වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් එම යුගයේ තිබුණු විද්‍යාත්මක පහසුකම් අනුව සිදු කරනු ලැබූ නිරීක්ෂණ මත ඔහුගේ පරිණාමවාදය ඉදිරපත් කලත් විද්‍යාවේ දියුණුවත් සමග එම වාදයට තිබුණු පිළිගැනීම අඩු වීමට පටන් ගෙන ඇත. ඊට ප්‍රධාන හේතුව නවීන විද්‍යාව හමුවේ එම වාදය සනාත කිරීමට නොහැකි වීමයි. චාල්ස් ඩාවින් ඔහුගේ මුල්ම කෘතිය ලිවීමේදී ලෝකයේ මුල්ම ජිවය ඇති වූ අන්දම විස්තර කොට නොමැත. එහෙත් ඔහුගේ ලිපිවලට අනුව මුල්ම ජිවය ස්වභාවිකව ඇති වූ එකක් බව ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙය ඔහුගේ වාදයේ දැකිය හැකි එක් දුර්වලතාවයකි.
ඩාවින්ගේ වාදයේ ඇති අනෙක් දුර්වලතාවය වන්නේ ජීවින්ගේ සංක්‍රාන්ති අවස්ථාවන් දක්වන පොසිල සියල්ලක්ම හමුනොවීමය. මෙම කරුණ ඩාවින් විසින් පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.
“පරම්පරා ගණනාවක් ඔස්සේ පැවතීගෙන එන යම් ජීවී කුලකයක් වෙනත් ජීවී වර්ගයකට ඉතා සියුම් ලෙස පරිණාමනය වන්නේනම් අපට ඒවා අතරතුර සංක්‍රාන්ති අවස්ථාවන් අපිරිමිත ලෙස හමුවිය යුතුය. එහෙත් අද අපි දකින ව්‍යාකූලතාවයක් නොමැති නිශ්චිත රූපයක් සහිත සත්ව කුලයන් ඒ ඒ වර්ගයාට ආවේණික ලක්ෂණ සමඟ දැකිය හැකිවී තිබේ. එහෙත් මගේ වාදය අනුව අනන්ත සංඛ්‍යවක් අතරමැදි අවස්ථාවල සත්වයන්ගේ පොසිල හමු වී තිබිය යුතුය. එහෙත් මෙම මිහිතලය තුළ එවැනි පොසිල කිසිවක් හමුවී නොමැත…..පොළෝ තලයේ සෑම ස්ථරයකින්ම මෙවන් විශාල අතරමැදි අවස්ථා නොදැකීම මගේ වාදයේ ඇති අඩුවකි. ඇත්තෙන්ම කිසිම කැණීමකින් එවන් සම්බන්ධතාවයන් අනාවරණය කරගැනීමට මෙතෙක් හැකිවී නොමැත. ඇතැම්විට එම කරුණ මගේ වාදයට එල්ල විය හැකි බලවත්ම විරෝධතාවය විය හැකිය”(Charles Darwin, The Origin of Species, pp. 172, 280)
ස්වහාවිකවම එකම කුලයේ ජීවීන්ගේ ඇතැම් සීමිත වෙනස්කම්වලට ඉඩ සැලසී ඇත. ඒ අනුව ශාකවල සහ සතුන්ගේ DNA වල සීමාසහිත අභිජනනයන් සිදු විය/කල හැකිය. සුනඛයින් මිට කදිම උදාගරණයකි. එම හේතුවෙන් එවැනි කරුණු ඩාවින්ගේ වාදය ඔප්පු කිරීම සඳහා යොදාගත නොහැකිය. එසේ තිබියදී කිසිම හේතුවක් නිසාවත් එක් සත්ව කුලයකින් වෙනත් සත්වයින් පරිනාමනය වන බව ඔප්පු වී නොමැත.
ඩාවින්ගේ වාදය අනුව මිනිසාට සුවිශේෂී බුද්ධියක් ලැබීමට හේතු විස්තර කොට නැත. ඔහු පවසන්නේ පරිණාමය අනුව ඉබේ බුද්ධිය ඇතිවන බවයි. තවද ඩාවින්ගේ වාදය අනුව මිනිසාටත් සත්වයින්ටත් බුද්ධියේ පැහැදිලි වෙනසක් නොමැත. ඩාවින් එසේ පවසද්දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාර්ක් හවුසර් ‘Scientific American’ සගරාවට ලිපියක් පළකරමින් කියා සිටින්නේ දැනට ලැබී ඇති සාක්ෂි අනුව මිනිසාට සෙසු ජීවීන්ට වඩා ඉතා ඉහල කල්පනා කිරීමේ ශක්තියක් තිබෙන බවයි.
මාර්ක් හවුසර් ඔහුගේ මිතුරන් සමග කරන ලද පර්යේෂණවලට අනුව මිනිසා සෙසු ජීවින්ගෙන් වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතු කාරණා හතරක් ඇත. ඒ අනුව මිනිසාට වෙන කිසිම ජීවියෙකුට නැති තරම් වචන සහ සංකල්ප ජනනය කල හැකි වී ඇත. එබැවින් මිනිසාට වෙනත් ජිවින්ට වඩා බොහෝ වචන ජනනය කල හැකිය. තවද මිනිසාට විවිධ අදහස් සහ සංකල්ප මිශ්‍ර කොට නිර්මාණයන් සිදු කල හැකිය. ඒ අනුව මිත්‍රත්වයන්, සමාජ ආශ්‍රයන්, නීති රීති, තාක්ෂනවේදයන් වැනි දේවල් සිදු කිරීමට හැකිවී තිබේ. එසේම සංවේදනිය සිද්ධීන් මනසින් තේරුම් ගැනීමට කැකියාව ලැබී ඇත. මේවා භාෂාවන් සහ සන්නිවේදනය සිදු කිරීමට මුලික අත්තිවාරම බව විද්‍යාඥයින් විසින් පිළිගන්නේය. තවද මිනිසාට එම දේවල් තමන් තුලම රඳවා ගැනීමට හෝ වෙනත් කෙනෙකු සමග බෙදා ගැනීමට ද හැකියාව ඇත. මිට අමතරව මිනිසාට ලැබී අහි කල්පනා ශක්තිය හේතුවෙන් පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබෙන දැනුමට ඔබ්බට ගොස් ඒවා ගැන සිතීමට හැකියාව ද ඇත.
විද්‍යාඥයින්ගේ මතය අනුව DNA හෙලික්සයක් ඕනෑම ආකාරයකට වෙනස්කළ නොහැකිය. එබැවින් එවැනි සංකීර්ණ ක්‍රියාවලියන් ස්වයංක්‍රිය ලෙස සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැකිය. ඒ අනුව සුනඛයෙකුගේන් ලබා ගත් DNA වලින් බළලෙකු බිහිකළ නොහැකිය. එහෙත් සුනඛයෙකුගේ DNA වලින් විශේෂ ලක්ෂණ ඇති සුනඛයන් බිහි කල හැකිය. තවද DNA අණුවල සුවිශේෂ වෙනස්කම් කිරීමෙන් මල්, පළතුරු සහ එළවළුවල යම් සීමාවන්ට යටත් කරමින් සුළු වෙනස්කම් පමණක් සිදුකළ හැකිය. මෙවැනි හේතුන් නිසා පරිණාමවාදය අද ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව දියුණු රටවල්වල ඩාවින්ගේ වාදය පාසල් විෂය නිර්දේශවලින් ද ඉවත් කොට ඇත.
තවද ප්‍රෝටීන අණුවේ DNA හෙලික්සයක පවතින තොරතුරු ලිවිම සඳහා විශ්වකෝෂ පිටු මිලියනයක් පමණ අවශ්‍ය බව විද්‍යාඥයින් පවසති. තවද ඒවා කියවිය හැකි අක්ෂර ක්‍රමයකට සකස් වී ඇත. මෙවැනි දෙයක් ඉබේ සිදු විය නොහැකිය. එය සිදු කල හැක්කේ යම් ඥානාන්විත ජීවියෙකුට පමණි. එනම් දෙවි කෙනෙකුට පමණි.
තවද විද්‍යාඥයින් පවසන්නේ තනි ප්‍රෝටීන අණුවක් අහම්බෙන් ඇතිවීමට තිබෙන සම්භාව්‍යතාව ශුන්‍ය බවයි. මෙම කාරණා අනුව වානරයාගෙන් මිනිසා ඇතිවුයේ යැයි පැවසීම පිළිගත නොහැකිය. ඉහත සඳහන් හේතුන් නිසා ඩාවින්ගේ පරිණාම වාදය මේ වන විට ලෝකයෙන් 80%ක් ම ප්‍රතික්ෂේප වී හමාරය. කෙසේවෙතත් එම වාදය පිළිගන්නා සුළු පිරිසක් අදටත් නැතුවාම නොවේ. කෙසේ වෙතත් ඔවුන් එය විශ්වාස කරන්නේ ඔප්පු කිරීමකින් තොරවය.
ඉහත සඳහන් කළ කරුණු හැරුණු විට දැනට අප්‍රිකාවෙන් හමුවී ඇති ඉපැරණි මිනිස් හිස් කබල සහ වර්තමානයේ ජිවත්වන මිනිසාගේ හිස්කබල අතර විශාල වෙනසක් නැතැයි සොයාගෙන ඇත. එසේම අනෙක් ජිවින් සඳහා හමුවී ඇති පොසිලවල ද විශාල පරිණාමයක් සිදු වූ බවට සාක්ෂි හමුවී නොමැත. මේ අනුව පෙනී යන්නේ මිනිසා වානරයාගෙන් පරිනාමය වී නොමැති බවයි.
By Fasy Ajward.B.Sc(Special)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.