ඉස්ලාම් දහම ගොඩනැගී ඇත්තේ ඒක දේව විශ්වාසය මතය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ දෛවය තීරණය කරනු ලබන්නේ අල්ලාහ් විසින් පමණි. ඉස්ලාමිය ඉගැන්වීම අනුව කිසිවෙකුගේ අනාගතය දෙවියන්ට මිස වෙන කිසිවෙකුට තීරණය කළ නොහැකිය. එබැවින් අතබලා සාස්තර කීම හෝ ග්‍රහ වස්තු නිසා කෙනෙකුගේ දෛවය තීරණය වේ යැයි සිතීම දහමට පටහැනි වේ. දෙවියන් හැර වෙනත් දේවල් නිසා දෛවය වෙනස් වේ යැයි සිතීම දෙවියන්ට සමානයන් තැබීමකි. දෙවියන්ට සමානයන් තැබූ කෙනෙක් මරණයට පත්වීමට පෙර පස්චාත්තාපයට පත් නොවුයේ නම් ඔහුට ස්වර්ගය සදාකාලිකවම තහනම් වන්නේය.කෙසේ වෙතත් ජ්යෝතිෂ්යවේදයේ ඉතිහාසය ක්‍රි.පු.2000 තරම් පැරණිය. එම ශාස්ත්‍රය විශේෂයෙන්ම ඉන්දියානුවන්, චීන්නුන්, සහ මායා වරුන් අතර තිබී ඇත. පසු කාලීනව මෙසපොතේමියාව, ග්‍රීසිය රෝමය වැනි රටවල් දක්වා එය පැතිර ගොස් ඇත. එසේ තිබියදී නවීන විද්‍යාවේ දියුණුවත් සමග ජ්‍යෝතිශ්ශාස්ත්‍රය විශාල පසුබෑමකට ලක් වී ඇත. ඊට ප්‍රධාන හේතුව ග්රහවස්ත්තු වල බලපෑම හේතුවෙන් මිනිසාගේ දෛවය කියවිය හැකි විද්‍යාත්මක ක්‍රමයක් සොයාගෙන නොතිබීමය.
දාහත්වන සතවර්ෂයේ අගභාගය වන විට තාරකා විද්‍යාඥයින් සහ භෞතික විද්‍යාඥයින් විසින් ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ කියැවෙන කරුණු ප්‍රශ්න කිරීම් වලට ලක් කොට තිබේ. මෙම ප්‍රශ්න කිරීමෙන් පසු ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට තිබුණු ශාස්ත්‍රීය මෙන්ම සෛද්දාන්තික වටිනාකම තවදුරටත් නැති විය. එපමණක් නොව නුතන විද්‍යාවේ දියුණුවත් සමග මිනිසුන් අතර ජ්‍යෝතිශ්ශාස්ත්‍රය පිළිබඳව තිබුණු විස්වාසය හීන වෙමින් ඇත. ඊට ප්‍රධාන හේතුව නවීන විද්‍යාවෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රය මිනිසාගේ අනාගතය ගැන කිව නොහැකි දෙයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම වේ.
විශ්වය සහ එහි ඇති සෑම ග්‍රහ වස්තුවක්ම මවා ඇත්තේ දෙවියන් විසිනි. ඒවා දෙවියන්ගේ නියමය පරිදි අභ්‍යවකාශය තුල ගමන් කරමින් ඇත. එම ගමන් මාර්ග අනුව මිනිසුන්ගේ දෛවය වෙනස් වන්නේ නැත.
නබිතුමාගේ පුත් ඉබ්රාහිම් මිය යෑමට සමපාතිකව සුර්යග්රහණයක්ද සිදු වී ඇත. නබිතුමාගේ අනුගාමිකයින් එය නබිතුමාගේ දරුවාගේ වියෝව නිසා ඇතිවූ දෙයක් ලෙස සිතූහ. එය දැනගත් නබිතුමා වහාම ඔවුන්ගේ මතය නිවැරදි කරමින් පවසා ඇත්තේ කිසිවෙකුගේ ඉපදීම නිසා හෝ වියෝව නිසා සුර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් සිදු නොවන බවයි.
ඉස්ලාම් දහම අනුව ජෝතිෂ්‍ය විස්වාස කිරීම සපුරා තහනම්ය. මුස්ලිම්වරයෙක් ජෝතිශ්යවේදියෙකු හමුවී අනාගතය පිළිබඳව විමසීම දෙවියන්ට සමානයන් තැබීමක් (ශිර්ක් කිරීමක්) වේ. ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදියෙකු හමුවීමට ගොස් ඔහු පවසන දේ අසා එය විශ්වාස කලත් නොකලත් ඔහුගේ සලාතය දින හතළිහක් ප්‍රතික්ෂේප වේ. (සහිහ් මුස්ලිම් 5440). තවද නබිතුමා ගේ දැනුම් දීමක් අනුව මුස්ලිම්වරයෙකු ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදියෙකු පවසන දේ පිළිගන්නේ නම් ඔහු ඉස්ලාම් දහම හැර ගිය අයෙකු බවට පත් වන්නේය (සුනන් අබු දාවුද් 3895).
By Fasy Ajward.B.Sc(Sp,Phy)Hons.J.pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.