ලෝක ජනග්‍රහණයෙන් ආසන්නව තුනෙන් එකක් පමණ මුස්ලිම්වරුන්ය. එසේ තිබියදීත් ඉස්ලාම් දහම ගැන නොදන්නා අය අපට දැකිය හැකිය. විශේෂයෙන්ම ශරියාව, කාන්තා නිදහස සහ ත්‍රස්තවාදය යන කරුණු ගැන ඔවුන්ට නිසි අවබෝදයක් නොමැත. මෙම කරුණ ඇතැම් ජන මාධ්‍යයන් සහ සමාජ ජාලා ප්‍රයෝජනයට ගනිමින් ඉස්ලාම් දහම අපකීර්තියට පත් කිරීම සඳහා විශාල මෙහෙයක් සිදු කරති. එම ප්‍රචාරයන් හමුවේ වුවද ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දහම ඉස්ලාම් බවට පත්ව තිබීම විශේෂත්වයකි.

සැබවින්ම ශරියව යනු අංග සම්පුර්න ජිවන ක්‍රමයකි. එහෙත් බොහෝ අය එම කරුණ ගැන දන්නේ නැත. ශරියාව මගින් කෙනෙකුගේ උපතේ සිට විපත දක්වා වූ සෑම දෙයක්ම ආවරනය කොට ඇත. ජිනීවා සාම සම්මුතියට පෙර සිටම ෂරියා නිතිය මගින් යුද්ධයකදී ක්‍රියා කළ යුතු අන්දම උගන්වා තිබීම මෙහිදී සඳහන් කළ යුතුය. එහෙත් ජිනීවා සම්මුතියේ එම නීති සම්පාදනය කරනු ලැබුවේ මෑත කාලයේදීය.

ෂරියා නිතිය අනුව යුද්ධයකදී පහත දැක්වෙන කරුණු පිළිපැදිය යුතුය. එහෙත් බොහෝ අය මේවා ගැන දන්නේ නැත. එබැවින් බොහෝ අය සිතන්නේ ඉස්ලාම් මානව හිමිකම් වෙනුවන් කිසිවක් සිදු කර නැති බවයි.

  • ළමුන්, කාන්තාවන් හෝ වයසක රෝගීන් ඝාතනය නොකළ යුතුය (සුනන් අබු දාවුද්)
  • ද්‍රෝහිකම් කිරීම හෝ සතුරාගේ අංග ජේදනය කිරීම නොකළ යුතුය (අල්-මුඅත්තා)
  •  පලදරන ගස්කොලන් ගිනි තැබීම හෝ විනාශ කිරීම නොකළ යුතුය (අල්-මුඅත්තා)
  • බැටළුවන්, ගවයන් හෝ ඔටුවන් ආහාරය පිණිස මිස ඝාතනය නොකළ යුතුය (අල්-මුඅත්තා)
  • සටන් කිරීමේදී මුහුණට පහර දීමෙන් වැලකි සිටිය යුතුය (සහිහ් බුහාරි සහ සහිහ් මුස්ලිම්)
  • පුජකවරුන් සහ දේවස්ථානවල රැඳී සිටින සාමාන්‍ය ජනතාව ඝාතනය නොකළ යුතුය (මුස්නද් අහමද්)
  • ගම් සහ නගරයන් විනාශ නොකළ යුතුය, වගාවන් හෝ උද්‍යානයන් විනාශ නොකළ යුතුය, ගවයන් විනාශ නොකළ යුතුය (සහිහ් බුහාරි, සුනන් අබු දාවුද්)
  • සතුරා සමහ සටන් කිරීමට ආශා නොකරනු, ඔබව ආරක්ෂා කරන මෙන් දෙවියන්ගෙන් අයදිනු එහෙත් සටනට බලපෑම් ඇති වුවහොත් ඉවසීම පවත්වාගනු (සහිහ් මුස්ලිම්)

මෙම කරුණු ඉස්ලාම් දහමේ ආරම්භයේදීම පනවා තිබුණු ඒවාය. එහෙත් ඉස්ලාම් දහම හැර වෙන කිසිම දහමක මෙතරම් අලංකාරව මානව අයිතිවාසිකම් ගැන සඳහන් කොට නැත.

මුස්ලිම්වරුන්ගේ කාන්තා ඇඳුම් දැකීමෙන් බොහෝ අය සිතන්නේ ඉස්ලාම් දහමින් කාන්තාවන්ගේ නිදහස සිමා කොට ඇති බව ය. සැබැවින්ම එය වැරදි මතයකි. ඉස්ලාම් දහමින් සිදු කරන්නේ කාන්තාවගේ ආරක්ෂාව සහ ගරුත්වය රැකදීම පමණි. එහෙත්  ඉස්ලාම් නොවන සමාජවල කාන්තාව භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත. ඒ අනුව කාන්තාවක් මහ මග යන විට ‘නියම බඩුවක්’ යන වචනය පවා උපයෝගී කර ගනිති. තවද වෙළඳ භාණ්ඩ ප්‍රචාරයන් සඳහා අඩනිරුවත් කාන්තාවන්ගේ රුපය නැතුවම බැරි තත්වයට පත්ව ඇත. ඊට අමතරව අද කාන්තවන්ගේ ශරීරය පිරිමින්ගේ සිත් සුව පිණිස විකුණන භාණ්ඩයක් බවට පත්වී ඇත. එහෙත් ෂරියා නිතිය මගින් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන්නේය. මිට අමතරව අළුතින් ඉස්ලාම් දහම වැළඳගන්නා අයගේ සංඛ්‍යාලේකන පරික්ෂා කිරීමේදී පෙනී යන කරුණක් නම් නව මුස්ලිම් වරුන්ගෙන් 2/3 ක්ම කාන්තාවන් වීමය. සැබෑවටම ඉස්ලාම් දහම කාන්තා නිදහස සිමා කරන්නේ නම් මෙය සිදු විය හැකිද?

ඉස්ලාම් දහමට සිදුකරන තවත් චෝදනාවක් වන්නේ ත්‍රස්තවාදයයි. එහෙත් ත්‍රස්තවාදය බිහි උනේ අල්-කුරානය පහළ වී සියවස් ගණනාවක් ගිය පසුව ය. ඒ අනුව ත්‍රස්තවාදය සහ ඉස්ලාම් දහම අතර කිසිම සම්බන්දයක් තිබිය නොහැකි ය. එහෙත් ජන මාධ්‍යයන් සහ සමාජ ජාලා වලින් උත්සාහ කරන්නේ ත්‍රස්තවාදය ඉස්ලාම් දහමේ  කොටසක් බව පෙන්වා දීමටය.

ඉස්ලාම් දහමට එල්ල කරන චෝදනාවන් පදනම් විරහිත ඒවා බව දැනගත හැක්කේ ඉස්ලාමිය මුලාශ්‍රයන් හැදෑරීමෙන් පමණි. ඒ අනුව කනට ඇසෙන දේවල් වලින් ඉස්ලාම් දහම කුමක්දැයි තීරණය නොකොට මුලාශ්‍ර හැදෑරිය යුතුය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *