සෑම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසා යහපත් අතට ගැනීමයි. මේ නිසා ආගම් අතර කොතරම් වෙනස්කම් තිබුනත් ඒවයේ ඇති පොදු කරුණු වලදී එකිනෙකා සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය.ආගමික නායකයින්ගේ කාර්‍ය භාරය විය යුත්තේ තම තමන්ගේ ආගමේ ලිඛිත කරුණු පදනම් කරගන කටයුතු කිරීම බව එක් ආගමික සමුළුවකදී එහි සංස්කෘතික සබාපාහි විසින් සඳහන් කර තිබුනේය. (Man Hee Lee, Chairman of Heavenly Culture, World Peace, Restoration of Light (HWPL), reports BSS). මෙය ඉතාමත් වැදගත් ප්‍රකාශනයකි.

එකිනෙකාගේ ආගම්වලට ගරු කිරීමෙන් බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකිය. එහෙත් එක් ආගමක ඇදහීම් වෙනත් ආගමික ස්ථානයකදී සිදු කිරීම හෝ වෙනත් ආගමික ඇදහීම් තමන්ගේ ආගමික ස්ථානයේදී සිදු කිරීම මින් අදහස් කරන්නේ නැත. එසේ කිරීමට යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති විය හැකිය. මේ නිසා අල් කුරානයේ පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

“නුඹලා නැමදුම් කරන දෑට මම නැමදුම් නොකරන්නෙමි. තවද මා නැමදුම් කරන්නාව නුඹලා නමදින්නෝ ද නොවෙති” (කුරානය 109:2-3) “නුඹලාට නුඹලාගේ ධර්මය, මට මාගේ ධර්මය”(කුරානය 109:6).

ඉහත දැක්වෙන කුර්ආන් වැකිවලින් තම තමන්ගේ ආගම් අනුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබේ.

පොදු කටයුතු වලදී සහොයෝගයෙන් කටයුතු කිරීම ගැන සෑම ආගමකින්ම පෙන්වා දී ඇත. ඉස්ලාම් දහම අනුව අසල්වැසියා කුමන ආගමිකයෙක් වුවත් ඔවුන් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් තිබේ. එසේම බුදු දහමින් සියළු සත්වයින්ට කරුණාව දැක්වීමට උගන්වා ඇත. මේවා ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ නම් ජාතික සමගිය ගොඩ නැගිය හැකිය.

ඉස්ලාම් දහම අනුව කෙනෙකුගේ ලජ්ජා ශීලී බව ඉතා වැදගත් ලක්ෂණයකි. එය දහමේ අඩක් ලෙස සැලකේ. එබැවින් එය මුස්ලිම්වරුන් අතර බොහෝ දුරට ආරක්ෂා කරගෙන ඇත. කාන්තාවන් පිටස්තර පිරිමින් ඉදිරියේ තම ශරීරය ආවරණය කරන්නේද එම හේතුව නිසාය. ඇත්තෙන්ම මෙය මුස්ලිම්වරුන් පමණක් නොව අන්‍ය ආගමිකයින්ද අගය කරන්නේ නම් අනවශ්‍ය ප්‍රශ්න මතු නොවනු ඇත.

සෑම දහමකින්ම සුරාව, සුදුව, ගණිකා වෘත්තීය තහනම් කොට තිබේ. එබැවින් එවැනි කටයතු වලදී සෑම ආගමික නායකයෙක්ම එකතු විය යුතුය. තවද සෑම ප්‍රජාවකටම බලපාන පොදු ප්‍රශ්න වලදී සෑම ආගමික නායකයෙක්ම ඊට සහබාගි වීමෙන් එවැනි ප්‍රශ්න පහසුවෙන්ම සමාජයෙන් තුරන් කළ හැකි වනු ඇත. එසේ නොකර එකිනෙකාගේ ආගම් විවේචනය කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත. විශේෂයෙන්ම ආගමික නායකයින් වෙනත් ආගම් විවේචනය කිරීමෙන් ජාතින් අතර සංහිඳියාව ඇති කිරීමට විශාල බාදාවක් වන්නේය. මෙවැනි අවස්ථවලදී ඔවුන් අතර කතිකාවන් ගොඩ ගොඩනැගීමෙන් වඩා හොඳ ප්‍රතිපල අත්කර ගැනීමට හැකිවනු ඇත. මේවා කෙරෙහි ආගමික නායකයින්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත්ය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *