මුස්ලිම්වරුන් නමදින්නේ විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා පාලනය කරන්නාවූ අල්ලාහු තආලා හට ය. ඔහු හැර නැමදීම සඳහා වෙනත් කිසිවෙකු නැති බව ඉස්ලාමිය ඉගැන්වීම වේ. ඒ අනුව අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට නැමදීම බලවත් වරදක් වන්නේය.අල් කුරානයේ අල්ලාහ් ගැන ඉතා පැහැදිලිව විස්තර කොට ඇත. එම විස්තර කිරීමට අනුව ඉස්ලාමිය දේව සංකල්පය ඉතා සරල එකකි. ඉස්ලාමිය ඉගැන්වීම අනුව දෙවියන් එක්කෙනෙකු බවත් ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවත් උගන්වා ඇත. කෙසේවෙතත් කිතුනු දහමේ දෙවියන් තුන්දෙනෙකු බවත් තුන්දෙනා එක්කෙනෙකු බවත් කියති. මෙය බොහෝ දෙනෙකුට ගැටළුවක්ව ඇත. තවද යුදෙව් ආගමේ දෙවියන්ට පුතෙක් සිටින බව සඳහන් වන්නේය. හින්දු දහමේ දෙවිවරු තිස්තුන් කෝටියක් ගැන සඳහන්කොට තිබේ. එසේ තිබියදී ඇතැම් ආගම්වල නිවැරදි දේව සංකල්පයක් ඇත්තෙම නැත. ඒ අනුව විශ්වය බිහිවූ අන්දම ඔවුන් විස්තර කරන්නේ නැත.

කෙසේ වෙතත් විශ්වය ගැන හැදැරීමේදී ඊට ආරම්භයක් ඇති බවත් එය මැවූ කෙකෙකු සිටිය යුතු බවත් පැහැදිලිය. මෙය විද්‍යාත්මක සත්‍යයකි. තවද විශ්වය ගැන හැදැරීමේදී එය එක් දෙවිකෙනෙකුගේ නිර්මාණයක් බව විද්‍යානුකූලව පෙනී යන කරුණක් වේ.

දෙවියන්ගේ සෙසු මැවීම් වලට වඩා මිනිසා සහ ජින්වරුන් වෙනස් වන්නේ ඔවුන්ට තීරණ ගැනීමේ හැකියාව ලබා දී තිබෙන නිසාය. තවද එම ජීවින් දෙවර්ගයම මවා ඇත්තේ අල්ලාහ්ට නැමදීමට බව කුරානයේ පැහැදිලිව සඳහන් කොට ඇත. එහෙත් ඔවුන්ට ස්වාධීන තීරණ ගැනීමට අවකාශ ලබා දී ඇත. එය එම ජීවින් සඳහා ලබා දී තිබෙන සුවිශේෂ නිදහසක් වේ. කෙසේ වෙතත් මොවුන් කරන ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමේදී දෙවියන් ඔහුගේ බොහෝ ගුණාංගයන් පෙන්නුම් කරන්නේය. උදාහරණයක් ලෙස සමාව දීම, දඬුවම් කිරීම, කුලිය දීම පෙන්වා දිය හැකිය. වැරදි කරන අය නොසිටියේ නම් අල්ලාහ්ගේ මෙම ගුණාංගයන් විදහා පෙන්වීම සඳහා වෙනත් ජීවී කොට්ඨාසයක් මවන බව හදිස්වල සඳහන් වේ. කරුණු එසේ හෙයින් වැරදි කරන කිසිවෙකු කනස්සල්ලට පත් විය යුතු නැත.

දෙවියන්ට නැමැදිය යුත්තේ ඔහුගේ දුතයානන් වන නබිවරුන් පෙන්වා දුන් ආකාරයට වේ. ඒ අනුව ඉස්ලාමිය නැමදීම ඉතා සරල අකාරයට පෙන්වා දී ඇත. නබිවරුන් විසින් පෙන්වා දී ඇති ක්‍රමයට වඩා වෙනස් ආකාරයකින් නැමදීම  දෙවියන් අනුමත කරන්නේ නැත. ඒ අනුව සෑම නබිවරයෙකුම සිටගෙන ද රුකූ කිරීමෙන්ද සුජුද් කිරීමෙන්ද දෙවියන්ට නමදිනු ලැබේ. මේ අනුව ඉස්ලාමිය වන්දනයේ සෑම ඉරියව්වක්ම ඇතුලත් කොට ඇත.

මුස්ලිම්වරයෙකු නැමදීම කරන විට කුරානයේ පළමුවන පරිච්ජේදය පාරයනය කරීම අනිවාර්ය වේ. එය කොටස් තුනකට බෙදිය හැකිය. එහි මුල්කොටසින් දෙවියන්ගේ ප්‍රශන්ශාව ඇතුළු ඔහුගේ ඇතැම් ලක්ෂණයන් සඳහන් කරන්නේය. එහි පස්වන වැකියේ මෙසේ සඳහන් වේ. “අපි නුඹවම නමදිමු, නුඹගෙන් ම උදව් පතමු”. ඒ අනුව අපි උදව් පැතිය යුත්තේ අල්ලාහ්ගෙන් පමණි. අවසාන වශයෙන් අපට නිවැරදි මාර්ගය පෙන්වා දෙන මෙන් අල්ලාහ්ගෙන් ආයාචනා කරන්නේය. විශේෂයෙන්ම ඔහුගේ කෝපයට පාත්‍ර වුවන්ගේ මාර්ගයෙන් සහ නොමග ගියවුන්ගේ මාර්ගයෙන්ද ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

සෑම මුස්ලිම්වරයෙකුම දිනකට පස්වතාවක් නැමදීම අනිවාර්ය වේ. ඒ අනුව ඉහත සඳහන් කුර්ආන් පරිජ්ජේදය අවම තරමින් දාහත් වතාවක් පරායණය කරනු ලබන්නේය. එමගින් සෑම කෙනෙකුම දෙවියන්ගෙන් නිවැරදි මාර්ගය පෙන්වන ලෙස දිනපතා ආයාචනා කරන්නේය.

By Fasy Ajward.B.Sc(Sp,Phy)Hons.J.pura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *