වහල් යදම් සිඳ……….
කතෘ: යූසුෆ් නියාස්
මේ වූ ආකාරයට ඉතිහාසයේ කළක පැරණි රෝම අධිරාජ්‍යයා හා පර්සියානු අධිරාජ්‍යයා වැජුඹණේය. නව ලොවේ ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වැනි නගර මෙන් ඔවුන් ගේ භෞතික උපකරණවල වෙනසක් සිදුවූවද පහත් හැඟීම් වල වෙනසක් සිදු වූයේ නැත.
ඒ පසුබිම තුළ ඉස්ලාම් ලොවට දායාද කරනු ලැබීය. ඉස්ලාම් එහි දී සදාචාරයේ, පහත් හැඟීම්වල අන්ත පිරිහීමට පත්ව තිබූ මිනිස් සමාජය මුදවා ජීවිතය කිසියම් ප‍්‍රාණයක්, උසස් අරමුණක්, නව හැඟීමක් ගෙන සත්‍ය මාර්ගයකින්, සෘජු මාර්ගයටත් අවතීර්ණ කළේය. ඉස්ලාමීය සෙවණෙහි මිනිස් සමාජය නිසි මගට ගෙන එනු ලැබීය. කිසියම් අසත්‍යවූ බලයක් ඉස්ලාම්හි ගමන් මග ඇහිරීමට නොහැකි විය. මේ ප‍්‍රතිඵල ලෙස මානව සංහතියේ ගමන් මගෙහි සම්පූර්ණ දෘෂ්ඨි කෝණයම වෙනස් වූයේය. මේ හේතුව නිසාම ඉස්ලාම් බොහෝ කළක මානව සමාජයට මඟ පෙන්වන පහන් ටැඹක් වූයේය. නමුත් ඉන් පසු ඉස්ලාම්හි රැුකවලූන් එහි සෘජු ගමන් මෙඟන් පිටත පැනීමෙන් අල්ලාහ්ගේ නියැදිය අනූව බලය, ගෞරවය බිඳී වැටිණ.
නමුත් නව සියවසේ ඉස්ලාමීය නැගිටීම අතීත කාලයෙන් ජීවය ලැබ, අනාගතයට ඉලක්ක කර, වර්තමානයේ ලැබෙන්නාවූ සියලූ සම්පත් උපයෝගී කර ඊට මනෝමය ශක්තිය ලැබී තිබෙන නිසා ඊට පැහැදිළි ජයග‍්‍රහණයක් ඇත්තේය. මානව දෘෂ්්ඨිය මිලේච්ඡු හැඟීම්වලින් බැහැර කර, ඔහුගේ දෙපා භූමියේ ස්ථාවර කර අරමුණු විශ්මයාත්මකව ව්‍යාප්ත කර යම් කලෙක කරනු ලැබුවා වූ වෙනස යලිත් කිරීමට අවශ්‍ය හැකියාව හා ශක්තිය ඉස්ලාමීය සංවිධානය සතුව ඇත.
ඒ කෙසේ වෙතත් ඉස්ලාම් යනු කිසියම් අධ්‍යාත්මික වැඩ සටහන් හෝ අහස පොළොව ගැන පර්යේෂණ කරන්නාවූ සංවිධායක් නොවේ. එය වනාහි ලොවේ සියලූ කි‍්‍රයාකාරිත්වයන් එක්කාසු කරගන්නාවූ සකි‍්‍රය වූ ජීවන ක‍්‍රමයකි. එහි වූ තියුණු අවධියට කිසිම අංශයක් බැහැර නොවේ. මෙහි ඇති විශේෂත්වය කුමක්ද යත්? මිනිසා හා සමාජය අතරත්, දැනුම හා අන්තර් ඥාණය අතරත් යාඥාව හා කි‍්‍රයා කාරිත්වය අතරත් අහස හා පොළොව අතරත් මෙලොව හා එලොව අතරත් කිසියම් අන්තයකට බර නොවී සමතුළිත භාවයක් ඇති කිරීමයි.
ඉස්ලාම් යනු පුහු ප‍්‍රතිපත්ති මාලාවක් හෝ සිද්ධාන්තයක් ද නොවේ. එය වනාහි මානව සංහතියේ අවශ්‍යතා සියල්ල දැන හැඳින එය කි‍්‍රයාත්මක කිරීමට වෙර දරන්නාවූ ජීවන රටාවකි.
ඉස්ලාම් මිනිසාගේ ස්වභාවයට අනුකූළ කිසියම් පාලනයක් සහිත සම්පූර්ණ තුළනයක් ඇති කරන්නේය. මෙය වනාහි යම් මිනිසෙකුගේ ශරීරය හා ආත්මය අවශ්‍යතා අතරත් බුද්ධිය හා හැඟීම් අතරත් කිසියම් තුළනයක් සිදු කිරීමෙන් ආරම්භ වන්නේය. කිසිම අවස්ථාවක එකක් අනික අභිබවා යාමට අනුමත නොකරයි. එසේම අධ්‍යාත්මක උන්නතිය තකා ශාරිරික අවශ්‍යතා සම්පූර්ණයෙන් බැහැර නොකරන ඉස්ලාම් ශාරීරික අවශ්‍යතාවල උවමනා බව තකා මිනිසාට තිරිසනෙකුගේ තත්වයකටද පත් නොකරයි. එහෙයින් ඉස්ලාම් අධ්‍යාත්මය, ශාරීරික අවශ්‍යතාවයට එරෙහිව කි‍්‍රයා කිරීමට නොතබා ඒ දෙකම උසස් තත්ත්වයක මුණ ගැසීමට සලස්වන්නේය. අනෙක් අතට මිනිසා හා සමාජය අතර සමතත්වයක් ඇති කිරීමට වෙහෙසවන්නේය. එය මිනිසෙකු තව මිනිසෙකුගේ උරුමය හෝ තනි සමාජයේ උරුමයන් බිඳ හෙළීමට ඉඩ නොතබයි. එසේම සමාජය තනි මිනිසාට එරෙහිව සීමාව ඉක්මවීමට ඉස්ලාම් අනුමත නොකරයි. එසේම කිසියම් සමාජයක් හෝ පංතියක්, ජාතියක් තවත් ජාතියක් කෙරෙහි ආධිපත්‍ය දැරීමට ඉස්ලාම් ඉඩ නොතබයි. එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධ මෙම සමාජ බලවේග කෙරෙහි කිසියම් පාලනයක් ද විනයක් ඇති කර ගැටීම් නවතා මුළු මානව සංහතියේ උන්නතිය තකා අත්වැල් බැඳ කි‍්‍රයා කිරීමට මඟ සලසා දෙන්නේය. එහෙයින් ඉස්ලාම් අධ්‍යාත්මයට ශරීරයට, බුද්ධියට පූර්ණ ඉඩ සලසා සමාජය ගොඩනැගීමේ සියලූ අමුද්‍රව්‍යයන් සිතට ගෙන ක‍්‍රමානුකූලව හා සම්පූර්ණව හසුරුවන්නේය.
21 වන සියවසට පිය නඟන මානව සංහතියට තව එක් වරමක් ලෙස ඉස්ලාම් දායාද වී ඇත. ලොවේ සියවස් ගණනාවක් ගෙවී ගොස් ඇත. එහිද මීට වඩා ශක්තිමත් බලවත් මිනිස් සමාජයන් ජීවත් වී ඇත. ඔවුන්ට මඟ පෙන්වීමට අල්ලාහ් විසින් මග පෙන්වන්නන් එවා ඇත. මිනිස් සමාජයේ සෑම ප‍්‍රදේශයකම අනාගත වක්තෘන් පහළ වී ඇත. අවසාන වශයෙන් මුහම්මද් නබි (සල්* තුමාණෝ මෙලොවේ ඉපිද, මානව සංහතියේ- ඉලක්කය අරමුණ- හා ඒ හා බැඳී මඟ පෙන්වීම් දායාද කර ඇත. මෙය වනාහි මානව සංහතියේ අවසන් වාරයයි! අවසන් මොහොතයි.
නිමි.
www.yayuthumaga.com