වත්මන් ඉස්ලාමීය ලෝකය තුළ නොදන්නා කෙනෙකු නැත යන තරමට ප‍්‍රචලිත වී සිටින ප‍්‍රවීන ඉස්ලාමීය විද්වතෙකු වන බිලාල් ෆිලිප්ස් නම් චරිතය, වසර 40 කට පෙර සමාජවාදියෙකු වශයෙන් තමන්ව හඳුනාගත්, කළු ජාතිකයින් වෙනුවෙන් ඇප කැපවී සිටි චරිතයකි. එතුමන්ගේ ජීවිතයෙහි මෙතරම් සහ විපර්්‍යාසයක් ඇති කිරීමට තුඩු දුන් හේතූන් මොනවාද?

බිලාල් ෆිලිප්ස් කිතු පවුලක උපත ලැබූ කෙනෙකි. කි‍්‍රකට් ක‍්‍රීඩාවට ප‍්‍රසිද්ධියක් උසුලන බටහිට ඉන්දිය කොදෙව් දූපතෙහි පිහිටා ඇති ජමෙයිකා නම් නගරයෙහි 1947 දී උපත ලැබුවේය. ඔහුගේ දෙමාපියන් දෙදෙනාම වෘත්තියෙන් ගුරුවරුන් විය. ඔහුගේ මුත්තා බයිබලය හදාරා කිතු ප‍්‍රචාරයන්හි නිරතවූ කෙනෙකු විය.

බිලාල් ෆිලිප්ස්ගේ පවුලේ උදවිය පරාර්ථකාමි හැඟීමෙන් යුතු වූ අතර, බල කිරීමකින් තොර තම මවත් සමග සෑම සති අන්තයකම පල්ලියට ගොස් ඒමේ පුරුද්ද ඔහුට විය.

ෆිලිප්ස්ට වයස අවුරුදු 11ක්ව පවතින විට ඔහුගේ පවුලේ උදවිය කැනඩාව බලා යන්නට විය. එවකට කැනඩාවෙහි ජීවත් වූ බහුතරයක් යුරෝපයෙහි හා වෙනත් රටවල් වල සිට පැමිණී උදවිය විය. යුරෝපයට හිමි කම් කියන අප කැනඩාවෙහි උසස් ජාතීන් යන උඩඟුකම හා මමත්වය ඔවුන් තුළ පැවතිනි. මෙය කුඩා ළමයෙකුවූ ෆිලිප්ස්ගේ සිත් තුළ තදින් බලපාන්නට විය.

මිනිසුන් අතර සමානව නොසැළකීම ෆිලිප්ස් තුළ ලොකු බලපෑමක් ඇති කළේය. ෆිලිප්ස්ගේ දෙමාපියන් කෙතරම් වෙනස් කම් වලට මුහුණ පෑවේද යනු ඔවුන් විස්තර කළේය. මා අත් දුටු දේට වඩා මාගේ දෙමාපියන් පාසැල් අවදියේදි බොහෝ අසාධාරණ කම් වලට මුහුණ දුන්හ යනු මා පසුව ඔවුන්ගෙන් දැනග්තෙමි යනුවෙන් ෆිලිප්ස් කියයි.

කැනඩාවෙහි ජීවත්වූ කාල වකවානුවෙහි මුස්ලිම් සමාජයත් සමග කිසිදු සම්බන්ධකමක් ඔහුට නොතිබිනි. ෆිලිප්ස්ගේ දෙමාපියන්ට කැනඩාව හා කොළඹ යන ගිවිසුමක් මත මැලේසියාවෙහි ගුරු පත්වීමක් ලැබිනි. ප‍්‍රථම වරට මුස්ලිම් සමාජයත් සමග ඇසුරක් ඔහුට ලැබෙන්නේ එහි සිටින විටයි. කැනඩාවට වඩා මැලේසියාව තරුණ ෆිලිප්ස්ට සතුට ගෙන දෙන්නට විය. නමුත් මැලේසියාව මුස්ලිම් රටක් යන්නට කිසිදු සළකුණක් ඔහුට නොපෙනුනි.

 බි‍්‍රතාන්‍යය යටත් විජිත පාලනය යටතේ මැලේසියාව පැවතීම නිසා එම සළකුණු එහි පෙනෙන්නට විය. ෆිලිප්ස්ගේ මිත‍්‍රයින් වශයෙන් ඉංග‍්‍රීසි දන්නා ගුරුවරුන් හා ඉංග‍්‍රීසි දන්නා මැලේසියානුවන් සිටියේය. ”රාක්” සංගීත කණ්ඩායමක් ඇති කර වෘත්තියක් වශයෙන් ගිටාර් වාදනය කරමින් ෆිලිප්ස් කාලය ගත කළේය.

මැලේසියාවෙහි සිටින කාල වකවානුවෙහි ෆිලිප්ස්ගේ දෙමාපියන් ඉන්දුනේසියානු මුස්ලිම් දරුවෙකු හදාගන්නට විය. ෆිලිප්ස්ගේ මවට ඉස්ලාම් පිළිබඳ සාමාන්‍ය දැනුමක් පැවතුනු නිසා එම දරුවාට සලාතය හා උපවාසය කරන ආකාරය පිළිබඳ කියා දුන්නේය. වරක් තම අළුත් ආගන්තුකයා සලාතය කරන එම දර්ශනය දුටු ෆිලිප්ස්ට, ඔහු අමුතු චරිතයක් යන හැඟීම පමණක් පහළවිය. එනමුත් ඔහුගේ ප‍්‍රතිපත්තීන් හා විශ්වාසයන් පිළිබඳ දැනගැනීමට තරම් ඔහුට උනන්දුවක් නොවීය.

ෆිලිප්ස් අධ්‍යාපනය ලබාගැනීමට එතරම් කැමැත්තක් නොදක්වා සංගීතය, ඒ වගේම තම සයිකලයෙන් කරක් ගැසීමට වැඩි අවදානයක් යොමු කිරීම නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. එබැවින් ඔහුගේ දෙමාපියන් යළිත් වරක් ඔහුව කැනඩාවෙහි පිහිටී සයිමන් බිරේසර් විශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපයන ලබාගැනීම සඳහා එව්වේය.

කැනඩාවෙහි 60 දශක අවසානයෙහි 70 දශකයේ මුල් අවදිය වන විට ශිෂ්‍ය සංගම් ප‍්‍රබල ලෙස කි‍්‍රයා කරන්නට විය. ෆිලිප්ස්ද එහි කි‍්‍රයාකාරි සාමාජිකයෙකු වශයෙන් තමන්ව බඳවා ගත්තේය. එවකට අලෙන්කින්ස්මේර්ක් තවද තිමෝති ලීයරියි වැනි ප‍්‍රබලයන් විසින් මත් ද්‍රව්‍ය හා හිප්පි සංවිධානය ප‍්‍රචලිත වෙමින් පැවතුනි, ගුරුවරු විසින්ම මත් ද්‍රව්‍යන් මිශ‍්‍ර කළ සිගරට් ශිෂ්‍යන්ට පිරිනමා එය සියළු අය බීමෙන් පසු විෂයයන් ඉගැන්වීම ආරම්භ කරන ලදි.

මෙවැනි පසුබිමක් තුළ පිලිෆ්ස් මා වෛද්‍යවරයකු හා කලාවේදියෙකු විය යුතුයි යනු සිහින මවන්නට විය. මේ සඳහා පිලිෆ්ස් ජීව රසායන විද්‍යාව (Bio – chemistry) නම් විෂය තෝරාගත්තේය. කලා විශ්ව විද්‍යාලයකින් ආධාර මුදලක් ද ඔහුට ලැබිනි.

ෆිලිප්ස් තම සිහිනය සැබෑ කරගැනීමට පෙරාතුවම ශිෂ්‍ය දේශපාලනය තුළ ප‍්‍රබල කි‍්‍රයාකාරි සාමාජිකයකු විය. තමන්ගේ තරුණ අත්දැකීම් තුළින් බටහිර ලෝකය තුළ පවතින අඩු ලූහුඬුකම් පිරිමැසිය යුතුයි යනු ඔහු අධිටන් කළේය.

ගුරුවරු පංති කාමරවල සමාජවාදය හඳුන්වා දුන්හ. පිලිෆ්ස් කාල් මාක්ස් පිළිබඳ පුළුල්ව හැදෑරුවේය, ෆිල්ප්ස් ඔහුව මාක්ස්වාදියෙකු හා ලෙනින් වාදියෙකු යනුවෙන් හඳුනාගත්තේය.

නියම මාක්ස්වාදියෙකු හා ලෙනින් වාදියෙකු වශයෙන් තමන්ව හඳුනාගත් ෆිල්ප්ස්, කාල් මාක්ස්ගේ නිර්මාණයන් සියුම්ව කියවන්නට පටන් ගත්තේය. සමාජයෙහි යම් විපර්්‍යාසයක් කළ හැකි සංකල්පය වශයෙන් සමාජවාදය පිළිගනු ලැබිනි. අසාධාරණය තුරන් කර සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමට සහතිකයක් මේ සංකල්පය තුළින් දෙන ලද අතර, මෙම වෙනස් කම් විප්ලවයකින් කළ හැකි බවත් ඔවුන්ට උගන්වන ලදි යනුවෙන් ෆිලිප්ස් පවසයි.

කළු ජාතීන් මුහුණ දෙන ප‍්‍රශ්නවලට දේශපාලන විසඳුමක් අවශ්‍යයි යන පිපාසය ඔහු කැලිෆෝර්නියාව කරා යන්නට බාධාවක් නොවීය. (එම පිපාසය ඔහු කැඳවාගෙන ගියේය) එහි කළු කොටි (බ්ලැක් බේන්තර්ස්) වැනි කළු ජාතීන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමග ෆිලිප්ස් තමන්වද බඳවා ගත්තේය. එම අත්දැකීම් පිළිබඳ ෆිලිප්ස් පවසන විට මෙම සියළු සංවිධාන කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වේ. මෙහි ප‍්‍රබල නායකයන් වූයේද කළු ජාතීන්ය, එම යුගයෙහි කළු ජාතීන් මහත් අසාධාරණයන්ට ලක්වූ ජාතියක් විය. එබැවින් ඔවුන්ගේ හඬ නිදහස වෙනුවෙන්, තම අයිතීන් වෙනුවෙන් රැව් පිළිරැව් දෙන්නට විය. එනමුත් සුදු ජාතීන්ගේ පාසැල්හි අධ්‍යාපන ලැබූ සුදු ශිෂ්‍යන් පවා මෙම සංවිධානයන්ට තම පූර්ණ සහයෝගය ලබා දුන්නේය. ඉන් පසු මෙම සියළු පාර්ශ්වයන් සටන් ව්‍යාපාරවල නිරතවූහ. කාන්තා නිදහස් ව්‍යාපාර යනුවෙන් සම ලිංගික සේවණ සංවිධානයන් බිහිවෙන්නට පටන් ගත් බව ෆිලිප්ස් පවසයි.

කාලය මෙසේ ගතවීමත් සමග තමන් තුළ යම් පිළිකුල් බවක් ඇති වූ බව පිලිෆ්ස් පවසයි. සංවිධානවල සිටී බහුතර සාමාජිකයන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටියේය. ආරක්‍ෂක වැඩවලට යනු පවසා ජනතාවගෙන් ආධාර එකතු කර එම මුදල සාදයන්, මත් ද්‍රව්‍යන් සඳහා වැයකරන්නට පටන් ගත්හ. ජනතාවගේ ආධාරවලින් යැපෙන්නන් බවට මොවුන් පත්වූහ. මේ සියල්ල ෆිලිප්ස්ගේ සිත් තුළ දැඩි කලකිරීමක් ඇති කළ කි‍්‍රයාවන් විය.

මෙම කාල වකවානුවෙහි ”නේෂන්  ඕෆ් ඉස්ලාම්” යන නමින්ද කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් සංවිධානයක් පැවතුනි. මොවුන් කළු මුස්ලිම් වරු යනුවෙන් අමතන ලදි. මෙම සංවිධානයේ නිර්මාතෘවරයා වූයේ ”එලිජා මුහම්මද්” ඉස්ලාමීය නම ඔවුන් භාවිතා කළත් සැබෑ ඉස්ලාමීය ප‍්‍රතිපත්තිවලින් ඔවුන් මුළුමනින් වෙන්ස් වී සිටියේය.

කළු ජාතීන් පරිශුද්ධ වන්තයින්, සුදු ජාතීන් යක්කු යනුවෙන් එලිජා ප‍්‍රචාරය කළේය. දෙවිවරු අතුරින් මහත් දෙවිවරයා තමන්ට ඇවිත් උපදෙස් කළ බවත්, තමන් දෙවියන්ගේ දූතවරයා බවත් එළිජා හා එහි සාමාජිකයින් ප‍්‍රචාරය කරමින් සිටියේය.

එලිජා මුහම්මද්ගේ සංවිධානයෙහි සාමාජිකයකුව සිට පසුව එයින් පිටත්වූ මැල්කම් එක්ස්ගේ ස්වයං චරිතාපදානය යන කෘතියට ජනතාව අතර හොඳ පිළිගැනීමක් තිබුනි. නේෂන් ඔෆ් ඉස්ලාම් සංවිධානයෙහි ඉතා වැදගත් සාමාජිකයකු වූ මැල්කම් එක්ස් සැබෑ ඉස්ලාම් පිළිබඳ නිසි දැනුමක් ලබාගැනීමෙන් පසු එම සංවිධානයෙන් ඉල්ලා අස්වී ඉස්ලාම් දහම පිළිගත්තේය. මෙම සිද්ධිය වී මාස හයක් ගත වීමටත් පෙර මැල්කම් එක්ස් ඝාතනය කරනු ලැබිනි. සැබෑ වූ ඉස්ලාම් දහම තමන්ට තිබුනු කථීක හැකියාවෙන් ප‍්‍රචාරය කිරීමට පෙරම මැල්කම් එක්ස් ඝාතනය කරනු ලැබුවේය. එබැවින් ඔහුගේ ස්වයං චරිතාපදානය කියවූ උදවියට පමණක් ඔහුගේ ගමනෙහි වැදගත්කම පිළිබඳ අවබෝධකරගන්නට හැකිවූයේය.

මැල්කම් එක්ස්ගේ ස්වයං චරිතාපදානය කියවූ ෆිලිප්ස්, නේෂන් ඔෆ් ඉස්ලාම් සාමාජිකයින්ගේ ආගමික ස්ථානයට දවසක් පැමිණියේය. එම සංවිධානයෙහි සාමාජික කාන්තාවන් වැදගත් විදිහට ඇඳුම් ඇඳ සිටීම ඔහු ආකර්ෂණය කළත් එම සංවිධනායෙහි ප‍්‍රතිපත්තීන් පළක් නැති බව ෆිලිප්ස් සිතුවේය.

1975-හි එලිජා මුහම්මද් මිය යෑමත් සමග, ඔහුගේ පුතා වරීදුද්දීන් මුහම්මද්, නේෂන් ඔෆ් ඉස්ලාම් සංවිධානයෙහි මූලික වෙනස්කම් රාශියක් කළේය. කාලෝචිතව කරනු ලැබූ මෙම වෙනස් කම් නිසා නේෂන් ඔෆ් ඉස්ලාම් සංවිධානය අන්තවාදී සංවිධානයක් යන තත්ත්වයෙන් මිදී, සැබෑවු ඉස්ලාමීය සංවිධානයක් අසලට ගෙන ඒමට ඔහු සමත්විය.

කළු ජාතීන්ගේ පරම අභිලාෂයන් ඉටු කරගැනීමෙහිලා ඇමෙරිකාවෙහි කි‍්‍රයාත්මක වූ කළු ජාතීන්ගේ සංවිධාන කිසිදු පිටුවහලක් නොවනු ඇත යනුවෙන් සිතූ පිලිෆ්ස්, ඇමෙරිකාවට පැමිණී අරමුණ මුදුන්පත් කරගැනීමට නොහැකී බව සිතා යළි කැනඩාවටම යන්නට විය.

විශ්ව විද්‍යාලයෙහි අවුරුදු දෙකක කාලයක් නිම කර සිටී පිලිෆ්ස්, අධ්‍යාපනය දිගටම පවත්වාගෙන යෑමට නොහැකිව එයින් පිටත්විය. ටොරන්ටෝව මුල්කොට ගෙන කි‍්‍රයාත්මක වෙන සමාජවාදි පක්‍ෂයක තමන්වද සාමාජිකයකු කරගත්තේය.

70- දශක ආරම්භයෙහි ඇමෙරිකාවෙහි සිට හා බටහිර ඉන්දිය කොදෙව් දූපතෙහි සිට කළු ජාතීන් වැඩි සංඛ්‍යාවක් කැනඩාවෙහි පදිංචිවෙන්නට පටන් ගත්හ. පවතින සමාජ ක‍්‍රමය තුළ කළු ජාතීන්ගේ තත්ත්වය පිළිබඳ ඔවුන්ව දැනුවත් කිරීමේ කර්තව්‍යයෙහි බිලාල් හා එම සංවිධානයෙහි සාමාජිකයින් නිරතවෙමින් සිටියේය.

කළු ජාතීන්ට අසාධාරණයක්වූ  කැනේඩියානු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාවය පිළිබඳ ද කළු ජාතීන් දැනුවත් කරමින් සිටියේය. සාමජවාදි සංවිධානය පවත්වන හමුවල පිලිෆ්ස් අප‍්‍රිකානු ඉතිහාසය පිළිබඳ හා, සමාජ සංවිධාන පිළිබඳ ද පහදා දුන්නේය. තමන්ට ඇති සහජ සංගීත හැකියාව පෙන්වමින් පිලිෆ්ස් තම සංවිධානයට මුදල් එකතු කළේය. ඔහුගේ සිතුවම් ඇඳීමේ හැකියාවද මේ වෙනුවෙන් භාවිතා කරනු ලැබිනි. තම කලාත්මක හැකියාව, දේශපාලන විකට චිත‍්‍ර නිර්මාණ කිරීම සඳහා, දේශපාලන ප‍්‍රචාරක පුවරු නිර්මාණය කිරීම සඳහාද ඔහු භාවිතා කළේය.

පිලිෆ්ස් කොමියුනිස්ට් වාදය කෙරෙහි දැඩි සේ ඇළුම් කරන්නට විය. වෘත්තීය අවස්ථාවන්ගෙන් සමන්විත ඇමරිකාව වැනි රටක විප්ලවයක් ඇති කිරීමට නම් චීනයෙහි හා රුසියාවෙහි අනුගමනය කරනු ලැබූ ක‍්‍රම උපායන් පළක් නොදෙනු ඇත. එබැවින් නව ක‍්‍රම උපායන් ඒ සඳහා සෙවිය යුතුයි යනු එවකට පැවතුනු දේශපාලන චින්තනය විය. චීනයෙහි හා රුසියාවෙහි විප්ලවය ඇති වීමට මහත් රුකුලක් වූයේ ගම්බද ජීවත් වූ ගොවීන් ය. නමුත් උතුරු ඇමෙරිකාවෙහි නාගරික පෙදේස්වල සිට සටන් ව්‍යාපාර දියත් කළ යුතු බවත්, මෙය නාගරික ගරිල්ලා සටනක් වශයෙන් පැවතිය යුතුයි යනුවෙන් එවකට සාකච්ඡාවට බඳුන් වූ ප‍්‍රධාන මාතෘකාවන් විය.

නාගරික ගරිල්ලා සටන් ක‍්‍රමය සාර්ථක වීමට නම් නගර මායිම්වල කඳවුරු බැඳිය යුතු අතර, මෙම කඳවුරු ජංගම ඒවා විය යුතු බවත් පිලිෆ්ස්ගේ සංවිධානය උපක‍්‍රම යෙදූහ. මෙම සටන් ව්‍යාපාරයෙහි වාහන අත්‍ය අවශ්‍ය වූ අංගයක් බව සළකනු ලැබිනි. වාහන පිළිබඳ කාර්මික දැනුම තිබීමත් අවශ්‍ය බව තීරණය කරන ලදි. එබැවින්, වාහන කාර්මික අංශය පිළිබඳ දැනුම ලබා ගැනීම සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයකට පිලිෆ්ස් ගියේය.

පිලිෆ්ස්ගේ දේශපාලන වැඩ කටයුතු වලට ඔහුගේ දෙමාපියන්ගෙන් දැඩි විරෝදයක් මතුවිනි. දේශපාලනය පිළිබඳ පිලිෆ්ස්ගේ පියා හා පිලිෆ්ස් අතර දැඩි සංවාදයන් විටින් විට හටගත්තේය. තත්ත්වය උග‍්‍රවන විට ඇගේ මව මැදිහත්වී සමතයට පත්කරන අවස්ථාද එමටය. තාවකාලිකව තම නිවසෙහි නවාතැන් ගත් පිලිෆ්ස්, පසුව තම නිවසින් පිටත් වී තමා මෙන් යොවුන් වියෙහි පසුවූ තරුණයින් සමග පොදු සමාජ ශාලාවෙහි නවාතැන් ගත්තේය.

කාලයක් ගත වීමත් සමග තමන් සමග වැඩ කරන්නන්ගේ කි‍්‍රයා කලාපය හා තම කි‍්‍රයා කලාපයන් අතර පැහැදිළි වෙනසක් ඔහු දැක්කේය. මෙම පරස්පරතාවයන් බහුලව පැවතුනේ විනයත් සමග බැඳුනු කරුණු වලයි. තම සගයන් අළුත් සමාජයක් ගොඩ නැගීමට පෙරුම් පිරුවද තමන්ව වෙනස් කරගැනීමට ඔවුන් සූදානම් නැති බව පිලිෆ්ස් දුටුවේය.

සමාජවාදය පිළිබඳ සමහර ප‍්‍රශ්න ඔහුගේ සිත් තුළ යම් තෙරපීමක් ඇතිකළේය. මෙහි ඉතා වැදගත් වූයේ, අළුත් සමාජයක් බිහිකිරීම සම්බන්ධයෙන් පවතින සමාජවාදයෙහි හැකියාව පිළිබඳවයි. කොමියුනිස්ට් වාදය හා, සමාජවාදය ඉදිරියෙහි විනය පිළිබඳ න්‍යායන් තිබෙන බව නොපෙනුනි. බහුතරයක් මත් පැන් පානය, සම ලිංගික සේවනය, බාල අතවරයන් ආදී කි‍්‍රයාවන් විනයත් සමග සම්බන්ධවූ කරුණු ලෙස පිළිගැනීම නිසා එවැනි කි‍්‍රයාවන් කිසිදු බාධාවකින් තොර නිදහසේ සිදුවෙමින් පැවතුනු බව පවසන පිලිෆ්ස් මෙය මා බොහෝ සේ කළ කිරීමට ලක්වූ හේතූන් විය.

මෙම කාල වකවානුවෙහි ගරිල්ලා සටන් ක‍්‍රමය හැදෑරීම සඳහා චීනය බලා යෑමට පිලිෆ්ස් තීරණය කළේය. මෙයට අවශ්‍ය කරන උපදෙස් ඔහු එක්රැස් කරමින් සිටින විට, තමන් නියෝජනය කළ සමාජවාදි සංවිධානයෙහි මධ්‍ය කාරක සභාවෙහි උසස් සාමාජිකාවක් වශයෙන් හා කොමියුනිස්ටි සංකල්පය තුළ ප‍්‍රබල සාමාජිකාවක් සේ සිටී කාන්තාවක් ඉස්ලාම් දහම වැළඳගත් පුවත පිලිෆ්ස්ට ආරංචි විය. මෙම කාන්තාව ඉදිරිපත් කළ මාර්ක්ස්, ලෙනින් වාදය පිළිබඳ අදහස් කෙරෙහි පිලිෆ්ස් බොහෝ දුරට ආකර්ෂණය වී සිටියේය. නමුත් දැන් ඇය ඉස්ලාම් දහම වැළඳගත් පුවත ආරංචි වී ඉස්ලාම් ඇයව කෙසේ ආකර්ෂණය කරන්නට ඇත්ද? යනු දැනැගනීම පිණිස පිලිෆ්ස් ඉස්ලාම් පිළිබඳ පොත් පත් කියවන්නට පටන් ගත්තේය.

ඊජිබ්තුවෙහි කි‍්‍රයාත්ම වෙමින් තිබුනු ”ඉහ්වානුල් මුස්ලිමූන්” යන මුස්ලිම් සහෝදරවරුන්ගේ සංවිධානයෙහි ඉතා ප‍්‍රබල නායකයකු වූ සෙයියිද් කුතුබ්ගේ සහෝදරයා මුහම්මද් කුතුබ් ලියූ “Islam The Misunderstood Religion” (වරදවා තේරුම් ගත් දහම ඉස්ලාම්) යන කෘතිය ප‍්‍රථමයෙන් පිලිෆ්ස් කියවන්නට විය.

මුහම්මද් කුතුබ්ගේ මෙම කෘතිය, සමාජීය, ආර්ථීක, සාරධර්ම කෝනයන්ගෙන් ඉස්ලාම් සමාජවාදය, කොමියුනිස්ට් වාදය වෙනත් ධන වාදයත් සමග සංසන්දනාත්මකව ගවේෂණයක් කර තිබුනි. අධ්‍යාත්මික වශයෙන් පමණක් අවදානය යොමු කරන කෙනෙකුට මෙම කෘතිය වැදගත් නොවූවත්, පිලිෆ්ස් වැනි දේශපාලන පන්නරයක් තුළ වැඩුනු අයට ලොකු බලපෑමක් කරන කෘතියක් වශයෙන් මෙය පැවතුනි.

බටහිර සමාජය තුළ සමාජීය, ආර්ථීක විප්ලවයක් ඇති කිරීමට ඉස්ලාම් පමණයි එකම විසඳුම යන විශ්වාසය පිලිෆ්ස් තුළ තදින්ම ඇති කිරීමට මුහම්මද් කුතුබ්ගේ මෙම කෘතිය බොහෝ දුරට සමත්විය. ඉස්ලාම් පිළිබඳ ඉංග‍්‍රීසියෙන් නිමවූ හැම කෘතියක්ම පිලිෆ්ස් කියවන්නට පටන් ගත්තේය. දෛනික, සමාජීය, ආර්ථීක විප්ලවයක් පුද්ගලයන් තුළ ඉස්ලාම් ඇති කිරීම දැක පිලිෆ්ස් මවිතයට පත්විය.

මුස්ලිමෙකු වීමට නම් සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. සම්පූර්ණ නොවූ වෙනසකින් කිසිදු පළක් නැත යන තීරණයකට පිලිෆ්ස් එළඹිය. ”මාගේ ජීවිතය එදා පටන් යම් පාලනයකිනුයි පැවතුනේ. එබැවින් ඉස්ලාම් පනවන විනය ගරුක සීමාවන් මට බාධාවක් නොවීය. නමුත්, ඉස්ලාම් දහමට ඇතුල් නොවී සිටීමට ෙෂෙතාන් විවිධ බාධාවන් ඇති කළේය. එම කාලයෙහි ඉඳ හිට හෝ මත් පැන් පානය කිරීමේ, දුම් පානය කිරීමේ පුරුද්ධක් මට තිබුනි. මෙවැනි ආශ්වාදයක් ගෙන දෙන කි‍්‍රයාවලින් නුඹ මිදෙන්නෙද්? මෙවැන් අවස්ථා නුඹ අත්හරින්නටද යන්නේ? යන හඬක් මා තුල රැව් පිළිරැව් දෙමින් තිබුනි. මෙය මා තුළ යම් පීඩනයක් ඇති කළ අතර මාගේ ඉස්ලාමීය වෙනසට ද යම් ප‍්‍රමාදයක් ඇති කළ බව පිලිෆ්ස් කියයි.

දේශපාලනික වශයෙන් ඉස්ලාමීය චින්තනයන් ඔහු තුළ ලොකු විපර්්‍යාසයක් ඇති කළ, නමුත් අධ්‍යාත්මික වශයෙන්, දෙවියන්, ජින්වරුන්, දේව දූතයින් පිළිබඳ ඉස්ලාමීය ප‍්‍රතිපත්තීන් පිළිගැනීම පිලිෆ්ස්ට තරමක් දුරට අපහසු විය.

පිලිෆ්ස් පවසයි: ”මාගේ සිතෙහි දෙවියන් පිළිබඳ අපැහැදිළි දර්ශනයක් පැවතුනි. නමුත් එයද දෙවියන්ව මුළුමනින් ප‍්‍රතික්‍ෂේප කිරීමට උගන්වන කොමියුනිස්ට් වාදය නිසා මාගේ සිතෙන් මුළුමනින් සේදී ගොස් තිබුනි. මාගේ විද්‍යාත්මක පසුබිමත් දෙවියන් පිළිගැනීමට මට බාධාවක් විය.

දිනක් රාති‍්‍රයෙහි පිලිෆ්ස් බයානක හීනයක් දුටුවේය. මෙයින් ඇතිවූ බලපෑම නිසා ශුද්ධවූ අල්කුර්ආනය හොඳින් අධ්‍යයනය කළ යුතුයි යන තීරණයකට පිලිෆ්ස් එළඹිය.

තම සිතෙහි දෙවියන් පිළිබඳ පහළවූ සැකයන්ට නිසි පිළිතුරු ශුද්ධවූ අල්කුර්ආනයෙහි දැක ඔහු මවිතයට පත්විය. ඔහු දුටු හීනයෙහි ඔහු මිය යන බව දැක්කේය. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මතු සඳහන් පාඨය ඔහුගේ සිත තුළ බොහෝ දුරට ලොකු බලපෑමක් කරන්නට විය.

”ප‍්‍රාණයන් මරණයට පත්වන විටත්, මරණයට පත් නොවී ප‍්‍රාණයන් නින්දෙන් පසුවෙන විටත් අල්ලාහ් අත්පත් කරන්නේය. කුමක් සඳහා මරණය නියම කළේද එය තමන් සතුව පවත්වාගෙන, සෙසු (ප‍්‍රාණයන්) නියමිත කාලයක් (ජීවත් වීම) සඳහා මුදවා හරින්නේය. කල්පනා කරන ජනයාට මෙහි විවිධ සාක්‍ෂීන් ඇත.” (ශු අල්කුර්ආනය 39: 42).

ශුද්ධවූ අල්කුර්ආනයෙහි දෙවියන් පිළිබඳ සඳහන් කරුණු ඔහු තුළ දේව විශ්වාසය තදින්ම ඇති කළේය. අවසානයේදී 1972 හි පෙබ්රවරි මස ඉස්ලාම් දහම වැළඳගත් ඔහු තමන්ට බිලාල් යනුවෙන් නම තබාගත්තේය.

ඉස්ලාම් තම ජීවන ක‍්‍රමය වශයෙන් තෝරාගැනීමෙන් පසු සංගීත භාණ්ඩ උපයෝගි කිරීම මුළුමනින් ඔහු අත්හැරියේය. ඒ වගේම සිතුවම් ඇඳීමද ඔහු අත්හැරියේය. තම මුළු කාලයම ඉස්ලාම් පිළිබඳ දැන ගැනීම සඳහාම වැය කළේය. අරාබි මාධ්‍යය හදාරා කෙටි කලකින් අල්කුර්ආනය කියවන තත්ත්වයට තමන් දියුණු කරගත්තේය.

අරාබි මාධ්‍යය හා, ඉස්ලාමීය නීති රීතීන් ඉජිබ්තු ජාතියෙකුගෙන් ඔහු හැදෑරුවේය. මෙම ඉජිබ්තු ජාතිකයාගේ පියා ආගමික විද්වතෙකු වූ අතර, ඉහ්වානුල් මුස්ලිමූන් සංවිධානයෙහි සාමාජිකයකුද විය.

විවිධ කෝනවලින් ඉස්ලාම් පිළිබඳ දැනුම පිලිෆ්ස් ලබා ගත්තේය. නමුත්, ඉස්ලාම්හි කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැළකෙන සවුදි අරාබියාවට ගොස් ඉස්ලාම් දහම හැදෑරිය යුතුයි යන ආශාව ඔහු තුළ විය. මදීනාවෙහි පිහිටී ඇති විශ්ව විද්‍යාලයෙන් ඔහුට අවසර ලැබීමෙන් පසු ඔහු සවුදි බලා පිටත්වී ගියේය.

පිලිෆ්ස් සවුදි අරාබියාවට දැනුම සොයා ගිය අවසථාවෙහි මදීනා විශ්ව විද්‍යාලයෙහි ජීවන තත්ත්වය ඉතා දිළිඳු මට්ටමකයි පැවතුනේ. සෙබළුන් හැර ගිය කඳවුරුයි එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ගේ නවාතැන් වූයේ. දැඩි සීතල කාලයෙහි උණු ජලය හෝ, දැඩි උශ්නත්වය පවතින කාලයෙහි, වායූ සමීකරණ පහසුකම් හෝ ශිෂ්‍යන්ට නොවීය. බිලාල් නවාතැන් ගත් ස්ථානයෙහි දෙවරක් ඔහුව ගෝනුස්සන් දෂ්ට කරන්නට විය. නමුත් අල්ලාහ් කෙරෙහි මුළුමනින් විශ්වාසය තබා තම අධ්‍යාපනික කටයුතු දිගටම පවත්වාගෙන ගියේය.

මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයෙහි බිලාල් අවුරුදු හයක කාලයක් සිප් සතර හැදෑරුවේය. අරාබි දරුවන්ට, ඉංග‍්‍රීසි දැනුම හා කරාටි පුහුණුව ඔහු ලබා දුන්නේය. ඉන් පසු රියාද් හි පිහිටා ඇති ”රජු සවූද්” විශ්ව විද්‍යාලයට එක්වී විශාරද උපාධිය (Master Degree) කළේය. තම දෙමාපියන්ද සවුදි රටට ගෙන්වා ගත්තේය. මිනාරතුල් රියාද් ජාත්‍යන්තර පාසැලෙහි ගුරු වෘත්තිය සඳහා ඔවුන් බැඳුනහ. තම විශාරද උපාධි (Master Degree) පංති සවස් වරුවේ පැවතුනු නිසා බිලාල් තම විවේකි කාලය තුළ මිනාරතුල් රියාද් පාසැලෙහි ඉස්ලාමීය ගුරුවරයකු වශයෙන් කටයුතු කළේය.

පාසැලෙහි බිලාල්ගෙන් ඉටුවූ සේවාව ඉතා මහඟුය. මෙම පාසැලෙහි අධ්‍යාපනය ලබාගත් ළමුන්ගෙන් බොහෝ අය වෙනත් රටවල්වල සිට සවුදි රාජ්‍යට රැකියාවන් සඳහා පැමිණී අයගේ දරුවන් වේ. පාසැල් අධ්‍යාපන ක‍්‍රමය ඉංග‍්‍රීසි දන්නා ශිෂ්‍යන්ට උචිත ආකාරයට බිලාල් සැකසුවේය. විෂයන් සමග සම්බන්ධ පොත් පහක් ඔහු නිර්මාණය කළේය.

බටහිර සංක්ස්කෘතියට ආවැඩූ මුස්ලිම් ශිෂ්‍යන්ගේ සිතෙහි පැන නැගෙන ප‍්‍රශ්න සියල්ලටම බිලාල් තම පංතියේදී පිළිතුරු සපයන්නේය. ශුද්ධවූ අල්කුර්ආනය, හදීස්, තර්කන වාදය තුළින් ඔහු පිළිතුරු දෙයි. තම ගුරු වෘත්තිය පිළිබඳ පවසන විට ”මාගේ ශිෂ්‍යන් අතුරින් 15 සිට 20 දක්වා වූ දරුවන් තම රටවල් වලට ඉස්ලාම් කෙරෙහි පුළුල් විශ්වාසයක් තබමිනුයි හැරෙන්නේ. එහි ගොස් ඉස්ලාමීය ප‍්‍රචාරක කටයුතු හොඳින් කරති. මාගේ ශිෂ්‍යන් අතුරින් සමහරුන් මුස්ලිම් නිවස්වල සිට පැමිණියත් අදේවවාදය ඔවුන් තුළ මුල් බැස ගෙන තිබුනි. පංතිවලට සහභාගි වී දැනුම ලබා ගැනීමෙන් පසු නියම කි‍්‍රයාකාරි මුස්ලිමෙකු වශයෙන් ඔවුන් පරිවර්තනය වීම මා තුළ ඉමහත් සතුටක් ගෙනදෙයි. ඔවුන්ට ඉගැන්වීම සඳහාවූ පෙර සූදානම මට වෙහෙසක් ගෙන දුන්නද මෙම දර්ශනයන් මට ඒ සියල්ල අමතක කර දමයි යනුවෙන් බිලාල් පවසයි.

ෂියියා සංකල්පය පිළිබඳ අල්කුර්ආනය හා අල් හදීසය කෝනයෙන් අරාබි මාධ්‍යයෙන් සැකසුනු කෘතීන් තුනක් ඉංග‍්‍රීසි බසින් බිලාල් පරිවර්තනය කළේය. ”ඉස්ලාම්හි බහු විවාහ ක‍්‍රමය” යන මෑයෙන් තවත් කෙනෙකු සමග එක් වී කෘතියක් ලියා ඇත. ශුද්ධවූ අල්කුර්ආනයෙහි 49 වැනි අල්හුජුරාත් පරිච්ඡේදයට විවරණය, ”ෆික්හ් නීති රීතින්හි පූර්විකාව” ”තව්හීද්” ආදී විවිධ කෘතීන් නිර්මාණය කර ඇත.

බිලාල්ගේ කලාත්මක හැකියාව යළි වරක් හිස එසවූ නමුත්, එය අරාබි විචිත‍්‍ර කළා නිර්මාණය සඳහා පමණක් උපයෝගි කරගත්තේය.

ඉස්ලාම් වෙනුවෙන් ඉටු කිරීමට බොහෝ දේ ඇති බව බිලාල් සිතයි. ශී‍්‍රස්ම සෘතුවේ ඇමෙරිකාවෙහි හා කැනඩාවෙහි ඉස්ලාම් දහම ප‍්‍රචාරය කිරීම සඳහා ඔහු වැය කරයි. මධ්‍ය හා දකුණු ඇමෙරිකාවෙහි, තවද බටහිර ඉන්දිය කොදෙව් දූපත්වලද ඉස්ලාමීය ප‍්‍රචාරය සඳහා කාලය වැය කරයි.
නිවාඩුව ගත කිරීමට කාලයක් නැත. කාලය කෙතරම් කෙටිද යනු ඔබට හැෙඟන විට ඉස්ලාම් වෙනුවෙන් ඉටු කළ යුතු දේ පර්වතයන් මෙන් තිබීම ඔබ දකිනු ඇත. යනුවෙන් පවසන බිලාල් ඉස්ලාම් වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරයි. ඔහුගේ කෘතීන් විවිධ භාෂා වලට පරිවර්තනය වී ඇත. ඉස්ලාම් පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන ඔහුගේ වෙබ් අඩවියක්ද ඇත. එහි ලිපිනය නම්: www.bilalphilips.com

පරිවර්තනය: අබූ අස්මා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *