මේ ලෝකයේ ප්‍රශනයක් නැති කෙනෙක් නැති තරම්ය. ඇතැම් අය ඉතා දරුණු ප්‍රශ්නවලට මුහුණ දෙන අතර තවත් සමහරු ඉතා සුළු ප්‍රශ්න වලට මුහුණ දෙති. කුමන ප්‍රශ්න පැමිණියත් ඒවාට මුහුණ දීමට හැකි වීම ධෛරිය සම්පන්න මිනිසෙකුගේ ලක්ෂණයකි. ඒ අනුව ඇතැම් අය ඔවුන්ගේ සියළු සම්පත් නැති වී ගියත් ජීවිතය ඉදිරියට ගෙන යති. තවත් සමහරු ශිෂ්ශත්ව විභාගය අසමත් වු විට බාල්කයේ එල්ලෙති. තවත් සමහරු පෙම් සම්බන්දයක් කැඩී යාමෙන් හෝ පවුල් ආරවුලක් නිසා දුම්රියට බෙල්ල තබති. එසේ කරන අය සිතන්නේ ජීවිතය ඉන් කෙළවර වන බව නම් ඔවුන් අටුවෙන් ලිපට වැටුනා වැනි දෙයක් කර ගන්නේය. ඇත්තෙන්ම කෙළවරක් නොමැති ජීවිතය ආරම්භ වන්නේ මරණයෙන් පසුව ය. එහෙත් සිය දිවි හානිකරගන්නා අය ඒ බව තේරුම් ගන්නා විට අශ්වයා පැනගොස් හමාරය.ඉස්ලාම් දහම අනුව සියදිවි හානිකර ගැනීම විශාල පවකි. මේ හේතුවෙන් මුස්ලිම්වරුන් අතර සිය දිවි හානි කර ගන්නේ ඉතා සුළු පිරිසකි. ඇයිද යත් මුස්ලිම්වරුන් මරණයෙන් පසු ජීවිතය ගැන ඉතා තදින් විශ්වාස කිරීම නිසාය. තවද මුස්ලිම්වරුන් ප්‍රශ්න වලදී දෙවියන්ගේ නාමයෙන් ඉවසීමට පුරුදු වී ඇත. කෙසේ වෙතත් මුස්ලිම්වරයෙක් සිය දිවි හානිකර ගන්නේ නම් ඔහුට දෙවියන් ගැන සැකයක් තිබිය හැකිය. නැතහොත් දහම ගැන නිසි දැනුමක් නැතුවා විය හැකිය.
ඉන්දියාව බහු ආගමික රටක් වුවත් එහි සියදිවි නසාගැනීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින්නේය. එහි යෞවන යෞවනයන් අතර සිය දිවි හානිකර ගැනීම දෙවන පොදු සාධකය බවට පත්ව ඇත (LONDON-Reuters).
මෙහි පහත දැක්වෙන වගුවේ සඳහන් වන්නේ සිය දිවි නසා ගැනීම අනුව රටවල් ලබා ඇති ස්ථානයයි.
වසරක් තුලදී මිනිසුන් 100,000 කට සිදුවන සියදිවි නසාගැනීම් (2012)
රටේ නම | පිරිමින් සහ ගැහැණු එකතුව | ශ්‍රේණිය |
ගුයනා | 44.2 | 1 |
දකුණු කොරියාව | 28.9 | 2 |
ශ්‍රී ලංකාව | 28.8 | 3 |
ඉන්දියාව | 21.1 | 11 |
රුසියාව | 19.5 | 14 |
ජපානය | 18.5 | 17 |
ඇමරිකාව | 12.1 | 50 |
පකිස්තානය | 9.3 | 76 |
ජර්මනිය | 9.2 | 77 |
තුර්කිය | 7.9 | 93 |
බංගලාදේශය | 7.8 | 94 |
සිරියාව | 0.4 | 170 |
සෞදි අරාබියාව | 0.4 | 171 |
(List by the World Health Organization – 2012)
ඉහත දැක්වෙන වගුව අනුව මුස්ලිම්වරුන් අතර සිය දිවි හානිකර ගැනීම ඉතා අඩු මට්ටමක පවතින්නේය. ඊට ප්‍රධාන හේතුව ඔවුන්ට දහම සමග ඉතා දැඩි බැඳීමක් තිබීමය.
අල්-කුරානයේ පහත දැක්වෙන අන්දමට පවසා ඇත.
“….දුප්පත්කමට (බිය වී) නුඹලාගේ දරුවන්ව ඝාතනය නොකරන්න. අපිම නුම්බලාටද, ඔවුන්ටද ආහාර ලබා දෙමු. තවද නින්දාසහගත ක්‍රියාවන්හි ප්‍රසිද්ධ දේටද, රහසිගත දේටද සමීප නොවන්න. අල්ලාහ් වැළැක්වූ කුමන ජීවයක් වුවද අයිතියක් නොමැතිව ඝාතනය නොකරන්න…” (කුරානය 6:151).
“විශ්වාස කලවුනි! නුඹලා අතර තෘප්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි අන්දමින් අනුභව නොකරන්න. තවද, නුඹලාව නුඹලාම නොනසා ගන්න.නියතව අල්ලාහ් නුඹලා සමග අසම දයාවන්තයා ලෙස සිටියි. සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයෙහි ඇතුළු කරන්නෙමු. මෙය අල්ලාහ්ට ඉතා පහසු දෙයක්ව ඇත” (කුරානය 4:29-30).
මේ අනුව මුස්ලිම්වරුන් අනවශ්‍ය ලෙස ජිවිත හානි කිරීමට පෙළඹෙන්නේ නැත.
මිනිසාට ලෞකික දේවල් ලැබීමෙන් පමණක් ජීවිතය සාර්ථක වන්නේ නැත. මෙය හොඳින් දැකගත හැක්කේ ලෝකයේ වඩාත් දියුණු රටවල් වල පවා සිය දිවි හානිකර ගැනීමේ ඉතා ඉහල ප්‍රවනතාවයක් තිබීම නිසාය. ලෝකයේ ඉතා දියුණු රටක් ලෙස සලකන ඇමරිකාවේ සිය දිවි හානිකර ගැනීම ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇත. සංඛ්‍යා ලේඛනවලට අනුව ඇමරිකාව සියදිවි නසාගැනීම අතින් ලෝකයේ 10 වන ස්ථානයට පත්ව ඇත. මේ නිසා ඇමරිකාවේ වසරකට 42773 පමණ දෙනා සිය දිවි හානි කර ගනිති. (AFSP’s latest data on suicide are taken from the Centers for Disease Control and Prevention (CDC) Data & Statistics Fatal Injury Report for 2014. Suicide rates listed are Age-Adjusted Rates.).
ලෝකය කොතරම් දියුණුවට පත්ව ඇතත් මිනිසුන්ගේ අසහනයේ අඩුවක් සිදුවී නොමැත. ඒ අනුව ලොව පුරා සිය දිවි හානිකරගැනීම් සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබේ. මෙම අවාසනාවන්ත තත්වයට හේතු සෙවීම සහ එය වැළැක්වීමට ගත යුතු පියවරවල් ගැන ඇතැම් සංවිදාන මගින් පර්යේෂණ සිදු කෙරෙන්නේය. දැනට සොයාගෙන ඇති කරුණු අනුව සිය දිවි හානිකර ගැනීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දකින්නේ මිනිසුන් දහමින් ඈත්වීම බවයි. ඒ අතරම එම පර්යේෂකයින්ට පෙනී ගොස් ඇත්තේ මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටවල්වල (මුස්ලිම් රටවල්වල) සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ඉතා අවම අගයක් ගන්නා බවයි. ඔවුන් පවසන අන්දමට මුස්ලිම්වරුන් අතර සියදිවි හානිකරගැනීම අඩු වී ඇත්තේ කුරානෙයේ බලපෑම සහ මුස්ලිම්වරුන් අතර නරකාදිය පිලිබඳව ඇති දැඩි විශ්වාසයි. (Nova Science Publishers © Copyright 2004 – 2016).
සමස්ථයක් ලෙස වසරකට මිලියනකක් පමණ සියදිවිනසාගැනීම් වාර්තා වේ. එනම් සෑම තත්පර හතලිහකටම ලෝකයේ කොතැනක හෝ සියදිවි නසාගැනීමක් වාර්තා වේ. වසර 2050 වන විට එය වාර්ෂිකව මිලියන 1.5 ක් දක්වා ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිදායනය සඳහන් කරයි. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණ නම් ඔවුන්ගෙන් කාලක්ම තරුණයින් සහ වයස විසිපහට අඩු අය වීමයි. ලංකාවේ වසරකට හාරදහසක් පමණ සිය දිවි හානිකර ගැනීම් වාර්තා වන බව අචාර්ය නීල්ප්‍රනාන්දු (Head of National Institute of Mental Health) මහතාගේ වාර්තාවක දැකිය හැකිය.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.