ඉස්ලාම් දහමින් මාංශ ආහාර තහනම් කොට නැත. එසේම එය අනිවාර්ය කරන්නේද නැත. ඉස්ලාම් දහමේ පමණක් නොව යුදෙව් සහ කිතුනු දහම්වලත් සත්ව ආහාර අනුමතය. එහෙත් එම ආගමලින් කෑමට නුසුදුසු ආහාර නම් කොට ඇත. ජෛන ආගමේ කිසිම සත්වයෙන් ඝාතනය කිරීම හෝ අනුභව කිරීම අනුමත කරන්නේ නැත. හින්දු දහමේ ගවයා ඉතා පුජනිය සත්වයෙක් ලෙස සලකනු ලැබුවත් ඔවුන්ගේ දීපාවලි උත්සවයට විශාල වශයෙන් ගවයන් ඝාතනය කරති. ඔවුන්ගේ ආගමික පුජාවන් සඳහා දහස්ගණනින් සතුන් බිලී දෙති. එහෙත් එම සතුන් ආහාරයට ගන්නේද නැත. ඉස්ලාම් දහම අනුව එසේ කිරීම වරදකි.
ඉන්දියාව ගවමස් අපනයනය අතින් මුල් තැන ගන්නේය. එසේ තිබියදී ඔවුන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් මුස්ලිම්වරු ගව මස් කෑමට දැඩිලෙස විරෝදය දක්වනු දැකිය හැකිය. ඇතැම් අවස්ථාවලදී ගවයා වෙනුවෙන් මුස්ලිම් මිනිසුන්ව ඝාතයන කරති. එහෙත් ඉස්ලාම් දහමින් මිනිසාට ඉතා ගෞරවනීය ස්ථානයක් හිම වන්නේය.
මිහිපිට ජිවත්වන ශාක බක්ෂක ජීවින් ශාක මත පමණක් යැපෙන අතර මාංශ බක්ෂක ජීවින් මාංශ වලින් පමණක් යැපෙන්නේය. එහෙත් මිනිසා සර්ව බක්ෂක ගණයට අයත්වන බැවින් මිනිසාට තම අභිමතය පරිදි සුදුසු ආහාරයක් තෝරාගත හැකිය.
ඉස්ලාම් දහම අනුව මාංශ ආහාර ගැනීම අනිවාර්ය කොට නැත. ඒ අනුව මුස්ලිම්වරුන්ට පුර්ණ ශාක බක්ෂකයෙකු විය හැකිය. නැතහොත් ස්ව කැමැත්ත අනුව මාංශ අනුභව කළ හැකිය. එය පුද්ගලයාගේ කැමැත්ත අනුව තීරණය කළ හැකි කරුණකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමින් ඇතැම් මාංශ ආහාරයට ගැනීම තහනම් කොට ඇත. එබැවින් එම මාංශ අනුභව කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ. එහෙත් කිසිම ආහාරයක් නොමැතිව මරණයට පත් වේ යැයි බියක් පවතී නම් මෙම තහනම බලපාන්නේ නැත.
ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති මාංශ වර්ග පහට දැක්වේ.
- ඉබේ මරණයට පත්වූ සතුන්
- පහරදීමෙන් මරණයට පත්වූ සතුන්
- මාංශ භක්ෂක සතුන්
- ඌරා
- අශ්වයා, බුරුවා
- වෙනත් සතෙකුගේ ගොදුරට හසු වී මරණයට පත්වූ සතුන්
- අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් කැපකළ සතුන්
ඉස්ලාම් දහම අනුව සත්ව අහාර අනුමත කරන්නේ එම සතා නිසි පරිදි ඝාතනය කරනු ලබුවේනම් පමණි. ඒ අනුව ඝාතනය කරන සත්වයාගේ රුධිරය උගේ ශරීරයෙන් ඉවතට යාමට සැලැස්විය යුතුය. ඇයිද යත් විසබීජ සඳහා රුධිරය ඉතා හොඳ මාධ්‍යයක් වන බැවිනි. රුධිරය හොඳින් වාහනය කිරීමට සැලැස්වීමෙන් එම මාංශ වැඩි කාලයක් නරක නොවී තබාගැනීමටද හැකි වන්නේය. මෙම රුපයේ දැක්වෙන අන්දමට සත්වයා ඝාතනය කිරීමෙන් එය සිදුකළ හැකිය. සතුන් ඝාතනය කිරීමේදී එම සත්වයාට කුළුගෙඩි වලින් පහර දීම හෝ පණපිටින් යන්ත්‍රසුත්‍ර වලට ඇතුලත් කොට අධික ලෙස වේදනාවට පත් කිරීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත.
ආහාර දාමයන් ගැන සලකා බැලීමේදී ශාක ඒවාට උවමනා අහාර ඍජුවම නිෂ්පාදනය කර ගන්නේය. එහෙත් සත්වයින්ගේ ආහාර අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ශාක සහ වෙනත් සත්වයින් මත රඳා පැවතීමට සිදු වන්නේය. මෙය දෙවියන් මවා ඇති ස්වභාවික ක්‍රමය වේ. එය කිසිවෙකුට වෙනස් කළ නොහැකිය. යම් කෙනෙක් සත්ව කරුණාව නිසා ඒවා නොමරා සිටීම අනිවාර්ය කළ යුතුයැයි කියන්නේ නම් ඔවුන් ලෙඩකට බෙතෙහ් ගැනීමත් නොකළ යුතුය. ඇයිද යත් බෙහෙත් ගැනීමෙන් ක්ෂුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මිය යන නිසාය. එපමණක් නොව ගහ කොළ නැති ප්‍රදේශයේ වෙසෙන අයට ආහාරය පිණිස කුමක් කරනේදැයි විසඳුමක් දිය යුතු වන්නේය.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.