සත්‍ය දැනගත හැකි මාපකය හෘදය ශාක්ෂියයි. එහෙත් පංචේන්ද්‍රියන්ගෙන් හදවතට ඇතුල් කරන දත්ත වලට පිටුපාන්නේ නම් කෙසේ නම් සත්‍ය දැනගත හැකිද? මෙලොවට උපදින සියල්ලෝම දෙවියන් පිලිබඳ හැඟීමක් සමග උපදින්නෝය. එහෙත් දෙමව්පියන් ඔවුන්ගේ මනසට කුඩා කාලයේදීම නොයෙකුත් විශ්වාසයන් ඇතුලත් කරති. කාලයාගේ ඇවෑමෙන් මෙම විස්වාසයන් තුල ඔවුන් එල්බ ගන්නෝය. මොවුන් ලොකු අය වශයෙන් වැඩුණු පසු ඔවුන්ට සත්‍ය තේරුම් කර දීම අපහසු වන්නේ වෙනත් විශ්වාසයක් ඔවුන් තුල ස්ථාපනය කර තිබෙන නිසාය. කිසිවෙකු දෙමව්පියන්ගෙන් ලැබෙන දහම හොඳින් අධ්‍යයනය නොකර අන්ද භක්තියෙන් පිළිගත යුතු නැත. මෙම කරුණ අල්-කුරානයේ මෙලෙසින් දැකිය හැකිය.
“ඔවුන් මෙම කුර්රානය පර්යේෂණය කර බැලිය යුතු නොවේද? නැතහොත් (ඔවුන්ගේ) හෘදයන් කෙරෙහි අගුලු දමා ඇත්තේද? ඇත්තෙන්ම කව්රුන් හට ඍජු මාර්ගය මෙය යැයි පැහැදිලි වූවායින් පසුද ඔවුන් ආපස්සට හැරී ගියෝද ඔවුන්ගේ වැරදි අදහස් සාතාන් පුළුල් කොට ඔවුන්ට (ඒවා) අලංකාරවත් ද කළේය. මන්ද යත් ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කල (මෙම පුස්තකය) පිළිකුල් කර “අපි සමහර කාරනාවන්හි ඔබවම අනුගමනය කරමු”යි කියන්නෝය. ඔවුන්ගේ එම රහස් අල්ලාහ් හොඳින් දන්නේය” (කුරානය 47: 24-26)
ඇස්වල පෙනුම නැතිවිට කොතරම් එලිය තිබුනත් ඉන් පලක් නොවන්නාසේම මනස අන්ද වූ විට සත්‍ය වටහා ගැනීම ට නොහැකිය. අන්දකාරයේ ඇති මනසින් හරි දේ දැකිය නොහැකිය.
අල්-කුරානය මිනිසාගේ විමුක්තිය වෙනුවෙන් පහළ වූ අවසාන දේව ග්‍රන්ථය වෙ. එම දහමින් මිනිසාගේ අධ්‍යාත්මික ජිවිතයට පහනක් මෙන් ආලෝකය ගෙන දෙන්නේය. එහෙත් හදවත අන්ද වූ අයට ඉන් පලක් වන්නේ නැත. හදවත අන්ද වූ අය නිතරම සොයන්නේ දහම තුල නොතිබෙන වැරදිය. මෙසේ වන්නේ ඔවුන්ගේ හදවත්වලට මුද්‍රා තබා ඇති නිසා විය හැකිය. එහෙත් ඔවුන්ට ඒ බව වැටහෙන්නේ නැත. හදවත අන්ද වූ අය ඔවුන්ගේ ආත්මයට වහල් වී සිටින්නෝය.
“තමන්ට පැමිණි කිසිම බලයක් නොමැතිව අල්ලාහ්ගේ කිසිම ආයාවක් ගැන තර්ක කිරීම – අල්ලාහ් වෙතද විස්වාස කල අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. මෙසේම ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේ”යි කිවේය” (කුරානය 40:35)
දහමින් ඈත් වූ විට බිකිනි ඇඳගෙන පාරේ ගමන් කිරීම වැරැද්දක් ලෙස නො දකිති. එහෙත් තම ශරීරයේ වැසිය යුතු කොටස් වැසෙන සේ අඳින ෆර්දාව දකින්නේ කාන්තා නිදහස උල්ලංගනය කිරීමක් ලෙසය. තවද ශරීරයට හිතකර කෑම බිම හෙවත් හලාල් අහාර ඔවුන් දකින්නේ දෙවියන්ට කැප කල දෙයක් ලෙසය. අනෙක් අතට කැරපොත්තන් කුරුමිණියන් බල්ලන් ගැරඬින් වැනි ආහාර ඔවුන්ට අනුභව කරති. එසේම තිරිසනුන් පවා අනුමත නොකරන සමලිංගික සේවනය ඔවුන්ට නිවැරදි දෙයක් ලෙස සලකති.
ඌරෙකු මල්වත්තකට ගියවිට එහි ඇති අසුචි සොයනවා මිස එහි අලංකාරය බලන්නේ නැත. එසේම හදවත් අන්ද්ද වූ අය දහමේ වැරදි සොයනවා මිස එහි ඇති හොඳක් දකින්නේ ම නැත. සුදු රෙද්දක කළු පැල්ලමක් හොඳින් කැපී පෙනෙන්නා සේම ඔවුන් දහමට ලැදි අයගේ සුළු වැරැද්දක් පවා මහා වැරැද්දක් සේ දකින්නෝය. එහෙත් ඒවා මිනිසුන්ගේ වැරදි මිස දහමේ වැරදි නොවන බව ඔවුන්ට වැටහෙන්නේ නැත.
ලෝකයේ මිලියන ගණන් මිනිස් ඝාතන සිදුකර ඇත්තේ දහමක් පිලි නොපදින අය විසින්ය. හිට්ලර්, මුසලෝනි වැනි අය එවැනි මිනිසුන්ය. ඔවුන් කල මිනිස් ඝාතන කිසිවක් යම් වැදගත් හේතුවක් නිසා කල ඒවා නොවේ.
දහම තුල ජිවත්වන තැනැත්තාගෙන් සිදුවන වැරදි ඉතාමත් අඩුය. මිනිසුන්ට පිනට කියක් වත් වැඩියෙන් දෙන්නේ දහම තුල සිටින තැනැත්තාය. දහමක් තුල සිටින තැනැත්තා බොරුවක්, මුලාවක්, රැවටීමක්, දකින්නේ වැරැද්දක් ලෙසය. දහම තුල සිටින අය වැරදි කලත් එය වැරැද්දක් බව කවදා හෝ දැක පසු තැවිලි වීමට ඉඩ කඩ තිබේ. එහෙත් දමනින් නැති අයට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැත.
By Fasy Ajward.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.