ජන මාධ්‍ය හරහා නිතර නිතර සිදු කරනු ලබන සාවධ්‍ය ප්‍රචාරයන් නිසා ද ඉස්ලාම් දහම පිළිබඳව වැරදියට ලියවී ඇති පොත් පත් නිසාද මිනිසුන්ට ඉස්ලාම් දහම පිලිබඳ නිවැරදි තොරතුරු ලඟා වී නොමැත. තවද නුතන සමාජයේ ජිවත්වන බොහෝ මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවන් සහ දහම අතර ඇති විරසක නිසාද නිවැරදි ඉස්ලාම් දහම කුමක්දැයි කෙනෙකුට පහසුවෙන් දැනගැනීම අසීරු වී තිබේ.යම්කිසි කෙනෙක් විවෘත මනසකින් ඉස්ලාම් දහම ගැන ලියැවී ඇති පොත් පත් හදාරන්නේ නම් පහත දැක්වෙන ලක්ෂණ එහි දැකිය හැකිය.
- මිත්‍යාදෘෂ්ටිකත්වයක් නොමැති බව
- විද්‍යාත්මක පදනමක පිහිටා ඇති බව
- අල්-කුරානයේ සහ නාබිවදන්වල නිවැර බව
ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රයන් වන්නේ අල්-කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම අනුව ලියවී ඇති හදිස් වේ. මේවා ඉතා නිවැරදිව එහි මුල් භාෂාවෙන්ම ලියා ආරක්ෂා කොට ඇත. එබැවින් එහි කිසිවෙකුගේ අදහස් ඇතුලත් වීමට ඉඩක් නොමැත.
ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති සම්පුර්ණ ජිවන සැලැස්ම ශරියාව ලෙස හැඳින්වේ. ශරියාව මිනිස් ජිවිතයට අවශ්‍යකරන සියලුම දේවල් පෙන්වා දී ඇත.
ඉස්ලාම් දහමේද වෙනත් දහම්වල ඇති පොදු කරුණු රාශියක් දැකිය හැකිය. ඒ අනුව සියළු සත්වයින්ට කරුණාව දැක්වීම, නැති බැරි අයට උදව් කිරීම, අසල්වැසියාට ප්‍රේම කිරීම, දෙමව්පියන්ට උදව් කිරීම, නෑදෑ හිත මිත්‍රාදීන් සමග එකට ජිවත් වීම පෙන්වා දිය හැකිය. එහෙත් ඉස්ලාම් දහමේ ඇති ප්‍රධාන වෙනස වන්නේ එක් දෙවිකෙනෙකුට පමණක් නැමදීම ය. තවද ඉස්ලාම් දහම තුල දේව රුප හෝ පිළිම වන්දනාවක් නොමැත.
ඉස්ලාම් දහමේ පමණක් නොව ඕනෑම දහමක වැරදි කරන අය දැකිය හැකිය. එසේ තිබියදී මුස්ලිම්වරුන් පමණක් කරනු ලබන වැරදි සොයා බලා සමස්ත මුස්ලිම් ප්‍රජාවටම දොස් පැවරීම ජන මාධ්‍යවලින් සිදු කරනු ලබන විශාල වරදකි. ඇයිද යත් කිසිවෙකුගේ පෞද්ගලික වැරදි ඔහු නියෝජනය කරන දහමට බැර කළ නොහැකි නිසාය.
ඉස්ලාම් දහම මිනිස් ජීවිතය කෙරෙහි දක්වා ඇති වැදගත්කම වෙන කිසිම දහමක දැකිය නොහැකිය. ඒ අනුව හේතුවක් නොමැතිව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම මුළු මහත් මිනිස් වර්ගයාම ඝාතනය කිරීමට සමාන කොට ඇත. මේ නිසා ඉස්ලාම් දහම තුල ත්‍රස්තවාදයට කිසිම ඉඩක් ලැබෙන්නේ නැත. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් එම කරුණ පැහැදිලි කොට ඇත.
“මේ හේතුකොට නියතව කවරෙක් ඝාතනය කිරීම නිසා හෝ පොළොවෙහි කලහය ඇතිකළ හේතුව නිසා හෝ හැර තව කෙනෙකු ඝාතනය කරයිද ඔහු මුළු මිනිස් සමුහයාවම ඝාතනය කළාට සම වන බවත් කවරෙක් එය ජිවත් කරවන්නේද ඔහු මිනිසුන් සියල්ලෝම ජිවත් කරවූ කෙනා ලෙස වන්නේ යැයිද අපි ඉස්ලායිල්ගේ දරුවන්ට අපි නියම කළෙමු” (කුරානය 5:32).
ඉස්ලාම් දහමින් යුද්ධයට අවසර දී තිබෙන්නේද ස්ථිර සාමය ඇති කිරීම සඳහාය. එම අවසරයට පෙර මුස්ලිම්වරු සතුරාගේ හිංසනයන් සියල්ල ඉවසාගෙන ඇත. එක් අවස්ථාවකදී නබිතුමාට ඔහුගේ අනුගාමිකයින් සමග සිය නිජ භුමිය හැර දමා ආරක්ෂාව පිණිස මදිනා නගරයට යාමට සිදු වී ඇත. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් නැවත සිය රට අල්ලාගැනීමෙන් පසු කිසිම සතුරෙකුට හිංසා නොකළ අතර ඔවුන් සියලු දෙනාටම පොදු සමාව පිරිනමා තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ ඉස්ලාම් දහම මානවයා කෙරෙහි පෙන්වා ඇතී කරුනාව නොවේද?
කරුණු කෙසේ වෙතත් මැදපෙරදිග රටවල්වල සිදු වී තිබෙන බොහෝ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව දෙවන ලෝක යුද්ධයෙන් පසු නිර්මාණය කළ ඉස්රායලයයි. එසේම ඉන්දියාව සහ පකිස්තානය බෙදා වෙන් කිරීමේදී නිර්මාණය කළ කාශ්මීරය යි. අද අපි දකින බොහෝ ඉස්ලාමිය ත්‍රස්තවාදීන් බිහි වී ඇත්තේ මෙම වැරදි හේතු කොට ගෙනය. එහෙත් ඒවා කිසිවක් මුස්ලිම්වරුන් විසින් ඇති කළ ඒවා නොවේ. එයට වගකිව යුත්තේ ලෝක යුද්ධය මෙහෙයවූ බලවතුන්ය.
ඇමරිකාවේ සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරය මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට මොන තරම් උත්සාහ කලත් එය මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවක් නොවන බව දැන් ඔප්පු වෙමින් ඇත. ඒවා පිටු පස සිටින්නේ යුදෙව්වන් බව කියැවේ. මෙලෙස යුවෙවන් මුස්ලිම්වරුන්ගේ වේශයෙන් සිදු කරනු ලබන ක්‍රියාවන් නිසා බොහෝ අය ඉස්ලාම් දහම ගැන වරදවා තේරුම් ගෙන ඇත. තවද ලෝකයටම හිසරදයක් වී තිබෙන ISIS සංවිදානයටත් ඉස්ලාමිය ඉගැන්වීම් වලටත් කිසිම සම්බන්දයක් නොමැත. ඔවුන් කරන්නේ අල්-කුරානයට පටහැනි ක්‍රියාවන් වේ. එබැවින් ඇතැම් අන්තවාදීන් විසින් සිදුකරනු ලබන වැරදි වලට ඉස්ලාම් දහම හේතුවක් කර ගත යුතු නොවේ.
බොහෝ අයට ෂරියා ජිවන ක්‍රමය ගැන හෝ ඉස්ලාමිය මානව හිමිකම් ගැන හෝ දන්නේ නැත. එසේ තිබියදී ඇතැම් අය ඒවා ගැන හදාරන්නේ නැතිව ඉස්ලාම් දහමට දොස් පවරති. ඔවුන් ඉස්ලාම් දහම විවේචනය කිරීමට පෙර කළ යුත්තේ ඉස්ලාමිය මුලාශ්‍ර ඇසුරෙන් ඉසලාම් දහම නිවැරදිව හැදෑරීමය. එවිට සත්‍ය වටහා ගත හැකි වනු ඇත.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.