හැඳින්වීම

මා ඉස්ලාමියෙකු වූ දා …… !

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්

මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි

උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් යුතුව සෞදි අරාබියට මා පිවිසියේ පින්තාරු කරුවෙකු ලෙසිනි. මා තිදරු පියෙකි. දෙමාපිය උරුමයෙන් ලද ආගම අනූව ජීවිතය ගෙන යමින් කටයුතු කළ මා ලැබෙන සෑම විවේකයකදීම පොත් පත් කියවීම කරනුයේ මගේ එක් විනෝදාංශයක් ලෙසටය. නමුත් මෙරටට පැමිණීමෙන් පසු පෙර මෙන් පොත් බැලීම සීමාවිය. එහෙත් එය නතර නොවීය. සේවා ස්ථානයේ අවශ්‍යතාවය අනූව අල් කෝබාර් සිට අබූ හද්රීයා ප‍්‍රදේශයට සේවය කිරීම පිණිස මා හට යෑමට සිදුවිය. මෙලෙස සේවය කරන අතර තුරදි අහඹු ලෙස ලැබුනු පොත් දෙක කියවුවෙමි. එම පොත් දෙක ඉස්ලාම් ධර්මය ගැන සඳහන් පොත් දෙකකි. එම පොත් දෙකෙහි නාමයන් මෙසේය.

1- සලාත්

2- නිසි ආශ්වාදයට නිසි මග.

පොත් දෙකෙහි අඩංගු කරුණු තුළින් මා සිත වෙනස් වීම සිිදුවූයේ වසර 42 ක කාලය පුරාම මා විශ්වාස කරමින් හා ඒ අනූව කටයුතු කළ අයුරු මා විසින්ම තර්කානුකුලව සිතා ගැනීමෙන් අනතුරුවය.

දයාබර මෑනිවරුනි! පියවරුනි! සහෝදර, සහෝදරියනි! මාගේ හදතුල ඉස්ලාම් කෙරෙහි ඇතිවු භක්ති ප‍්‍රණාමය මෙලෙස මාහට හැකි අයුරින් සටහන් කරනුයේ ඇත්තටම මෙලොව ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යෑමටත් ඉන් අනතුරුව පරලොව ජීවිතයද යහපත් වන බව තමන්ටම සනාථ කර ගත හැකි කරුණු ස්වභාවිකව පෙනෙන නිසාය.

මගේ හදවතට එකඟව මෙම සටහන ලියා ඉදිරිපත් කරනුයේ ඇත්තටම මතු දිනයක මෙය සෙසු අයටද දැක බලාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙත්වා! කියා ප‍්‍රාර්ථනා කරමිනි. ඔබ සැමට විශ්වයාධිපතිවූත්, ඔබ අප සැමගේ ආරක්‍ෂකයානන්වූත්, පෝෂකයානන්වූත්, පරම දයාබර අල්ලාහ්ගේ කරුණාව ලැබේවා!

අස්සලාමු අෙලෙකුම් වරහ්මතුල්ලාහි

ඔබ සියල්ලන්ට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය හිමිවේවා!

කියවනු ලැබූ පොත් පත් ඇසුරෙන් මා දැනුවත්වූයේ ඉස්ලාම් යන වචනය යෙදී තියෙන්නේ ආරාබි භාෂාවේ වදනකිනි. මෙහි අර්ථවන වනුයේ සාමය හා අවනතවීමයි. ඉස්ලාම් ධර්මය වැළඳ ගත් අය මුස්ලිම් යැයි නම් වී ඇත. මුස්ලිම් අය සැබෑ ලෙසම ඉස්ලාමය අනූව ජීවත්වනුයේ, අල්ලාහ් දෙවිඳුන් මෙලොවට යොමු කළ අවසන් ශාස්තෘවරයානන් වූ මුහම්මද් (සල්* තුමාගේ ජීවිතය තුළින් මුළු මහත් මානව වර්ගයා හමුවට අල්ලාහ් දෙවිඳුන් ඉදිරිපත් කළ දේවත්වය තුළින් සැක සූ ජීවන මාර්ගෝපදේශය භක්තිමත්ව පිළිගනිමිනි. තවද මොවුහු අල්ලාහ්ට බැතිමත්ව උන්වහන්සේගේ මගපෙන් වීම හා නබි තුමාගේ දේශණා (හදීස්* අනූව ජීවිතය හැඩගස්වාගෙන ජීවත් වනවා කියන පොරොන්දුවද ඇතිවය.

මෙම අදහස පිළිබිඹු කරවන කරුණ මා දුටුවේ සිංහල පරිවර්තනයෙන් තිබූ සලාත් නම් පොත බැලීමෙනි. ”අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදර් රසූලූල්ලාහ්” ඉස්ලාම් භක්තිකයෙක් ලෙස මෙලොව සිටින සහ ඉස්ලාම් භක්තිකයෙක් වීමට අදහස් කරන සියළු දෙනා මූලිකව පිළිගත යුතු හා පිළිපැදිය යුතු ප‍්‍රධාක කරුණු කීපයක් ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඇති බව මුහම්මද් නබි (සල්* තුමන් විසින් අවධාරණය කරන ලදි. එය පිළිගෙන ඒ අනූව කටයුතු කරන අය සැබෑ ඉස්ලාම් භක්තියන් වූ මුස්ලිම් වරුන් වන බව පවසා ඇති අතර එලෙස කටයුතු නොකරන අය (කාෆිර්වරු- ප‍්‍රතික්‍ෂේපකරුවන්* බව මා දුටුවෙමි.

එහි ඇති සාර්ථකත්වය හා නිවැරදි බව දැනට මා ගෙවාලන ඉස්ලාමික ජීවිතය තුළින් අත්දුටු කරුණකි. ඉහත සඳහන් කරනු ලැබූ විස්තරය ගැන මා දරන අදහස සහ දැනුවත් වී ඇති අයුරින් පැහැදිළි කිරීමක් කර ඉදිරිපත් කරනුයේ මෙය කියවනු ලබන ඔබ සැම හට වටහාගැනීමට පහසු වීම සඳහාය.

ප‍්‍රථමයෙන් ඉස්ලාම් භක්තිකයෙකු වීමට අවශ්‍ය වන මූලික කරුණු හය ගැන සහ අනිවාර්ේ‍යන් පිළිපැදිය යුතු කරුණු පහ ගැන විස්තර කරගනිමු. අරාබි ව්‍යාවහාරයෙන් මෙයට ඊමාන් යැයි කියනු ලැබේ. (ඉස්ලාම් ධර්මයට අනූව*

1- ආමන්තු බිල්ලාහි, මෙහි අදහස අල්ලාහ් දෙවිඳුගේ ඒකීය භාවය පිළිගැනීම හා විශ්වාස කිරීම.

2- වමලාඉකතිහි, මෙහි අදහස අල්ලාහ් දෙවිඳුගේ දේව ¥තයන් පිළිගැනීම සහ විශ්වාස කිරීමකි.

3- වකුතුබිහි, මෙහි අදහස අල්ලාහ් දෙවිඳු විසින් හෙළි කළ පුස්තක (ග‍්‍රන්ථ* පිළිගැනීම සහ විශ්වාස කිරීමකි.

4- වරුසුලිහි, මෙහි අදහස අල්ලාහ් දෙවිඳුගේ ධර්මය ප‍්‍රචාරය කිරීමට එවනු ලැබු නබිවරුන් (ශාස්තෘවරු* පිළිගැනීම සහ විශ්වාස කිරීමකි.

5- වල්යව්මිල් ආහිරි, මෙහි අදහස මරණින් පසු කරනු ලබන විනිශ්ච දිනය පිළිගැනීම සහ විශ්වාස කිරීමකි.

6- වල්කද්රි හයිරිහි වෂර්රිහි මිනල්ලාහි තආලා, මෙහි අදහස සෑම දෙයකම හොඳ නරක අල්ලාහ් දෙවිඳුගේ පෙර මිණුම අනූව කි‍්‍රයාවට නගන බව පිළිගැනීම සහ විශ්වාස කිරීමකි. ඉහත පහදා ඇති කාරණා හය අවංකව විශ්වාස කරන අය, පිළිපැදිය යුතු හා ඒ අනූව කටයුතු කිරීම විනයානුකුලව අනිවාර්්‍ය කර ඇත.

තවද ඉස්ලාමය සැබෑ ලෙසම ස්ථාපිත කරවන මූලික කාර්්‍යන් පහක් ඇති බව සඳහන් කර ඇති අතර ඒ ඉස්ලාමීය පංච ස්ථම්භය ලෙස හඳුන්වා දී ඇත. එය මා මෙසේ පැහැදිළි කරමි.

1- අල්ලාහ් දෙවිඳු හැර නැමදීමට අවනතවීමට සහ නීති සම්පාදනය කිරීමට වෙන කිසිම දෙවි කෙනෙකු නැති බවත් මුහම්මද් (සල්* අල්ලාහ්ගේ දාසයා හා ශාස්තෘවරයා ලෙස පිළිගැනීම සහ විශ්වාස කිරීම.

2- දිනකට පස් වරක් සලාත් නැමදුම් ඉටු කිරීම.

3- දුගි බද්ද ගෙවීම මෙයට සකාත් යැයි කියනු ලැබේ.

4- රමළාන් මාසය තුළ උපවාසය ඉටු කිරීම.

5- හජ් වන්දනාව ඉටු කිරීම.

ඉහත සඳහන් සියල්ල විශ්වාස කරමින් ඒ අනූව කටයුතු කරන අය සැබෑ ඉස්ලාම් භක්තිකයන් හැටියට ජීවත් වනුයේ අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදයද ලබාගෙනය. මෙවන් තැනැත්තන්ගේ ජීවිත යහපත් ලෙස පවත්වාගෙන යෑමට කිසිම අපහසුවක් ඇති නොවන බව මාගේ විශ්වාසයයි. නමුත් අයහපත් ආකල්ප දරමින් සිටින විවිධ ඝනයේ වන්දනා කරන අය ඇති කරවන අපහසුතා මැඩගෙන අඛණ්ඩව නොසැලී කටයුතු කිරීමට ඊමාන් භක්ති ප‍්‍රකාශය පිළිගෙන නිවැරදිව කටයුතු කරන අයට අපහසුවක් නැති බවද මාගේ අත්දුටු විශ්වාසයයි. මෙවන් ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කරන සියළු දෙනාටම සර්ව බළධාරි වූ එකම දෙවි වූ අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන බවද මා තරයේ විශ්වාස කරන මූලික කරුණ වේ. කිසියම් විදිහකින් කෙනෙකුගේ ඊමාන් භක්තිය බිඳීගියහොත් ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් උදාවන බවද වටහාගැනීමට මාහට හැකියාව ලැබුනේ ඉස්ලාම් දහම ගැන සඳහන් පොත් බැලීමෙනි. මේ සියළු කරුණු ඔබ අපි සැම දෙනාගේම දෛනික ජීවිතය තුළින් ප‍්‍රායෝගිකව අත් විඳිය හැකි කරුණු බවද සඳහන් කරනුයේ අවංකවම අල්ලාහ් දෙවිඳු නමස්කාර කරමින් අදහන අතරම අල්ලාහ් දෙවිඳුට ඇති බියත්, ලැදිකමත් නිසාමය.

කාරුණික හිතවතුනි! අපි සිතිය යුත්තේත් බැලිය යුත්තේත් නිවැරදි දෙයයි. එහෙම නම් අපි පිළපැදිය යුත්තේද නිවැරදි දේ නම් අපි සෑම කෙනෙක්ම කළ යුතු ප‍්‍රථම කාරණය නම් තමන්ගේ බුද්ධියට එකඟව කටයුතු කිරීම නේද? මෙහි සාර්ථකත්වය උදා කරගැනීමට හැකියාව ලැබෙන්නේ දැනුම වර්ධනය කරගනිමින් ස්වභාව ධර්මයාගෙන් හා වෙනත් අයුරින් දකින අසන අත්විඳින සියළු දේ ගැන, ප‍්‍රායෝගිකව තම බුද්ධියට එකඟව සිතා ගැනීමෙන් පමණි. මෙහිදී අල්ලාහ් දෙවිඳු ඉදිරිපත් කළ ඉස්ලාම් දහම මගින් මානව වර්ගයාට ශුද්ධවූ අල්කුර්ආනය තුළින් මුහම්මද් (ස්ල* තුමාගේ ජීවිත ආදර්ශයෙන් හෙළි කළාවූ සදාචාරත්මක වැදගත්කම විදහා පාන විනයානූකුලව සකස් කරනු ලැබූ චර්්‍යා ධර්මය අනුගමනය කළ යුතුය. මෙය අනුමගමනය කරන අය ඉතාම පිරිසිදු චේතනාවෙන් අන් අයට අපහසුවක් ඇති නොවන අයුරින් ජීවත් වනුයේ සෙසු අයටද ආදර්ශයක් අත්කරවමිනි. මේ අනූව කටයුතු කිරීම ආරම්භ කරන අය සැබෑ ලෙසින්ම එලොව මෙලොව සාර්ථකත්වය උදාකරගන්නා බව හොඳ නරක තේරුම් ගත හැකි කුමන වර්ගයක වූවත් ජාතියක වූවත් කුමන රටක වූවත් ජීවත් වන බුද්ධිමත් අය තීරණය කරනු ලබන්නේ නිරායාසයෙනි. නමුත් කාලීනව හිතා බලන කළ දේවත්වය පවා අලෙවි කරමින්, සත්‍ය යටපත් කරවිමින් උරුමයෙන් යැයි පවසමින් ගතානු ගතිකත්වය තුළ අනුකාරයක යෙදී සිටින මිනිසුන් විසින්ම කරනු ලබන කි‍්‍රයා නිසාම මසිත කල කිරි ඉස්ලාමය තෝරාගනු ලැබුවේ සියල්ල කෙරෙහිම මා ලද දැනුම හා අත්දැකීම් බුද්ධියට එකඟව සිතින්ම තර්කානූකුල සිතා බැලීමෙන් අනතුරුවය.

