භක්තිමත් හින්දු පවුලක උපත ලැබූ ඇය අවට පරිසරය නිසාම දැඩිව ආගම කෙරෙහි බැඳුණු තැනැත්තියෙකි. දෙමාපියන්ගේ ද අසල් වැසියන්ගේ ද ආශිර්වාදය යටතේ වැඩුණු ඇය යෞවන වියට එළඹෙත්ම  ඇයගෙත්, සිය මිතුරියන්ගෙත් සමකාලීන පසුබිම එය වූවද දෛවෝපගත ලෙස ඇය අන් මිතුරියන්ට වඩා අත්දැකීම් බහුලව ලබාගත්තාය ඒ ඉතා අහම්බෙන් ඉස්ලාම් දහම පිළිබඳව ඇයට දැනගන්නට අවස්ථාවක් ලැබීමයි.

  මෙම පණිවිඩය වෙන කෙනෙකුට ලැබුනා නම් එය සාමාන්‍ය දෙයක් යනු සිතා මනසින් බැහැර වන්නට තිබිණි. එහෙත් ඇගේ හදවතට ඉස්ලාමය පැමිණියේ කාලාන්තරයක් ඇගේ හදවත අපේක්‍ෂ කළ දෙයක් ලැබුනු මෙනි. එතරම් තදින් ඇගේ හදවත ඉස්ලාමය කෙරෙහි බැඳුණි. ඇය මෙසේ තම හින්දු ආගමික පසුබිම මුළුමනින් වළලා දමා ඉස්ලාමය වැළඳ ගත්තාය.

  හින්දු පමණක් නොව, ඉස්ලාමයට පැමිණෙන සෑම කෙනෙකුට අත්වන සාමාන්‍ය ඉරණම ඇය වෙතත් ළඟාවන්නට විය. එනම් මේතරම් කල් තමන්ගේ දියණිය ලෙස සිටි ඇයව ඉස්ලාම් වැළඳගත් පසු දෙමාපියන් දුටුවේ සදාකාලික සතුරෙකු ලෙසයි. දෙමාපියන් මෙසේ වෙනස්වන කල මනුෂ්‍යයන්ගේ ආදරයෙත් දෙවිදුන්ගේ දයාවෙත් වෙනස ඇයට හොඳින් දැනෙන්නට වුණි.

  මෙසේ මුස්ලිම් භාවය ලැබීම නිසා දෙමාපියන්ද අහිමිව සරණගාතයකු සේ ඇයට නවාතැනක සිට දිවිය නැවතත් අරඹන්නට සිදුවුණි. ඈ තීරණය කළේ කිසිවෙකුගේ සහය නොලැබුනද පරම සත්‍ය වන ඉස්ලාමය තුළ ජීවත්වීමට රැුකියාවක් කර හෝ ස්ව උත්සාහයෙන් නැගී සිටීමටයි.

  ඇගේ අහිංසක සිතුම් සමුදාය කෙමෙන් මල් ඵල ගැන්වෙමින් ඇයට තාවකාලික නවාතැනක් ද සාප්පුවක වෙළඳ සහායිකාවක ලෙස රැුකියාවක් ද හිමිවුණි. මෙසේ ඇය භක්තිමත් ඉස්ලාම් බැතිමතියකු ලෙස රැුකියාව ද කරමින් දෙවිදුන්ට විශ්වාසවන්තව සහ ප‍්‍රිය උපදවන ආකාරයට ජීවත්වෙමින් ප‍්‍රායෝගිකව ඉස්ලාමීය ගමන් මාර්ගය අත් දකින්නට විය.

  ඇය සිතන්නට ඇත්තේ මෙසේ සාමාන්‍ය මුස්ලිම් යුවතියකට දිවිගෙවන්නට පිළිවන් ද කියාය. එහෙත් ඇය නමදින මේ විශ්වය මවා පාලනය කරන සර්ව බලධාරි අල්ලාහ් එය එසේ වීමට ඉඩ දුන්නේ නැත. මනුෂ්‍යයාගේ නිවැරදිව පෙනෙන මාර්ගයේ දී ඉස්ලාමය වැළඳගෙන තමන්ට හැකි උපරිම අයුරින් යන මාර්ගයේ ගමන් කරනා සියලූම මනුෂ්‍යයන්ට සර්ව බලාධාරී අල්ලාහ්ගේ කරුණාව ලැබේ. ඇයට ද ඉතා අලංකාර ජීවන මාර්ගයක් දෙවිදුන් සකසා තිබුණි.

