උපතින්ම කිතුණුවෙක් වූ මා නමින් කි‍්‍රස්ටිනා මනතුංගය. සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරියන් හතරදෙනෙකින් යුත් මගේ පවුලේ බාලයා වූයේ මාය. මාගේ දෙමාපියන් උපතින්ම බෞද්ධයන් වූ අතර පසුව ඔවුන් කිතු දහම වැළඳ ගත්තෝ වෙති. ඔවුන් කිතුණුවන් වූ පසුව ඉපදුන නිසා පවූලේ උපතින්ම කිතුණුවෙක් වූයේ මා පමණ’.
කුඩා කල පටන් දේවස්ථානයට යමින් දේව වචනය උගත් මා ආගමික අතින් විවිධත්වයක් ඉසුලූ අප රටේ නිවැරදි දහම කුමක්ද? යන්න සිතමින් කල්ගෙවීමි. මන්දයත් මා පවුලේ සියලූ දෙනා කිතුණුවන් වූවද ඔවුන් තුලින් මා ලත් ආදර්ශයක් නොවීය. මා පවුල තුල නිතර දක්නට ලැබුවේ දෙමාපියන් අතර හා සහෝදර සහෝදරියන් අතර වූ ගැටුම්ය. මා පෙර පාසල් යන වියේදී මගේ පොඩි අයියා නිවසින් පිටවූණි. ඔහු මුළු මනින්ම පවුලේ අනිත් අයට වඩා වෙනස් අදහස් ඇති අයෙකි. ඉන් පසුව ඔහුව මුණගැසීමට හෝ ඔහුත් සමග කථා කිරීමට මට අවස්ථාවක් නොවීය.
ඉන් පසුත් පවුල තුල විශාල ලෙස ගැටුම් ඇති වීය. මේ අතර තුර කාලයේ මා පාසල් ගිය අතර පාසල තුලදී අනිකුත් සියලූ විෂයන් අරඹයා මා කිතුණු දහමට ලකුණූ ලබා ගතිමි. මෙසේ කාලය ගතවිය. මේ වන විට මගේ පොඩි අයියා විවාහ වී සිටි අතර ඔහු කොළඹ පදිංචි වී සිටියේය.
මා දහසය වන වියට පා තබන විට දවසට තෙවරක් යාච්ඥා කරන මගේ පියාත් සැම විටම ක්‍රිස්තුස් වහන්සේගේ ගැන කියාදෙන මවත් අතර ගැටුම් උග්‍ර විය. මෙයින් මා සිත බෙහෙවින් කළකිරී තිබුණි. අවසානයේදී දෙදෙනා වෙන්විය. ඒ වන විට පවුලෙන් ඉවත්ව සිටි මගේ වැඩිමල් සහෝදරයා අපට උපකාර නොකර ඉවත බලා ගත්තේය. විවාහ වී සිටි සොහොයුරියගෙන්ද සරණක් නොවීය. මගේ වැඩිමල් සහෝදරයා බෞද්ධ කාන්තාවක් විවාහ කරගෙන සිටින අතර ඔවුන් කිතුණු දහම අදහති. විවාහ වී සිටි සොහොයුරියගේ සැමියා බෞද්ධ නිසා ඔවුන් අදහන්නේ බුදු දහමයි. මෙම සිදුවීම තුළ මගේ දේවස්ථානයේ ඇතැම් පුද්ගලයන් ක්‍රියා කල ආකාරය ගැනද මා සිත බෙහෙවින් කළකිරී තිබුනි. ඉන් පසුව මාත් මගේ මවත් මගේ වැඩිමහල් සහෝදරියත් විසුවේ පොඩි අයියාගේ නිවසේය. මා දෙමාපියන් මගේ අයියාට නිවසේ සිටි කාලයේදී විවිධ කෙණහිලිකම් සිදු කළද ඔහු අපව නිවසට ගෙන විත් අපට කරුණාවෙන් සැලකීම ගැන මා හට පුදුම සිතුනි. එම නිවසේදී මාහට දැන ගැනීමට හැකිවූයේ මොහු ඉස්ලාම් දහම පිළිගෙන ඇති බවයි. මා ඔහුගේ ඡීවිතය තුලින් අප පවුලේ අනිකුත් පුද්ගලයන්ගේ ඡීවිත වලට වඩා විශාල වෙනසක් දුටුවේය. එබැවින් මා ඉස්ලාම් දහම ඉගෙන ගැනීමට උත්සුක වූයෙමි. මා පොතපතින්ද මාගේ අයියාගෙන්ද ඔහුගේ බිරිඳ ගෙන්ද ඉස්ලාමය ගැන ඉගෙන ගතිමි.
ඉන් අනතුරුව ඔහු අපට වෙනම නිවසක් තුල පදිංචි වීමට ඉඩ සලසා දුන්නේය. මෙයින් පසුව මා ඉස්ලාමය පිළිගැනීමට කැමති වූවද මගේ මවත් වැඩිමහල් සහෝදරියත් ඉස්ලාමයේ තිබෙන යහපත දැන දැන එය පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ප්‍රථමයෙන් ඔවුන් මාද අධෛර්්‍යයට පත්කළ අතර පසුව මා ගත් තීරණයකට අනුව ලොව පාලනය කරන අල්ලාහ් හැර අන් දෙවියෙක් නොමැති බවත් එතුමා මේ විශ්වය මැවීමට පෙරත් සිටි අතර මේ විශ්වය විනාශ වූ පසුත් ඔහු සිටින බවත් එතුමාට මවක් පියෙක් හෝ දරුවන් නොමැති බවත් පිළිගෙන ඉස්ලාම් දහම වැළඳ ගතිමි.
මා මුස්ලිම් ආගම පිළිගත් පසු මේ ගැන මාහට හිතවත් කිතුණු යෙහෙළියකට පැවසුවෙමි. එවිට ඇය පැවසුවේ ඔබ උපතින්ම මුස්ලිම් නම් මා හට කම් නැත. නමුත් ඔබ කිතුණු ආගමේ සිට ආගම ගැන ඉගෙන ගෙන මුස්ලිම් වීම මා අනුමත කරන්නේ නැත. එවිට මා ඇයට පැවසුවේ මා කිතුණු දහම මෙන්ම ඉස්ලාම් දහමද ඉගෙන ගත් බවත් ඒ අවස්ථාවේ දී නිවැරදි දෙය තේරුම් ගැනීමට හැකිවූ බවත්ය.
ඇත්තෙන්ම කිතුණු දහමෙදී කිතු බැතියන් යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්*දෙවියන් වහන්සේගේ (අල්ලාහ්*පුත්‍රයා බවට විශ්වාස කරන අතර එතුමා දෙවි කෙනෙකු ලෙස අදහයි. නමුත් බයිබලයේ පැරණි ගිවිසුමේ මෝසෙස්ගේ (මූසා නබි අෙලෙහිසලාම්* ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ”මා හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්නයි” යේසුස් වහන්සේ(ඊසා නබි අෙලෙහිසලාම්* සැබෑ ලෙසම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දෙවියන් වහන්සේට(අල්ලාහ්ට* හැකිව තිබූණා අප හැර අන් දෙවිවරුන් තට ඇතිව නොසිටව යන්න ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට එමෙන්ම බයිබලයේ සඳහන් වෙනවා ආබ්‍රහම් (ඉබ්‍රහිම් නබි අෙලෙහිසලාම්*තුමාද යේසුස් වහන්සේද(ඊසා නබි අෙලෙහිසලාම්* චර්මච්ඡේදනය කල බව නමුත් අද කිතුණු දහම තුල එවැනි දෙයක් සිදුනොවේ. බයිබලයේ යේසු තුමා (ඊසා නබි අෙලෙහිසලාම්* පවසා තිබෙනවා ”මා පැමිණියේ ව්‍යවස්ථාව සම්පුර්ණ කිරීමට මිස ව්‍යවස්ථාව විනාශ කිරීමට නොවන බව” එසේ නම් අද කිතුණු සභාව තුල වනුයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව මට වැටහුනි. ආරම්භයේදී ඉතා විනීතව අල්ලාහ්ට සතුට දනවන මාර්ගයේ ගමන් ගත් කිතුණුවන් අද ඔවුන් නොදැනම වැරදි මගකට යොමුවී ඇති බව මට හැඟුණි. යේසුස් වහන්සේගේ (ඊසා නබි අෙලෙහිසලාම්* මව වන මරිය(මර්යම්* තුමියට කොටසක් ගරු කරති. තවත් කොටසක් වන්දනාද කරති. එහෙත් ඔවුන් හැඳ සිටින වස්ත්‍ර අනුව එතුමිය ජීවමානව වැඩසිටිනවා නම් පිහිට වීම කෙසේ වුවද එලවා ගනු නියතය. මෙසේ විකෘතිවූ දහමක් අදහන නූතන කිතුණුවන් ගැන මගේ හදවතෙහි නැගෙනුයේ ඉමහත් සංවේගයකි. මගේ අභිනව ආදර්ශකයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අෙලෙහිවසල්ලම් බලාපොරොත්තුව වූයේ මෙවැනි මුලාවීම කරණකොට ගෙන විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි ජීවන මාර්ගය වන ඉස්ලාමය හඳුන්වා දීමයි. මෙලොව වසන්නාවූ සකල මුස්ලිම් වර්ගයා ගේම වගකීම සහ මෙහෙය විය යුත්තේද එයයි. නිවැරදි දහම සොයා මා පැමිණි ගමනෙන් අවසානයේදී නතරවූයේ විශ්ව දහම වන ඉස්ලාමය වැලඳ ගැනීමෙනි. ඒ සඳහා මට යහමග පෙන්වූ සර්වබලධාරී අල්ලාහ්ට දිවිහිමියෙන් නැමදුම් පුදමි. එසේම මට ඉස්ලාමය හඳුන්වා දුන් මගේ සහෝදරයා සහ නෑණාගේ අඩිපාරේ යමින් විනාශය කරා ගමන් කරන්නාවූ සියළුම දණන් හට නිවැරදි දහම වන ඉස්ලාමය හඳුන්වා දීමට දිවි හිමියෙන් කැපවෙමි.
අස්මා සිත්ති ෆර්සානා
www.yayuthumaga.com