“عَنْ حُذَيْفَةَ رَضِيَ اللهُ عَنْه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ” لا يَدْخُلُ الْجَنَّةَ نَمَّامٌ

(صحيح مسلم 168)

“කෙළම් කියන්නා ස්වර්ගයට නොපිවිසෙයි” යනුවෙන් නබි (ﷺ) තුමන් පවැසූහ. විස්තර කරන්නේ: හුදෙයිෆා (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 168.

වචනවල තේරුම:

لا يَدْخُلُ الْجَنَّةَ نَمَّامٌ
නොපිවිසෙයි ස්වර්ගය කෙළම් කියන්නා

නබි වදන විස්තර කරන්නේ:

හුදෙයිෆා බින් යමාන් (රලි) තුමන් නබි (ﷺ) තුමන්ගේ අභ්‍යයන්තර මිතුරා වශයෙන් හදුන්වනු ලැබූහ. ඉස්ලාමීය සටන්වල එතුමන්ගේ දායකත්වය ඉතා ප්‍රශංසනීයය. නබි වදන් 255 වාර්තා කළ ගෞරවය එතුමන්ට හිමිය. හිජ්රි 36 වර්ෂයෙහි ඉරාකයේදී එතුමන් අපවත්වූහ.

නබි වදනින් උගත යුතු දේ:

1- කෙළම් කීම යනු ජනයා අතර විරසක කම ඇති කර, සමාජය බේද බින්න කරන, පවුල් කඩා කප්පල් කරන ඉතා නරක ගුණාංගයකි.

2- කෙනෙකුගේ සිත අපවිත්‍රවී ඇත යන්නට කෙළම් කීමේ නරක පුරුද්දම කදිම සාක්ෂියකි.

3- කෙළම් කියන්නා අන් අයට යහපත අපේක්ෂා නොකරයි.

4- කෙළම් කීමට අවසර පවතින බව සිතා කෙළම් කියන්නා ස්වර්ගයට නොපිවිසෙයි.

මෙවන් මහත් පාපයන්ගෙන් ඉතා ඉක්මනින් අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය, හැම විටම අන් අයට යහපත පමණක් අපේක්ෂා කළ යුතුය.

By Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *