අල්ලාහ්ගේ කරුණාවෙන් පිදුම් ලැබූ ”මුහම්මද් උමර් රාව්” වන මා ඉන්දිය ජාතිකයකි. මාගේ 18 වැනි වියෙහිදී ඉස්ලාම් දහම වැළඳ ගත්තෙමි. දැනට අවුරුදු හයක් ගත වී ඇත. මාගේ ජීවිත කාලය තුළ මා මුහුණ දුන් අත් දැකීම් ඔබ සියල්ලන් සමග බෙදා ගන්නට කැමති වෙමි. මුස්ලිම් නොවන සහෝදරවරුන්ද මෙය කියවා සත්‍ය වටහා ගනු ඇතැයි යනු මාගේ අපේක්‍ෂාවයි.
මාගේ ජීවිත තොරතුරු දෙදෙනෙකු සමග බෙදා ගත්විට මා ගත් තීරණය නිවැරදි බව ඔවුන් පවසා මා දිරිගැන්වුවේය.
මාගේ ජීවිතය :
මා මධ්‍යම පන්ති බ‍්‍රාහ්මන පවුලක උපත ලද කෙනෙකි. මාගේ පියා ඉන්ජිනේරුවෙකු හා මාගේ මව ගුරුවරියකි. මාගේ මවගේ සහෝදරයා වන මාමාගේ නිවසෙහි සිටයි මා ආගමික අධ්‍යාපනය ලබාගත්තේ. මාගේ පවුලේ සියල්ලන් හැදෑරු අධ්‍යාපනය මුස්ලිම් වරුන්ට විරුද්ධව පැවතුනු නිසා මා තුළ ද මුස්ලිම් වරුන් පිළිබඳ වැරදි ආකල්පයක් ගොඩ නැගී තිබුනි. කෙටි කාලයක් මා ඍීී හි සාමාජිකයෙකු වූ නිසා මුස්ලිම් වරු පිළිබඳ වෛරය තවත් ප‍්‍රගුණ විය. මුස්ලිම්වරුන්ගේ සිද්ධස්ථානයන්හි (අදාන්* ශබ්ද නගා කැඳවීම ඇසෙන විට මා අසන ගීතයන්හි නාදය වැඩි කර එය නොඇසීමට වගබලාගත්තෙමි. නගරයේ ඇති කෝවිලක් පාසා ගොස් යාඥාවන් කරන්නෙකු වශයෙන් සිටියෙමි. මේ සඳහා මාගේ නිවසේ සියළු අය මා දිරිගැන්වුවේය.
නැවුම් අත්දැකීම:
එක් ග‍්‍රීශ්ම සෘතුවෙහි නිවාඩුවක මුස්ලිම් ව්‍යාපාරියෙකුගේ වෙළඳ සැලක පාලන අංශයෙහි වැඩ කිරීම සඳහා මාගේ මව මා කැඳවුවේය. එයට මා එකඟ නොවෙමි. කුඩා වියෙහි සිට මුස්ලිම්වරුන් පිළිකුල් කළ නිසා මා එය ප‍්‍රතික්‍ෂේප කළෙමි. මාගේ ස්ථාවරය වටහා ගත් මාගේ මව ඉන් පසු ඒ පිළිබඳ කිසිවක් නොකිවේය. සමහර ග‍්‍රීස්ම සෘතුවෙහි නිවාඩු වල මුස්ලිම් නොවන අයගේ ව්‍යාපාර කටයුතු වල සම්බන්ධ වී මා වැඩ කළෙමි. එයට මාගේ දෙමාපියන්ද විරුද්ධ නොවීය. කාලයක් ගත වීමත් සමග මාගේ අධ්‍යාපන කටයුතු වල කාලය යොමු කිරීමට අවශ්‍ය වූ නිසා වරුවක් පමණක් ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුනෙමි.
මාගේ මව හා සහෝදරිය මුස්ලිම් වරුන්ට අයත් ආයතනයක මාස දෙකක කාලයක් තාවකාලිකව වැඩ කළහ. එම මාස දෙක ඇතුලත ඔවුන් තුළ මුස්ලිම් වරුන්ගේ කි‍්‍රයා කලාපයන් පිළිබඳ පැහැදීමක් ඇති වී තිබිනි.
