පිළිතුර: තමන්ව අල්ලාහ් දෙවියා විසින් මවනු ලැබුවේ කුමක් සඳහාද යනු අවබෝධ කරගැනීමයි මිනිසාට මුලින්ම අනිවාර්්‍යවන්නේ. ඒ වෙනුවෙන් ඔහු අල්ලාහ් ඉදිරියෙහි ප්‍රතිඥා දී හමාරය. ශාස්තෘවරුන් එවනු ලැබූවේද, දිව්‍යමය හෙළිදරව්වන් අනාවරණය වූයේද, මෙලොව, එලොව, ස්වර්ගය හා නිරය මවනු ලැබුවේද එම ඒකායන පරමාර්ථය මුල්කොටගෙනය. මරණය, මරණින් මතු ජීවිතය, මෙලොව විනාශය, මතු ලොව සැබෑ ජීවතය සඳහා යළි නැගිට්ටුවනු ලැබීම, අල්ලාහ් ඉදිරියෙහි සියල්ලන් විනිශ්චයට ලක්වීම, ඒ අනූව ඔහුට ප්‍රතිඵල හිමිවීම, ඔහුගේ ජය පරාජය තීරණය වීම මේ සියළු විපර්්‍යාසයන් සිදුවන්නේ එම ඒකායන අරමුණ පදනම්කොටගෙනය.
සියළු මැවීම් මවන ලද එම ඒකායන අරමුණ, මිනිසා මවන ලද එම ඒකායන අරමුණ කුමක්ද?
පිළිතුර:
“අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු”. (ශු අල්කුර්ආනය 21: 16).
“අහස්ද මහපොළොවද ඒ දෙක අතර ඇති දෑද විනෝදය සඳහා අපි නිර්මාණය නොකළෙමු. අපි ඒ දෙක සත්‍යයෙන් මිස නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති.” (ශු අල්කුර්ආනය 44: 38, 39).
“අහස් සහ මහපොළොවත් ඒ දෙක අතර තිබෙන සියලූ දෑත් අපි නිකරුණේ නිර්මාණය නොකළෙමු. එය, ප‍්‍රතික්ෂේපකරන අයගේ අදහසයි. ප‍්‍රතික්ෂේප කරන්නන්ට අපා ගින්නේ ශාපය අත්වේවා.” (ශු අල්කුර්ආනය 38: 27).
“ඔහුට සිතුමතේ සැරිසෙන්නට ඉඩ දී ඇතැයි මිනිසා සිතනවා ද?” (ශු අල්කුර්ආනය 75: 36).
“අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?” (ශු අල්කුර්ආනය 23: 115).
“ඔවූහු මා ඇදහීමට මිස මම ජින්නුන් සහ මිනිසුන් නොමැව්වෙමි.” (ශු අල්කුර්ආනය 51: 56).
මිනිසා තම හිමියන්ට යාඥා කිරීම පිණිසයි මවනු ලැබූවේ. ඔහුට මුලින්ම අනිවාර්්‍ය වන්නේ මෙයයි. මේ පිළිබඳ වූ දැනුම ලබාගැනීමයි ඔහුට මුලින්ම අනිවාර්්‍ය වන්නේ. නමුත් බහුතරයකට තමන් මවන ලද අරමුණ ද, තමන්ව හා මුළු මහත් විශ්වයම මවා පාලනය කරන හිමියන්ව හැර සියල්ල මතකය.