ස්වභාව ධර්මය යනු කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම මිනිසා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. දැනට අප සතුව තිබෙන්නේ ස්වභාව ධර්මය විස්තර කිරීම සඳහා අර්ථදැක්වීම් පමණි. එක් අර්ථදැක්වීමකට අනුව ස්වභාව ධර්මය යනු භෞතික ලෝකයේ දැකීමට ලැබෙන, එනම් සත්ව, භූ දර්ශන සහ පෘථිවියේ වෙනත් නිපැයුම් වලින් සමත්විත ක්‍රියාවලියන් ය. අර්ථදැක්වීම කුමක් වුවත් මෙම ක්‍රියාවලියන් පිටුපස බලය මෙහෙයවන්නේ කව්රුන්දැයි මෙතෙක් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමට සමත්වී නොමැත. කරුණු කෙසේ වෙතත් ස්වහාව ධර්මය ගැන නිසි අයුරින් අධ්‍යයනය කලේ නම් දෙවියන් ගැන අවබෝදයක් ලබා ගැනීමට හැකි වනු ඇත. වරෙක ස්වහාව ධර්මය මිනිසාට ඉතා ලෙන්ගතුය. තවත් අවස්ථාවක එය මිනිසාට එරෙහි වන්නේය. ඊට හේතුව සහ එසේ වන්නේ කුමක් නිසාද යන්න තේරුම් ගත යුතුව තිබේ.
නිව්ටන්ගේ නියමය අනුව යම් සිදුවීමක් ඇතිවීමට නම් බාහිර බලයක් ක්‍රයාත්මක විය යුතුය. කෙසේ වෙතත් නිවටන්ගේ නියමය ගැන කථා කළ හැක්කේ කව්රුන් හෝ මවන ලද වස්තුන් තිබුනේ නම් පමණි. වස්තුන් නොමැති නම් නිව්ටන් නියමයත් නොමැත. මේ නිසා මිනිසා හාමුවේ ඇති ප්‍රධාන ප්රශ්නය වන්නේ විශ්වය සහ එහි ඇති විශ්ව නීති ඇතුළු සියළුම දේවල් ඇති වූ අකාරය සොයා බැලීමය.
මෙම විශ්වය ගැන අධ්‍යනයන කිරීමේදී පෙනී යන වැදගත් කරුණක් නම් එය ඉතා සැලසුම්ගත නීති රීති වලට යටත්ව ක්‍රියා කරන බවයි. අපගේ දැනුම අනුව කිසිම දෙයක් ස්වයංක්‍රීයව නිර්මාණය වී යම් නීති වලට යටත් වෙමින් පවතින්නේ නැත. තාපගති විද්‍යාවේ නියමයන්ට අනුවද විශ්වයේ අක්රමිකතාවය කාලයත් සමග වැඩි විය යුතුය. නමුත් එවැනි දෙයක් සිදු වෙනවා වෙනුවට විශ්වය තුල බොහෝ සැලසුම්ගත දේවල් ඇති ඇති වී තිබේ. කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව මෙවැනි දෙයක් සිදු වන්නේ කෙසේද? සව්රග්‍රහ මණ්ඩලය තුල ඇති ග්‍රහ වස්තුන් සියල්ලම වසර බිලියන ගණනාවක් තිස්සේ යම් නිශ්චිත පථයන් හි ගමන් කරමින් තිබීම අපගේ අවධානයට යොමු විය යුතු කරුණකි.
යම් උපකරණයක් ක්‍රියා කරන්නේ එහි ඇති සෑම උපාංගයක්ම ඉතා නිවරදිව එකලස් කොට තිබුනේ නම් පමණි. ඉන් එකක් හෝ වැරදියට සවි කලේ නම් එය ක්‍රියා නොකරනු ඇත. නැතහොත් එහි ඇති එක් ප්‍රධාන අංගයක් ඉවත්කලේ නම් එම උපකරණය නිසි පරිදි ක්‍රියා නොකර යනු ඇත. එසේ නම් ජීවින්ගේ ඇස්, කන්, නාස, ස්වසන පද්දති, ජීරණ පද්දති, බහිශ්‍රාවී පද්දති සහ තවත් බොහෝ දෑ නිවැරදිව එකලස් වුයේ කෙසේදැයි ප්‍රශ්නයක් පැන නගින්නේය. මේවා අප නොදන්නා ස්වභාව ධර්මය අනුව සිදු වුවා යැයි කීම හරි පිළිතුර විය හැකිද? නැතහොත් එය දෙවිකෙනෙකුගේ ක්‍රියාවක් ලෙස පිළිගන්නවාද?
විශ්වයේ ඇති ග්‍රහ වස්තුන් එකිනෙක ඝට්ඨනය නොවී අවකාශය තුල පිහිනා යන්නේ ඉතා නිවැරදි ගමන් මාර්ග වලය. ඒ අනුව එම ග්රහවස්තුවල පිහිටීම නිවැරදිව කීමට හැකි වී ඇත. එපමණක් නොව අපට ඉතා නිවැරදිව ඉර පායන වෙලාව සහ ඉර බසින වෙලාව ගණනය කළ හැකිය. මෙවැනි දෙයක් කළ හැක්කේ ඒවා නිශ්චිත මාර්ගවල ගමන් කරන නිසාය. මේවා ඉබේ සිදු විය හැකිද? ග්‍රහ වස්තුන් පමණක් නොව පරමාණුවේ ඇති උප පරමාණුක කොටස් පවා එහි න්‍යෂ්ටිය වටා ගමන් කරන්නේ යම් යම් නීතිවලට යටත් වෙමින්ය. මෙවැනි දෙයක් ඉබේ සිදු වන්නේ කෙසේද?
පෘථිවියේ ඉර්තු වෙනස් වන්නේ යම් නිශ්චිත ක්රමයකටය. ගස්වල පලතුරු හටගන්නේ නිශ්චිත කාලවලදීය. එක් එක් ශාකයට වෙනස් මෝස්තර වල කොළ, මල්, හටගන්නේය. එකම පසෙන් හටගන්නා පලතුරු විවිධ රසයෙන් ගුණයෙන් සුවඳින් යුක්ත වන්නේය. මෙම ශාකවලට එවැනි දෙයක් ඉබේ සිදු කරගැනීමට දැනුමක් තිබේද? නැතහොත් යම්කිසි කෙනෙක් එය සිදු කලාද?
පෘථිවියේ ඇති වායුගෝලයේ සංයුතිය වෙනස් නොවී පැවතීම විශ්මිත ක්‍රියාවකි. යම් කිසි කෙනෙකුගේ සැලැස්මකට අනුව එය සිසු නොවන්නේ නම් වායුගෝලයේ සංයුතුය වෙනස් වනු ඇත. වායුගෝලයේ සංයුතුය වෙනස් වුයේ නම් ජීවින්ට පැවතිය නොහැකිය. මේ අනුව පෘථිවිය තුල ජීවින් මවා ඊට සුදුසු ආහර දාමයන් සහ වායුගෝලයක් නිර්මාණය කලේ කව්ද? මේවා සියල්ල අර්ථදැක්වීමකට පමණක් සිමා වූ ස්වභාව ධර්මය අනුව සිදු වුයේ යැයි කීම හරිද??
By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,Jpura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.