12 කාන්තාවන්ගේ දික්කසාද අයිතිය.
විවාහවීමෙන් පසු අඹු සැමි යුවළට එකට ජීවත්වීමට නොහැකි අසමගියක් දෙදෙනා අතර පැනනැගුනු විට දෙදෙනාම හෝ එක් අයෙකු දික්කසාදවීමට ඉදිරිපත් වෙයි. මේ ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? පිරිමින්ට දික්කසාද වීමට අයිතියක් ඇතිසේම ගැහැණියට ද දික්කසාදවීමේ අයිතිය තිබෙන්නේය. මෙයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාගේ කාලයේ සිදුවුනු සිදුවීම් සාධක වශයෙන් පෙන්විය හැක.
එහෙත් අද අප රටේ මුස්ලිම් සමාජයේ පිරිමියෙකු සත්‍ය හෝ බොරු කරුණු සමහරක් ඉදිරිපත් කර සමාජයේ නායකයින් හරහා දික්කසාද වීම ඉතා පහසුවෙන් කරගනී. මේ අතර කාන්තාවක් දික්කසාදය සදහා ඉදිරිපත්වූ විට එම සමාජයේ කිසිවෙකුගෙන් කිසිම සහනයක් නොලැබී යයි. ඔහු(යැපීම් සදහා* විය හියදම් නොදුන්නත්, කොතරම් වධහිංසා දුන්නත්, බීමත්ව කුමන දෙයක් කළත් ගලක්වුනත්, ගසක්වුනත් සැමියා බිරිඳගේ දෙවියාය යන න්‍යාය යටතේ ඔහුගේ පාමුල දණගැසිය යුතුයැයි ප‍්‍රකාශ කරති. මෙය ඉස්ලාම් නොවන සමාජවල සංස්කෘතිය වන්නේය.
පිරිමින්ට මෙන්ම ගැහැණුන්ටද දික්කසාදවීමේ අයිතිය තිබිය යුතුය. මෙය සමාජ නායකයින්ගේ අනිවාර්ය වගකීමකි. දෙවියන් හා දේව¥තයාණන්ව පිළිගන්නා බව කියන මොවුන් දේව නීතිය මගින් කාන්තාවන්ට දික්කසාද වීම පිළිබඳව සඳහන්වී ඇත්තේ කුමක්ද? යන්න දැනගන්න උනන්දු නොවන නිසා මේ කාරණයේදී අසාධාරණ ලෙස කටයුතු කරති. මේ ලෝකයේ කිසිම සමාජයකට හිමි නොවන නීතියක් ඉස්ලාම් සමාජයට පමණක් ලබාදී ඇත.
රබිඃ බින්ත් මඃලඤ් (රළියල්ලාහු අන්හා* තුමිය මෙසේ දන්වන්නීය. නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාගේ කාලයේ මම මගේ ස්වාමි පුරුෂයාගෙන් කුල්ආ යන ක‍්‍රමය යටතේ වෙන්වීමි.(දික්කසාද වෙමි* එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්* තුමාණන් එක මාසික ශුද්ධියක කාලයක් ඉද්දා සිටින ලෙස කීවේය. (පළමු ස්වාමි පුරුෂයා සමග ගැබ්ගැනීමක් සිදුවීද නැද්ද යන්න පිරික්සීමේ කාලය* (තිර්මිද්, නසාඊ*
ආයිෂා (රළියල්ලාහු අන්හා* තුමිය මෙසේ දන්වන්නීය. ”බාල වයස්කාර කාන්තාවක් මාගේ නිවසට පැමිණ මා අකමැති පිරිමියකුට මගේ දෙමවිපියන් විසින් විවාහකර දුන්නා යැයි කීවාය. නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමා එනතෙක් මෙහි වාඩිවෙන්නැයි කීවෙමි. නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමණන් පැමිණි විට ඇය කරුණු විස්තර කළාය. එය ඇසූ එතුමා ඇයගේ පියා කැඳවාගෙන එන ලෙස කෙනෙකුට නියෝග කළේය. ඔහු ආවිට ඇයට දික්කසාදවීමට අවසර දුන්නේය. එවිට ඒ කාන්තාව අල්ලාහ්ගේ ¥තයාණෙනි මගේ පියා කළ දේ මා පිළිගන්නවා. ගැහැණුන්ට විවාහය සම්බන්ධයෙන් ඉස්ලාම් දී ඇති අයිතිය දැනගන්නයි මා මෙසේ කටයුතු කළේ යැයි කීවාය.” (ඉබ්නු මාජාහ්, අහ්මද්*
ඉහත තොරතුරු අනුව නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමා කාන්තාවන් දික්කසාදවීමට අවසරදී ඉද්දා (පරිවාස* කාලයක් තීරණයකර ගැනීමටද කී බව දැනගත හැක.
මෙතරම් පැහැදිලි ඉතා වැදගත් නීතියක් පෙන්වා දී තිබියදී එය නොසළකා හැරීම නිසා කාන්තාවන් විශාල පිරිසකගේ ජීවිත ප‍්‍රශ්නාර්ථයක් වී, විසඳුමක් බලා පොරොත්තුවෙන් තැවීමටත්, සැමියා සමග ජීවත්වීමට නොහැකි අතර ඔහුගෙන් වෙන්වී නැවත විවාහයක් කරගැනීමට අවස්ථාවක්ද නොමැතිව වඩාත් දුක්බර දිවියක් ගත කරති. එක්ව ජීවත් විය නොහැකි ස්වාමියාගෙන් දික්කසාද වීමට නොදීම නිසා තමාට මනාප කෙනෙක් සමග අනියම් ඇසුරක් ඇතිකර ගැනීම හෝ තම ජීවිතය හානිකර ගැනීම අද සුලභ සිදුවීම් වී ඇත.
මේ තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයද දුක් විඳිති. මෙලෙස කාන්තාවන්ගේ අයිතිවාසිකම් උඳුරාගෙන ඔවුන්ට හා ඔවුන්ගේ පවුල්වලට දුක උරුමකර දුන් වගකීම පිළිබඳව විභාග කරන දිනයේ පිළිතුරු දිය යුතුය.
මොවුන් දෙස බලන අන්‍ය ආගමික නායකයින්ද ඉස්ලාමයේ පිරිමින්ට ඇති දික්කසාදවීමේ අයිතිය කාන්තාවන්ට නැතැයි සිතනු ඇත. මොවුන්ගේ මෙම වගකීමකින් තොර ක‍්‍රියා සාධාරණය කිරීම සදහා ඉස්ලාමිය නීතිරීති යැයි (ඉස්ලාමයේ නොමැති දෑ* නීති සකස්කරගෙන කාන්තාවකගේ සැමියා ඇගෙන් වෙන්වී ඈතක ගොස් කොතරම් කාලයක් ඔහු ආපසු නාවත් (අවු 200ක් වූවත්* ඔහු ජීවත්ව සිටියත් නැතත් ඔහු වෙනුවෙන් (බලාපොරොත්තුවෙන්* මග බලා සිටිය යුතු යැයි නීති නොගෙන සිටිති. ඉස්ලාම් යනු කුමක්දැයි නොදන්නා අය ඉස්ලාම් කියනුයේ මෙය යැයි සිතනු ඇත.
සමාජයේ නායකයින්ගෙන් වගකිවයුත්තන්ගෙන් නිසි ප‍්‍රතිචාරයක් නොලැබෙන නිසා (දේව නීතිය අතහැර* මිනිසුන් තැනූ නීතියේ පිහිට සොයා යති. එහිදී අධිකරණ, නඩු විභාග, නීතිඥයින් යනාදිය මධ්‍යයේ කල්ගෙවන කාන්තාවන් උසාවිය කරා යන හැම වාරයකම තමන්ට කුමක් හෝ අතවරවලට මුහුණ දෙන්නවෙයිදෝයි චකිතයෙන් කල් ගෙවති. මෙසේ අවුරුද්දක් දෙකක් ගතවීමෙන් පසුව ලැබෙන තීන්දුවද කණඟාටු දායකය.
මෙවැනි තත්ත්වයක් කාන්තාවන්ට උදා වන්නේ කිමද? ඉතා සාධාරණ පහසු නීතියක් හා අයිතියක් ඉස්ලාම් ආගමෙන් හිමිකර ගත් ඔවුන්ට මෙවැනි අසාධාරණයක් කරන්නේ මන්ද? දෙවියන් කෙරෙහි බියක් නොවේද?
ශුද්ධ කුර්ආනයේ 4 වන පරිච්ෙඡ්දයේ පළමුවන වාක්‍ය මතක් කරදීම සුදුසු යැයි හැෙඟ්. නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමාගේ කාලයේ තරුණියක් එතුමා ළගට පැමිණ මගේ පියා මා අකමැති පිරිමියෙක් මට විවාහ කර දුන්නේ යැයි කීවාය. මෙය ඇසූ නබිතුමා කැමැති නම් ඔහු සමග ජීවත්වන ලෙසත් අකමැතිනම් ඔහුගෙන් වෙන්වන ලෙසත් පැවසුවේය. (වාර්තාකරු : ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු* මූලාශ‍්‍රයඃ අබූ දාවූද්*
කොතරම් සාධාරණ අන්දමට නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්*තුමා කටයුතු කර තිබේද? මේවගේ නායකයෙක් ලෝක විනාශය දක්වා පහළ නොවුනත් මෙතුමන් ක‍්‍රියාත්මක කළ නීතිරීති නිසිලෙස ඉටුකළ හැකි නායකයින් බිහිවන්නේ නම් ගැහැණු පාර්ශවය පමණක් නොව මුළු මානව වර්ගයාටම ආරක්ෂාව හා සහනය සැළසෙන්නේය.
දික්කසාදය පිළිබඳව පුළුල් වශයෙන් කුර්ආනයෙන් හා හදීසයෙන් කරුණු දැක්විය හැකි නමුත් එය මෙම ලිපිය තවත් දීර්ඝ කරනු ඇත. හැකිතරම් කුර්ආනයේ හා හදීසයෙන් තවදුරටත් තොරතුරු ලබාගෙන විමසා බලා අවබෝධයෙන් යුතුව කටයුතු කරන මෙන් මා හිතවත් සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

සකස් කිරීම:
ඒ. එච්. ෆාතිමා ජනූෆා

පරිවර්තක:
සෙයියද් මුහම්මද්

ප‍්‍රකාශනය:
(සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය*
කොළඹ – 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *