මිනිස් සිතුවිලි හටගන්නේ මොලයේ බව විශ්වාසකළ යුගයක් තිබුනේය. එහෙත් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණ මගින් නිගමනය කොට ඇත්තේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙන් පිටත බවයි. මොලයේදී සිදු කරනු ලබන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණි. මොලය සහ හදවත සම්බන්දයෙන් සිදු කොට ඇති පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලයේ හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු කරනු ලබන බව සොයාගෙන ඇත. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාට වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව පෙනී ගොස් ඇත. හදවතේ ඇති ස්නායු සෛලවලට “හදවතේ ඇති මොලය” ලෙස නම් කර තිබේ. මෙම කරුණු අනුව ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව පෙනී යන්නේය.
නබිතුමා පවසා ඇති හදීසයක සඳහන් වන අන්දමට මිනිස් ශරීරයේ එක් මස් කැබැල්ලක් ඇත එය නිරෝගී වූ විට මුළු ශරීරයම නිරෝගී වන අතර එය රෝගී වූ විට මුළු ශරීරයම රෝගී වන්නේය. එය හදවතයි.
දෙවියන්ගේ මැවීම් සෑම දෙයක්ම තේරුම්ගැනීමට අමාරු සංකීර්ණ නිර්මාණයන්ය. මේ අනුව මිනිස් මනසත් අපට තේරුම් ගැනීමට අපහසු අපූරු දෙයක් බව කිව යුතුය. මිනිස් මනස මෙන්ම මිනිස් ආත්මයද මිනිසාගේ සිතුවිලි කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන්නේය. මේ නිසා අල්-කුරානයේ එක් තැනක මෙලෙස සඳහන් කොට ඇත. කව්රුන් තමන්ගේ ආත්මක පිරිසිදු කරගන්නේද ඔහු ජය ගන්නේය. කව්රුන් හෝ තම ආත්මය අපවිත්‍ර කරගන්නේද ඔහු පාඩුවක්ම ලබන්නේය (කුරානය 91:9-10). කුරානයේ තවත් තැනක මරණයෙන් පසු පිරිසිදු සිතින් පැමිණෙන්නා හැර අන් අය ඵල නොලබන බව පවසා ඇත.
ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙන අන්දමට මිනිසාගේ හදවත හේතු කීපයක් නිසා දැඩි වන්නේය. අධිකලෙස ආහාර ගැනීම, අධික නින්ද, ඕනෑවට වඩා වැඩියෙන් කථා කිරීම, පමණට වඩා ලිංගික ක්‍රියාකාරකම් මේ අතර වේ. රෝගී වූ විට කෑම අරුචිය ඇතිවන්නා සේම හදවත රෝගී වූ විට අධ්‍යාත්මික උපදෙස්වලින් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. මේ නිසා තම ආත්මය ජය ගැනීමට අදහස් කරන අය ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ඉස්ලාමීය විද්වතුන් පවසන අන්දමට මිනිස් හදවත විනාශවන්නේ දෙවියන්ව අමතක කොට ලෞකික දේවල්වලින් තමන් සුරක්ෂිතවන බව සිතන නිසාය. හදවත ශක්තිමත්වන්නේ අල්ලාහ් කෙරෙහි ඇති භක්තිය සහ ඔහු ගැන මෙනෙහි කිරීම නිසාය. හදවත ලෞකික දේවල් කෙරෙහි ඇති ආශාවන් අත් හරින්නේ නම් මරණයෙන් පසු ලැබෙන දිව්‍ය සැපත කෙරෙහි බලාපොරොත්තු තබනු ඇත. එවිට වැරදි කිරීම වෙනුවට පින් දහම් වැඩියෙන් කිරීමට අවස්ථාව උදාවන්නේය.
By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.