බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.
සමාජ සුහදත්වය සඳහා සංවිධානය කර ඇති මෙම වැඩසටහනට සහභාගි වී සිටින ඔබ සියළු දෙනාට ප‍්‍රථමයෙන් අස්සලාමු අෙලෙකුම් වරහ්මතුල්ලාහ්.

මට ඔබලා ඉදිරියේ කථා කිරීමට කෙටි කාල වේලාවකුයි ලැබි ඇත්තේ. ඉස්ලාම් දහම පිළිගෙන අවුරුදු 7 ක් නිම වී 8 වැනි අවුරුද්දට පා තබා ඇත්තෙමි. මගේ ජීවිතය මීට පෙර කෙසේ පැවතිනි, මාගේ ජීවිතයෙහි මෙවැනි වෙනසක් ඇති වීමට හේතුවූ කරුනු කුමක්ද? යනු පිළිබඳ කෙටියෙන් විස්තර කර ඔබගෙන් සමුගැනීමට අදහස් කරමි.

මා ඉස්ලාම් දහම පිළිගැනීමට පෙර සිටම වෙනත් සෑම ආගමක් පිළිබඳම පුළුල් දැනුමක් මා සතුව පැවතිනි. හින්දු, ජයනා, කි‍්‍රස්තියානි, සීක් මෙවැනි විවිධ ආගම් පිළිබඳ මා අධ්‍යයනය කළෙමි. කෙතරම් දුරට කිවහොත් සංවාදයන් පවත්වන තරම් මට ඒ ආගම් පිළිබඳ පුළුල් දැනුමක් තිබිනි. නමුත් ඉස්ලාම් පිළිබඳ මට කිසිදු දැනුමක් නොතිබිනි.

මා සිතුවේ ඉස්ලාම් යනු එය හුදු, යම් කිසි තනි පුද්ගලයෙකුට අයිති දහමකි. සෑම ආගමක්ම රූපවලට ප‍්‍රතිමාවලට යාඥා කරන්න උගන්වයි. නමුත් ඉස්ලාම්හි රූපයන්ට පිළිමයන්ට වන්දනා මාන නැත. දෙවියන්ට රූපයක් නොගෙන යාඥා කිරීමට උගන්වන නිසා එයට මා තුළ කිසිදු එකඟතාවක් නොවීය.

ඉස්ලාම් දහම පිළිබඳ නොදැනම මාගේ ජීවිතයේ අවුරුදු 45ක් ගත විය. එම අවුරුදු 45 මා මිනිසෙකු වශයෙන් ජීවත් නොවුනෙමි. මා බෞද්ධ ආගමෙහි පූජකවරයෙකු වශයෙන් ජීවත් වුනෙමි. මාගේ පස් වැනි වියෙහි තායිලාන්ද්හි බැංකොක් නගරයෙහි පිහිටා ඇති සිම්මායි යන ස්ථානය ඉන්දියාවෙහි ඌට්ටි කෝෙලෙක්කානල් වැනි ස්ථානයන්ට සමාන සුන්දර මනරම් ස්ථානයකි. ලෝකයෙහි ඒ තරම් ලස්සන ස්ථානයක් නොමැති තරම්ය. ඔස්ටේ‍්‍රලියාවට සමානව ඇති ස්ථානයකි. එහි ඇති සුප‍්‍රසිද්ධ බෞද්ධ විහාරයට මා රැුගෙන ගොස් මාගේ හිස කෙස් බූ ගසා සිවුර පොරවා මාගේ දෙමාපියන් මා බුදුරජානන් වහන්සේට කැප කරන බව කීවේය.

පස් වැනි වියෙහි පටන් පුරා අවුරුදු විස්සක් එම විහාරයෙහි පුහුණුව ලබා, මට ලෝකයෙහි ගෞතම බුදුන් හැර වෙන කිසිවෙකු පිළිබඳ දැනුමක් නොවීය. බුදුන් තමයි මේ ලෝකයෙහි එකම දෙවියන් යනුවෙන් අවුරුදු විස්සක් මා පුහුණුව ලැබුවෙමි. එම විහාරයෙහි 600 අධික මහණ වූ 5 6 7 10 වයසට ඇතුලත් අය සිටිති. ලෝකය තුළ ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ (හාමුදුරුවරු සිටිති*. මෙයට උදාහරණ වශයෙන් තායිලත්තය ඒ වගේම අසලින් පිහිටා ඇති ශ‍්‍රී ලංකාව කිව හැක. ලංකාවෙහි වීදිවල සාමාන්‍ය ජනතාව 10 දෙනෙකු ගමන් කරනවා නම් 5 දෙනෙකු හාමුදුරුවරුන් වෙති. ඒ තරම් එහි හාමුදුරුවරුන් සිටිති. නමුත් මේ ලෝකයෙහි ඒ අතුරින් පස් දෙනෙකුයි ඉතා වැදගත් බෞද්ධ ආගමික නායකයින් වන්නේ. ඔවුන් ලෝකය පුරා ප‍්‍රචාරයන් සඳහා යති. ඒ වගේම ඔවුන්ටයි ඨරුැබ ක්‍්රා පිරිනමනු ලබන්නේ ලෝකය පුරා ඔවුන්ට සංචාරය කළ හැක.

ඉන්දියාවෙහි නිහදස වෙනුවෙන් අපියි කැපවුනේ යනුවෙන් පවසන සමහර උදවියට, ගාන්ධි යනු කව්රුන් කියා හෝ නොදන්නේය. නිදහස යනු කුමක්ද? කියා ඔවුන් නොදන්නේය. නිදහස වෙනුවෙන් කැපවූ අය පැත්තකට වී නිහඬව සිටිති. නමුත් සමහරුන් ඔවුන්ට ලැබී ඇති කාඞ් පත පෙන්වා බසයක නැග තවත් බසයකින් යමින් සිටිති. මට පිරිනමනු ලැබූ කාඞ් පත එවැනි එකක් නොවෙයි. එම හය සිය දෙනා අභිබවා පස් දෙනෙකුට පිරිනමනු ලබන කාඞ් පත, එම පස් දෙනා අතුරින් කෙනෙකු මිය යන විට වෙනත් කෙනෙකුට එය පිරිනමනු ලබයි. මා විසි වැනි වියෙහි පසු වන විට ඒ පස් දෙනා අතුරින් කෙනෙකු මිය ගියේය. ඒ විට එම හය සිය දෙනා අතුරින් මටයි එම පදවිය පිරිනමනු ලැබුවේ.

මා ඉන්දියාවට පැමිණී මුල් අවදියෙහි මට එතරම් දෙමළ පරිහරණය කිරීමට නොහැක. මා දෙමළ කථා කළේ නම් ඔබලාටත් එය අමතකවනු ඇත. ඒ තරම් දුර්වලය. නමුත් මා මෙහි පැමිණීමෙන් පසු දෙමළ කථා කිරීමට ඉගෙන ගත්තෙමි.

එම ඨරුැබ ක්‍්රා මට ලබා දුන්නේ ජපන් ආණ්ඩුවයි. මාගේ විසි වැනි වියෙහි එම නායකයින් පස් දෙනා අතුරින් කෙනෙකු මිය යෑමත් සමග මට එය පිරිනැමුනි. ඉන් පසු මාගේ රාජකාරිය වූයේ ලෝකය පුරා ගොස් බෞද්ධ ආගම ප‍්‍රචාරය කිරීමයි. මා උදේ ආහාරය දිල්ලියෙහි ගෙන දහවල් ආහාරය සඳහා සිංගප්පූරුවට ගොස් එහි බෞද්ධ ආගම ප‍්‍රචාරය කරමින් සිටියෙමි.

හින්දු දහමෙහි මුරුගන් යන නමින් දෙවිවරයෙකු සිටින බව පවසති. තම සහෝදරවරුන් සමග අමනාප වී මුළු ලෝකයම එක් වරක් කැරකි ආ බව පුරාණය පවසති. මා මේ ලෝකය පුරා තුන් වරක් සංචාරය කළ ආ කෙනෙකි. මා නොගිය රටවල් වන්නේ අරාබි රටවල් පමණයි. මා එම රටවල් වලට යෑම සඳහාද උත්සහ කළෙමි. නමුත් මට අනුමැතිය නොලැබිනි. මෙම ඇඳුමෙන් එහි පැමිණීමට නොහැක. එසේ පැමිණියත් බෞද්ධ ආගම පිළිබඳ ප‍්‍රචාරයන් කිරීමට නොහැක. එම අරාබි රටවල් හැර සෙසු සියළු රටවල් වලට මා තෙවරක් ගොස් ඇත්තෙමි. දැන් වුනත් මාගේ එකම සහෝදරයා ඇමෙරිකාවෙහි බෞද්ධ ආගමික නායකයකු වශයෙන් කටයුතු කරයි.

මා ජ්‍යොතිෂය වේදියෙකු වශයෙන් සිටියෙමි, කාන්තාවකට විවාහය සිදුවන්නේ කවදාද යනු අනාවැකි කියන්නෙකු වශයෙන් සිටියෙමි, දරු භාග්‍ය නොමැති අයට එම භාග්‍ය ලබාදෙන්කෙු වශයෙන් සිටියෙමි, ව්‍යාපාරය සරු නොවූ විට හිස මත මාගේ පාදය තබා අද සිට ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේ යනුවෙන් පවසන්නෙකු වශයෙන් සිටියෙමි, පූජකවරයෙකු වශයෙන්, දෙවිකෙනෙකු වශයෙන්, දෙවිකෙනෙකුගේ අවතාරය වශයෙන් සිටියෙමි. නමුත් මිනිසෙකු වශයෙන් නොසිටියෙමි. මා ඉස්ලාම් දහම පිළිගෙන අල්ලාහ්ගේ අවංක දාසයෙකු වීමෙන් පසු මිනිසෙකු වශයෙන් සිටිමි යනු කෘතියක්ද ලියා ඇත්තෙමි. කැමති කාටත් එම කෘතිය කියවීමට හැක ”පූජකවරයා මිනිසෙකු වූයෙමි”

සෑම ආගමකම තමන්ට විශේෂ බලයක් තිබෙන බව පවසන්නන් සිටිති. මා ලොකු මිනිහෙකි. සියල්ල මට දන්නවා. මා සියළු භාග්‍යන් ලබා දෙමි යනුවෙන් පුර සාරම් දොඩවන්නන් සිටිති. මා අවුරුදු හතළිහක් ඒ සියල්ල අත් වින්දෙමි, මේ සියල්ල මායාවන් පමණයි. මාගේ කෘතියෙහි මෙම කරුණු පිළිබඳ මා ලියා ඇත්තෙමි.

වැසි වසී කී සැනින් වැසි වසිවීද? විවාහයක් සිදුවෙයි කියා කී සැනින් එය සිදුවෙයිද? ඔබට යහපත සිදුවෙයි යනු කී සැනින් යහපත සිදුවෙයිද? මිනිසෙකු කියන අනාවැකි සත්‍ය වෙයිද? ඔහු කරන මන්ත‍්‍ර ගුරුකම් සත්‍යද? තඹ තහඩු වලට තියෙන බලය කුමක්ද? මා මෙවැනි බලයක් ඇති පූජකවරයෙකු සොයා ලෝකය පුරා සැරිසැරුවෙමි. මට එවැනි කිසි කෙනෙකු හමු නොවීය. මා ඇතුළු සියල්ලන් ජනතාව මුළා කරන්නන් මිස වෙන කිසිවක් නොවීය.

මා ආගමික නායකයකු වශයෙන් සිට මාගේ හතළිස් වැනි වියෙහිදීයි ඉස්ලාම් පිළිබඳ අධ්‍යයනය කරන්නට පෙළඹුනේ. කිසිවෙකුගේ දිරිගැන්වීමකින් තොර ස්වයංව මම ම සිතා ඉස්ලාම් කියන්නේ කුමක්ද? මදකට සොයා බලමු අවුරුදු හතළිහකින් පසු හරි ඉස්ලාම් මොකක්ද? යනු දැනගනීමට මුල් පියවර තැබුවෙමි. සෑම ආගමක් පිළිබඳම දැනුමක් ඇති මට ඉස්ලාම් පිළිබඳ පමණයි නොදන්නෙ? දෙවියන්ට කිසිදු රූපයක් නැති බව පවසයි එය කෙසේද? රූපයක් දැකීමේනුයි යාඥා කළ හැක්කේ? මොහුයි යේසූස්, මොහුයි ගෞතම බුදුන්, මොහුයි රාමන් එවිටයි යාඥා කළ හැක්කේ. නමුත් කිසිවක් නැත අල්ලාහ් යනුවෙන් පවසති එය කෙසේද? මෙය අධ්‍යයනය කළ යුතුයි. මෙය දැන ගත යුතුයි.

මා මාස තුන හතරක් පමණයි අල්කුර්ආනයෙහි පිටු පෙරලන්න පටන් ගත්තේ, අවුරුදු හතළිහක් පුරා ගෞතම බුදුනුයි දෙවියන් යනුවෙන් විශ්වාස කරමින් සිටි මාගේ සිත මේ සියල්ල මිථ්‍යා විශ්වාස. ගෞතම බුදුන් මෙලොවට පැමිණියේය සමුගෙන ගියේය, යේසූස් වහන්සේ මෙ ලොවට පැමිණියේය සමුගෙන ගියේය, ගුරුනානක් පැමිණියේය සමුගෙන ගියේය, හින්දු මහත් දෙවියන් වශයෙන් සළකා යාඥා කරන රාමර් පැමිණිය සමුගෙන ගියේය. හේතුව මේ සියළු අය මිනිසුන්. මිනිසුන් නම් උපත ලබති මිය යති. මා ඉස්ලාම් දහමට ඇතුල්වීමට පෙර බුදුන් ඔබයි එකම දෙවියන් යනුවෙන් පවසමින් සිටියෙමි. නමුත් මිනිසෙකුට පවතින පොදු සමාන දුර්වලතාවන්ගෙන් වෙන්ව දකින විශේෂ බලයක් නැති බවට ඉස්ලාම් අධ්‍යයනය කිරීමෙන් පසු දැනගත්තෙමි.

දැන් ඔබ සියල්ල කෙසේ මාගේ මිත‍්‍රවරුන්ද ඒ වගේම කලකට පෙර මාගේ හොඳම මිත‍්‍රයෙකු තමයි හින්දු ආගමික නායක සංගරච්චාරියාර්. හින්දු ආගමෙහි මහත් දෙවිවරයෙකු වශයෙන් සැළකෙන බිරම්මා ඔහු තම හිස තුළින් රැුගෙන ජනතාවට දෙමින් සිටියේය. ඔවුන්ගේ දෙපාමුල වැඳ නොවැටුනු කිසිවෙකු නොවන තරම්ය. අගමැති පටන් මහ ඇමති දක්වා සියළු අය ඔහුගේ දෙපාමුල වැඳ වැටුනේය. ඔහුයි ”ස්වාමි පේ‍්‍රමානන්දා ජී” එසේයි පුවත් පත්ද ඔහු ගෞරවයෙන් ඇමතුවේ.

මෙසේ සිටි අවස්ථාවෙහි වරක් පොලිසිය තිරුච්චි ආශ‍්‍රමයට ගොස් ඔහුව අත් අඩංගුවට ගනි. ඔහු මාගේ අවුරුදු 16 – 17 මිත‍්‍රවරයෙකු වේ. ඊයේ වෙනකම් පේ‍්‍රමනන්දා ජී යනුවෙන් ලියමින් සිටි පුවත් පත් මන්ද ඔහු තම හිසෙන් දෙවිවරුන් අරන් දෙමින් සිටියේය. මම කියමින් සිටින්නේ පුවත් පත් වල පලවූ සත්‍ය පුවත් වේ. හැමෝම දන්නා කරුණකි. ඉතා වැදගත් නායකයින් නිල තල තිබෙන්නන් පැමිණී විට පමණක් තම හිසෙන් දෙවිවරුන් අරන් දෙයි. දහස් ගණන් ජනතාව පිරි පවතින අවස්ථාවෙහි එක් කෙනෙකුට දෙදෙනෙකුට තම හිසෙන් දෙවිවරු අරන් දෙයි. මේ තරම් ප‍්‍රසිද්ධියට පත්වූ පුද්ගලයෙකු පොලිසියෙන් පැමිණ අත් අඩංගුවට ගන්නා විට ඔහු කිසිදෙයක් නොදැනුවත්ව සිටි. අල්ලස් නොගන්නා පොලිස් අධිකාරිවරයෙකු ඔහුට පහරවල් දෙන විට ඔහු මට ගහන්නට එපා! යනුවෙන් ආයාචනා කර මම කාන්තාවන් 167 දෙනෙකු ¥ෂණය කර ඇත්තෙමි. මිනි මැරුම් 7 ක් කළ ඇත්තෙමි යනුවෙන් කට උත්තර දෙයි. මෙම වැදගත් ආගමික නායකයා දැන් ආයුෂ දෙකක සිර දඬුවම ලබා හිර ගෙදර කල් ගෙවයි.

මට විශේෂ බලයක් තිබෙන බව ලෝකයට පැවසූ එම පුජකවරයාට පොලිසිය පැමිණ තමන් අත්අඩංගුවට ගන්නා විට කිසිවක් කිරීමට ශක්තියක් නොවීය. තම හිස තුළින් දෙවිවරුන් අරන් දුන් ඔහුට තම හිස බූ ගසන විට එය වැළැක්වීමට ශක්තියක් නොවීය. මන්ද ඔහු සාමාන්‍ය මනුෂේ‍යකු පමණයි. අපි සේම ඔහු ආහාර පාන ගනි. අපි වගේම මළ මුත‍්‍රා පහ කරයි. නමුත් ජනතාව මුළාවෙමින් සිටි. මට මෙම කරුණු පුරා අවුරුදු හතළිහක් නොවැටෙහමිනුයි පැවතුනේ. මා කෙදින අල්කුර්ආනය අතට ගත්තේද එදින පටන් මට මෙම කරුණු අවබෝධ විය.

ලක්‍ෂයකට අධික ශාස්තෘවරුන් මෙලොවට පැමිණ ඇත. එම සියළු ශාස්තෘවරුන් එකම දෙවිකෙනෙකුට යාඥා කිරීමටයි ඇරයුම් කළේ. මෙහි මදනි තම කථාවෙහි සඳහන් කළාක් මෙන් මෙම විශ්වය පුරා ශාස්තෘවරුන් එවනු ලැබුවේය. ඔවුන්ගේ රාජකාරිය ඔවුන් ඉටු කර මෙලොවින් සමුගත්හ. ඔවුනතුරින් ගෞතම බුදුන්ද කෙනෙකු විය හැක. රාමර් කෙනෙකු විය හැක. ගුරුනානක් කෙනෙකු විය හැක. යේසූස් වහන්සේ කෙනෙකු විය හැක.

මා අවුරුදු හතළිහක් ගෞතම බුදුන් එකම දෙවියන් යනුවෙන් විශ්වාස කර ඔහුගේ දෙපාවල වතුර දමා මල් දමා යාඥා කරමින් සිටියෙමි. එම ගෞතම බුදුන්ද අල්ලාහ් විසින් එවන ලද ශාස්තෘවරයෙකු විය හැක එසේ නොවීමටත් හැක. නමුත් මගේ මතය නම් එසේ නොවිය හැකි යනු වේ. මීට විරුද්ධ මත දරන්නන්ද සිටිය හැක. නමුත් ඔහු මිනිසෙකි. අපි මෙලොවෙහි දකිමින් සිටින සියල්ලට අවසානයක් ඇත. ඒ සියල්ල අල්ලාහ් විසින් මවනු ලැබූ ඔහුගේ නිර්මාණයන්ය. යම් දෙයකට අවසානයක් නොවෙයි නම් ඔහු සදාතනිකයි නම් ඔහුයි පුදනු ලැබීමට එකම සුදුස්සා. ඔහු දැකිය හැක්කේ කවදාද? සෙසු සංකල්පයන් වෙනත් ආත්මවල දැකිය හැකි බව පවසයි. බෞද්ධ ආගම පවා ආත්මයන් 7ක් තිබෙන බව විශ්වාස කරයි. නමුත් මෙය මුස්ලිම් වරුන් විශ්වාස නොකරති. එය කෙසේද? මෙය පිළිබඳ මා අධ්‍යයනය කළෙමි. බෞද්ධ ආගමික නායකයකු වශයෙන් සිට අධ්‍යයනය කළෙමි.

මා යම් දුරකට අල්කුර්ආනය අධ්‍යයනය කරමින් සිටියෙමි. ඉස්ලාම් පිළිබඳ තොරතුරු ලබාදෙන මධ්‍යස්ථානයක් වශයෙන් පැවතුනු ජාක් මධ්‍යස්ථානයකට මාගේ ආගමික ඇඳුමෙන්ම ගියෙමි. එහි සිටි අය මා දෙස විමතියෙන් බැලූවේය. මා ඒ පිළිබඳ කලබල නොවී මා ඉස්ලාම් පිළිබඳ ප‍්‍රශ්න එකළොහක් ඇසිය යුතුයි, එයට මා අවසර ඉල්ලා සිටියෙමි. අවුරුදු හතළිහකට පසු එනම් මාගේ 41 වැනි වියෙහිදී ඉස්ලාමීය මධ්‍යස්ථානයකට පා තබා ඇති ප‍්‍රථම අවස්ථාව මෙයයි. මා අවුරුද්දක කාලයක් අල්කුර්ආනය අධ්‍යයනය කරමින් සිටිමි. මා ආගමික නායකයකු නිසාත් ඉක්මනින් යා යුතු නිසාත් පැමිණ සිටි සෙසු අයට වඩා මට මුල් තැන ලබාදී ප‍්‍රශ්නයන් ඉදිරිපත් කරන ලෙස මට කියන ලදි.

මා ඇසු මුල්ම ප‍්‍රශ්නය පුනරුත්පත්තිය පිළිබඳවයි. සෑම ආගමක්ම පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාස කරන විට මුස්ලිම්වරුන් පමණක් ඇයි එය විශ්වාස නොකරන්නේ? අල්ලාහ් මිනිසාව මරණයට පත්කරයි. මිනිසා මරණයට පත්වීමත් සමග කිසි දෙයක් ඔහුට නොඇසෙයි එම සිරුර මුළුමනින් අක‍්‍රීය වී යයි. ඔහු මිහිදන් කර කාලයක් ගතවීමත් සමග ඇට කටුත් දිරාපත්වී යයි කිසිදු සළකුණක් එහි නැත . මරණින් පසු ඔහු අල්ලාහ්ට පිළතුරු දිය යුතුයි. ඉස්ලාම් තුළ වෙනත් කිසිදු ආත්මයක් පිළිබඳ විශ්වාසයක් නොමැත. මෙය කෙසේ ආගමක් වන්නේ? යනුවෙන් ප‍්‍රශ්න කළෙමි. මා පුරා අවුරුද්දක් අල්කුර්ආනය කියවූවත් පුනරුත්පත්තිය පිළිබඳ මාගේ විශ්වාසය දැඩිව පැවතිනි. මාගේ ප‍්‍රශ්නවලට පිළතුරු දීමට එහි සිටි ඉස්ලාමීය ආගමික විද්වතා ඔබ ඉතා හොඳ ප‍්‍රශ්නයක් අසා ඇත. ඔබට ප‍්‍රශ්න එකළොහක් තිබෙන නිසා සෙසු අයට අවස්ථාව නොදී ඔබගේ ප‍්‍රශ්නවලට මුල් තැන දෙමු යනුවෙන් පවසා මාගෙන් ආත්මයන් කීයක්ද තිබෙන්නේ? යනුවෙන් එම විද්වතා විමසීය. මා ආත්මයන් හතක් බව පැවසුවෙමි. ඔහු යළිත් මාගෙන් බෞද්ධ ආගමෙහි මෙම විශ්වාසය තිබේද? යනුවෙන් ප‍්‍රශ්න කළේය මා එසේය යැයි පිළිතුරු දුනිමි. එසේ නම් දැන් ඔබ කීවෙනි ආත්මයද ගතකරමින් සිටින්නේ? යනුවෙන් ප‍්‍රශ්න කළේය. මා නිරුත්තරවූයෙමි. ප‍්‍රශ්නය ඉතා සුළුවූවත් මා ඉදිරියේ එයට කිසිදු පිළිතුරක් නොවීය.

මා මේ ලොකය පුරා තෙවරක් සංචාරය කළ ඇත්තෙමි. මා ආගමික නායකයකි. එයට දීමට මා ඉදිරියේ පිළිතුරක් නොවීය. රජිවී කාන්ධි හිසම තුන් වරක් මාගේ දෙපාවලින් පගා ඇත්තෙමි. මාගේ මුවින් යමක් පිටවූවා නම් සියළු අය එය ඇසුවා මිස හරස් ප‍්‍රශ්න කව්රුත් ඇසුවේ නැත. මාගෙන් මේ වන තෙක් කව්රුත් හරස් ප‍්‍රශ්න අසා නැත. මාගේ ජීවිතයේ මුල් වතාවටයි කෙනෙකු මගෙන් හරස් ප‍්‍රශ්නයක් අහන්නේ? මා මෙයට කෙසේද පිළිතුරු දෙන්නේ? මා උපත ලබා හමාරයි කියා පවසනවාද? තාම උපත නොලැබුවෙමි යනුවෙන් කියනවාද? නැතහොත් ආත්මයන් සියල්ල නිමයි කියා පවසනවාද? ඔහු යළිත්, ඔබ වැදගත් ආගමික නායකයකු නිසා මෙම ප‍්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි යනුවෙන් මාගෙන් ඉල්ලා සිටියේය. මම සෙසු ප‍්‍රශ්නද නොඅසා වෙනත් අවස්ථාවක එන බව පවසා එම ස්ථානයෙන් පිටත්වුනෙමි.

නමුත් මාගේ ඉස්ලාම් පිළිබඳ අධ්‍යයනය අඛණ්ඩව කරමින් සිටියෙමි. අල්කුර්ආනය දිගටම කියවමින් සිටියෙමි. මෙවැනි සියළු සැකයන්ට මා ඉස්ලාම් තුළ පිළිතුරක් දුටුවෙමි.

මා ඉස්ලාමය කරා ප‍්‍රවිශ්ටවීමට මුල් වූ හේතුන් පළිබඳ පැහැදිළි කිරීමට ලැබී ඇති වේලාව ප‍්‍රමාණවත් නැතැයි මා සිතමි. ඒ සඳහා අවම වශයෙන් පැය දෙකක් හෝ අවශ්‍ය වනු ඇත. නමුත් මට ලැබුනු වේලාව තුළ එය විස්තර කිරීමට මා උත්සාහ කරමි. මා අවුරුදු 40 ක් ආගමික නායකයකු වශයෙන් කටයුතු කළෙමි. මා මන්ත‍්‍ර ගුරුකම් කරන්නෙකු වශයෙන් සිටියෙමි. එබැවිනුයි ජනතාව මාගේ දෙපා ඉදිරියේ වැඳ වැටුනේ. මා කෙනෙකුගේ හිස එක් වරක් පෑගුවේ නම් ලක්‍ෂ ගණන් මුදල් මා ඉදිරියේ. මාගේ ශිෂ්‍යන් දෙදෙනෙකු දොරටුව අසල සිටිති, ඔවුන්ගෙන් අවසරය ලබාගැනීමෙන් පසුයි කුමන තරාතිරමක කෙනෙකු වූවත් ඇතුල් විය හැක්කේ. මහත් නායකයන් පවා පැමිණෙන්නේ එසේය. මේ සියල්ල මාගේ කෘතියෙහි සවිස්තරව සඳහන් කළ ඇත්තෙමි.

මම දැන් ද කෘතියක් ලියමින් සිටිමි. ”බුද්ධ ගයාවෙහි සිට පරිශුද්ධවූ කඃබාව දක්වා” බුද්ධ ගයා යනුවෙන් ස්ථානයක් ඇත, එහි බුදුන් කාලයක් භාවනාවෙහි සිටියේය. මමද සිව් වසරක් එහි භාවනාවෙහි නිරතවූයෙමි. බුදුන් එම බුද්ධ ගස යට වාඩිවී ආලෝකයක් ලබාගත්තේය, මිනිසෙකු ලෙස සිට දේවත්වය ලැබූ බව පවසති. ඊට පෙර සාමාන්‍ය මිනිසෙකි, රාජ කුමාරයකි. ඔහු පැමිණ එම ගස යට වාඩිවීමෙන් මෙම තත්ත්වය ලැබූ බව පවසති. මෙය ඔබලා පොත් වලිනුත් කියවන්නට ඇති බව මා සිතමි. බෝදි ගස යට වාඩිවී බුදුන් ඥානය ලැබූහ, ආලෝකයක් ලබාගත්හ.

මාගේ ගුරුවරයා මා අමතා, ආනන්දා! නුඹට ලෝකය පුරා නමක් හා ගෞරවයක් ඇත, නුඹට කැමති ස්ථානයකට යා හැක, නුඹද ඉන්දියාවට ගොස් අවුරුදු තුනක් වාඩිවි සිටිනු. නුඹටත් එම බලය ලබාගත හැක. මා සිව් වසරක් වාඩිවී සිටියෙමි කිසිදු බලයක් හෝ ආලෝකයක් හෝ මට හිමිනොවුනි. කාලය පමණයි අපතේ ගියේ.

මා ඉස්ලාම් දහම අධ්‍යයනය කළෙමි. අල්කුර්ආනය පුරා අවුරුදු දෙකක් අධ්‍යයනය කළෙමි. මා තේරුම් ගත් සත්‍ය නම් මේ සියළු අය මිනිසුන්, එක් මව් කුසක් තුළ උපත ලැබූ අය. බුදුන් පමණක් නොව මෙම ධර්මයන් දේශණා කළ සියළු උගතුන් මිනිසුන් වේ.

මෙම දහම් තුළ කෙතරම් ලොකු පූජකවරයකු වූවත්, තමන් දෙවි කෙනෙකු වශයෙන් ඔහු පැවසුවත් අපි වගේම ජීවත් වී, දුබලත්වයට පත්වී මිය යන්නේය. ඒ සියළු අය මිනිසුන් බව අල්ලාහ් පවසයි. එසේම බුදුන්ද පැමිණ මිය ගියේය. පුරා අවුරුදු හතළිහක් බුදුන්ව දෙවි කෙනෙකු වශයෙන් සළකා ප‍්‍රශංසා කළෙමි. නමුත් දැන් එයින් මිදුනෙමි. පසුව මන්ත‍්‍ර ගුරුකම්වලින් ඈත්වුනෙමි. මා නොදන්නා මන්ත‍්‍ර ගුරුකමක් නැත යන තරමට මා එහි විපුලත්වයක් ලබා සිටියෙමි.

අවුරුදු විස්සෙන් අවුරුදු පහයි බුදුන් පිළිබඳ දැන ගැනීමටත්, පාලි භාෂාව හැදෑරීමටත් වැය කළ යුත්තේ. සෙසු අවුරුදු 15 වම මන්ත‍්‍ර ගුරුකම් හැදෑරීමටයි වැය කළ යුත්තේ. තිබෙතය, චීනය, ජපානය, බුර්මය මේ ආදි රටවල්වලට ගොස් මා මන්ත‍්‍ර ගුරුකම් හැදෑරුවෙමි. මන්ත‍්‍ර ගුරුකම් කරන කුමන ජගතෙකු වූවත් කැඳවාගෙන එන්න! මා ඉදිරිපත් කරන අභියෝගය ඔහුට භාර ගැනීමට නොහැක. මා තබන දෙයක් ඔහුට ගන්නට කියමි ඔහු එයට ඉදිරිපත් නොවෙයි. මන්ද ඔහු සිතයි මොහු මහත් ආගමික පූජකවරයෙකු කුමක් හෝ මෙහි තිබිය හැක, යන බිය ඔහු තුළ පැවතීම නිසා ඔහු ඉදිරිපත් නොවෙයි. ඔහු බියකින් තොර එය ගත්තේ නම් එහි කිසි දෙයක් නැත. මන්ත‍්‍ර ගුරුකම් යනු ඔබලා විශ්වාස කරන තෙක් පමණයි. ඔබලා විශ්වාස නොකරන්නේ නම් එහි කිසි දෙයක් නැත.

මන්ත‍්‍ර ගුරුකම් නිසයි මා ලොකුවට වැජඹුනේ. ජනතාව මහත් බලයක් ඇති කෙනෙකු වශයෙන් සළකා මා දෙපාමුල වැඳ වැටෙමින් සිටියේ. ඉස්ලාමයට ඇතුල් වීමට පෙර මෙය විශ්වාස කරමින්, මෙය තුළින් වැජඹෙමින් සිටියෙමි. ජනයා අතර මහත් බලවතෙකු ලෙස පෙන්වා ඔවුන් මුලා කරමින් සිටියෙමි. ජනතාවද එය විශ්වාස කළෝය. සෑම ආගමකම හින්දු, බෞද්ධ, ජයනා, සීක් ආදී යන වෙනසකින් තොර සෑම ආගමකම මෙවැනි අය දැක ගත හැක.

ඉස්ලාම් තුළ පවා ඉස්ලාම් පිළිබඳ නොදන්නා සමහර නාමික මුස්ලිම් වරුන් සිටිති. ඔවුන් බලා මා ඉස්ලාමයට ප‍්‍රවිශ්ට වුනේ නැත. ඉස්ලාම් ජනතාව කැඳවන්නේ අධ්‍යයනය කරන ලෙසත්, දැනුම ලබාගන්නා ලෙසත්, ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කරන ලෙස පවසයි ඉන් පසු ඉස්ලාම් දහම පිළිගන්නා ලෙස ඇරයුම් කරයි. මා කරන්නේ කුමක්ද? යනු විනිශ්චය නොකරන්න. සෑම ආගමකම වැරදි කරන්නන්, සොරකම් කරන්නන්, දුරාචාරයෙහි යෙදෙන්නන්, බොරු කියන්නන්, බෝම්බ තියන්නන් සිටිති. මා පුරා අවුරුදු දෙක හමාරක් අල්කුර්ආනය අධ්‍යයනය කළෙමි.

පුරා අවුරුදු 45 ක් මා ලබපු ප‍්‍රස්ද්ධිය, ආඩම්බරය, මා ඇඳ සිටි සිවුර මේ සියල්ල අත්හැර දමා පැමිණීමට නොහැකිව මාස හයක් ගත කළෙමි. කෙතරම් ලොකු නායකයන් වූවත් ටෝකනය නොලබා ප‍්‍රවිශ්ට විය නොහැක, ඔහු රෙටි නායකයකු විය හැක ඔහු මාගේ දෙපා ඉදිරියේ වැඳ නැගිටින විටින ලක්‍ෂ ගණන් මුදල් ඇත. එම මුදල් වලට මොකක්ද? කළේ කියා ඔබලා ප‍්‍රශ්න කරන්නට පුළුවන්. රටේ අගමැතිවරයෙකු පැමිණෙයි මාගේ දෙපා ඔහුගේ හිස මත තබා ආශිර්වාද කරමි, ලක්‍ෂ පහ දහය කියා මුදල් පිරිනමා පිටත් වී යයි. එම මුදල්වලට සිදුවූයේ කුමක්ද ? කියා ප‍්‍රශ්නයක් ඔබ තුළ නැගිය හැක. මාගේ කෘතිය කියවා බලන්න.

ලාංගේන්ජල් කෝඩාරාවෙහි තට්ටු 62 කේ ආරාමයක් බැඳ, මම ම පුරා වසර 500 යක් එය පාලනය කරන්නට සිතා, ඉන්දියාවට යාති‍්‍රකයෙකු වශයෙන් පැමිණ ගෞතම බුදුන් කුමන ගස යට බුද්ධත්වය ලැබුවේද එම ගස යට මමත් වාඩිවී එම බලය ලබාගන්නට පැමිණුනා මිස ඉස්ලාම් දහම පිළගැනීම සඳහා මා නොපැමිණියෙමි. එහි ගොස් පුරා අවුරුදු 4 ක් වාඩිවී සිටියෙමි කිසිම එළයක් හෝ ඥානයක් හෝ මට නොලැබුනි. ඉන් පසුයි මා අල්කුර්ආනය අධ්‍යයනය කිරීමට පටන් ගත්තේ. ඉස්ලාම් දහම පිළිගැනීමේ අරමුණින් නොව ඉස්ලාම් මොකක්ද යනු දැන ගැනීම පිණිසයි. නමුත් එය මාගේ ජීවිතය මෙතරම් ලොකු පෙරළියක් ඇති කරයි කියා මා නොදැන සිටියෙමි.

මින් පෙර ලෝකයට ආ ශාස්තෘවරුන් දේශණා කළේ එකම ශක්තියකට යාඥා කිරීමටයි, ඔහු ඒකීයයි, ඔහුට සමානව කිසිවෙකු නැත, ඔහුට හවුල් කරුවන් නැත. ඔහුට රූපයක් නැති බව කියති, නමුත් ඔහුට රූපයක් ඇත. අල්කුර්ආනය සියුම්ව කියවා බලන්න! එය අවබෝධ කර ගත හැක. අවසන් විනිශ්ච දිනයෙහි මෙම අහස් පොළෝ තලයන් සියල්ල ඔහු දෑතට රැුගෙන ඔතා තබන බව කියයි. එය ඔහුට රූපයක් ඇති බව මොනවට පැහැදිළි කරයි. ඔබලාට මා දැකීමට නොහැක නමුත් මා ඔබලා නිරීක්‍ෂණය කරමින් දකිමින් සිටිමි යනුවෙන් ඔහු පවසයි, එය ඔහුට දෑස් ඇති බව පසක් කරයි. නමුත් එය අපේ රූපය මෙන් නොව ඔහුගේ දේවත්වයට ගරුත්වයට ඔබින ආකාරයේ එකක් වේ.

ප‍්‍රතිමාවන්ට දේව ශක්තියක් ඇති බව පුදති, නමුත් එම ප‍්‍රතිමාවන් පැහැර ගෙන යන විට එය වැළැක්වීමට එයට කිසිදු ශක්තියක් නැත.

මට කිසිවක් කිරීමට ශක්තිය නොමැති බව, මා සිවුර ගළ වන තෙක් නොකීවේමි. එසේ මා පවසා සිටියේ නම්, මාගේ දෙපාමුල කව්රුත් වැඳ වැටෙන්නේ නැත. මන්ත‍්‍ර ගුරුකම් පිළිබඳ ඔබලාට මා කිව යුතුයි. ඒ පිළිබඳ ඉස්ලාම් පවසන්නේ කුමක්ද? එය ජනතාව මුළා කරන මායාවක් පමණයි. මන්ත‍්‍ර ගුරුකම් මගින් කෙනෙකු කෝටිපතියෙකු කිරීමට හෝ වෙනත් උසස් පදවීන් ලබාදීමට හෝ නොහැක. ඒ මගින් කෙනෙකුට අලාභයන් ඇති කිරීමටත් නොහැක. ජනතාව විශ්වාස කළ නිසා අපි එය කරමින් සිටියෙමු. මා සත්‍ය කථා කරමින් සිටිමි. සමහර නාමික මුස්ලිම් වරුන් පවා මෙසේ කි‍්‍රයා කරති. මොවුන්ගේ මතයෙහි මොවුන් සත්‍ය වන්තයින් නම් බාබර් මස්ජිදය කඩා බිඳ දමන විට ඔවුන් විශ්වාස කරන නාහූර්, අජ්මීර්, බඃදාද් මැදිහත් වී එය ආරක්‍ෂා කරන්නට තිබුනි. ඔබලාට ඉස්ලාම් දන්නා තරමට පවා ඔවුන්ට නොදන්නේය. නමුත් ඔහුගේ නම අබ්දුල් කාදර් විය හැක.

හින්දු ආගමික පූජකවරුන් තමන්ගේ මන්ත‍්‍ර ගුරුකම් බලයෙන් බාබර් මස්ජිදය ඉදි නොකර අපි නොනවතිමු යනු කියන්නන්ගේ මුව වසන්නට තිබිනි. එය ඔවුන්ට කළ නොහැක. මෙය හුදු ජනතාව මුලා කරන කාලාවක් පමණයි. පෙර දින රාත‍්‍රියෙහි පවා මාගේ කෘතියෙහි මා සඳහන් කළෙමි. වාජ්බායි, අද්වානි, බාබර් මස්ජිදය පිළිබඳ පවසන විට ඔබලාගේ මන්ත‍්‍ර ගුරුකම් බලයෙන් වැසිය නොහැක්කේ මන්ද? මොකක්ද අගමැතිට මෙහෙම කිව්වේ කියා මට විරුද්ධව පැමිණිලි කරන්න පුළුවන්, නමුත් මෙය නොවේද සත්‍ය. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙම මන්ත‍්‍ර ගුරුකම් වලට කිසිදු බලයක් නැත. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර මෙම විශ්වයෙහි කිසි දෙයක් සිදු නොවෙයි.

වෙනත් ඔබගේ ප‍්‍රශ්නයන්ට පිළිතුරු දීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිත නිසා, මා ඉස්ලාම් දහම පිළිගත් පුවත කෙටියෙන් විස්තර කර, මා ඔබෙන් සමුගැනීමට අපේක්‍ෂා කරමි. ඒ සඳහා වැඩි වේලාවක් අවශ්‍ය වූවත් මා කෙටියෙන් එය විස්තර කරමි.

”ස්වාමි ආනන්දා, මුහම්මද් මුහිබ්බුල්ලාහ්” යනුවෙන් පරිවර්තනය වූයේ කෙසේද?. මෙම පුවත දැනගැනීමත් සමග ලෝකය පුරා සිටින බෞද්ධ ආගමික නායකයින් අතර ලොකු ආන්දෝලනයක් ඇති විය. එය ඇසූ සැනින් බෞද්ධ ආගමික නායකයින් ඉන්දියාව බලා පිටත් වී එන්නට විය. අද දින මා මුස්ලිම් සමාජයෙහි ඇසුරු කරන්නන් අනන්තයි. නමුත් එම අවස්ථාවෙහි මා තනිවයි සිටියේ, වැඩිම උනත් මා ඇසුරු කල සංඛ්‍යාව පහක් දහයක් අතර වේ. බෞද්ධ ආගමික නායකයින් 60 දෙනෙකු ලෝකය පුරා සිට ඉන්දියාවට පැමිණිය. ප‍්‍රශ්ණය උග‍්‍ර තත්ත්වයකට හැරී ඇත. ඉස්ලාම් දහමට ගිය නුඹව සුළුවෙන් අත්හරින්නට නොහැක. නුඹව විනාශ කිරීමටයි අප පැමිණ ඇත්තේ. මෙලෙස අඛණ්ඩව සතියක් වාද විවාද පැවතෙමින් තිබුනි. කිසිදු සාකච්ඡුාවක් ඵළ නොදුන්නේය. අවසානයේ දී මා කීවේමි මාගේ සියළු සේ සත, ඇමෙරිකාවෙහි වෙනත් රටවල් වල පවතින සියළු සම්පත් අත්පත් කරගෙන මා අත්හරින ලෙසයි. මාගෙන් කිසිදු බාධාවක් ඔබලාට නැත, නමුත් ඔවුන් පැවසුවේ, එය අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වී ඇත්තේ නුඹයි. වෙනත් රටවල්වල සිටින බෞද්ධ ආගමික නායකයින් පිළිබඳ පවසන විට කව්ද? කොහෙද? යනුවෙන් ප‍්‍රශ්න කරති. නමුත් ”ස්වාමි ආනන්දා” කියා මාගේ නම කියූ සැනින් මන්ත‍්‍ර ගුරුකම් කරන, යක්කු කුප්පිවල දමා වසන, ඔබලා කලබල වෙන්නට එපා වසන බව මා කියමින් සිටියෙමි. ඔවුන් එය විශ්වාස කළෝය. මුළු ලෝකයටම දන්නා ප‍්‍රචලිත පුද්ගලයකි. එසේ ප‍්‍රචලිත කෙනෙකු ඉස්ලාම් දහම පිළගත්තා යන ආරංචිය ලෝකය පුරා පැතිර යන විට බෞද්ධ ආගම තුළ කුමක්වත් නැද්ද? යන ප‍්‍රශ්නය ජනතාව තුළ ඇතිවෙයි එබැවින් නුඹව සුළුවෙන් අත්හැරීමට නොහැක. නුඹ අපත් සමග පැමිණිය යුතුයි, යනුවෙන් තරයේ ප‍්‍රකාශකරමින් සිටියෝය.

මා අවසන් වශයෙන් මෙය මාගේ නිදහස, මට කැමති දහමක් පිළිපැදිය හැක, මාගේ කැමැත්ත අනූවයි මා මෙම මාර්ගය තෝරා ගත්තේ, කිසිදු බල කිරීමකින් නොවේ. මා ශුද්ධවූ අල්කුර්ආනය අධ්‍යයනය කිරීමෙන් පසුයි, මා තුළ මෙම වෙනස ඇතිවූයේ. මෙන්න ශුද්ධවූ අල්කුර්ආනය ඔබලත් කියවා බලා තීරණයකට එළඹෙන්න, යනුවෙන් පැවසුවෙමි. ඔවුන් එය ප‍්‍රතික්‍ෂේප කළෝය. මෙසේ සතියක් ගතවුනි.

අවසානයේදි එම ආගමික නායකයින් 60 දෙනාම පිටත්වී තම තමන්ගේ වාහනවලට නැගින්නට සැරසුනහ. එම අවස්ථාවෙහිදී මාත් සමග මුසලිම් වරු කිහිප දෙනෙකු සිටියේය. ඇමෙරිකාවෙහි සිටින මාගේ සහෝදරයකු පිළිබඳ, මීට පෙර සඳහන් කළෙමි. ඔහුද එහි විය. ඔහු දැඩි තීරණවලට එළඹෙන මනසකින් යුත් කෙනෙකි, ඔහු සිටි විලාශයද මා තුළ චකිතයක් ඇති කළේය.

පුරා වසර ගණනාවක් මා අධ්‍යාපනය ලද් මාගේ ගුරුවරයාද එහි විය. ඔහු හිස කෙස් විහිදා දැම්මේය, එය දිගට වවා තිබුනි. බෞද්ධ ආගමෙහි හිස කෙස් බූ ගැසිය යුතුයි යන නීතිය පැවතුනත්, ඔහුට ඒ පිළිබඳ කියනු ලැබුවත් ඔහු එය නොකළේය. ඔහු එයට පැවසු හේතුව මාත් බුද්ධත්වය ලබපු කෙනෙකි මා (බුදුන්ගේ වෙනත් ආත්මයක්* යන බවයි. ඔහු තම උඩු රැුවුලද ඔතා තම සාක්කුවෙහි දමා ගනි. ඔහු මහත් කෙනෙකු වශයෙන් සළකනු ලැබූ කෙනෙකි. එම පස් දෙනා අතුරින් ඔහුද කෙනෙකු වේ. මා සිව්වැනියා ඔහු පස් වැනියා ඔහු ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකි. ඔහු මේ ලෝකයෙහි කුමක් කීවත් සිදුවෙයි යනුවෙන් ජනතාව විශ්වාස කළෝය. මාද එය විශ්වාස කරමින් සිටියෙමි. මා හැම විටම ඔහු ඉදිරියේ ඉතා ගරු සරුවෙන් අත් දෙක බැඳ සිටීමට පුරුදුවී සිටියෙමි. පුරා අවුරුදු හතළිහක් ඔහුගේ දෙපා මුල සිටියෙමි.

ඔහු කෙනෙකු මිය යැයි කියා පැවසුවේ නම්, ඔහු මිය යන බව ජනතාව විශ්වාස කළෝය. ඔහුගේ මන්ත‍්‍ර බලයෙන් එය එසේම සිදුවන බව විශ්වාස කළෝය. නමුත් එසේ විය නොහැක. නමුත් සිදුවන්නේ කුමක්ද? කෙනෙකුට එසේ කී සැනින් ඔහු සිතන්න පටන් ගන්නේ ලොකු පූජකවරයෙකු මා මිය යන බව කීවා, එතැන් පටන් ඔහු ආහාර පාන ගන්නේ නැත, එය සිත සිතාම එම බියෙන්ම ඔහු මිය යන්නේය. ඉස්ලාම් දහම පිළිගැනීමෙන් පසු මේ සියල්ල මුලාව වශයෙන් මට තේරුනි. ආරම්භයේදී මා තුළත් මේ පිළිබඳ විශ්වාසයන් පැවතුනි.

කාරයට නැගීමට මොහොතකට පෙර, මා මෙතෙක් විස්තර කළ මාගේ ගුරුවරයා පොළොවේ සිට වැළි ටිකක් රැුගෙන මා දෙසට විසි කර, නුඹට මා දින නියම කළමි. මෙතැන් සිට දින 117 ක් ඇතුළත නුඹේ දකුණු කකුල හා දකුණු අත අකී‍්‍රය වනු ඇත. තවද නුඹ මිය යනු ඇත යනුවෙන් ශාප කළේය.

ඉස්ලාම් දහම පිළිගෙන දින 10 ක් හෝ 15 ක් පමණයි ගතවෙමින් තිබුනේ. නමුත් ඔහුගේ ප‍්‍රකාශයෙහි සීයට හැටක ප‍්‍රමාණයක විශ්වාසයක් මා තුළ පැවතුනි. මන්ද මා ඉස්ලාම් දහමට නවකයෙක්. මිය යෑම පවා ප‍්‍රශ්නයක් නැත නමුත් මාගේ ගුරුවරයා මාගේ වම් අත හා වම් කකුල අකී‍්‍රය වන බව පැවසීම මා තුළ වද දෙන්නට විය. නමුත් දවස් ගෙවෙන්න, ගෙවෙන්න ඔහු කෙරෙහි ඇති විශ්වාසය සීයට හතළිහක් වශයෙනුත්, අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසය සීයට 60 ක් වශයෙනුත් වැඩි විය. නමුත් මා තුළ බියක් දිගටම පැවතුනි. තවද ඔහුගෙන් මට දිගටම තර්ජනද පැමිණෙමින් තිබුනි. දින 40 ක් දැන් ගතවී හමාරයි, දින 50 ක් ගතවී හමාරයි, දින 60 ක් ගතවී හමාරයි යනුවෙන් ඔහු මා තර්ජනය කරන්නටද විය. දින 100 ක් දක්වා මාද ගණිමින් සිටියෙමි. නමුත් ඉන් පසු මට තිබුනු කාර්්‍ය බහුලත්වය නිසා ගැනීමට අමතක විය. ඉන් පසු පැමිණී දින කිහිපය ගැනීමට අමතක කළෙමි. එම කාලය තුළ වෙනත් රාජ කාරි වැඩි විය. මෙම රටෙහි සිට වෙනත් රටකට පියාසර කරන්නට සූදානම් වෙමින් සිටියෙමි. නමුත් මාගේ අතේ තියෙන්නේ රුපියල් 65ක් පමණයි.

මා ඉස්ලාමයට පිළිගන්නා විට සියල්ල අත්හැර දමා තනි පුද්ගලයෙකු වශයෙනුයි පැමිණුනේ. මා ළඟ තිබුනු සොච්චමත් ගමන් බිමන් සඳහායි. මා ඒ සියල්ල අත්හැර දැමුවේ, සාමාන්‍ය ජනතාව රවට්ටා, මුලාකර උපයපු මුදල්. මන්ත‍්‍ර ගුරුකම් තුළින්, අර වරම් මේ වරම් ලබා දෙන බව පවසා දෙපාවලින් පාගා ආශිර් වාද කිරීමෙන් මෙන්න මේ ආකාරයට ව්‍යාජ ලෙස උපයපු මුදල්, එය සතු කරගැනීම මා පිළිකුල් කළෙමි.

මා ශුද්ධවූ ස්ථානයක් වෙතයි ගමන් කරන්න යන්නේ, අපරාධයෙන් උපයා ගත් එම මුදල් මට අවශ්‍ය නැත. මට ජීවත් වීම සඳහා ආහාර වේලක් ලැබුනොත් ප‍්‍රමාණවත්. මා අල්ලාහ් පිළිබඳ පවසමින් සිටින විට මා මිය ගියා නම් එයයි මගේ සතුට. එම සතුට මට ප‍්‍රමාණවත්.

මට ලෝකය පුරා සංචාරය කරන විට කුමන රටවල්වලට යෑමට අනුමැතිය නොලැබුනේද, එම ස්ථානය බලා යෑමට මට දැන් අවස්ථාව උදාවී ඇත. ජනතාව දැන් හජ් යාඥාව ඉටු කිරීම සඳහා යන කාලයයි. මටත් ඒ වෙනුවෙන් අවස්ථාවක් උදාවී ඇත. හජ් යාඥාව යනු ඉස්ලාමීය මූලික කරුණු අතුරින් එක් කරුණකි. මා සතුව කිසිදු මුදලක් නොවීය, එම ශුද්ධවූ ස්ථානය මේ දෙනෙත් වලින් දැකීමට මට අවස්ථාවක් ලැබී ඇත. මේ මගේ ජීවිතය ස්වර්ණමය අවස්ථාවක් යන සතුට නිසා මා දින ගැනීමට අමතක කළෙමි. දින සීයකට ඉරි ගසා තිබුනි. ඉන් පසු මට ගැනීමට අමතක විය. යළිත් එය බලා සටහන් කර ගත්තෙමි. ඉන් පසු මක්කාවෙහි පිහිටී ශුද්ධවූ එම ස්ථානයෙහි යාඥාවන් නිම කර මා අරෆා කඳු වැටියේ සිටින විට 117 වැනි දින නිම විය. අරෆා දිනය යනු වැදගත් දිනයක් හා එම ස්ථානයද වැදගත්ය.

මට ඉන් පසු මහත් ලොකු මන්ත‍්‍ර ගුරුකම් කරන්නෙකුගේ වචනවලට කිසිම ශක්තියක් හෝ බලයක් හෝ නොමැත. නමුත් මා ඉස්ලාම් දහම නොපිළිගෙන සිටියේ නම් අනිවාර්ේ‍යන් මා මිය යනු ඇත. දින 60 කින්ම මා මිය යනු ඇත හේතුව මා තුළ ආක‍්‍රමණය කරන බිය හා චකිතය නිසාමයි.

ලොකු පූජකවරයෙකුයි මෙම ශාපය කළේ එය හිත හිතාම නොකා නොබී මා මිය යනු ඇත නමුත් ඉස්ලාම් එවැනි විශ්වාසයන් සියල්ල මුලිනුපුටා දමයි. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොර මේ කිසි දෙයක් සිදුනොවෙයි යනු ඉස්ලාමීය දැඩි විශ්වාසයයි. එබැවින් ඔබට මා කියන්නේ අල්කුර්ආනය අධ්‍යයනය කරන්න. ඉස්ලාම් පිළිබඳ දැනුම සොයන්න, එය පිළපදින්න. මට වෙනත් අවස්ථාවක් උදාවූයේ නම් මීටත් වඩා පුළුල්ව මා කරුණු පහදා දීමට කැමැත්තෙන් සිටිමි.

සකස් කිරීම: අබූ අස්මා

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *