මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප්‍රවේශම් වුනෙමු.
එහෙත් බළළා මල්ලෙන් එළියට පැන තිබුණි. මගේ බිරිය මටත් නොදන්වා අප ඉස්ලාමය වැළඳ ගත් බව සිය මිතුරියකට පැවසුවාය. ඇය රෝමානු කතෝලික දහමෙන් කිතු දහම වෙත හැරුණු කෙනෙකි. කලකට ඉහත ඇගේ නිවසේ යාඥා මෙහෙය සිදු කරන ලද්දේ මා විසිනි. ඇය විවාහ වී සිටින පුරුෂයා ඉතා භක්තිමත් කිතුණුවෙක් වූ අතර උපතේ සිටම කිතුණු ලබ්දිකයෙක් වූ ඔහු, බයිබලය ගැන ඉතා තියුණු දැනුමක් තිබෙන අයෙකි.
මගේ බිරිඳ එම මිතුරියට අප ඉස්ලාමය වෙත ගිය රහස දැනුම් දුන් දා සිට සෑම දිනම රැුකියාව අවසන් කර මා ගෙදර පැමිණෙන විට මගේ බිරිය අලූත් ප්‍රශ්නයක් ලෑස්තිකරගෙන සිටියාය. ඒ ඇගේ මිතුරිය සහ සැමියාගේ උපදෙස් පරිදිය. එම නිසා සෑම දිනම රාති‍්‍රයේ මගේ බිරිඳට මා දන්නා ඉස්ලාම් පොත් වලිනුත් බයිබලයෙනුත් කරුණු පහදන්නට මට සිදු විය. සෑම දිනම අපගත් තීරණය නිවැරදි නොවන බවට හේතුවක් ද සඳහන් බයිබල් පදයක් ඇගේ පුරුෂයා විසින් අප වෙත එවන ලදී. ඒවාට පිළිතුරු සැපයීම ඉබේම මගේ දෛනික රාජකාරි අතරට එක් විය. නමුත් කිසි දිනෙක ප්‍රශ්න ඉවරවන්නේ නැත. ඔහු ප්‍රශ්න එවයි. මම පිළිතුරු යවයි. මෙසේ සෙල්ලම දිගටම කෙරීගෙන යන්නට විය. එහෙත් කිසි දිනෙක ඔහු මා ඉදිරියේ කිසිවක් නොපවසයි. වැඩිකල් යන්නට මත්තෙන් මෙම කි‍්‍රයාවලිය ඔහුට එපා විය. බිරිඳ තුළ අවිශ්වාසයක් ගොඩනැගුණහොත් පවුල් ජීවිතය පවා අවදානමට ලක් වේ. ඇයට සිය මිතුරිය ආශ්‍රය නොකරන්න කියා තහංචි පැනවීම ද කළ හැක. මෙසේ දින ගණනාවකට පසු මා අකමැත්තෙන් වූවද තීරණයකට එළඹුනෙමි. ඉස්ලාමය වෙත ඒම පිළිබඳව මා ගත් තීරණය නිවැරදි බව තව පුද්ගලයෙක් ඉදිරියේ මාගේ භාර්්‍යාවට ඔප්පු කළ යුතුය. එයට මෙය කදිම අවස්ථාවකි. මා තීරණය කළේ මගේ භාර්්‍යාවගේ මිතුරියත් ඇගේ සැමියාත් සමග විවෘත සංවාදයකට එළඹීමටය. සාමාන්‍යයෙන් සංවාදයකට එළඹීමට මා හට බියක් නොතිබුනද ඔහුගේ ඉතා තියුණු බයිබලය පිළිබඳ දැනුම නිසා මා හට චකිතයක්ද විය.
කෙසේ වූවද දිනක් සන්ධ්යයාවේ මම මගේ නිවසේ මායිම පසු කරමින් ඔහුගේ නිවස වෙත ළඟා වුනෙමි. එහි මා ඔහු සමග කළ සංවාදය අද මෙන් මතකය. ඒ නිසා එම සංවාදය එලෙසින්ම මම ඔබ වෙත ඉදිරිපත් කරමි.
මම
මමත් මගේ බිරිඳත් ඉස්ලාමයට ගියා. ඒක අපි හරිදේ හොයලයි ගියේ. ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිබෙනවාද?
ඔහු
ඔයා ඉස්සෙල්ලාම ගිය හේතුව කියන්න. මම ඒකට උත්තර දෙන්නම්.
මම
ඔහුගේ නිවසේ තිබූ බයිබලය අතට ගෙන එහි කවරයේ රන් අකුරින් ලියන ලද පාඨය පෙන්වා මේ මොකක්ද?
ඔහු
ශුද්ධ බයිබලය !
මම
කවුද එහෙම ඉස්සෙල්ලා කිවුවේ?
ඔහු
දන් නැහැ. නමුත් මේකේ එහෙම මුද්‍රණය කර තිබෙනවා!
මම
බයිබලය කියන නමේ තේරුම මොකක්ද?
ඔහු
නිරුත්තරය.
මම
මමම කියන්නම්. බයිබලය යන නම බිබිලියෝස් යන ග්‍රීක වචනයෙන් බිඳී ආවත් එහි තේරුම පොත යන අරුතයි. මෙය නිකන් පොතක් නොවේ. පොත් 66 ක් එකතු කර හදපු පොතක් ! මෙහි මොනවද තියෙන්නේ?
ඔහු
දේව වචන !
මම
දෙවියන් වහන්සේ කියපු වචනමද?
ඔහු
ඔව්. ඒ දෙවියන් වහන්සේගේ දායාදයන් තුළින් ලියපු දෙවියන් වහන්සේගේම වචන වෙයි.
මම
ඒක එහෙම නෙවෙයි කියා මම කියනවා.
ඔහු
ඇයි ඔබ එහෙම කියන්නේ. දෙවියන් වහන්සේ කෝප වෙනවා ඔයාත් එක්ක.
මම
ඒ කොහොමද?
ඔහු
මතෙව් 5: 18-19 ”සැබවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහව යන තෙක් සියල්ල සිදු වන තුරු ව්‍යස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් මේ ආඥා වලින් ඉතා සුළු එකක්වත් කඩ නොකරන්නාවූ, කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවු කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයන්හි ඉතා සුළුයයි කියනු ලබන්නේය.
මම
ඒ කියන්නේ බයිබලය ගැන නොවේ. ව්‍යස්ථාව ගැනයි!
ඔහු
මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේ.
මම
යේසුස් තුමා ඔය වචනය කියන කාලයේ බයිබලය තිබුණේ නැහැ. ඒ වෙනකොට බයිබලයේ භාගයක්වත් ලියලා තිබුනේ නැහැ. යේසුස් තුමා ඔතන ව්‍යස්ථාව කියන්නේ තෝරාහ් වලටයි. තෝරාහ් කියන්නේ දෙවියන් වහන්සේ මෝසෙස්ට දෙන ලද ව්‍යාස්ථාවටයි. බයිබලය කියලා පොත් එකතු කර පිළිගැනීමට ලක් වුණේ කි‍්‍ර.ව 382 දීය.
ඔහු
යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?
මම
නැහැ. දෙවියන් වහන්සේගේ පණිවුඩ කරුවෙකු ලෙස අපි එතුමාව ගෞරව කරනවා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොවන බවක් දෙවියන් වහන්සේට පුත්‍රයන් සිටිය නොහැකි බවත් ශුද්ධවූ කුර්ආනයෙහි සඳහන් වෙනවා.
ඔහු
එහෙනම් ඔබ යේසුස් වහන්සේට නමස්කාර කරන්නේ නැද්ද?
මම
යේසුස් තුමාට නමස්කාර කරන්න කියලා බයිබලයේවත් නැහැ.
ඔහු
ඔබ එතකොට බයිබලය දෙවියන් වහන්සේගේ වචන කියා විශ්වාස කරන්නේම නැත්ද?
මම
බයිබලය දෙවියන් වහන්සේගේ වචනත් මනුෂ්‍යයාගේ වචනත් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා යේසු තුමා මේ ලෝකෙට ඇවිත් දේශනා කරපු ආගමත් මිශ්‍ර වෙලා!
ඔහු
පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරු කියලා තියෙනවා යේසුස් වහන්සේ එනවා කියලා!
මම
යේසුස් තුමා ආවා. එතුමාගේ සේවය ඉවර වෙලා මේ ලෝකයෙන් ගියා. ඒත් එතුමා දෙවියන් වහන්සේගේ ¥තයෙක් (වක්තෘවරයෙක්* පමණයි.
ඔහු
එහෙම නම් යේසුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ අනාගත වක්තෘන් කියලා තියෙන දේවල් බොරුද?
මම
බයිබලයේ මුල් පොත් පහෙන් යේසුස් තුමා ගැන පදයක් ගෙන මට පෙන්වන්න.
ඔහු
ද්විතීය කථාව 18: 18 ”මම ඔවුන්ගේ සහෝදරයාගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මගේ වචන ඔහුගේ මුඛයේ තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය”
මම
එහෙනම් යේසුස් තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන්නේ කොහොමද? මෙතන කියන්නේ අනාගත වක්තෘ කෙනෙක් ගැනනේ. නමුත් මෝසෙස් මෙතන කථා කරන්නේ යේසුස් තුමා ගැන නෙමෙයි.
ඔහු
එහෙනම් කා ගැනද?
සම
මෝසෙස් මෙතන කියන්නේ මම වගේම තව අනාගත වක්තෘවරයෙක් එනවා කියලයි. මෝසෙස්ගේ සේවයට සමාන එකම අනාගත වක්තෘවරයා මුහම්මද් නබි (සල්* තුමායි. එය බයිබල් විශාරදයන් වුනත් පිළිගන්නවා. මෙතන දෙවියන් වහන්සේ මාගේ වචනය ඔහුගේ මුඛයේ තබන්නෙමි කියනවා. මෙතන දෙවියන් වහන්සේ මුහම්මද් නබි (සල්* තුමාගේ මුඛයේ වචනයක් තැබුවා. ඒ ශුද්ධවූ කුර්ආනයයි.
ඔහු
එහෙනම් දෙවියන් වහන්සේ මෙතන කියන්නේ මුහම්මද් ගැනද?
සම
ඇත්ත වශයෙන්ම ඔව්. මෝසෙස් වගේම මුහම්මද් නබි (සල්* තුමාත් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටියා. එම වෙහෙසේ ප්‍රතිඵලයක් හැටියට අද ලෝකයේ කෝටි 130 ක් පමණ මුස්ලිම් වරු ඉන්නවා. ඔවුන් දිනකට පස් වතාවක් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා. කිසිම බලපෑමක් නැතිවුනත් මුළු ලෝකයේම කි්රස්තියානි ආගමේ වර්ධනයට වඩා දෙගුණයක වර්ධන වේගයෙන් ඉස්ලාමය පැතිරෙනවා.
ඔහු
සහෝදරයා එහෙනම් ඔබ ඔබගේ පාරේ යන්න. මම මගේ පාරේ යන්නම්.
මම
කමක් නැහැ. නමුත් ඔබට ඔබේ පාරේ බොහෝ දුරට යා ගත නොහැකියි. මන්ද, ඔය පාර එකතැනකම කැරකෙන පාරක්. ඉදිරියට යන්න ඕන නම් කවදාහරි ඔබත් ඉස්ලාමය වැළඳ ගන්න. මෙම සංවාදයෙන් පසු ඉස්ලාමය වෙත පැමිණීම පිළිබඳව මා සිත තුළ තිබු දෙගිඩියාව පහ වීම පිළිබඳව සර්ව බලධාරි අල්ලාහ්ට ප්‍රශංසා කරමි.
අන්වර් වේ. මනතුංග.
www.yayuthumaga.com