ලෝකයේ විවිධ ආගම් තිබුනත් ඒක දේව වාදය ඉතා මැනවින් ආරක්ෂා වී තිබෙන්නේ ඉස්ලාම් දහම තුල පමණි. නබිතුමාගේ වියෝවෙන් පසුව ඉස්ලාම් දහම තුල බොහෝ ආගමික නිකායන් බිහි වුවද එම සියළු නිකායන් වලින් පිළිපදින්නේ අල්-කුරානය සහ නබිතුමාගේ සුන්නාවන්ය. ඒ අනුව ඉස්ලාම් දහමේ ඇති කිසිම නිකායකින් බහු දේව වාදය අනුමත කරන්නේ නැත. තවද ඉස්ලාම් දහම තුල පිළිම වන්දනාවක් නොමැතිවීම විශේෂත්වයකි.
ලෝකයේ ඇති ආගම් අතුරින් අල්-කුරානය පමණක් ඍජුවම අල්ලාහ්ගේ වදන්වලින් ලියැවී තිබීම විශේෂත්වයකි. මේ නිසා එහි මිනිසුන්ගේ අදහස් සම්මිශ්‍රණය වී නොමැත. මේ නිසා අල්-කුරානය හදාරන කෙනෙකුට දෙවියන්ගේ පණිවිඩය නිසි ලෙස දැන ගැනීමට හැකියාව ලැබෙන්නේය.
නවීන ලෝකයේ ජිවත්වන ඇතැම් අය සිතාගෙන ඉන්නේ ආගමක් අවශ්‍ය මිනිසුන් වැරදි කිරීමෙන් වැළකීමට බවයි. එහෙත් එය වැරදි මතයකි. ඇයිද යත් එවැනි දෙයක් සඳහා රටේ පවතින නීති හොඳටම ප්‍රමාණවත් වන නිසාය. ආගමක වපසරය ඊට වඩා විශාලය. විශේෂයෙන්ම ඉස්ලාම් දහමින් මිනිසාට සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දෙන්නේය. එය පිලිපැදීමෙන් මෙලොව ජීවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතයත් ජය ගැනීමට හැකි වන්නේය.
ඉස්ලාම් නොවන ආගම්වලින් ‘දෙවියන්’ වෙනුවෙන් දී තිබෙන අර්ථයට වඩා වෙනස් අරුතක් ඉස්ලාම් දහමින් ලබා දී තිබේ. ඒ අනුව ඉස්ලාම් දහමින් පවසන දෙවියන් එක් කෙනෙකි. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ඔහුට සමවන වෙනත් කිසිවෙකු නොමැත. ඔහු කිසිත් නොමැති විට අළුතින් දෙයක් මවන්නාය. සෑම ජීවියෙකුම ඔහුගෙන්ම යැපෙන්නේය. ඔහු මෙලොව සිටින සියල්ලන්ටම කරුණාව දක්වන්නේය. එහෙත් මරණයෙන් පසු ඔහුගේ අණට කීකරු වූ අයට පමණක් කරුණාව පෙන්වන අතර අනෙක් අයට දඬුවම් කරන්නේය. මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී අධිපති ඔහුය. එම දිනයේදී ඔහු සියල්ලන්ටම සාධාරණය ඉටු කරන්නේය.
මිනිසාට දහම් පණිවිඩය ලබා දීම සඳහා ආදම්තුමාගේ සිට මුහම්මද් නබිතුමා දක්වා නබිවරු සිය දහසකට වඩා පැමිණ ඇත. මෙලෙස පැමිණි සෑම නබිවරයෙකුම දේශනා කලේ ඉස්ලාම් දහමයි. එනම් දෙවියන්ගේ අණට කීකරු වෙමින් ඔහු පෙන්වා දී ඇති මාර්ගයේ ගමන් කරන ලෙසයි. මේ අනුව ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම සඳහා කාලයෙන් කාලයට දහම් පණිවිඩ සහ අනපනත් පහළ කොට තිබේ. මෙලෙස ලොව ට පහළ වූ අවසාන දහම් ග්‍රන්ථය අල්-කුරානයයි. අල්-කුරානයට පෙර zසබුර් දහමද ඉන්ජිල් නොහොත් බයිබලයද තව්රාත් නොහොත් බයිබලයේ පැරණි ගිවිසුමද පහළ වී ඇත.
අල්-කුරානයට පෙර පහළ වූ ආගම් ඒවා පහළ වූ භාෂාවලින් අද දැකිය නොහැකිය. ඒවා මල භාෂාවන් බවට පත් වී තිබේ. එහෙත් අල්-කුරානය පහළ වූ අරාබි බස අදටත් ජීවමාන භාෂාවක් ලෙස පැවතීම විශේෂත්වයකි.
අල්-කුරානය සම්බන්දයෙන් දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ එය දෙවියන්ගෙන් පහළ වූ සැනින් ලේඛන ගත කොට තිබීමයි. තවද එය සම්පුර්නයෙන්ම කටපාඩම් කිරීමට හැකි වීම නිසා මිනිස් සිත් තුලද එය ආරක්ෂා වී ඇත. එබැවින් ලෝකයේ ඇති සියළුම කුර්ආන් ග්‍රන්ථ විනාශයට පත් වුවත් නැවත එවැනිම කුර්ආන් ග්‍රන්ථයක් සකස් කළ හැකිය.
අල්-කුරානයට පෙර පහළ වූ ආගමික ග්‍රන්ථ ආරක්‍ෂා කිරීමට විශේස හේතුවක් තිබුනේ නැත. ඇයිද යත් කාලයෙන් කාලයට ඒවා දෙවියන් විසින්ම වෙනස් කළ නිසාය. එහෙත් අල්-කුරානය පහළ වීමත් සමගම දහම් පණිවිඩය සම්පුර්ණ කළ බැවින් එය ලෝකය පවතින තුරු ආරක්‍ෂා කිරීමේ වගකීම දෙවියන් තමන් වෙතම පවරාගෙන ඇත.
ජේසු තුමානන් අහසට එසවීමෙන් පසු වසර හයසීයක් පමණ වන තෙත් වෙනත් දහම් පණිවිඩයක් පහළ වුයේ නැත. එම කාල සීමාව තුලදී බයිබලයේ නොයෙකුත් කොටස් අතුරුදහන් විය. තවද බයිබලය නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වී ඇත. මේ හේතුවෙන් අද ඇති බයිබලෙය් නොයෙකුත් අඩු පාඩු දැකිය හැකිය. කෙසේ වෙතත් අල්-කුරානය පහළ වීමට පෙර පැවති zසබුර්, ඉන්ජිල් සහ තව්රාත් ආගම් අල්-කුරානය පැමිණීමෙන් සම්පුර්ණ කෙරුණු අතර අල්-කුරානය කියවීමෙන් ඊට පෙර පැමිණි දහම් පණිවිඩ ගැනත් දැනගත හැකිය. මෙම සෑම ආගමකින්ම පවසා ඇත්තේ දෙවියන්ගේ ඒකීයත්වය ගැනය. එහෙත් එම ආගම්වලින් මිනිසාට පනවා ඇති නීති කාලයෙන් කාලයට වෙනස් කොට තිබේ. කෙසේ වෙතත් අල්-කුරානයෙන් පෙන්වා ඇති ෂරියා නිතිය ලොව අවසානය තෙක් බල පවත්නේය.
අල්-කුරානය මුහම්මද් නබිතුමාගේ ප්‍රකාශනයක් නොවේ. එය අල්ලාහ්ගෙන් පහළ වූ එකකි. එහි ඇති භාෂා විලාශය නබිතුමාගේ සාමන්‍ය කථා විලාශයට වඩා හාත්පසින්ම වෙනස්ය. මේ හේතුවෙන් කිසිම විශාරදයෙකුට අල්-කුරානය බඳු කෘතියක් හෝ එහි ඇති එක් වැකියකට සමාන වැකියක් නිර්මාණය කිරීමට හැකිවී නොමැත. එකල සිටි එක් පඬිවරයෙක් මක්කම ප්‍රධාන දේවස්ථානයේ එල්ලා තිබුණු අල්-කුරාන් සුරාවක් දැක ඊට සරිලන වෙනත් පාඨයක් ලිවීමට සෑහෙන වෙහෙසක් ගෙන තිබේ. එතෙහ් ඔහුට එය කළ හැකි වුයේ නැත. එම හේතුවෙන් ඔහු එම කුර්ආන් සුරාවට පහලින් “මෙය මිනිසෙකුගේ වදන් නොවේ” යැයි ලියා තබා පිටත්ව ගොස් ඇත.
ලොවට පහල වූ අවසාන ආගම් පුස්තකය අල්-කුරානයයි. එය එක් ජනකොට්ටාසයකට හෝ එක් රටකට හෝ සිමා වන්නේ නැත. ඉන් ප්‍රයෝජන ලැබීම මිනිස් වර්ගයාටම ලැබී ඇති මහඟු අවස්ථාවකි.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.