පොදුවේ ගත් කල මිනිස් ක්‍රියාකාරකම්වලින් ස්වායත්තව සිදුවන දේවල් විස්තර කිරීම සඳහා ස්වභාව ධර්මය යන පදය උපයෝගී කර ගන්නේය. එහෙත් කිසිවෙකු ස්භාවධර්මය ක්‍රියාත්මක වන්නේ කාගේ නියමයන් මත දැයි සොයා බලා නැත. මේ නිසා ස්වභාව ධර්මය යනු ඉබේ සිදුවන ක්‍රියා පටිපාටියක් ලෙස බොහෝ අය විශ්වාස කරති. ඇත්ත වශයෙන්ම ස්වභාව ධර්මය ගැන ගැඹුරින් අධ්‍යයනය කලේ නම් එම විශ්වාසය වැරදි බව තේරුම් ගත හැකිය.ඔබ දකින වාහනයක් ඉබේ ඇතිවිය නොහැකිය. ඒ බව කුඩා දරුවෙකු පවා හොඳින් දන්නේය. එසේ නම් ඊට වඩා ඉතා සංකීර්ණ ගසක් ඉබේ ඇතිවිය හැකිද? ඔබ දකින වාහනය කෙනෙකුට සෑදීමට හැකි වුවත් කිසිම විදියකට ඔබ දුටු ගස මැවීමට නොහැකිය. එසේ නම් එය ඉබේ ඇතිවන්නේ කෙසේද? යම් කිසි පෙර සැලසුමක් නොමැතිව දෙයක් ඉබේ සිදුවෙනවා යැයි සිතීම විද්යානු කූල සිතිවිල්ලක්ද? ඒ අනුව ඉහත සඳහන් කල ගස වැඩෙන්නේ ඒ සඳහා කලින් සැලසුම් කොට තිබෙන නිසාය.
බීජයක් පසෙහි දැමු විට එය දිරා නොගොස් පැලයක් හටගැනීම සැලසුමකින් තොරව ඉබේ සිදු විය හැකිදැයි සිතා බලන්න. ලොව වෙසෙන සියළුම විද්‍යාඥයින් එකතුවී උත්සාහ කලත් එවැනි දෙයක් කල නොහැකිය. එසේ නම් එවන් විශ්මිත වුද සංකීර්ණ වුද ක්‍රියාවලියක් අර්ථදැක්වීමට පමණක් සිමා වූ වචනයකින් සිදු විය හැකිද? එවැනි දෙයක් සිදු විය හැක්කේ ඥානාන්විත දෙවිකෙනෙකුගෙන් පමණි.
සුන්බුන් ගොඩක් කොපමණ කාලයක් එක තැන තිබුනත් ඉන් පරිගණයක යාන වාහන ගෙවල් දොරවල් සෑදෙන්නේ නැත. ඒ සඳහා සැලසුමක් සහ බලයක් ක්‍රියාත්මක විය යුතුය. එසේ නම් පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම ඇති උනේ කෙසේද? මේ සඳහා දහමින් මිස සාර්ථක පිළිතුරක් වෙනත් කිසිම ක්‍රමයකින් ලබා දීමට නොහැකිය.
මුහුදේ ගමන් කරන විශාල නැව් ගැන සිතා බලන්න. ඒවා දියේ නොගිලී පාවෙන්නේ යම් බලයක් ක්‍රියාත්මක වන නිසාය. එම බලය ඇති කලේ කව්රුන් විසින්ද? විශ්වය තුල එවැනි තවත් කොපමණ භෞතික නීති තිබේද? අපි විදුලිය නිෂ්පාදනය කරන්නේද මෙවන් නීති වල ප්‍රතිපලයක් හැටියට ය. එපමනක් නොව අපි භාවිතා කරන සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම ක්‍රියා කරන්නේ ඒවා තනා ඇති උපාංග යම් නියමයන් අනුව ක්‍රියා කරන බැවිනි. මෙම නියමයන් ඉබේ ඇති උනාද? නැතිනම් ඒවා වචනයට සිමා වුනු ස්වභාවධර්මයා විසින් ඇති කලාද?
භෞතික නීති හැරුණු විට විශ්වය පුරා ඇති සෑම දෙයක්ම අතිශයින්ම සංකීර්ණ රසායනික සංයෝග වලින් සෑදී ඇත. එම රසායනික සංයෝග ගැන හැදෑරීම පවා ඉතා වෙහෙසකර කටයුත්තකි. එසේ තිබියදී ඒවා ඉබේ ඇතිවිය හැකිද?
ලෝකයේ තිබෙන ජෛව විවිදත්වය දෙස බලන කල ඒවා පිටුපස ඉතා ඥානාන්විත මැවුම් කරුවෙක් සිටින බව කාට නම් ප්‍රතික්ෂේප කල හැකිද? සෑම ජිවියෙකුටම අවශ්‍ය අහාර පාන ඉබේ ඇතිවිය හැකිද? ඒවා නමට සිමාවන ස්වභාවධර්මය විසින් සිදු කල හැකිද?
විශ්වයේ ඇති සෑම නියමයක්ම සමිකරණවලින් ඉදිරිපත් කල හැකි වන්නේ ඒවා යම් කිසි කෙනෙකුගේ සැලැස්මක් අනුව ඇතිවූ නියා ය. එසේ නොවන්නට ඒවා කිසිසේත්ම සමීකරණවලින් ප්‍රකාශ කල හැකිවන්නේ නැත. එසේ නම් ඔහු කව්ද? අර්ථ දැක්වීමට සීමාවූ නොදන්නා ස්වභාවධර්මයා ද නැතහොත් දෙවියන්ද?
මෙම විශ්වය තුල මිනිසාට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. විශ්වය ගැන හැදෑරීමට හැකි බුද්ධියක් මිනිසාට ලබා දී ඇත්තේ දෙවියන් ගැන දැනගැනීමට විය යුතුය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නේ නම් මිනිසාටත් තිරිසනාටත් අතර වෙනසක් තිබිය නොහැකිය.
මිනිසාට දැනුම පමණක් නොව දහමක්ද පහල කොට ඇත. දහම අනුව ක්‍රියා කිරීමෙන් මිනිසාට මෙලොව ජීවිතය පමණක් නොව මතු ජීවිතයේ ජය අත්කර ගැනීමට හැකි වන්නේය.
By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,Jpura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.