සෑම දහමකින්ම මිනිසාට යම් වැදගත් දහම් පණිවිඩයක් ලබා දෙන්නේ ඔවුන්ගේ ආත්මීය ජයග්‍රහණය සඳහාය. එබැවින් ඒ අනුව ජිවත් වීමෙන් මිනිසුන් අතර සාමය සහ සමගිය ඇතිකළ හැකිය. එහෙත් ඇතැම් අදර්මිෂ්ටයන් දහමේ නාමයෙන් කරනු ලබන ක්‍රියා නිසා මිනිසාගේ අධ්‍යාත්මික ගමන සම්පුර්ණයෙන්ම කණපිට හැරී යන්නේය. එහි ප්‍රතිපලයක් වන්නේ මිනිසුන් අතර තිබිය යුතු අන්‍යෝන්‍ය සහජීවනය වෙනුවට බිය, සැකය, වෛරය, ක්රෝදය වර්ධනය වීමය. මෙය ලෝකය පුරා අද දකින අළුත්ම ප්රවණතාවයකි.
ඉස්ලාම් දහම සාමයට ඇරයුම් කරන්නේය. එහෙත් අද එහි ප්‍රතිරූපය ජනමාද්‍ය මගින් වෙනත් ආකාරයකට පෙන්වීමට උත්සාහ කරන්නේය. එහි ප්‍රතිපලයක් වශයෙන් අද බොහෝ දෙනා ඉස්ලාම් දහම ගැන වැරදි ආකල්ප ඇතිකරගෙන ඇත. එසේම බුදු දහම අවිහිංසාවාදී දහමකි. එහෙත් අද එහි අරමුණ වෙනත් අතකට හරවන කොටස් ප්‍රසිද්ධියේම දැකිය හැකිය. එහෙත් එසේ කරන අය එමගින් දහමට විශාල සේවයක් කරන බව සිතාගෙන සිටිති.
අද දහමේ නාමයෙන් සිදුවන්නේ කුමක්ද? ලෞකික අරමුණු ඔස්සේ ගමන් ගන්නා ඇතැම් පිරිස් ඉතාමත් සංවිධානාත්මකව එම දහම්වල සත්‍ය වසන්කොට දේශපාලන අරමුණු වෙනුවෙන් තමන්ට උවමනා අන්දමට දහම්වලින් උගන්වා ඇති කරුණු විකෘති කිරීමය. මේ සඳහා ඔවුන් උපයෝගී කරගන්නේ ඇතැම් පුජකයන් යැයි කියාගන්නා නරුමයන්මය. ඇත්තෙන්ම මෙවැනි නරුමයන්ට ඇති දහමක් නැත. එහෙත් ඔවුන් දහමේ නාමයෙන් එකිනෙකා අතර ඉතා සුක්ෂමව වෛරය, ක්රෝදය සහ සැකය වපුරන්නේය. මේ අතර සාමාන්‍ය ගිහියන් මෙය දකින්නේ ඔවුන් තම දහමේ වීරයන් ලෙසය. එහෙත් සැබෑව නම් ඔවුන් දහමේ මුලික ඉගැන්වීම් පවා නොදන්නා බවයි.
ISIS සංවිදානයේ නායක අබුබක්කර් බග්දාදී, යුදෙව් මොසාඩ් සංවිධානයේ පුහුණුව ලැබූ අයෙකු බව දැන් හෙළිවී ඇත. ඔවුන්ගේ අරමුණ ඉස්ලාම් දහම තුල අවුල් සහගත තත්වයක් නිර්මාණය කිරීමයි. මෙවැනි සංවිධානයකට තනිපුද්ගලයෙකුගේ උදව්වෙන් නැගී සිටගෙන ඉතා කෙටි කාලයක් තුලදී විශාල නගර අත්පත් කරගෙන තම අදිපත්‍ය පතුරුවාලිය නොහැකිය. මේ සඳහා රාජ්‍ය මට්ටමේ උදව් උපකාර ඔවුන්ට අවශ්‍ය බව පැහැදිලිය. එසේ නම් මෙය ඉතා සුක්ෂම අන්දමින් යම් රාජ්‍ය අනුග්‍රහය ඇතිව සැලසුම් සහගතව සිදුවිය යුතු දෙයක් බව පැහැදිලිය. කෙසේ හෝ මොවුන් කරන අපරාධ රැල්ලේ සියලු නරක නාමය සිතා මතාම බැර වන්නේ ඉස්ලාම් දහමටය. මෙය සියළුදෙනාම මැනවින් තේරුම් ගත යුතුය.
බුදු දහමේ මුලික ඉගැන්වීම් වලින් පෙන්නුම් කරන්නේ අවිහිංසාවාදයයි. එම දහමින් ලෞකික දේ කිට්ටු කරනවාට වඩා දුරස් කිරීමට කටයුතු කරන්නේය. එහි අරමුණ තම ආශාවන් වලින් ගැලවීම බව මා අසා ඇත. එහෙත් අද සිදුවන්නේ බුදු දහමේ නාමයෙන් ආගම් අතර විරසකක් ඇති කොට වෛරය වැපිරවීම නොවේද? මේවා කරන අය බුදු දහමේ මුලික ඉගැන්වීම් පවා අමතක කරමින් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා වාහන භාවිතා කරමින් අධි සුකොපභෝගී ජිවිතයක් ගත කරන්නෝය. ඔවුන්ගෙන් සිදුවන්නේ බුදුදහමට අගතියක් මිස සුගතියක් නම් නොවේ. අද ඇතැම් පුජකයන් ප්‍රසිද්ධියේම අනෙක් ආගම්වලට ගරහති. එහෙත් ඔවුන් කරන වැරදි කිසිවෙකු පෙන්වා දීමට ඉදිරිපත් වන්නේ නැත.
ජනතාව මෙවැනි වේශ ධාරීන්ගේ අරමුණු පැහැදිලිව තේරුම් ගෙන ඊට නිසි පිළිතුරු දිය යුතුය. අවම තරමින් ඔවුන්ගේ යටිඅරමුනු ඉටුකරගැනීමේ උත්සාහයට උදව් නොකර සිටීම ඉතාමත් වැදගත් කරුණකි.
By Fasy Ajward.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.