  ඇය සේවය කළ සාප්පුවේ (හිමිකරු* මුදලාලි ඉතා යහපත් පුද්ගලයෙකි. එපමණක් නොව සර්ව බලධාරී අල්ලාහ් ඇගේ ජීවිතයට ආලෝකය දෙනු පිණිස මෙලොව නියම කොට තිබුනේ එම මුදලාලිවමයි. ඔහු වැඩිදුර ඉස්ලාමීය දැනුමක් නොතිබුනද ඉතා භක්තිමත් මුස්ලිම්වරයෙකි. ඔහුගේ සාප්පුවට ආ අලූත් ළමයා හින්දු ආගමෙන් ඉස්ලාමය වැළඳගත් කෙනෙකු බව දැනගන්නට ලැබුණි. එසේම තම අභිනව දහම නිසා දෙමාපියන් සොහොයුරන් සියල්ල අහිමිකරගත් බවද ආරංචි විය. මෙම තරුණියගේ අහිංසක එමෙන්ම අවංකභාවය දුටු ඔහුට ඇයට උපකාරයක් නොකර සිටීමට බැරි විය. එම නිසා ඔහු ඇයට නවාතැන අත්හැර තමන්ගේ නිවසට පදිංචියට එන ලෙස ආරාධනා කළේය.

  දෙවිඳුන්ගේ සැලැස්ම ගැන කිසිත් නොදත් ඈ කෙසේ නමුදු මුදලාලිගේ නිවසේ පදිංචියට පැමිණියේය. එහිදී මුදලාලි තම බිරිඳ සහ දරුවන් අමතා වැදගත් ප‍්‍රකාශයක් කළේය. එනම් ”අද ඉඳලා අපේ ලොකු දුව තමයි මේ” දරුවන් අමතා ”මේ ඔයාලාගේ ලොකු අක්කා” යනුවෙන් පවසන ලදී. එතැන් පටන් සාප්පුවේ සේවිකාවගේ තනතුරින් අයින් වී සාප්පුවේ හිමිකරුගේ දෙටු දියණිය යන නව තනතුරක් ඇයට හිමි විය.

  මෙසේ දෙවිදුන් ඇයට ආශිර්වාද කරන්නට ඇයද තව තවත් විශ්වාසවන්ත වන්නට විය. එතැන් පටන් සලාතයට (දේව නැමදුමට* කැඳවීමටත් හරියාකාරව ඉස්ලාමීය මාර්ගයේ ගමන් කරවීමටත් ඇගෙන් ඉමහත් සේවයක් එම පවුලට ඉටු වන්නට විය. මුදලාලිගේ බිරියට තමන්ගේ දරුවෙකුටත් වඩා ඉතා ළං වී ඇගේ කටයුතු ඉතා පහසුවෙන් ඉටු කර ගැනීමට උපකාරි විය. මෙසේ කලක් ගත වුණි. ඇය දැන් තාරුණ්‍යයේ වසන්ත සමයට ළංවෙමින් සිටියාය. මෙවර ද ඉතා භක්තිමත් මුස්ලිමෙකු වූ ඇගේ සුළු පියා (මුදලාලි* ඉස්සර විය. ඔහු තම මිතුරන්ට ඇය ගැන පවසා ඇයට හොඳ විවාහයක් සොයන්නට විය. නිවසට ආ ගිය සෑම කෙනෙකුම සිතා සිටියේ ඇය සැබවින්ම මෙම පුද්ගලයාගේ වැඩිමහල් දියණිය බවයි.

  උත්සාහය කෙමෙන් සපලවන්නට විය. තමන්ගේම ව්‍යාපාරයක් කරනා උගත් මුස්ලිම් තරුණයෙකු ඇගේ අතිනතගන්නට ඉදිරිපත් විය. ඉතා චාම් අන්දමින් එම විවාහය සිදු විය.

  ඇය විවාහ වූවද ඇගේ චර්්‍යාවන් පෙර සේම නිවසේ අන් අය පි‍්‍රය උපදවන ආකාරයට තිබුණි. ඇගේ සුළු පියා ඔවුන්ගේ විවාහ දිවිය යහපත් එකක් බව දැක තවත් පියවරක් ඉදිරියට තැබුවේය. එනම් ලක්‍ෂ 15ක් පමණ වටිනා අලංකාර නිවසක් ඇය වෙනුවෙන් මිලට ගෙන එයට අවශ්‍ය සියලූ ගෘහභාණ්ඩ ඔහුගේ වියදමින් මිලට ගෙන සැබෑ පියෙකුටත් වඩා උසස් අන්දමින් ඔහුගේ යුතුකම ඉටු කරමින් එම නිවස ඇයට පදිංචි වීමට පිරිනැමුවේය.

  ඈ දැන් දරුවෙක් ලබා භක්තිමත් මුස්ලිම් කාන්තාවක් ලෙස දිවි ගෙවන්නීය. විවේක අවස්ථාවන්හිදී තම සුළු පියාගේ නිවසට ගොස් මහලූව සිටින ඔවුනටද තම යුතුකම් මැනවින් ඉටු කරන්නීය. දෙමාපියන්ගේ කෲර කෙනෙහිලිකම් නිසා අඳුරු වන්නට ගිය ඇගේ ජීවිතය පුබුදුවාලූ සර්ව බලාධාරි අල්ලාහ්ට ඔබගෙත් මගෙත් ජීවිතය ආලෝකමත් කිරීමට නොහැකිවෙයිද?

By: ආයිෂා මුනීරා කුමාරි.

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *