මුහම්මද් නබිතුමාගේ පැමිණීමට පෙර සමාජය තුල කාන්තාවට හිමිවී තිබුනේ ඉතාමත් පහත් තත්වයකි. එම යුගයේදී අළුත උපන් ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබුවේය. තවද කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලබන භාණ්ඩයන් බවට පත්ව තිබුනේය. එම යුගය ඉස්ලාම් දහමින් ‘ජාහීළියා’ නොහොත් අවිචාරවත් සමය ලෙස හඳුන්වනු ලැබුවේය. එහෙත් කුරානය පහළ වීමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් විශාල සමාජ පෙරලියක් ඇති විය.දේපල අයිතිය සඳහා හිමිකම් නොතිබුණු කාන්තාවන් සඳහා මුල්වරට එම අයිතිය ලබා දුන්නේ කුරානය පහළ වීමෙන් පසුවය. තවද එකල සම්ප්‍රදාය වුයේ විවාහ වීමේදී කාන්තවන් විසින් විවාහ වන තැනැත්තාට දෑවැද්දක් පිරිනැමීමය. මෙය අදටත් ඉන්දියාවේ ඉතා ඉහලින්ම සිදුවන්නකි. මෙම ක්‍රමය අහෝසි කරමින් දෑවැද්ද වෙනුවට ‘මහර්’ දීමනාව අල්කුරානයෙන් අනිවාර්ය කළේය. ඒ අනුව විවාහ වන පිරිමියා විසින් විවාහ වීමට බලාපොරොත්තු වන භාර්යාවට ‘මහර්’ දීමනාව ලබා දීම අනිවාර්ය වේ. තවද විවාහ වීමේදී කාන්තාවගේ අනුමැතිය ලබා ගැනීම නබිතුමා අනිවාර්ය කළේය. එසේම සාධාරණ හේතුවක් ඇතොත් තම කසාදය අහෝසි කරගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයිතිය කාන්තාවන්ට ඉස්ලාම් දහම පිරිනමා තිබේ.
අරාබියාවේ පමණක් නොව චීනයේ යුරෝපයේ සහ ඇමරිකාවේ ජීවත්වූ කාන්තාවන්ගේ තත්වයත් අරාබියාවේ පැවති තත්වයට වඩා විශාල වෙනසක් නොවීය. චීනයේ තිබුණු නීතියට අනුව කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසුත කලේ නැති නම් හෝ ස්වාමියාගේ දෙමව්පියන්ට කීකරු නොවුයේ නම් හෝ සොරකමක් කලේ නම් හෝ කටකාරියක් වුයේ නම් හෝ ඇයව දික්කසාද කිරීමේ අතිතිය ස්වාමි පුරුෂයාට ලබා දී තිබුනේය. එසේම කාන්තාවන්ට ව්‍යාපාර කිරීමට හෝ දේපල අයිතිකර ගැනීමට හෝ අවසර ලබා දී තිබුනේ නැත (Smith, Bonnie G (2008). The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. London,UK: Oxford University Press. pp. 426–27). තවද ඉතා බලවත් රාජ්‍යයන් ලෙස සලකන එක්සත් රාජදානියේ සහ ඇමරිකාවේ ද කාන්තවන්ට දේපල අයිතිය තිබුනේ නැත. එම නීති වෙනස් කරනු ලැබුවේ ඉතා මෑත කාලයේදීය. මෙම සංශෝදනයන් කිරීමට කලින් කාන්තාවන් විවාහ වූ පසු ඔවුන්ගේ දේපල පාලනය කර ඇත්තේ ස්වාමි පුරුෂයා විසිනි. ඒ අනුව දහනව වන සියවසේදී කාන්තාවන් දේපල අයිතිය ඉල්ලමින් නඩු මගට බැස තිබේ (“Married Women’s Property Acts (United States [1839]) – Britannica Online Encyclopedia”. Britannica.com. Retrieved 30 August 2011).
ඉස්ලාම් දහම කාන්තවන් වෙනුවෙන් ඉටුකල සේවය නොදන්නා බොහෝ අය සිතන්නේ ඉස්ලාම් දහමින් කාන්තාව නිවස තුලට කොටු කර ඇති බවයි. එහෙත් එය වැරදි මතයකි. ඉස්ලාමිය කාන්තාවට නිසි ඇඳුමෙන් සැරසී දහමින් අනුමත රැකියාවක නිරත විය හැකිය. තවද ඉස්ලාමිය මග පෙන්වීම යටතේ ගමන බිමන් යා හකිය. පිරිමින්ට මෙන්ම දේපල අයිතිකර ගත හැකිය.
මුස්ලිම් කාන්තාවගේ ඇඳුම බොහෝ අයගේ විවේචනයට හේතුවක් වුවද එමගින් මුස්ලිම් කාන්තාවට විශාල ආරක්ෂාවක් ලැබෙන්නේය. එම හේතුවෙන් ඉස්ලාමිය සමාජය තුල අනාචාරයේ හැසිරීම ඉතාමත් පහත් මට්ටමක තිබෙනු දැකිය හැකිය. ඔවුන් එම ඇඳුම සිය කැමැත්තෙන්ම අඳින්නේ එම නිසාය.
By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.