9 – විවාහ ජීවිතය

මානව වර්ගයාගෙන් උතුම්ම මිනිස් සමාජය මුස්ලිම් සමාජය බව දෙවියන් විසින් වර්ණනා කළ අප සමාජයේ කාන්තාවන් විවිදාකාර ලෙසින් වධ හිංසාවට ලක්වෙති. මේ තත්ත්වය තුල ඔවුන්ගේ විවාහ කටයුතු කෙරෙන්නේ කෙසේද? ඒ පිළිබඳව දෙවියන් පනවා ඇති නීතිරීති කුමක්ද? යන්න සොයා බැලීම අපේ යුතුකමක් වන්නේය. යම් පුද්ගලයෙක් විවාහ ජීවිතයට පා තබන්නේද එදා සිට ඔහුගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙරළෙන්නේය.
සමාන්‍යයෙන් විවාහ ජීවිතය යනු දවසෙන් දෙකෙන් අවුරුද්දෙන් දෙකෙන් අවසන් වෙන එකක් නොවේ. දෙදෙනාගේම ජීවිතය තිබෙන තාක් මෙන් නොවන සමගියක් හා සම්බන්ධතාවක් ගොඩනගන්නනක් වන්නේය. දෙදෙනාගේ හදවත් කෙසේ තිබිය යුතුද යන්න ගැන දෙවියන් මෙසේ සඳහන් කරයි.
”(කාන්තාවන්වූ* ඔවුන් ඔබලාට වස්ත‍්‍රයක් ලෙසද ඔබලා ඔවුන්ට වස්ත‍්‍රයක් ලෙසද වන්නහුය.” (අල්-කුර්ආන් 2ඃ187*

මිනිසෙකුට ඔහුගේ අඳුම ”මිනිහා භාගයයි ඇඳුම භාගයයි යනුවෙන් කියමනක් ඇත.” (මිනිසෙක් සම්පූර්ණ පුද්ගලයෙකු වන්නේ ඇඳුමක් ඇදීම නිසාය යන්නයි එහි තේරුම* එ ආකාරයටම අඹුසැමි යුවළද එකිනෙකාට තද බැදීමකින් යුතුව සිටිය යුතුය. කල්‍යාණ මිතුරුකමකින් යුතුව දුක හා සැප බෙදා ගත යුතු අතර දෙදෙනාගෙන් එක් අයෙකු එයට පටහැනි වූවොත් දෙදෙනාගේම ජීවිත අඳුරුවන්නේය. මේ තත්ත්වය උඩ විවාහ දිවියට පිවිසෙන විට තමන්ට සම්පූර්ණයෙන්ම ගැළපෙන සහකරුවෙකු හා සහකාරියක තෝරා ගත යුතුය. එසේ නම් කුමක් කළ යුතුද? මනමාලියගෙන් හා මනමාලයාගෙන් කැමැත්ත විමසීමෙන් පසුව විවාහය සිදු කළ යුතුය. එම විමසීම කරන්නේ විවාහ යෝජනාව ගෙනැවිත් දෙමව්පියන් හා වැඩිහිටියන් එක්වී විවාහ මංගල්‍යයට අවශ්‍ය සියලූ කටයුතු නිමා කර, විවාහ මංගල්‍ය දිනයක් නියම කරගෙන මංගල්‍ය දිනයේ මංගල ජෝඩුව පෝරුවේ වාඩිකරවාගෙනයි. පියා හෝ වැඩිහිටියෙක් පැමිණ නුඹට මේ විවාහයට කැමතියි නේද? කියා විමසති.
”නුඹ ගැහැණියක් උඹට කියා පෞද්ගලික හැඟීමක් නැහැ. නුඹේ ජීවිතය ගැන තීරණයක් ගැනීමේ අයිතියක් නුඹට නැහැ. කවුරු හෝ අප තෝරා ගෙන නුඹ ඉදිරියට ගෙනැවිත් නවතා නුඹ පිළිගත යුතුමයි දැන් අවශ්‍ය කටයුතු සියල්ල හමාරයි දැන් උඹ කැමැති වුනත් නොවුනත් මේ කාර්යයය කෙරෙනවාමයි” කියන්නාක් මෙන්ය. ජීවිතයේ අළුත් පරිච්ෙඡ්දයකට පා නගන කාන්තාවකට අත්වන ඉරණමයි ඒ.
විවාහයක දී ගැහැණියට වඩා පිරිමියාට විශේෂ සැළකිල්ලක් දක්වනු ලැබේ. තම පුතුට විවාහ යෝජනාවක් පැමිණ විට මව මනමාලියගේ වැඩිහිටියන් අමතා ”පොඞ්ඩක් ඉවසන්න මේ ගැන මගේ පුතාගේ කැමැත්ත ටිකක් විමසල පිළිතුරක් දෙන්නම්” යැයි කියන්නීය. පුතා කොහි සිටියත් ඔහුගෙන් කැමැත්ත විමසන්නීය. මේ භේදය කුමකටද? පිරිමි දරුවා මෙන්ම ගැහැණු කාන්තාවන්ට මෙලෙස පහත් ආකාරයට සළකන්නේ ඇයි? යනුවෙන් ප‍්‍රශ්න කළොත් ඇය දෙන පිළිතුර මෙයයි. අපේ විවාහයත් අපේ දෙමව්පියන් මෙහෙමයි කළේ යන්නයි. කෙසෙල් පඳුර මෙන් ගහමුල තවත ගහක්සේ සදාකල් මේ ක‍්‍රමය අනුව ගැහැණුන්ගේ අයිතීන් පැහැර ගැනීම කරගෙන යති. මේ ක‍්‍රමය ඉස්ලාම් පහළවීමට පෙර සිටි ජාහිලියියා (අධමයින්ගේ කාලය* නූගත් සමාජයේ පැවති ක‍්‍රමයකි. මේ නිසා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමන් විවාහයකදී කාන්තාවගේ කැමැත්ත (මනමාලයා තෝරාගැනීම සදහා* විමසීම අනිවාර්ය කළේය.
වැන්දඹුවක් විවාහවීමේදී ඇගේ කැමැත්ත නොවිමසා ඉටු නොකළ යුතුය. කන්‍යාවක්(තරුණියක්* කැමැත්තෙන් තොරව ඇගේ විවාහය සිදු නොවිය යුතුයැයි නබිතුමා නියෝග කළහ. එවිට මිතුරන් නබිතුමති වැන්දඹුවගෙන් නම් කැමැත්ත ඇසීමට පුළුවනි, තරුණියකගෙන් කෙලෙස කැමැත්ත විමසන්නදැයි ප‍්‍රශ්න කළේය. එවිට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා ඇගේ නිහඬ බව (කතා නොකර සිටීම* කැමැත්ත හඟවන්නේය. යැයි පිළිතුරු දුන්හ. (වාර්තාකරු ඃ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු* තුමා මූලාශ‍්‍රය බුහාරි මුස්ලිම්*
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාගේ නියෝගය මෙසේ තිබියදී විවාහ කටයුතුවලදී ගැහැණු ළමයින්ගේ අනුමැතිය නොලබා තමන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ව තෝරාගන්න දෙමව්පියන්, දේවනීතියට පිටුපා ක‍්‍රියා කරන අය නොවේද? මෙසේ අනුමැතිය නොලබා බලෙන් සිදුකර විවාහයකදී එය ප‍්‍රතික්ෂේපකරන දික්කසාද වීමේ අයිතියද ඉස්ලාමය කාන්තාවට ලබාදී ඇත. තරුණියක් (කන්‍යාවක්* නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් ළගට පැමිණ මගේ පියා මගේ අකමැත්ත තිබියදීත් තරුණයෙකුට විවාහ කර දුන්නා යැයි කීවාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා ඔබ කැමතිනම් පිළිගන්න අකැමැතිනම් ප‍්‍රතික්ෂේප කරුන්නැයි එම තරුණියට අනුමැතිය දුන්නේය.
ඉහත රුවන් වැකිය අනුව ගැහැණු ළමයකුගේ විවාහයකදී ඇගේ කැමැත්ත හා අනුමැතිය අත්‍යවශ්‍ය බව පෙනේ. මේ අතර තවත් කරුණක් ගැන අපේ අවධානය යොමුකළ යුතුය. කාන්තාවක් තමාට ලැබෙන්න යන ස්වාමිපුරුෂයා ගැන සතුටුවී කැමැත්ත ප‍්‍රකාශ කිරීම සදහා ඔහු ගැන දැනගත යුත්තේ කසේද? යන ප‍්‍රශ්නය ජනතාව තුල මතුවිය හැක. මෙයට අවශ්‍ය පිළිතුරද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා පෙන්වා දුන්නේය. මුකීරා තුමා මෙසේ දන්වයි. ”මම ගැහැණියක විවාහ කරගන්න අදහස් කරමියි කීවෙමි.” එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමා ඔබ ඒ කාන්තාව බලන්න එයින් ඔබලා දෙදෙනා අතර සුහදත්වය හා එකඟත්වයට මඟ පෑදේ. යැයි පිළිතුරු දුන්නේය.” (තිර්මිද්, නසායී*
මේ හදීසය අනුව විවාහවීමට බලාපොරොත්තු වන යුවළ එකිනෙකා බැලීමට සැළැස්විය යුතුය. ඔවුන්ගේ පැවැත්ම ගැන පවුල් දෙකේම නෑදෑ හිතවතුන්ගෙන් දැනගෙන එය මනමාලියට දන්වා ඇගේ කැමැත්ත හා අනුමැතිය ලබා ගත යුතුය.

සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා

පරිවර්තක:
සෙයියද් මුහම්මද්

ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *