එක් අවස්ථාවකදී ඔපාදුපය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි දන්නවාදැයි නබිතුමා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔවුන් පවසා ඇත්තේ අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් ඒ ගැන හොඳින් දන්නා බවයි. එවිට නබිතුමා මෙසේ පවසා ඇත: “ඔබගේ සහෝදරයා අකමැති යම් දෙයක් ඔහු ගැන පැවසීම” යැයි කිවේය. එවිට සහබාවරු එසේ පවසන දේ ඔහු සතුව ඇත්තනම් ඒ ගැන ඔබගේ අදහස කුමක්දැයි නබිතුමාගෙන් පෙරලා ප්‍රශ්න කොට ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔබලා පවසන දේ ඔහු ළඟ තිබේනම් එය ඕපාදුපයක් බවත් එසේ නොමැති නම් එය නින්දා අපහාසයක් බවත් ය. කෙසේ වෙතත් මෙම වරද බොහෝ අය විසින් සිදු වන්නේය. එහි ප්‍රතිපලය වන්නේ තමන් කල කුසල් විනාශ කර ගැනීමකි. සහිහ් බුහාරි ග්‍රන්ථයේ දැක්වෙන තවත් හදිසයක් අනුව යම් කෙනෙක් ඔහුගේ සහෝදරයාගේ යම් වැරැද්දක් සඟවන්නේ නම් අල්ලාහ් විනිශ්චය දිනයේදී ඔහුහේ වැරදි සඟවන්නේය .
අද බහුලව සිදුවන වරදක් වන්නේ මිනිසුන්ගේ ඕපාදුප කථා කිරීමත් අනුන්ගේ ගෞරවය කෙලෙසෙන අන්දමට අවලාද නැගීමත් ය. එහෙත් එම වරදේ බැරෑරුම් කම නබිතුමා සිදු කල අරෆා දේශනයෙන් පැහැදිලි කොට ඇත.
“ජනතාවනි! ඔබ මේ උතුම්වූ මාසය (zසුල්හජ්), මේ උතුම් දිනය (අරෆා) සහ මේ පුණ්‍ය නගරය (මක්කම) කොතරම් පාරිශුද්ධ යැයි සලකන්නේද, ඒ අයුරින්ම අනුන්ගේ ජීවිතයට සහ දේපලවලට හානියක් නොවන අයුරින් ක්‍රියා කරනු….”
කෙනෙක් තවත් කෙනෙකු ගැන හේතුවක් නොමැතිව අවිශ්වාස කිරීමත් ඔත්තු බැලීමත් කේලම් කීමත් විශාල පාපයන් වේ. මේ නිසා ඕපාදුපය තම මියගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට සමාන කොට ඇත.
“විශ්වාසවන්තයිනි! අවිශ්වාසවලින් වැලකී සිටින්න. නියතවශයෙන්ම ඇතැම් අවිශ්වාසයන් පාපයන් වේ. තවද, (එකිනෙකා ගැන) ඔත්තු බැලීම නොකරනු. එසේම එකිනෙකා ගැන කේලම් නොකියනු. නුඹලාගෙන් කෙනෙක් තම මළ ගිය සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නෙහිද? (ඇත්තවශයෙන්ම) නුඹලා එය පිළිකුල් කරන්නේහුය. තවද, අල්ලාහ්ට බියව ක්‍රියා කරනු. නියතව අල්ලාහ් අධිකව ක්ෂමාකරන්නාද; අසම දයාවන්තයාද වේ” (කුරානය 49:12).
“එකිනෙකා ගැන සැකකිරීමෙන් වලකිනු, සැකයන් ඉතා නින්දිත අසත්‍ය ප්‍රබන්දයන් වේ. අනුන්ගේ වැරදි සෙවීමෙන් වැලකී සිටිනු, එකිනෙකා ගැන ඔත්තු බැලීමෙන් වලකිනු, එකිනෙකාට ඉර්ෂ්‍යයා නොකරනු, එකිනෙකා කෙරෙහි පිළිකුල් නොකරනු, එකිනෙකාව (කතා නොකර) අත්හැර නොදමනු. දෙවියන්ගේ ගැත්තනි! සහෝදරයින් ලෙස ජිවත් වනු” (සහිහ් බුහාරි වෙළුම 8 හදිස් අංක 92).
ඉතත හදිසයේ බොහෝ ඔවදන් දැකිය හැකිය. ඒවා සෑම එකක්ම මිනිසාගේ විමුක්තියට මග පෙන්වන්නේය. එසේම ඒවා පිළිපැදීම අපහසුකාර්‍යයක් ද නොවේ. එබැවින් කෙසේ හෝ ඒවා පිළිපදින්නේ නම් අප කරන කුසල් විනාශ නොකර ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත. කේලම් කීම නිසා සොහොනේදී දඬුවම් කරන බව නබිතුමා පවසා ඇත. එසේ තිබියදී ඇතැම් උදවිය කේලම් කීමෙන් අසාමාන්‍ය සතුටක් ලබති. ඉන් සිදුවන්නේ ඔවුන් කරන පින් වෙනත් කෙනෙකුට ලබා දීම පමණි.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.