මා පිළිකුල් කරන මුස්ලිම්වරුන් පිළිබඳ කව්රුන් හෝ පක්‍ෂපාතීව කථා කරයි නම් මට එය දරාගන්නට නොහැකිය. මෙවැනි තත්ත්වයක් තුළ මාගේ මවගේ හා සහෝදරියගේ බල කිරීම නිසා සමහර මුස්ලිම්වරුන් සමග එක්වී වැඩ කිරීමට මට සිදුවිය. අකමැත්තේ හෝ එම ආයතනයේ වැඩට එක්වුනු මා තුළ මුස්ලිම්වරු පිළිබඳ පැවතුනු වැරදි ආකල්පය තවත් වැඩිවිය. එයට හේතුව එම ආයතනයෙහි වැඩ කළ මුස්ලිම් නොවන සමහර අය ඉස්ලාම් දහම පිළිගෙන සිටීමයි. ඇයි ඉස්ලාම් දහමට ඔවුන් මෙතරම් මූලිකත්වය ලබාදෙන්නේ? මා පිළිපදින හින්දු ආගමයි ඉතා උසස් වන්නේ ඔවුන්ට එය අවබෝධ කර දීම සඳහා ඉස්ලාම් හා ඉන්දු දහම අතර ඇති සමානකම් පිළිබඳ අධ්‍යයනය කිරීමට මා පටන් ගත්තෙමි. එම අවස්ථාවෙහි සිට ඉස්ලාම් පිළිබඳ වැඩි වශයෙන් දැනගැනීමට මා තුළ උනන්දුවක් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අල්කුර්ආනයෙහි ඉංග‍්‍රීසි පරිවර්තනය කියවුවෙමි. එය හදාරා එහි අර්ථය නිසි ලෙස වටහා ගන්නට පටන් ගත් විට මාගේ තරුණ විය මුළුමනින් වෙනස් විය. මා කරමින් සිටී වැරදි කි‍්‍රයාවන් පිළිබඳ මා තුළ බියක් ඇතිවුනි. මාගේ ඉන්දු දහම පුරාණ කථාවන් හා මනඃකල්පිත දේවලින් පිරුනු දහමකි යනු මට අවබෝධවෙන්නට විය. ඉන් පසු මා තුළ බොහෝ සැක සංකා පහළවෙමින් පැවතිනි. මාගේ රාජකාරිය කුමක්ද? මා කෙසේ සිටිය යුත්තේ? මා කළ යුත්තේ කුමක්ද? ඇයි මෙම සත්‍ය පණිවුඩය බොහෝ අයට නොලැබුනේ? මෙවැනි මා තුළ මතුවූ විවිධ ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා මාගේ පාසැල් අවදිය මා වැය කළෙමි.
මාගේ දෙමාපියන්ගෙන්, අවට සිටින්නන්ගෙන් මා ප‍්‍රශ්න කළෙමි. දෙවියන් නෙත්වලින් දුටු අය කව්රුන් හෝ සිටීද? කුමන පදනමක් මතද රූපයන් ප‍්‍රතිමාවන් ඇති කරන්නේ? එයට, දෙවියන්ව දුටු අය කව්රුත් නැත යනු ඔවුන්ගේ පිළිතුර විය. මා අවසානයෙහි සමහර පුරාණ කතාවන් කියවීම තුළින් ඇත්ත තත්ත්වය යම් දුරකට අවබෝධ විය. ඉන් පසු මෙම හින්දු දෙවිවරුන්ගේ කථා මා තුළ ඒ තරම් බලපෑමක් ඇති නොකළේය.
මාගේ දේමාපියන්ගෙන් යළි ප‍්‍රශ්න කළෙමි. සෑම හින්දු ග‍්‍රන්ථයක්ම ප‍්‍රතිමා වන්දනාවට විරුද්ධ වෙයි, නමුත් අපි එය දිගටම කරමින් සිටිමු. කොහොමද? කුමන පදනමක් මතද මෙම ප‍්‍රතිමා වන්දනය? මේ ප‍්‍රශ්නය නිසා ඔවුන් මා කෙරෙහි ප‍්‍රකෝප වී අපේ මුතුන් මිත්තන් කළදේයි අපි දිගටම කරන්නේ යනුවෙන් පැවසූහ. මෙම පිළිතුරෙන් මා සෑහීමට පත් නොවුයෙමි.
පසු දින අල්කුර්ආනයේ දෙවැනි පරිච්ඡේදයෙහි පාඨයක් මාගේ දෙනෙත් වලට ගැටී මා මවිතයට පත්වුනෙමි.
”තවද අල්ලාහ් අනාවරණය කළ මෙම (ග‍්‍රන්ථය* අනුගමනය කරන්න! යනුවෙන් ඔවුන්ට පැවසූ විට, ඔවුන් එසේ නොව! අපේ මුතුන් මිත්තන් කුමන මාර්ගයෙහි (ගමන් කිරීම* දුටුවෙමුද, එම මාර්ගයම අපිත් අනුගමනය කරන්නෙමු! යනුවෙන් පවසති; ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් කල්පනා නොකර, නොමග ගියවුන් වශයෙන් සිටියත්ද”? (ශු අල්කුර්ආන් 2: 170*.
මෙම කුර්ආන් පාඨය මා තුළ මහත් බලපෑමක් ඇති කළේය. ඉන් පසු පූජාවන්, ප‍්‍රතිමා වන්දනාව කෙමින් කෙමින් අත්හැරියෙමි.
සකල විශ්වයේ නිර්මාතෘවරයා වන අල්ලාහ්ත් සමග හවුල් කරුවන් ඇති කිරීම බලවත් වරදක් සේ මා අවබෝධ කරගත්තෙමි.
මා මුල් දිනවල ඉස්ලාම් දහම රහසිගතව පිළිපැද්දෙමි. අල් බකරා පරිච්ඡේදයෙහි තවත් ස්ථානයක මෙසේ සඳහන් වෙයි: ”තවද (මෙම ව්‍යාජ විශ්වාසවන්තයින්* විශ්වාසවන්තයින් හමුවූ විට අපි විශ්වාස කළවුන් යනුවෙන් පවසති; නමුත් ඔවුන් තම (ප‍්‍රමුඛයින් වන* ෙෂෙතාන්හු සමග තනිව සිටින විට, නියතයෙන්ම අපි ඔබත් සමගයි. අපි ඔවුන්ව සමච්චල් කිරීම (සඳහා* පමණයි යනුවෙන් පවසති” (ශු අල්කුර්ආනය 2: 14*.
ආල ඉම්රාන් නම් පරිච්ඡේදයෙහි අල්ලාහ් මෙසේ සඳහන් කරයි: ”අල්ලාහ් ඉදිරියේ පිළිගැනුනු එකම දහම ඉස්ලාම් වේ” (ශු අල්කුර්ආනය 3: 5*.
ඉන් පසු තවත් මා තුළ පැහැදීමක් ඇති විය. මාගේ සිත තුළ හිරවී තිබුනු සියළු පැනයන්ට පිළිතුරු මෙම අල්කුර්ආනයේ පමණයි තිබෙන්නේ යනු මට අවබෝධ විය.
අල්ලාහ්ගේ දයාවට අනූව ඉස්ලාම් පිළිබඳ මා දැනුවත් වූ කරුණු මාගේ නිවසේ අයටත් මා පැහැදිළි කළෙමි.
ඩිප්ලෝමා අවසන් වසරේ මා ඉගෙන ගනිමින් සිටින විට ඉස්ලාම් වෙත මා කෙමින් කෙමින් නැඹුරු වීම දුටු මාගේ දෙමාපියන් මා ගෙදරින් පන්නා දැමූහ. මාගේ සහෝදරියද ඉස්ලාම් දහම පිළිගෙන මාත් සමග පිටත් විය. මා හා මාගේ සහෝදරිය නිවසින් පිටත්වී වසරක කාලයක් කිසිදු ආදායමකින් තොර අමාරුවෙන් කල් ගෙවුවෙමු. නමුත් එවැනි තීරණාත්මක අවස්ථාවන්හි පවා ඉස්ලාම් කෙරෙහි තිබුනු ආදරයෙහි කිසිදු අඩුවක් නොවීම නිසා අපේ සියළු දුක් කරදර අල්ලාහ් පහසු කර දුන්නේය. අල්හම්දුලිල්ලාහ් අල්ලාහ්ට සියළු ප‍්‍රශංසා හිමිය.
ඉතා අඩු ආදායමක් ලැබුනු රැුකියාවක් අපි දෙදෙනා කළෙමු.
මේ වෙනුවෙන් සියළු පීඩා විඳ දරාගත්තෙමු. අල්ලාහ් යහපත් වාතාවරණයන් රාශියක් අපට උදාකර දුන්නේය. පස් වේල සලාතය නිසි ලෙස ඉටු කිරීමට අපහසුවූ නිසා මා මීට පෙර වැඩ කළ ස්ථානයෙන් ඉල්ලා අස්වුනෙමි. මේ හේතුව නිසා හොඳ ආයතන පවා මාගෙන් ගිලිහී ගියේය. ඒ සියල්ල මා අල්ලාහ් වෙනුවෙන් විඳ දරාගත්තෙමි.
අල්හම්දුලිල්ලාහ් අල්ලාහ්ගේ කරුණාවෙන් මට දැන් හොඳ රැුකියාවක් ලැබී ඇත. සලාතය නියමිත වේලාවට ඉටු කිරීමට කිසිදු බාධාවක් නැත.
සියළු ප‍්‍රශංසා අල්ලාහ්ට හිමිය.
By: Abu Asma
www.yayuthumaga.com