මා අද අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදයට ලක්වූ කෙනෙකි. මගේ උත්සහය මෙය රැුකගෙන මෙලොව ජීවිතය යහපත් හා ආදර්ශමත් ලෙසින් පවත්වාගෙන පරලොව ජීවිතය සාර්ථක කරගැනීමය. එවිට ඊමාන් ප‍්‍රකාශයේ හය වැනි කරුණට බිය වීමට හා තැති ගැනීමට මා හට සිදු නොවන අතරම එම ප‍්‍රකාශයේ පස් වැනි කරුණට සැනසීමෙන් මුහුණ දීමට හැකියාව ඇති බව මා විශ්වාස කරන ඊළඟ කරුණය. මගේ එකම පැතුම මෙලොව සිටින සමස්ත ප‍්‍රජාවටම නිවැරදි දැක්මක් ඇති කරගැනීමට හැකියාව උදා කරගැනීම සඳහා කටයුතු කිරීමය. මෙයද එක් ආරම්භක උත්සහයකි. මෙය සාර්ථක කරගෙන යෑමට මා නිරතුරුවම මැවුම් කරුවාණන් වූත් දෙලොවෙහිම අධිපති වූත් සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදයත් රැුකවරණයත් නිරතුරුව පතමි. කාරුණික හිතවතුනි! මෙම සටහන සකස් කරන මා මීට මාස එකහමාරකට පෙර ඊමාන් භක්තිය අවබෝධ කරගෙන හදවතින් විශ්වාසකරගෙන ඉස්ලාම් භක්තිකයෙක් වීමට පවසන ”අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු” යන දේව පාඨය ජුම්ආ සලාතය හමාරවීමත් සමග ඉස්ලාම් බැතිමතුන් ඉදිරි පිටදී මස්ජිද්හි ප‍්‍රධාන මෞලවී කියන විට මාගේ මුවින් කියා, ජීවන රටාව වෙනස් කිරීම ආරම්භ කළේ අවංකවම හෘද සාක්‍ෂියට එකඟවය. එදා සිට මේ දක්වාම මා හට ලැබුනු සෑම විවේකයක්ම ප‍්‍රයෝජනයට ගැනු ලැබුවේ ඉස්ලාම් ධර්මය ගැන දැනුම වර්ධනය කරගැනීම සඳහාය.

අල්කෆ්ජි ඉස්ලම් මධ්‍යස්ථානයෙන් සිංහල මාධේ‍යන් මුද්‍රණය කර ඇති පොත් රැුගෙන ඇවිත් කියවා බලමින් අන්තර්ගතව ඇති කරුණු ගැන බුද්ධිමත්ව සිතා බලමින් දවස ගෙවන අතර තුරදී මා හට අවශ්‍ය වූයේ මෙවන් සටහනක් සකස් කිරීමටය. මෙම අවශ්‍යතාවයේ මූලික පරමාර්ථය වූයේ නිවැරදි දැක්මක් ඇති කරගෙන ජීවත් වීමට ආරම්භයක් සකස් කරගැනීමට උත්සාහ දරන අයගේ උත්සහය සඳහාය. මෙවන් පිරිසිදු චේතනාවක් ඇති කරගෙන මෙම සටහ තබන මා මීළඟට පැවසීමට අදහස් කරනුයේ ඉස්ලාම් ආගමට පිවිසි පසු ජීවිතයක් සාර්ථක කරගන්නා අයුරු ගැන මා දරන අදහස ඔබ සැම වෙත ඉදිරිපත් කිරීම සඳහාය.

ඉස්ලාම් භක්තිකයා කථාවක් ආරම්භ කරන විටදීත් කිසියම් තැනැත්තේකු මුන ගැසුනු විටදීත් හුවමාරු කරගන්නා ප‍්‍රථම වචනය නම්, ”අස්සලාමු අෙලෙකුම් වරහ්මතුල්ලාහ්” කියයි. ඇත්තටම මෙහි අදහස අල්ලාහ් දෙවිඳුගේ ශාන්තිය සාමය හා ආශර්වාදය ඔබ හට ලැබේවා! කියාය. මෙම ආමන්ත‍්‍රණය  ඕනෑම සමාජයක පරිහරණය කළ හැකි උතුම් වචනයකි. සදාචාරත්මක වැදගත්කමක් ඇති කිරීම ආරම්භ වන ප‍්‍රථම වචනය මෙය යැයි කියා කීමද නිවැරදිය.

ඉන් අනතුරුව ඉස්ලාම් භක්තිකයා දිනකට පස් වතාවක් සලාත් නැමදුම තුළින් සර්ව බලධාරිවූ අල්ලාහ් දෙවිඳුගේ දේව නියමයන් අනූව මුහම්මද් නබි (සල්* තුමා අනුගමනය කළ ආගමානූකුලව සිදු කරන වතාවත් කරන විට දී නිරතුරුවම පුද්ගලයා තුළ සීලමය ගුණයත් භාවනාමය ගුණත් සම්පූර්ණ කරගන්නා අතරම සිත ගත සංවර වීම නිසා යහපත් ජීවන රටාවක නියැලි පහුසවෙන් දෛනික කටයුතු කරගැනීමට හැකියාව ඇති බව පවසනුයේ නව ජීවන රටාවෙන් මා ලබන අත්දැකීමෙනි.

මෙලෙස දෛනික කටයුතු කරගනිමින්, පුරා දින හයක් සලාත් නැමදුම සිදු කරමින් කටයුතු කරන ඉස්ලාම් බැති මතුන් සිකුරාදා එනම් ජුම්ආ දිනය පැමිණි විට ඉතා කැපවීමෙන් යුතුව සිත ගත පිරිසිදු කරගෙන ජුම්ආ සලාතයට සහභාගිවෙන්නේ ඇත්තටම අල්ලාහ් දෙවිඳුට සදා සිතින් නමස්කාර කරමිනි. මෙ දින ජුම්ආ සලතායෙහි ඇති විශේෂත්වය වනුයේ ඉස්ලාම් බැතිමතුන් හමුවේ මස්ජිද්හි ප‍්‍රධාන මෞලවී තුමා පවත්වන කුත්බා දේශණයයි. ඇත්තටම මෙම දේශණය තුළින් සැබෑ ලෙස ඉස්ලාම් භක්තිකයාගේ ජීවන රටාව පනගන්වා දෙමින් ප‍්‍රජාව අතර සහජීවනයෙන් කටයුතු කළ අයුරු පහදා දෙන්නේ, පරම දයාබර වූ සර්ව බලධාරි වූ අල්ලාහ් දෙවිඳුගේ දේවත්වය, තවද ජීවිත දර්ශණය තුළින් මුළු මිනිස් වර්ගයාටම ජීවන මාර්ගෝප දේශය ශුද්ධවූ අල්කුර්ආනය තුළින් ප‍්‍රකට කරාවූ මුහම්මද් (සල්* තුමන්ට කළ ගුණ සළකමින් එතුමන්ටද අල්ලාහ් දෙවිඳුගේ සාමයත් ආශිර්වාදයත් ලැබේවා කියාය. මේ ඇත්තමට මා දකිනුයේ මිනිසා විසින් තවත් මිනිසෙකුට දක්වන ගරුත්වය සහ කළ ගුණ සැළකීමක් ලෙසය.

ඒ වගේම මෙම ජුම්ආ සලාතයට සහභාගි වන සියළු දෙනා අතර අන්යේ‍යා්න්‍ය වශයෙන් දැන හැඳිනා ගැනීමක් ඇති වී සහජීවනය තුළින් කටයුතු කිරීමට මිනිස් සිත තුළ ප‍්‍රියභාවයක් ඇති වේ. තවද එකි නෙකා අතර ඇති අඩු පාඩු සපුරා ගැනීමටද උදව් උපකාර කරගැනීමද සිදුකරමින් දානමය ගුණයද සම්පූර්ණ කරගනු ලබයි. මෙලෙස මේ කි‍්‍රයාවලිය අඛණ්ඩව හදවතට එකඟව දෛනිකව කරන අයගේ මෙලොව ජීවිතය සාර්ථක වන බව කිසිදු සැකයකින් තොර පිළිගත හැකි කරුණකි. මෙවන් අය සිටින සමාජයද යහපත් වන බව අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි. මෙසේ කටයුතු කරන විට මා හට හැඟී ගිය කරුණ නම් මෙලෙසින් මුළු මිනිස් වර්ගයාටම තම දෛනික කි‍්‍රයාවලිය හැඩගස්වා ගැනීමට නොහැකිවූයේ ඇයි කියාය. මෙලෙස ජීවිතය සාර්ථකව පවත්වාගෙන යෑමට අල්ලාහ් දෙවිඳු ඉදිරිපත් කළ ඉස්ලාම් ධර්මය නොපිළිගැනීමට හේතුව ඇයි කියන එකයි?

මෙලෙසින් කටයුතු කරන ගමන් මා කළේ එකම එක දෙයයි. එය නම් ම සිතට එකඟව තීරණය කර ජීවිතයට අවශ්‍ය සැනසීම ලබාගැනීම උදෙසා මගේ වැඳුම් පිඳුම් ලැබීමට ඇති එකම සුදුස්සා අල්ලාහ් දෙවිඳු බවත් ජීවිතය සංවරව හැඩ ගස්වා යෑමට ධර්මානූකුලව සකස් කරනු ලැබූ ජීවන මාර්ගෝපදේශය මිනිස් වර්ගයා හමුවට ශුද්ධවූ අල්කුර්ආනය තුළින් හෙළිකළාවූ මුහම්මද් (සල්* තුමන් අනුමගමනය කළ වතාවත් ආරම්භ කිරීම කළේ වැඳුම් පිඳුම් කළ යුතු හා අනුගමනය කළ යුතු ධර්මය ඇත්තේ ඉස්ලාමය තුළ පමණක් යැයි අවබෝධ කරගෙනය. මෙය තේරුම් ගැනීමට හා වටහා ගැනීමට හැකියාව ඇති අයගේ ප‍්‍රශංසාව සමගින් අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කළ අතර මෙම සත් කි‍්‍රයාව අපහාසයට පත් කරන අයගේ විවේචනයන්ද ඉවසීමට සිදුවූ බව පවසන්නේ අවංකවමය. මේ දක්වා ගෙන හැර දැක්වූ සියළු කරුණු කියවා බැලූ ඔබ සැමගෙන් විමසන කාරණය නම් මෙයයි. කෙනෙක් තමන්ගේ අභිමතය පරිදි දෙලොවෙහිම සැනසීම උදෙසා කටයුතු කිරීමට සත්‍ය දෙවි කෙනෙකු හෙළි කළ ධර්මය පිළිගෙන පිළිපැදීමේ ඇති වරද කුමක්ද කියාය.

කරුණා බර වැඩිහිටියනි! සහෝදර සහෝදරියනි! ඉස්ලාම් ධර්මයේ මුලින්ම සඳහන් කරනු ලබන කරුණු කාරණා හය ගැන සහ අනිවාර්්‍ය කළ පිළිපැදිය යුතු කාරණා පහ ගැන ඔබ සැම ඉහත දැක බලා දැනුවත් වී සිටින බව මා දනිමි. ඒ සියළු කරුණු හදවතින් පිළිගෙන කි‍්‍රයාව තුළින් පිළපදින කෙනෙක් ලෙස ඔබ සැම වෙත ප‍්‍රකාශ කර සිටින තවත් පුංචි කාරණයකි. අපි ජීවත් වන කාලය තුළදී යහපත් ජීවිතයක් ගොඩ නගා ගැනීමට යහපත් දැක්මක් තෝරා ගත යුතුය. එම තේරීම තුළ ධර්මයට අනූකුලව විනයානූකුලව සකස් කර ඇති චර්්‍යා ධර්ම පද්ධතියක් ඇති ඒ වගේම සදාචාරත්මක වැදගත් කමක් තුළින් දෛනික ජීවිතයේ සිට මෙලොව ජීවිත අවසානයෙන් පසු පරලොව ජීවිතයේද සැනසීමක් ඇති කර ගත හැකි ආගමික දර්ශණයක් තෝරා ගත යුතුය. එම තේරීම තුළින් ස්වභාවික ජීවිතයේ දී කිසිදු අසීරූවකට පත්නොවී සියල්ල සරලව හිතා බලා තමන්ටම ප‍්‍රායෝගිකව සත්‍ය වටහාගත හැකි දැයි සොයා බැලිය යුතුය. මෙකී සියළු ගුණාංගයන්ගෙන් පරිපූර්ණවූ ආගම් දර්ශනය ඉස්ලාම් ආගමයි කියා මා පවසනුයේ හදවතට එකඟව සියල්ල කෙරෙහිම සිතා බැලීමෙන් අනතුරුවය. මේ කියවීමෙන් පසුව මා පැවසූ දේ පිළිබඳව ඔබ සැමගේ බුද්ධියෙන් විමසීම් කර ජීවිතය මෙලොව වශයෙන් සාර්ථකව පවත්වාගෙන යෑමටත් පරලොව ජීවිතයද සාර්ථක කරගැනීමට උත්සහායක නියැලෙයි කියා මා විශ්වාස කරමි.

ඉස්ලාම් දහම සඳහන් කර ඇති ශුද්ධවූ අල්කුර්ආනය ගැන මා දැනුවත් වූ ප‍්‍රමාණයෙන් දරන අදහස ඉතා සරලව ඉදිරිපත් කිරීමට අදහස් කරමි. සමස්ත ප‍්‍රජාවටම යහපත් ජීවිතයක් යථාර්ථවාදීව ගත කළ හැකි එමගින්ම මෙලොව ජීවිතයටද පරලොව ජීවිතයටද සැනසීම උදා කරගැනීමට හැකියාව ඇති ලෙසින් ආගමික වතාවත් තුළින්ම ජීවන මාර්ගෝපදේශ සකස් කර හෙළි කිරීම සඳහා අල්ලාහ් දෙවිඳු මෙලොවට එවනු ලැබු අවසන් නබි වූ මුහම්මද් (සල්* තුමන් මීට වසර 1427 කට පෙර හෙළි කළ ධර්ම ග‍්‍රන්ථයයි. අරාබි කරය් ප‍්‍රථම අයිතිහාසික ග‍්‍රන්ථය බවද සැළකේ. මෙවන් ග‍්‍රන්ථයක සැබෑ සාර්ථකත්වය මා දකිනුයේ දේව නියමය (වහි* අනූව මුහම්මද් නබි (සල්* තුමන්ගේ ජීවිතය තුළින්ම කි‍්‍රයාවට නගා ප‍්‍රජාවට තේරුම් ගැනීමට පහසුවන අයුරින් හෙළි දරව් කිරීමය. තවද මේ දක්වාම කිසිම සංශෝධනයකට ලක්නොවුනු ග‍්‍රන්ථය නිසාය. මේ වන විට මා කියවූ පොත් ඇසුරෙන් දැනුවත් වූ අයුරින්ම කියනවා නම් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මූලික තේමාව වනුයේ සියළුම මිනිසුන් හට යථාර්ථය අවබෝධ කර දී සාර්ථකව ජීවිතයකට මුහුණ දීමට නිවැරදි මාර්ගය පෙන්වා දීමය.

