14 (නඩත්තු මුදල්*

අල්ලාහ් කාන්තාවන්ට ලබාදී ඇති දායාද (වරප‍්‍රසාද* වලින් ඉතාමත් වටිනා දායාදය වන්නේ විවාහවීමේදී පිරිමියා විසින් ගැහැණියට ලබා දෙන මහර් නමැති විවාහ පරිත්‍යාගයයි. මෙය හදවතට එකඟව දිය යුතුයැයි අල්-කුර්ආනය මෙසේ පවසයි. ”ඔබ විවාහ කරගන්නා කාන්තාවට ඔවුන්ගේ මහර් (නමැති විවාහ පරිත්‍යාග*සතුට්න් පරිත්‍යාග කරන්න.” (අල්-කුර්ආන් 4ඃ4*

මෙම පරිත්‍යාගය කිරීමෙන් අඹු සැමියන් දෙදෙනාගේ පවුල් ජීවිතය අරඹන මෙන් ඉස්ලාමය නියෝග කරයි. මෙසේ විවාහ ජීවිතයට සතුටින් ඇතුල්වන අඹුසැමියන් අතුරෙන් සමහර පවුල් අමනාපකම් ඇතිවීමට පටන් ගෙන සමථයට පත්නොවී සමහර විට දික්කසාදය දක්වා දුරදිග යන්නේය. ගැහැණියගේ අවශ්‍යතාව මත මෙය සිදුවන්නේ නම් එවැනි අවස්ථාවක ගැහැණියට දුන් විවාහ පරති්‍යාගය පිරිමියා කැමතිනම් ගැහැණියගෙන් ආපසු ලබාගැනීමේ අයිතිය ඉස්ලාමය විසින් පිරිමියාට ලබාදෙයි.

එහෙත් දෙවියන්ට බියෙන්, විවාහයේදී විවාහ පරිත්‍යාගය ලබාදී දෙදෙනාම සතුටින් පවුල් ජීවිතය සාමකාමීව පත්වාගෙන ගොස් අතරමගදී ඇතිවූ අමනාපයක් නිසා පිරිමියාම දික්කසාද වීමට තීරණය කරන්නේ නම්, ඇයට දුන් විවාහ පරිත්‍යාගය පමණක් නොව ඇය වෙනුවෙන් ලබාදුන් කිසිම දෙයක් ආපසු ලබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව ඉස්ලාමය තදින් ප‍්‍රකාශ කරයි.

”ඔබ බිරිඳගෙන් දික්කසාදවී නැවත විවාහයක් කරගන්න අදහස් කරන්නේ නම්, පළමු බිරිඳට ඔබ මුදල් තොගයක් (මහර් වශයෙන්* දුන්න ඒවායින් කිසිවක් ආපසු නොගන්න. ඔබලා කෙලෙස ප‍්‍රසිද්ධියේ අසාධාරණ අන්දමින් එය ලබා ගන්නේද? ඇයට ඔබදුන් ස්ථීර පොරොන්දුවක් මත දෙදෙනාම එකට බැඳී සිටියා නොවේද?” (අල්-කුර්ආන් 4:20-21*

මීට අමතරව අමනාපයකින් දෙදෙනා වෙන්වුවොත් ඇය ගැබ්ගත්තේද යන්න දැනගැනීම සදහා මාස තුනක් විවාහ නොවී හුදකලාව සිටින ලෙස ඉස්ලාමය ඇයට නියෝග කරයි. නැවත විවාහයක් කරගත නොහැකි එම මාස තුනටත් ඇය ගැබ් ගත්තේ නම් දරුවා ලැබෙන (ප‍්‍රසූත කරන* තුරුද, එම දරුවාට මවි කිරි දෙන්නේ නම් කිරිවරණ (අවුරුදු දෙකක් පමණ* කාලය දක්වාද අවශ්‍ය වියදම දැරීම හා (ඇයගේ නිවසේදීම* ඇයව නඩත්තු කළ යුතු වගකීම වෙන්වූ ස්වාමිපුරුෂයාට පැවරේ. මෙය අල්-කුර්ආන් 65:6 වන වැකියෙන් අල්කුර්ආනය විස්තර කරයි.

දික්කසාදයෙන් පසුවත් ඔබ පදිංචි නිවසේම ඇයගේ ඉද්දා (පරිවාර* කාලය තුල ඉන්න ඉඩ හරින්න. ඇයට හිංසා නොකරන්න. ඇය ගැබ් ගත් බව දැන ගත්තේ නම් දරුවා ලැබෙන තුරුත් වියදම දරන්න. දරුවා ලැබූ පසු ඔබේ දරුවට කිරිදෙන කාලය තුල ඇයට අවශ්‍ය විය හියදම් දරන්න. (මේ සම්බන්ධව* සුහදව සාකච්ඡුා කර යහපත් තීරණයක් ගන්න.

මෙම කාලසීමාවන් අවසන්වූ පසු ඇයට නැවත විවාහයක් කරගත හැක. ළමයින් ඇය ළගම ඉදිරියටත් ජීවත්වන්නේ නම් ඔහුගේ දරුවන් සදහා අවශ්‍ය වියහියදම් (ඒ දරුවන්ගේ* පියාවූ පළමු ස්වාමිපුරුෂයාම දැරිය යුතු යැයි ඉස්ලාමය ප‍්‍රකාශ කරයි.

සමහර කාන්තාවන් තමාගෙන් වෙන්වූ ස්වාමිපුරුෂයාගෙන් නඩත්තු ගාස්තු උසාවිය මගින් ඉල්ලති. උසාවියද අනිවාර්්‍යයෙන් නඩත්තු ගාස්තු ගෙවිය යුතු බවට බලකර සිටී. සැමියකුගෙන් දික්කසාද වූ පසු ඔහු පිටස්තර අයෙකු බවට පත් වන්නේය. පිටස්තරයකුට සමාන කෙනෙකුගෙන් තම ජීවිතය රැුක ගන්න දීමනාවක් දෙන්නැයි කාන්තාවක් ඉල්ලීම ලැජ්ජාවිය යුතු ක‍්‍රියාවක් වන්නේය.

නඩත්තු ගාස්තු ගෙවිය යුතු යැයි තීරණයක් ගැනීමට හේතුව කුමක්ද? ගැහැණියක් දික්කසාද වූ විට අසරණ වන්නීය. ඇයව දෙමව්පියන් හෝ සහෝදරයින් විසින් නැවත වගකීමකින් යුතුව භාරගන්නේ නැත.

එහෙයින් ඇගේ පළමු සැමියාම එම වගකීම භාරගත යුතු යැයි ප‍්‍රකාශ කරති. මොවුන් කියන අන්දමට පළමු ස්වාමිපුරුෂයාගෙන් නඩත්තු මුදල් නොලබා ඇයට ජීවත්වීමට අපහසු නම් සැමියා මරණයට පත්වී වැන්දඹුවක් වශයෙන් සිටින ගැහැණුන් ජීවත්වන්නේ කසේද? ඔවුන්ට නඩත්තු ගාස්තු ගෙවන්නේ කව්ද? තමාගෙන් දික්කසාදවී සිටින පළමු සැමියාත් මාස දෙකකින් පමණ මිය ගියේ නම් ඊළගට ඔවුන් යැපෙන්නේ කෙළෙසද?

1998 ෂාභානු නමැති කාන්තාවක් ඇයගෙන් වෙන්වූ සැමියාගෙන් නඩත්තු ගාස්තු ඉල්ලා උසාවියේ නඩුවක් පැවරුවාය. අධිකරණයෙන් ඇයට නඩත්තු මුදල් ගෙවන ලෙස මුල් සැමියාට නියෝගයක් නිකුත් කරන ලදී. මේ උසාවි නියෝගයට විරුද්ධව මුස්ලිම්වරුන් උද්ඝෝශණ කළ නිසා, එම තීන්දුව වෙනස්කර වැන්දඹු ස්ත‍්‍රීන්ට උදව් කිරීම සදහා පෞද්ගලික (රාජ්‍ය නොවන* සංවිධානයක් ගොඩනැගීමටත් ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජීව්ගාන්ධි මහතා යොජනා කළේය. එහෙත් එම නීතිය ක‍්‍රියාත්මක වූයේ වත් එවැනි අරමුදලක් වෙන් කළේවත් නැත.

මෙවැනි අරමුදලක් ඇතිකරන්නේ නම් ෂාභානු වැනි කාන්තාවන්ටත් අසනීප නිසා දික්කසාද වූ අයටත් (කිසිදු රැුකියාවක් කළ නොහැකි නිසා* ඔවුන්ගේ යැපීමටත් උදව්විය හැක. වැඩක් පලක් කළ හැකි කාන්තාවන්ට යැපෙන්න පුළුවන් සාමාන්‍ය රැුකියාවක් ලබා දිය හැක. මෙවැනි අරමුදලකින් හෝ පළමු ස්වාමිපුරුෂයාගෙන් නඩත්තු මුදලක් ලබා දුන් විට දික්කසාදවූ කාන්තාව නැවන විවාහයක් නොකර සිටීමට ඉඩ ඇත. නඩත්තු මුදල් ලැබෙන්නේ විවාහවන තුරු පමණක් නිසා නීති්‍යානුකූලව විවාහ නොවී වැරදි අන්දමින් තම ආශාවන් පිරිමසා ගැනීමටත් ඉඩ ඇත.

කිසිම පිරිමියෙක් හෝ ගැහැණියක් තනිව ජීවත්වීම ඉස්ලාමය ප‍්‍රිය නොකරයි. ඒ වෙනුවට හොඳ විවාහයක් කරගෙන සතුටින් ජීවත්වීමට මංසලසාගෙන සතුටින් සිටීම ඉස්ලාමයේ බලාපොරොත්තුවයි. ගැබ් ගැනීම දැන ගැනීම සඳහා මාස තුනකට වඩා නඩත්තු නොගෙවන ලෙස ඉස්ලාමය කියන්නේ ඒ නිසාය.

ශුද්ධ කුර්ආනයේ 4වන පරිච්ෙඡ්දයේ 4 වන වැකියෙන් ඉස්ලාමය, විවාහ දිනයේ ඇය ඉල්ලන ප‍්‍රමාණයක් විවාහ පරිත්‍යාගය වශයෙන් ඇයට දිය යුතු බව නියම කර ඇත්තේ ඒ නිසාය.

ඒ විවාහ පතරිත්‍යාගයම නඩත්තු අත්තිකාරමක් ලෙසද සැලකිය හැක. එම මුදල ආරම්භයේදීම යම් ආදායම් මාර්ගයක යෙදවූයේ නම් දික්කසාදවූ විටක හෝ සැමියා මියගිය විටක හෝ දෙදෙනාම ආදායමක් නොලැබෙන මහළුවියට පත්වූ අවස්ථාවක හෝ ප‍්‍රයෝජනයට ගත හැක.

ඉස්ලාම් යනු ස්වභාවධර්මයට ගැළපෙන ආගමකි. හැම කාලයකටම ගැළපෙන කිසිම කාලයකින් වෙනස් කළ නොහැකි, ගැහැණුන්ගේ අයිතිවාසිකම් සුරකින, ඔවුන්ගේ ගරුත්වය රකින ආගමක් බව මේ නීතිරීති තුලින් දැනගත හැක.

අල්හම්දු ලිල්ලාහ් (සියළු ප‍්‍රශංසා අල්ලාහ්ට හිමිය*.
සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා

පරිවර්තක:
සෙයියද් මුහම්මද්

ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *