හත්වන සියවසේදී ජීවත්වූ කිසිවෙකු විශ්වයේ ප්‍රසාරණය ගැන දැනගෙන සිට නැත. එහෙත් වර්ෂ 1916 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කරමින් විශ්වය ප්‍රසාරණය විය යුතු බව හෝ සංකෝචනය විය යුතු බව නිගමනය කර තිබුනේය. ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු 1929 දී  ඇමරිකානු විද්‍යාඥ එඩ්වඩ් හබල් විසින් නිපදවූ දූරේක්ෂය උපයෝගී කර ගනිමින් සනාත කොට ඇත. කෙසේ වෙතත් විද්‍යාව නොදියුණු යුගයක පහළ වූ අල්-කුරානයේ විශ්වය ප්‍රසාරණය වන බව පහත සඳහන් පරිදි සඳහන් කොට ඇත.
“අපි අහස ශක්තියෙන් අධිකවුවක් ලෙස ගොඩනැගුවෙමු, තවද නියතවශයෙන්ම අපි එය ක්‍රමයෙන් ප්‍රසාරණය කරන්නෙමු” (කුරානය 51:47).

“And it is We Who have constructed the heaven with might, and verily, it is We Who are steadily expanding it” (Qur’an, 51:47)

මෙම සොයාගැනීමෙන් පසු මහා පිපුරුම් වාදය ඉදිරිපත් කරන ලදී. එම වාදයෙන් කියැවෙන්නේ විශ්වය හට ගන්නේ එක් ලක්ෂයක ගොනු වී තිබුණු ශක්තියෙන් බවයි. එම වාදය විසිවන සිය වසේදී ඉදිරිපත් කළ ඉතා වැදගත් වාදයක් වුවද එහි බොහෝ අඩුපාඩු ඇත.

ඉහත සඳහන් කුර්ආන් වැකිය හැරුණු විට අභාවකාශය පිලිබඳ තවත් ඉතා වැදගත් ප්‍රකාශනයන් කුරණයෙන් ඉදිරිපත් කොට ඇත. මෙයද නවීන විද්‍යාව මගින් ඉදිරිපත් කොට ඇති මතයන් සනාථ කිරීමට ඉවහල් වන ඉතා වැදගත් වැකියකි.
“නියතව අහස් හා පොළොව සම්බන්ධ වී තිබුණි, අපිම එම දෙකම වෙන් කළෙමු…..” (කුරානය 21:30).

{“Have those who disbelieved not considered that the heavens and the earth were a joined entity, then We separated them, and made from water every living thing? Then will they not believe?” (Quran 21:30)} 

මෙම කරුණු විද්‍යාඥයින්ගේ මවිතයට හේතුවක් වී ඇත. ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ මේවා දෙවියන්ගේ පණිවිඩයකින් තොරව ප්‍රකාශ කළ නොහැකි බවයි.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *