ඉවසිලිවන්තයින් සඳහා අසීමිත කුලියක් නැතහොත් ත්‍යාගයන් දෙන බවට අල්-කුරානයේ සහතික කොට ඇත. ඔවුන් සමග අල්ලාහ්ද සිටින බව පවසා ඇත.
“තවද, නුඹලා අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද අවනත වන්න. නුඹලා අතර මතබේද ඇති නොකරන්න. එසේ වුයේ නම්, අධෛරියමත් වන අතර නුඹලාගේ ශක්තියද හීන වනු ඇත. ඉවසිලිවන්තව සිටින්න, නියතව ඉවසිලිවන්තයින් සමග අල්ලාහ් ද සිටින්නේය“ (කුරානය 8:46).තවද අල්-කුරානයේ නායකත්වය ලැබීමට කොන්දේසියක් ලෙස ඉවසීම පෙන්වා දී ඇත.
“ඔවුන් ඉවසිලිවන්තයින් ලෙසද අපගේ වැකි ස්ථිරව විශ්වාස කරන්නන් ලෙසද සිටි කළ, ඔවුන් අතරින් යහමග පෙන්වන නායකයින්ව අපගේ අණ පරිදි ඇති කළෙමු” (කුරානය 32:24).
එපමණක් නොව ඉවසිලිවන්තයින් දෙවියන්ගේ ආශීර්වාදයෙන් ධෛරිය වන්තයින් වන්නෝය.
“නුඹලා ඉවසිලිවන්තව (අල්ලාහ්ට) බියවී ක්‍රියා කලේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔබලාට කිසිඳු පිඩාවක් නොකරන්නේය” (කුරානය 3:12).
මේ අනුව ජීවිතය ජය ගැනීමට නම් ඉවසිලිවන්තකම අත්‍යාවශ්‍ය බව පෙනී යන්නේය.
අද ජිවත්වන බොහෝ අයට ඉවසීම නැත. එබැවින් පවුල් ජිවිතයේ මෙන්ම අප ජිවත්වන සමාජය තුල බොහෝ ප්‍රශ්න ඇති වන්නේය. එහෙත් දෙවියන් ගැන විශ්වාසය සමග ඉවසීම ප්‍රගුණ කර ගන්නේ නම් බොහෝ දේවල් ජය ගත හැකිය.
අල්-කුරානයේ ඉවසීම ගැන නබිවරුන්ගේ ජීවිතය තුලින් බොහෝ උදාහරණ පෙන්වා දී ඇත. ඒ අනුව නබි යුසුෆ් ගැන සම්පුර්ණ පරිජ්ජෙදයක්ම තිබේ.
කුරානයේ සඳහන් යුසුෆ් නබිතුමාගේ කතා පුවත කෙටියෙන් මෙලෙස දැක්විය හැකිය. යුසුෆ් නබිතුමාගේ පියා යඃකුබ් නබිතුමා කුඩා යුසුෆ් කෙරෙහි වැඩියෙන් ආදරය කොට ඇත. එහෙත් ඔහුගේ අනෙකුත් සහෝදරයින් ඊට විරුද්ධ වූ අතර පියාගේ සම්පුර්ණ ආදරය ඔවුන්වෙත දිනාගැනීම සඳහා කුඩා යුසුෆ්ව සෙල්ලම් කිරීමට යැයි පියාට බොරුවක් පවසා නිවසින් රැගෙන ගොස් පාළු ලිඳක දමා ඇත. එසේ කළ ඔවුන් නිවසට පැමිණ ඔවුන්ගේ පියාට පවසා ඇත්තේ ඔවුන් සෙල්ලම් කරමින් සිටියදී තම සහෝදරයාව වෘකයෙක් අල්ලාගෙන ගිය බවයි. මෙය ඇසු යඃකුබ් නබිතුමා ඉතාමත්ම දුකට පත් වූ අතර එය අල්ලාහ්ගේ නාමයෙන් ඉවසාගෙන ඇත. මෙම දුක ඔහුට වසර දහයක් පමණ දරාගැනීමට සිදු වූ බැවින් ඔහුගේ දෑසේ පෙනීම ද නැති විය. කෙසේ වෙතත් යඃකුබ් නබිතුමාගේ ඉවසීමේ ප්‍රතිපලක් ලෙස නැවතත් යුසුෆ් නබිතුමා ඔහුගේ පියාට ලැබීමට සලස්වා ඇත. එසේම යඃකුබ් නබිතුමාගේ ඇස්වල පෙනීමද නැවත ලැබී ඇත.
මුහම්මද් නබිතුමාගේ ජිවිත කාලය තුලදීද ඔහු අනේක විද ප්‍රශ්නවලට මුහුණ දී ඇත. එක් අවස්ථාවකදී ඔහු තායිෆ් නගරයට ගියේ එහි සිටින ප්‍රභූවරුන් හමුවී ඉස්ලාම් දහම සඳහා අරාධනා කිරීමටය. එහෙත් නබිතුමා බලාපොරොත්තු වූ පරිදි එම ප්‍රභූවරුන් නබිතුමාගේ ආරාධනය පිළිගත්තේ නැත. ඒ වෙනුවට නබිතුමා හට නොයෙකුත් නින්දා අපහාස කළෝය. ඉන් නොනැවතුණු ඔවුන් නබිතුමා හැරී යමින් සිටින අවස්ථාවේදී කුඩා ළමුන් යොදවා නබිතුමාට ගල් වලින් පහර දීමට තරම් කෘෘර වුහ. එම අවස්ථාවේදී ජිබ්රිල් දේවදුතයා පැමිණ එම ජනතව කඳු දෙකට හිර කොට මරා දමනදැයි විමසා ඇත. එහෙත් එම අවස්ථාවේදී කාරුණික මුහම්මද් නබිතුමා පවසා ඇත්තේ එම ජනතාව ඔහුගේ ආරාධනාව පිලි නොගත්තත් මතු පරම්පරාව යම් දවසක ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හැකි බවයි. අද එම තායිෆ් නගරයේ සිටින අය ඉස්ලාම් දහම වැළඳගෙන ඇත.
අප ඉවසීම ප්‍රගුණ කරන්නේ නම් බොහෝ දේවල් ජය ගත හැකිය. ඒ අනුව ඉහත සඳහන් කුර්ආන් වැකි අපගේ ජීවිතයට එක් කිරීමට උත්සාහ කළ යුතුය. එසේ කිරීමෙන් මෙලොව ජීවිතය පමණක් නොව මතු ජිවිතයද ජය ගැනීමට හැකිවනු ඇත.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.