තවත් විදිහකට මා අදහස් කරන අයුරින් ශුද්ධවූ අල්කුර්ආනය මූලික කරගෙන ඉස්ලාම් භක්තිකයින්ගේ (මුස්ලිම්* ජීවන රටාව අර්ථවත් කිරීමට සියළු සාධකයන් ගෙන හැර පෙන්වා දී ඉස්ලාම් ජීවිත වල සාර්ථකත්වය විදහා පා සෙසු අයටද මෙම ධර්මය පිළිගෙන කටයුතු කළ හැකී අයුරින් අල්කුර්ආනය සමාජ ගත කිරීමය. මාස එකහාමරක් වැනි සුළු කාලයකදී ම සිත වෙහෙස වා ලබා ගත් දැනුම මූලික කරගෙන පුරා වසර හතළිස් දෙකක් ගෙන ආ ජීවන රටාව වෙනස් කරගනිමින් ඉස්ලාම් දහම තුළ ඇති සාර්ථකත්වය තුළින් අවංකවම ජීවිතයට සැනසීම ලබාගැනීම සඳහා ඒක දේවවාදය අනූව එකම දෙවියන් අල්ලාහ් දෙවිඳුන් පමණි කියන සිතුවිල්ල තුළින් කටයුතු කරමින් සිටින අතර තුරදී මෙලෙෂ සකස්කරන මෙම සටහන නිමා කිරීමට පෙර යම් දිනක මෙය කියවනු ලබන ලොකු කුඩා සෑම කෙනෙක් වෙනුවෙන් හෘදයාංගම කරනු ලබන ආයාචනය නම් මෙලොව ජීවිතය සාර්ථක පවත්වාගෙන යෑමට ගතානුගතිකත්වයෙන් මදකට හෝ ඈත් වී යථාර්ථවාදීව තම බුද්ධියට එකඟව සිතා බලා කටයුතු කිරීම ආරම්භ කිරීම යහපත් බව මා අත්දැකීමෙන් පවසන කරුණකි.

එම නිසා ඔබ සැමගේ ජීවිත මෙලෝ වශයෙන් හා පරලෝ වශයෙන් සාර්ථක කරගැනීමට ඉස්ලාම් ධර්මය යනු කුමක්ද? කියා තේරුම් ගැනීමට අදාල පොත් පත් කියවා පොත් වල අඩංගු කරුණු කාරණා සියල්ල ප‍්‍රායෝගීකව ජීවිතය තුළ කි‍්‍රයා කාරීව පවත්වාගෙන යෑමට හැකියාව ඇති ද කියා බුද්ධිමත්ව සිතා බලන්න. ගනු ලබන තීරණය තුළින් ජීවිතයේ සාර්ථකත්වය තීරණය වන බව කිව යුතුය. ඉස්ලාම් දහම තුළින් ජීවිතයක් සාර්ථක කරගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ දක්වා ගෙන හැර දැක්වූ කරුණු තුළින් ඔබ සැමගේ බුද්ධියෙන් විමසීම් කරනු ඇතැයි මා විශ්වාස කරමි.

දේවත්වයේ ඇති සාර්ථකත්වය අත් විඳීමට ස්වභාවිකවම සත්‍ය කරගැනීමට හැකි ධර්මය පිහිටා ඇති එකම ආගම් දර්ශනය ඉස්ලාම් යැයි. මෙය අවබෝධ කරගැනීමට ඔබ සැමට හැකියාව ඇති වේවා කියා ප‍්‍රාර්ථනා කරමි.

මෙම සටහන මා සකස් කරනු ලැබුයේ ස්වභාවික ස්වරූපයෙනි. මෙ තුළ නව කතා ප‍්‍රබන්ධයෙකුගේ හැකියාව හෙළි නොවුනත් පවසන ලද සියල්ල මාගේ සිතට එකඟව පිළි අරගත් කරුණු බව මා පවසමි. එසේ නම් අපි ජීවත් වන කාලය තුළදී යහපත් දැක්මක් තුළින් අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය ලබාගෙන දෙලොව සාර්ථක කරගැනීමට මුහම්මද් නබි (සල්* තුමාගේ ජීවිතය තුළින් ලොවට ආදර්ශය සැපයූ දෛනික ජීවන සැලැස්මේ සිට මරණින් මතු සිදුකරන විනිශ්ච දිනය දක්වාමත් ඉතා සරලව හා නිවැරදිව ඉදිරිපත් කර ඇති ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන් කළ ඇති අයුරින් ජීවත් වීමට අදහස් කරගැනීමට බුද්ධිමත් වන්න කියා පවසන අතරම එලෙසම ජීවන රටාව ගෙන යෑමට ඉස්ලාම් දහම තුළට පිවිසීමට ආරාධනා කරමින් මාගේ සිතුවිලි මෙලෙස ගොනු කරමින් ඔබ හැම අමාත සකස් කර මෙම සටහන නිමා කරමි ඔබ සැමට විශ්වයාධිපති අල්ලාහ් දෙවිඳුගේ පිහිට ලැබේවා!

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *