විනාඩියක මෙම දර්ශනය නරඹා පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් වැකියන් හොඳින් කියවා සර්ව බලසම්පන්න අල්ලාහ්ගේ අසීමිත බලය මැනවින් අවබෝධ කරගන්න. ඔබගේ ජීවිතයෙහි සියළු කටයුතු අල්ලාහ් වෙත බාර කරමින් අධ්ශ්ඨානයෙන් යුතුව ක‍්‍රියා කරන්න.

قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَىٰ قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ

“(ඔවුන් ෆිර්අවුන් වෙත ගොස් පැවසූ වහාම එයට) ඔහු  ඕ මූසා ඔබලා දෙදෙනාගේ දෙවියන් කවුදැයි ඔහු විමසුවේය. එයට මූසා කවුරුන් සෑම වස්තුවකටම (එයට අයත්) ස්වභාවය දී, එයට අයත් මාර්ගයද දැනුම් දුන්නේද ඔහු අපගේ දෙවියන්යැයි කීවේය”. (තාහා 20: 49, 50).

وَكَأَيِّنْ مِنْ دَابَّةٍ لَا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

“තමන්ගේ ආහාරය උසුලාගෙන නොයන කොපමණදෝ සතුන් සිටින්නේය. ඒවාටත්, ඔබටත් අල්ලාහ්ම ආහාර සපයන්නේය. ඔහු සියල්ල හොඳින් සවන් දෙන්නා හා ඉතා ඥානාන්විතයාය”. (අල් අන්කබූත් 29: 60).

وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا كُلٌّ فِي كِتَابٍ مُبِينٍ

“තම යැපීම අල්ලාහ් මත මිස, කිසිම ජීවියෙක් මහපොළොවෙහි නොසිටීයි.  තවද රැඳෙන තැනද, අවසානයේ එය (මිය ගොස්) සැතපෙන තැනද, ඔහු(අල්ලාහ්) දනියි. සෑම දෙයක්ම පැහැදිලි ලේඛනයක සටහන් වී ඇත”. (හූද් 11: 6).

يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ لَا إِلَهَ إِلَّا هُوَ فَأَنَّى تُؤْفَكُونَ

“ජනයිනි, අල්ලාහ් නුඹලාට පිරිනමා ඇති අනුග්‍රහයන් සිහිපත් කරනු. නුඹලාට අහස්වලින් සහ මහපොළොවෙන් අවශ්‍ය දෑ සපයන අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවෙක් සිටීද? ඔහු හැර වෙනත් දෙවියකු නැත. එනිසා නුඹලා කෙසේ රවටවනු ලබන්නේද?” (ෆාතිර් 35: 3).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *