විද්‍යාඥයින් ජිවය ගැන පර්යේෂණ සිදු කරනු ලැබුවත් තවමත් ඔවුන්ට ජිවය ගැන හරි අවබෝදයක් ලබා ගැනීමට හැකි වී නොමැත. මේ අනුව විද්‍යාගාරයක් තුල ජිවය නිෂ්පාදනය කොට නැත. එසේම ජිවය මිනිස් ශරීරයෙන් ඉවත්කරගෙන පර්යේෂණ කිරීමට හැකිවී නැත. කෙසේ වෙතත් ජිවය ගැන බොහෝ දෙනා විවිධ මත පළකරන්නේය. එහෙත් ඒවා හුදෙක් මතයන් පමණි.ජීවය භෞතික දේවල් වලින් සහමුලින්ම වෙනස් වන්නේය.  ජිවය ඇති දේවල් වලට ක්‍රියාකාරකම්, ප්‍රතික්‍රියා, ඇගයීම සහ වර්ධනය විය හැකිය. එම කරුණ ජීවී හා අජීවී දේවල් අතර ඇති තීරණාත්මක වෙනසකි. ජීවී සහ අජීවී දේවල් අතර ඇති තවත් වෙනසක් වන්නේ එය වර්ධනය වීමෙන් පසු මිය යාමය. ඒ අනුව ජීවී දෙයක් ප්‍රගුණ වීම හා අවබෝධ කර ගැනීම මරණයත් සමග නතරවන්නේය. ජිවය නොමැති භෞතික වස්තුන් ජෛව විද්‍යාත්මක වර්ධනය  වීමක් හෝ දරුවන් බිහි කිරීමක් සිදු කරන්නේ නැත.

එසේ නම්; “ජිවිතයේ අර්ථය කුමක්ද? ඊට පිළිතුරු දිය හැක්කේ කාටද?”

ජිවය ගැන නියම දැනුම ඇත්තේ එහි මැවුම් කරුට ය. උදාහරණයක් ලෙස උපකරණයක් ගැන අවබෝදය ඇත්තේ එහි නිෂ්පාදකයාට ය. මේ අනුව ජීවයේ අර්ථය හරි හැටි දැනගැනීමට නම් එහි මැවුම්කරුගෙන් පැමිණි දහමක් හැදෑරිය යුතුය. විද්‍යාවෙන් යමක් ගැන අවබෝදකරගන්නේ පරියේෂණ සිදු කිරීමෙනි. එහෙත් ජිවය ගැන පර්යේෂණ කිරීම විද්‍යාවේ සීමාවෙන් ඔබ්බට ගිය එකකි.

කෙසේ වෙතත් ජිවය සහ මරණය මැවීමට හේතුව අල්-කුරානයේ පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

“නුඹලා අතරින් විශිෂ්ඨ ක්‍රියාවන්වල නිරතවන්නේ කව්රුන්දැයි සෝදිසි කිරීම පිණිස ඔහු මරණය සහ ජිවය මැව්වේය” (කුරානය 67:2).

එසේ තිබියදී බොහෝ අය තම ජිවිතය ගෙවන්නේ මරණය අමතක කරමින් ය. එහි ප්‍රතිපලය වන්නේ ජිවිතයේ නියම ඉලක්කය ජය ගැනීමට අපොහොසත් වීමය.

දහමින් පවසන දේවල් සත්‍ය බව ඒත්තු ගැන්වීම සඳහා දෙවියන්ගේ නියෝජිතයින් විසින් සාමන්‍ය මිනිසුන්ට කළ නොහැකි ප්‍රතිහාරයන් සිදු කොට ඇත. උදාහරණයක් ලෙස ජේසුතුමා තොටිල්ලේදීම කතාකොට ඇත. මළවුන් නැගිටුවා ඇත. ලාදුරු රෝගීන් සුවපත්කොට ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. මෙවැනි දේවල් නබිවරුන්ට මිස වෙන කිසිවෙකුට කළ හැකි නොවේ. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දෙවියන්ගේ විශේෂ නියෝජිතයින් බවයි.

කෙසේ වෙතත් අද අප අතර ප්‍රාතිහාරයන් පෙන්වීම සඳහා නබිවරයෙක් ජිවතුන් අතර නොමැත. එහෙත් මුහම්මද් නබිතුමාට පහළ වූ අල්-කුරානය ජීවමාන ප්‍රාතිහාරයකි. (අල්-කුරානය ප්‍රතිහාරයක් වන්නේ ඇයිදැයි වෙනත් ලිපියක් මගින් පෙන්වා දී ඇත).

අල්-කුරානයට අනුව ජිවය අල්ලාහ්ගේ විශේෂ මැවීමකි. එහෙත් ජිවය කුමකින් මවා තිබේදැයි අපට දැනුමක් නොමැත. ජීවයට ආරම්භයක් ඇති අතර ඊට කෙළවරක් නොමැත. මරණයත් සමග ජිවය ශරීරයෙන් ඉවත් වන අතර එය මෙලොවදී උපයාගත් දේවල් අනුව මරණයෙන් පසු කුලිය ලැබෙනු ඇත. ඒ අනුව  ඊට ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. මෙය සිදුකැරුණු ලබන්නේ විනිශ්චයක් සිදු කිරීමෙන් පසුවය. එම විනිශ්චය දිනයේදී අධිපති අල්ලාහ්ය. එම දිනය සෑම ආත්මයකටම තීරණාත්මක දිනයක් වනවාට කිසිම සැකයක් නොමැත.

විනිශ්චය දිනයේදී කෙනෙකුට කෙනෙකු උදව් කළ නොහැකිය. එම දිනයේදී තම තමන් කළ දේවල් වලට තනිවම මුහුණ දිය යුතු වන්නේය. එබැවින් සෑම කෙනෙක්ම තමන්ට අත්විය හැකි ඉරණම ගැන සිතා තැති ගෙන සිටිනු ඇත. එම දිනයේදී නබිවරුන් පවා  ඔවුන්ගේ ඉරණම ගැන සිතමින් බියෙන් පසුවනු ඇත.

මෙලොවදී අල්ලාහ් වෙනුවට වෙනත් දේවල් ගැන විශ්වාසය තබා වැඳුම් කොට තිබුනේ නම් ඔවුන්ට එම දිනයේදී තමන් වැඳුම් පිදුම් කල දේවල් වලින් උදව් ලබාගැනීමට නියෝග කරනු ඇත. එහෙත් ඔවුන්ට ඒවායින් උදව් කළ හැකිවන්නේ නැත. මේ නිසා ඔවුන් ඉතාමත්ම අසරණ භාවයට පත් වනු ඇත.

ස්වර්ගයේ සතුට වචනයෙන් කියා නිම කළ නොහැකිය. එහි ජිවිතයට කෙළවරක් නොමැත. ස්වර්ගවාසින් කවුච්චිවල හාන්සිවී එකිනෙකා අතර සතුරු සාමිචියේ යෙදෙනු ඇත. ඔවුන්ට මුද්‍රා තබන ලද මිහිරි පානයන් සංග්‍රහ කරනු ලැබේ. ස්වර්ගවාසීන්ට හුර්ලින් නමැති අලංකාර කන්‍යාවන් විවාහ කර දෙනු ලබන්නේය. ස්වර්ගයේදී අල්ලාහ්ව දැකීමට ලැබීම ඔවුන් ලබන උපරිම සතුට වනු ඇත.

එසේ තිබියදී වැරදි කළවුන්ට හිමිවන්නේ නිරයයි. එහි වේදනාව කිසිවෙකුට සිතාගත නොහැකි තරම්ය. නිරාවැසින්ගේ පිලිස්සී යන සම වෙනුවට අළුතින් සමක් ලබා දීමෙන් ඔවුන්ට දෙන වේදනාව නිරන්තරයෙන්ම අළුත් කරනු ඇත. නිරයේ ඇති ගින්නට ඉන්දන වන්නේ නිරා වැසියන් සහ ගල්ය. නිරා වැසියන්ගේ ආහාරය සක්කුම් නමැති කටු සහිත ගෙඩි වර්ගයකි. ඉන් කුසගින්න සංසිඳෙන්නේ නැත. එසේම එහි කිසිම පෝෂණ ගුණයක්ද නැත. එබැවින් ඔවුන් සදාකල් කුසගින්නේ පසුවනු ඇත. තවද නිරා වැසියන්ට ලැබෙන්නේ රත්වූ  පානයන්ය. ඒවායේ රශ්නය නිසා තොල් කට උදරය දක්වා පිලිස්සී යනු ඇත.  එහෙත් නිරයේදී පිලිස්සී යන සම වෙනුවට අලුතින් සමක් ලබා දෙමින් ඔවුන්ගේ දඬුවම් නැවත නැවත අළුත් කරනු ඇත.

කිසිවෙකු මරණය ඇතිවන මොහොත ගැන ස්ථිරවම නොදන්නා නිසා මතු ජීවිතය ජය ගැනීමට නම් දෙවියන් ගැන නිවැරදි අබබෝදයෙන් යුතුව දහම අනුගමනය කළ යුතුය.

By Fasy Ajward,B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *