පෘථිවිය ගැන අල්-කුරානයේ විවිධ කරුණු ඇතුලත් කොට ඇත. එම කරුණු වලින් බොහොමයක්ම මිනිසා දැනගත්තේ විසිවන සිය වසේදීය. කෙසේවෙතත් මෙම ලිපියේ අරමුණ පෘථිවියේ හැඩය සම්බන්දයෙන් ඇති කුර්ආන් වැකි ගැන සලකා බැලීමය.
අල්-කුරානය පහල වීමට පෙර පෘථිවිය පැතලි තැටියක් යැයි සිතූහ. කොලම්බස් පවා පෘථිවිය පැතලි තැටියක් යැයි පවසා තිබේ. එවන් පසුබිමක පෘථිවියේ හැඩය සම්බන්දයෙන් අල්-කුරානයේ බොහෝ කරුණු සඳහන් කොට තිබීම විශේෂත්වයකි. ඒවායින් කියැවෙන්නේ පෘථිවිය පාපන්දුවක් මෙන් ගෝලාකාර නොවන බවත් එය පැස්බරා ගේ බිත්තරයේ හැඩය ගන්නා බවත්ය. එසේ තිබියදී කුරානය ගැන දැනුම නැති ඇතැම් අය පවසන්නේ කුරානයට අනුව පෘථිවිය පැතලි තැටියක් බවයි. ඔවුන්ගේ නොදැනුවත්කම නිසා එසේ පැවසුවත් කුරානයේ කිසිම තැනක තැටියක් ගැන සඳහන් වන්නේ නැත. ඔවුන් ගෙන හැර දක්වන වගන්තිය පහත දැක්වේ.

“මෙයට පසුව ඔහු පොලව (دَحَاهَا) එලුවේය” (කුරානය 79:30).
මෙහි ඇති එළුවේය යන්න කිසිසේත්ම තැටියක් යන අර්ථය ගන්නේ නැත. ඉහත සඳහන් දහාහා යන අරාබි වචනයට බොහෝ අර්ථයන් ඇත. ඒ අනුව එහි අර්ථයන් වන්නේ විශාල ප්‍රදේශය, පැතිරෙනවා, බිත්තරයේ හැඩය, වටකුරු කරනවා, සංතුලනය කරනවා යන්නයි. මෙම අර්තයන්ගෙන් බොහොමයක්ම පෘථිවිය ගැන විස්තර කිරීමට ගැලපෙන්නේය. කෙසේ වෙතත් පැරණි පරිවර්තන වල ගෝලාකාර බව සඳහන් කොට නැත.
ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙන අන්දමට ඉහත වැකියේ දහාහා (دَحَاهَا ) යන වචනයේ අර්ථය පැස්බරාගේ බිත්තරය ලෙස අර්ථගන්වා තිබේ. මදීනා විශ්ව විද්‍යාලයේ සේවය කල මහාචාර්ය මුහම්මද් මෝහර් පවසන්නේ ‘දහාහා’ යන්නෙහි නිවැරදි තේරුම බිත්තරයේ හැඩය බවයි. එය පහත දැක්වෙන පෘථිවියේ හැඩයට ඉතා ලඟින් ගලපෙන්නේය.
ඉහත සඳහන් කළ කරුණු වලට අමතරව කුරානයේ ඇති වෙනත් වැකිවලින්ද පෘථිවිය ගෝලාකාර හැඩයක් ගත යුතු බව නිගමනය කළ හැකිය. නැගෙනහිරවල් සහ බටහිරවල් එකකට වඩා තිබෙන බව කුරානයේ පවසා තිබීමෙන් අපට නිගමනය කළ හැක්කේ පෘථිවිය තැටියක් බඳු දෙයක් විය නොහැකි බවයි. පහත සඳහන් වන්නේ නැගෙනහිරවල්වල් සහ බටහිරවල් ගැන සඳහන්ය වන වැකිය වේ.
“නැගෙනහිරවල් සහ බටහිරවල් මත සත්තකින්ම අපි (කැමති ආකාරයකට ක්‍රියා කිරීමට තරම්) බලසම්පන්න වෙමු” (කුරානය 70:40).
ඉහත සඳහන් කළ කරුණට අමතරව නැගෙනහිරවල් දෙකක් සහ බටහිරව්ල් දෙකක් ගැන කුරානයේ සඳහන් කොට ඇත. ඉන් නිගමනය කළ හැක්කේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් විය යුතු අතර එහි අක්ෂය ඇලයට තබාගෙන සුර්යා වටා ගමන් කළ යුතු බවයි. එසේ නොවන්නට නිශ්චිත බටහිරවල් දෙකක් සහ නැගෙනහිරවල් දෙකක් ඇතිවිය නොහැකිය. ඊට සම්බන්ද වැකිය පතක දැක්වේ.
“නැගෙනහිර දිශාවන් දෙකෙහිම අයිතිකරු ඔහුමය, බස්නාහිර දිශාවන් දෙකෙහිද අයිතිකරු ඔහුමය” (කුරානය 55:17).
මේ අනුව අපට නිගමනය කළ හැක්කේ අල්-කුරානයට අනුව පෘථිවිය ගෝලීය වස්තුවක් බවයි.
By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,Jpura,,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.