13 නැවත විවාහ වීම.
මෙලොව මනුෂ්‍යත්වය ලබන හැම දෙනාම සුදුසු වයසට පත්වූ පසු තමන්ට අවශ්‍ය සහකාරයෙක් හෝ සහකාරියක් තෝරාගෙන විවාහ ගිවිස ගනිති. මෙම විවාහය වර්ගයා බෝවීමටත්, තම පතිවත ආරක්ෂා කර ගැනීමටත් මෙලොව සැප හා සතුට විඳින්නටත් අත්‍යවශ්‍ය බව සියලූ දෙනාම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.
ගැහැණියකු හෝ පිරිමියකු සුදුසු වයසට පත්වූ විට දෙමව්පියන්ට කොතරම් දුකක් කරදරයක් විදින්න සිදුවුනත් විඳ දරාගෙන දුවට හෝ පුතාට විවාහයක් කරදීමට උත්සුක වෙති. එහෙත් මෙම විවාහ ජීවිතයේ ටික කලකින් නිමාවී ඔහුගෙන් වෙන්වී වැන්දඹුවක් වීමට සිදුවූවොත් නැවත විවාහයක් කරදීමට උත්සාහ කිරීම ඉතා අඩුය. එපමණක් නොව ගමේ, පවුලේ හෝ තම දරුවන්ගේ හෝ විශේෂ අවස්ථාවකදී මොවුන් (වැන්දඹුවන්* මූලිකත්වය ලබා ගැනීම අසුභ දෙයක් ලෙස සලකති. සුභ ගමනක් යන විට ඉදිරියෙන් මුනගැසුනොත් (ඇයට* බැන වදිමින් ආපසු ගෙදර එති. මෙලෙස වැන්දඹුවන්ට හිංසා කරන සිද්ධීන් අප රටේ අනන්ත අප්‍රමාණව දකින්නට අසන්නට ලැබේ. (මෙසේ මනුෂ්‍යයකු විසින් තවත් මිනිසෙකු අසුභවාදීව සිතීම ඉස්ලාම් තරයේම හෙළා දකී.*
සැමියාගෙන් වෙන්වී නැවත විවාහයක් කරගැනීමට නොහැකිව පවුල් දිවියක් බලාපොරොත්තු වන මොවුන්ට සමාජයෙන් අපහාස හා අවලාද ද නොඅඩුව ලැබුනද ඔවුන් ජීවිතකාලය පුරාම මෙසේ ජීවත්විය යුතුද? සමහරු ජීවත්වනවාට වඩා මිය යාම අගනේ යැයි සිතා සියදිවි හානිකරගනිති. තවත් සමහරු නැවත විවාහයක් වී තම ආශාවන් සංසිදුවා ගැනීමට සමාජයෙන් අවහිරතා ඇතිවන විට එය ඉටුකර ගැනීමට වෙනත් වැරදි මාර්ගවල ගමන් කරති. (දුරාචාරයේ යෙදෙති*
මේ සියලූම දුක් වේදනාවන්ට මුහුණ දීමට සිදුවන්නේ තම සැමියා මිය යෑමෙන් පසු තනිකඩ ජීවිතයක් ගත කිරීම නිසාය. මෙයට එකම පිළියම වශයෙන් තම සැමියාගේ දේහය පිළිස්සෙන දරසෑයට පැන දිවි නසාගැනීමට සලස්වා ඇය මරා දමන දරුණුම සිදුවීම්ද දකින්නෙමු. මේ ගති පැවතුම් ගැහැණියගේ ජීවත්වීමේ අයිතිය පවා පැහැර ගැනීමකි.
ගැහැණියත් පිරිමියාත් විවාහවී පවුල් ජීවිතයේ දුක සැප බෙදා හදාගෙන එකාමෙන් ජීවත් වෙද්දී, සැමියා මියගිය විට බිරිඳ ඒ දරසැයට පැන ජීවිතය පූජාකළයුතුය. මේ මරණයම බිරිඳට ඇතිවුනොත් සැමියා ඒ දරසෑයට පනීවිද? ඔහු එසේ පැන ජීවිත හානියක් කරගත යුතු නැත. හේතුව තම බිරිඳ මියගිය විට ඔහු අළුත් මනමාලයෙක් ලෙස සමාජය ඉහළින් පිළිගැනීමයි. ගැහැණු පාර්ශවයට හිංසා පීඩා සිදුවන්නේයැයි ඔප්පු කරන්නට මීට වඩා තවත් සාධක අවශ්‍යද?
ගැහැණිය සැමියාගේ (දැවෙන* දරසෑයට පැනීම ඔවුන්ට විශාල ගෞරවයක් ලෙස සලකති. සැමියා මිය යෑම තම ජීවිතයට විශාල පාඩුවක් ලෙස සළකා නැවත විවාහයක් කරගෙන සමාජයේ හිංසාවන්ට විරුද්ධව (ගග ඉහලට පිහිනා* ජයගෙන පෙන්වීම ගැහැණියකට ගෞරවයක්ද? නිවටයෙක් ලෙස ජීවිතය හානිකර ගැනීම ගෞරවයක්ද? මේවාට අවසානයක් දැකිය යුතුය.
බිරිඳ මිය ගිය පසු මහළු වයසේ ස්වාමිපුරුෂයාද අළුත් මනමාලයෙක්වී සුවඳ හමන මලක්වැනි කන්‍යාවක් විවාහකර ගනී, එසේ නම් සැමියා මිය ගිය කාන්තාවක් මෙසේ විවාහවීම නුසුදුසුද? (පාරදිදාසන්*
පාරදිදාසන් වැනි පඩි’වරුන් වසර 40 කට පෙර සිට ගායනා කරති. එහෙත් ඉස්ලාමය අවුරුදු 1400 කට පෙරම මෙයට මළබෙර ගසන ලදී (අවසානයක් දකින ලදී*
ගැහැණු හෝ පිරිමි හෝ කන්‍යාවක් හෝ වැන්දඹුවක් හෝ වේවා විවාහකර ගැනීමට සුදුසු වයසට පත්වූ විට ඔවුන්ට සහකරුවෙක් හෝ සහකාරියක් සොයාදීමට කටයුතු කිරීම සෑම කෙනෙකුගේම යුතුකමකිි. එම වගකීම පවරන අල්ලාහ් මෙසේ පකාශ කරයි.
”තවද ඔබලා අතරේ සිටින අවිවාහක (ගැහැණු පිරිමි* අයටද සදාචාර සම්පන්න (චරිතයක් ඇති* වහල් සේවයේ යෙදෙන (ගැහැණු පිරිමි* අයටද විවාහයක් කර දෙන්න.” (අල්-කුර්ආන් 24ඃ32*
තවදුරටත් දෙවන පරිච්ෙඡ්දයේ 234 වැනි වාක්‍යයෙන් ”ඔබලාගෙන් යමෙක් බිරිඳ සිටියදී මියගියොත් එම බිරිඳ මාස හතරක් හා දින 10ක් ඉවසා සිටිය යුතුය. (ඉද්දා සිටිය යුතුය.* ඉන්පසු (සම්පූර්ණ දින ගණන් ගතවූ පසු* තමන්ට මනාප පරිදි විවාහයක් ගැනීම වරදක් නොවේ. අල්ලාහ් ඔබ කරන සියල්ල හොදින් දනී.” යැයි ප්‍රකාශ කරයි.
දික්කසාදවූ ගැහැණුන් (ගැබ්ගෙන ඇත්දැයි බැලීම සදහා* මාස තුනක් අවසාන වූ පසු නැවත විවාහයක් කරගැනීම වළක්වන්න එපා යැයි ඉස්ලාමය පවසා සිටියි. අල්-කුර්ආනයට විවරණයක් වූ (ප්‍රායෝගිකව ජීවත් වී පැහැදිළි කරදීමට පැමිණි* නබි(සල්* තුමාණන් අරාබි ලෝකයේ වැදගත්ම මිනිසා වී සිටියදීත් වැන්දඹු කාන්තාවක් විවාහ කර ගනිමින් පූර්වාදර්ශයක් වූහ. මේ මඟ පෙන්වීම ඔස්සේ ගමන් කළ උතුම් සහබාවරුද මෙය අනුගමනය කරගෙන ගියහ.
කාන්තාවන් තවත් නිදා සිටිය යුතු නැත. ගැහැණු වර්ගයාට වධ හිංසා කරන පිරිමියා මෙන්්ම ගැහැණියද එක් දෙමාපිය යුවළකට උපන් තැනැත්තතියකි. පිරිම්න් මෙන්ම හැඟීම් හා ජීවත්වීමේ ආශාවන් ඇයටද තිබෙන බව දැනුවත් කළ යුතුය. ගැහැණුන්ට අපහාසකරන අයට නීතියෙන් දඬුවම් කළ යුතුය. ඔවුන් නැවත විවාහයක් කරගෙන සතුටින් ජීවත්වීමට මග පාදා දිය යුතුය. (එම අයිතිය ලබාදිය යුතුය* මෙතෙක් කාන්තාවන්ගේ අභිමානය සදහා සටන් කරන අය එම සටන ජයගත යුතුය. සමස්ථ ලෝක ප්‍රජාවම ගැහැණුන්ගේ අයිතීන් සුරැුකීම සදහා ඉදිරිපත් විය යුතුය.
ඉදිරි පිටුවට…
සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා
පරිවර්තක:
සෙයියද් මුහම්මද්
ප්රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10