවාව ශ‍්‍රී ලංකාවේ මෙන්ම පිටරටවලද ප‍්‍රසිද්ධය. ඒ අනුව 2007 අවසානයේදී සිට සිංහල භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ රියාලූස් සාලිහීන් නම් කෘතිය ප‍්‍රකාශනය කළ අතර ඉතා කෙටි කලයක් තුළ එහි දෙවැනි වෙළුමද ප‍්‍රකාශනය කිරීමට මෙම ව්‍යාපෘතියේ සේවක මණ්ඩලයට හැකි වීම අති විශාල ජයග‍්‍රහණයකි. එමෙන්ම කාන්තාවක් සතු වගකීම් ඔවුන්ගේ නිදහස පිළිබඳ අන්තර්ගතවූ මෙම කෘතියද ඔවුන්ගේ තවත් උත්සහයකි

මෙවැනි කර්තව්‍ය සඳහා අප සංවිධානයේ සාමාජිකයින්ගේ ඉමහත් කැපවීම සහ පරිත්‍යාගය මම අගය කරමි. විශේෂයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා කැපවීමෙන් සේවය කරන සෙයියද් මුහම්මද්, මව්ලවි ටී.ඞී රම්ඞීන් (මාහිර්* යන මහත්වරුන්ට තව තවත් මෙවන් කෘති සකස්කර එළිදැක්වීමට අල්ලාහ්ගේ අනුග‍්‍රහය ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි.

ඉස්ලාමය සම්බන්ධ මෙවන් කෘති සිංහලෙන් කියවා ජනයා ඉස්ලාම් ධර්මය අවබෝධ කර ගැනීම මාගේ එකම ප‍්‍රාර්ථනාවයි. මෙම කෘතිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීම අගය කරන සියලූ දෙනාටම අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා.

සභාපති.
එස්.එම්.එම්. රෂීද්.
සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය (අෂ්-ෂබාබ්*
149 මාලිගාකන්ද පාර මරදාන
කොළඹ 10.

1. අධ්‍යාපනය
අධ්‍යාපනය සෑම මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය දෙයක් සේම, ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලූ දෙනා සතු අයිතිවාසිකමකි. කාන්තාවක් අධ්‍යාපනය ලැබීම වැදගත් වන්නේ, මතු පරම්පරාව බුද්ධිමත්, සදාචාර සම්පන්න පිරිසක් බවට පත්කිරීමේ මහඟු වගකීම ඇය සතු වන නිසාය. අරාබි ප‍්‍රස්ථා පිරුළක් ඇත. එනම් ”අල්- උම්මු මදරසතුල් ඌලා” මව දරුවන්ගේ මුල්පාසලයි.

නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාණෝ මෙසේ පැවසූහ. ”යමෙක් අධ්‍යාපනය සොයා ගමන් කරයි නම් ඔහුට ස්වර්ගයේ මාර්ගය අල්ලාහ් පහසු කරවන්නේය.”

උත්තරීතර අල්ලාහ් මෙසේ කියයි. ”ඔබලාගෙන් විශ්වාසවන්තයින්ට හා ශිල්ප ඥානය ලැබූවන්ටද අල්ලාහ් තත්ත්වන උසස් කර පිරිනමන්නේය.”

ශුද්ධ අල්-කුර්ආනයේ පහළවූ මුල්ම වැකිය අධ්‍යාපනයේ වැදගත්කම පෙන්නුම් කරන්නේය. ”ඔබව මැවූ පරමාධිපතිගේ නාමයෙන් කියවන්න. අලක් නමැති තත්ත්වයේ සිට මිනිසාට මවනු ලැබුවේ ඔහු විසින්ය.”

මෙසේ සදාචාරයෙන් තොර අධ්‍යාපනය හැර අනෙක් හැම ශිල්ප සාස්ත‍්‍රයක්ම හැදෑරීමට ඉස්ලාමය පූර්ණ සහයෝගය ලබා දෙයි. සහබා කාන්තාවන් (මුහම්මද් නබි තුමන්ගේ සමකාලීන කාන්තාවෝ* අධ්‍යාපනය ලබා ගැනීමේදී ලැජ්ජා නොවූ බව පහත සඳහන් නබි වදන්වලින් සනාථ වන්නේය.

”කාන්තාවන්ගෙන් මදීනාවාසී කාන්තාවන් ඉතා ශ්‍රේෂ්ඨය. හේතුව ආගමික අධ්‍යාපනය ලැබීමෙහි ඔවුන් කිසිවිටක ලැජ්ජාවූයේ නැතැ”යි ආයිෂා(රළියල්ලාහු අන්හා* තුමිය පැවසූවාය.

අන්සාරි කාන්තාවකු නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාණන් වෙත පැමිණ ”මාසික ශුද්ධිය” නැවතුන පසු ස්නානය කරනුයේ කෙසේදැයි විමසුවාය. එවිට ස්නානය කිරීමේ විස්තර කර ”කස්තූරි” තැවරූ පුළුන්වලින් පිරිසිදු කර ගන්නැයි කීවේය. එවිට ඇය ඒ කෙසේදැයි විමසුවාය. නැවත නබි තුමා එයින් පිරිසිදු කරගන්නැයි කීවේය. නැවතත් ඇය ඒ කෙසේදැයි විමසුවාය. එයින් පිරිසිදු කරගන්නැයි නබි තුමා කීහ. නැවතත් ඇය ඒ ප‍්‍රශ්නය ඇසූවිට නබි තුමා අහක බලාගත්තේය. එවිට ඇගේ අතින් අල්ලා පසෙකට කර පිරිසිදු කරන හැටි කියා දෙන්නෙමියි ආයිෂා තුමිය පැවසුවාය. (මූලාශ‍්‍රය: බුහාරි*.

ස්වර්ගයේ මාවත පහසුකරවන අධ්‍යාපනය පිරිමින්ට පමණක් අනුමත කර ගැහැණුන්ට අනුමත නොකිරීම දෙවියන්ගෙන් හෝ දේව ¥තයාණන්ගෙන් සිදුවූයේ නැත.

ලිප මොලවන ගැහැණුන්ට අධ්‍යාපනය කුමක් සඳහාද? යන සිද්ධාන්තය ඉගැන්වූයේ කවුද? එය දේව වාක්‍යයක්ද? නබි වදනක්ද? දෙවියන් විසින් ගැහැණුන්ට ලබාදුන් දැනුම ලබා ගැනීමට ඉඩනොදී ඔවුන්ගේ ජීවිත හොඳ තත්ත්වයකට ගෙන එන්නේ කෙසේද? තම දරුවන්ට ආගම හා ගුණ ධර්ම ඉගැන්වීමට නොහැකිව ඔවුන්ට ඉස්ලාමයේ සුලඟ පවා වැදෙන්නට නොදී, ඔවුන්ගේ මතු ජීවිතය අඳුරු කරවීමට හේතු විය හැක. මගේ දුව මට අවශ්‍ය හැටියට හදා ගනිමි. අපට අවශ්‍ය අයුරින් ඇය විවාහ කර දෙන්නෙමු. යන හිතුවක්කාර අදහසින් දෙවියන් දායාද කළ අධ්‍යාපනය හැදෑරීමට ඇයට ඉඩ නොදී සිටීමට කිසිම දෙමව්පියෙකුට දෙවියන් අනුමැතිය දී නොමැත. ගැහැණු පිරිමි භේදයකින් තොරව තම දරුවන් හැමදෙනාටම එක සමානව අධ්‍යාපනය ලබාදීම සෑම දෙමව්පියකුගේම වගකීමකි. එසේ නොකළහොත් දෙවියන් ඉදිරියේ විශාල වරදක් කළ වරදකරුවන් ලෙස පෙනී සිටීමට සිදුවිය හැකි බව අප කවුරුත් තරයේ මතක තබා ගත යුතුය.

නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාණන් වෙත පැමිණි සහබා කාන්තාවන් ඔබතුමාගෙන් ආගමික දැනුම ලබාගැනීමේදී කාන්තාවන්ට වඩා පිරිමින් ඉදිරියෙන් සිටිති. එහෙයින් අපට උපදෙස් දීම සඳහා වෙනම දිනයක් වෙන්කර දෙනු මැනවයි ඉල්ලා සිටියහ. ඉන්පසු නබිතුමා කාන්තාවන් සඳහා වෙනම දිනයක් නියම කර එදින ඔවුනට ආගම ඉගැන්වූහ. අවශ්‍ය නීතිරීති කියා දුන්හ.

ඉහත සදහන් කරුණ ගැන අවධානය යොමු කීරීමෙන් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීමට කොතරම් දුරට වැදගත් කමකින් හා උනන්දුවකින් කටයුතු කළාද යන්න තේරුම් ගත හැක.

මධ්‍යතම යුගයේ ලෝකය අඳුරේ ගිලී තිබුන අවස්ථාවක ස්පාඤ්ඤයේ කොරඩෝවා විශ්ව විද්‍යාලය වැනි අධ්‍යාපන පීඨ නිර්මානය කළ මුස්ලිම්වරුන් අද අධ්‍යාපනය අතින් පහත වැටී සිටීම මහත් කණගාටුවට කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *