අල්-කුරානය පහළ වීමට පෙර කාත්තාවන්ට කිසිම මානුෂික අයිතිවාසිකමක් තිබුනේ නැත. මෙය ලෝකයේ බොහෝ රටවල්වල පැවති තත්වයකි. චීනයේ කාන්තාවට හිමි වී තිබුනේ පිරිමින්ට වඩා ඉතා පහත් තත්වයකි. එදා චීනයේ තිබුණු නීතියට අනුව කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කලේ නැති නම් හෝ ස්වාමියාගේ දෙමව්පියන්ට කීකරු නොවුයේ නම් හෝ සොරකමක් කලේ නම් හෝ කටකාරියක් වුයේ නම් හෝ ඇයව දික්කසාද කිරීමේ අතිතිය ස්වාමි පුරුෂයා සතුව තිබුනේය. තවද කාන්තාවන්ට ව්‍යාපාර කිරීමට හෝ දෙපළ බුක්තිවිඳීමට අවසර තිබුනේ නැත (Smith, Bonnie G (2008). The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London,UK: Oxford University Press. pp. 426–27).
අද ඉතා බලවත් රාජ්‍යයන් ලෙස සලකන එක්සත් රාජදානියේ සහ ඇමරිකාවේ පවා කාන්තාවන්ට විවාහයෙන් පසු දේපල අතිතිය ලැබුනේ ඉතා සමීප කාලයේදීය. ඊට පෙර එම රටවල්වල කාන්තාවන්ගේ විවාහයෙන් පසු ඔවුන්ගේ දේපල පාලනය කරනු ලැබුවේ ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් විසිනි. මේ හේතුවෙන් දහනව වන සියවසේදී කාන්තාවන්ගේ දේපල අයිතිය වෙනුවෙන් ඔවුන් නඩු මගට බැස ඇත (“Married Women’s Property Acts (United States [1839]) – Britannica Online Encyclopedia”. Britannica.com. Retrieved 30 August 2011). ඉස්ලාම් නොවන රටවල්වල තත්වය එසේ තිබියදී මුස්ලිම් කාන්තාවන්ට දෙපළ උරුමය ලබා දී ඇත්තේ කුරානය පහළ වූ හත්වන සියවසේදීය. එපමණක් නොව කාන්තාවන්ට තමන් කැමති පිරිමියෙක් විවාහ වීමටත් සාධාරණ හේතුවක් ඇතොත් දික්කසාද වීමටත් අවසර ලබා දී ඇත්තේය.
ඉහත දැක්වූ කරුණු වලට අමතරව ඉස්ලාම් දහමින් කාන්තාවට ඉතා ගෞරවනීය ස්ථානයක් සහතික කොට ඇත. ඒ අනුව මවකට සැලකීම ඉතා උතුම් කුසල් ක්‍රියාවක් ලෙස සැලකේ. මුස්ලිම්වරයෙකුට දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබා නොගෙන කොපමණ පින් දහම් කලත් සවර්ගය ලැබෙන්නේ නැත. එබැවින් මුස්ලිම් සමාජවල මහළු නිවාස දැකීමට ලැබෙන්නේ නැත. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් එය පැහැදිලි වේ.
“නුඹගේ ‘රබ්’ (සමිඳුන්) තමාට හැර (වෙන කිසිවෙකුටත්) නැමදුම් නොකළ යුතු යැයිද, දෙමාපියන්ට යහකම් කරන ලෙසටද අණ කොට ඇත්තේය. එම දෙදෙනාගෙන් කෙනෙක් හෝ නැතිනම් එම දෙදෙනාම හෝ මහලු වියට පත්වුයේ නම්, ඔවුන් දෙස බලා ‘උෆ්’ (චි) යැයි පැවසීම හෝ එම දෙදෙනාවම එළවීම හෝ නොකළ යුතුය. එම දෙදෙනාටම යහපත් වදන්ම පවසන්න!” (කුරානය 17:23).
අල්-කුරානය පහළ වන යුගයේදී කාන්තාවන්වන් සැලකුවේ වෙළඳ භාණ්ඩයන් ලෙසය. තවද එම යුගයේදී ගැහැණු දරුවන් ඉපදීම අවමානයක් ලෙස සලකා ඔවුන්ව පණපිටින් වළලනු ලැබ තිබේ. නබිතුමාගේ පැමිණීමෙන් පසු මේවා සම්පුර්ණයෙන්ම නතර කරනු ලැබිය.
නවීන ලෝකයේ පවා කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ඇත. ඒ අනුව බොහෝ රටවල්වල ගණිකා වෘත්තීය නීතිගත කොට තිබේ. එහෙත් ඉසලාම් දහමින් මෙම වෘත්තියට කිසිම ආකාරයක අවසරයක් ලැබෙන්නේ නැත. තවද වෙළඳ ලෝකය තුල ප්‍රචාරනන කටයුතු සඳහා අඩනිරුවත් කාන්තා රූප නැතුවම බැරි තත්වයකට පත්වී ඇත. එහෙත් ඉසලාම් දහමින් ඒවාට අවසර නොදී කාත්තාවගේ ගෞරවය රැකගෙන තිබේ. එසේ තිබියදී බොහෝ අය සිතන්නේ ඉස්ලාම් දහමින් කාන්තා අයිතිවාසිකම් සිමා කරන බවයි.
ඉස්ලාම් දහම පැමිණීමට පෙර සිටම දෑවැදි ප්‍රශ්නයන නිසා බොහෝ කාන්තාවන්ට විවාහ වීම ගැටලුවක් ව පැවතුනේය. අදටත් ඉස්ලාම් නොවන සමාජවල දෑවැද්ද හේතුවෙන් බොහෝ පවුල් ප්‍රශ්න ඇතිවන අතර ඇතැම් අවස්ථාවන්හිදී දික්කසාද පවා සිදුවන්නේය. මේ හේතුවෙන් බොහෝ කාන්තා හිංසනයන් ද සිදු වන්නේය. එතෙහ් අල්-කුරානය පහළ වූ පසු දෑවැද්ද අහෝසි කොට විවාහ වන පිරිමියාට (මහර්) ගෙවීම අනිවාර්ය කොට ඇත. මෙය කාන්තාවන්ට ලැබුණු විශාල අස්වැසිල්ලක් ලෙස සැලකිය හැකිය.
ඉස්ලාම් දහමින් පිරිමින්ට මෙන්ම කාන්තාවට අධ්‍යාපනය ලැබීමේ අයිතිය රැකියාවක් කිරීමේ අයිතිය ඇතුළු වෙනත් මානුෂිය අයතීන් තහවුරු කර තිබේ. ඒ අනුව විවාහයකදී මුස්ලිම් කාන්තාවකට ඇය අකමැති කෙනෙක් බලයෙන් විවාහ කර දීමට නොහැකිය. ඒ සඳහා ඇයගේ අවසරය ලබා ගත යුතුව ඇත. තවද විවාහ වූ පසු පවුලේ නඩත්තුව පැවරෙන්නේ ස්වාමි පුරුශයාටය. මේ නිසා කාන්තාවක් කොතරම් ධනවත් වුවද සිය කැමැත්තෙන් මිස පවුලේ වියදම් දැරීමට අවශ්‍ය නැත. එහෙත් ඉස්ලාම් නොවන වෙනත් සමාජවල මෙම තත්වය මිට වඩා වෙනස්ය.
By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.