ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.සෑම දහමකින්ම සැනසීම ලබාගත හැකි මාර්ගයන් පෙන්වා දී තිබුනත් අල් කුරානයට අනුව මිනිසාට සැනසීම ඇත්තේ දෙවියන් පහළ කල දහම තුලය. ඒ අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති තැනැත්තාට මොනතරම් ප්‍රශ්න පැමිණියත් ඒවා දෙවියන්ට භාර කරන්නේය. මෙය කල හැක්කේ දෙවියන්ට සමීප කෙනෙකුට පමණි. මෙවැනි අවස්ථා නබිතුමාගේ ජීවිතය පුරා දැකිය හැකිය. නබිතුමා මුහුණ දුන් සෑම ප්‍රශ්නයකදීම දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය නිසා ඒවායින් ජය ගෙන තිබේ. උදාහරණයක් වශයෙන් නබිතුමාව ඝාතනය කිරීම සඳහා සතුරන් විසින් ඔහුගේ නිවස වැටලු අවස්ථව පෙන්වා දිය හැකිය. එම අවස්ථාවේදී එතුමා කලබලයට පත්වුයේ නැත. දෙවියන්ගේ සැලැස්ම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළේය. තවත් අවස්තවකදී නබිතුමා සහ අබුබක්කර් රලි තුමා මක්කාවේ සිට මදිනාවට පලා යමින් සිටියදී ඔවුන් සවුර් ගුහාවේ රැඳී සිට ඇත. එම අවස්ථවේදී සතුරන් ඔවුන්ව සොයා එම ගුහාවේ කට ළඟටම පැමිණ ඇත. එම මොහොතේදී නබිතුමා සමග සිටි අබුබක්කර් රලි තුමා තැති ගත්තත් නබිතුමා කිසිම බියකින් තොරව පවසා ඇත්තේ අපි දෙදෙනා සමග අල්ලාහ් සිටින බවයි. නබිතුමා බලාපොරොත්තු වූ අකාරයටම අල්ලාහ්ගේ ආරක්ෂාව ඔවුන්ට ලැබුනේය.
කෙසේ වෙතත් දෙවියන් කෙරෙහි සම්පුර්ණ විශ්වාසයක් නොමැති අය සැනසීම සොයන්නේ ලෞකික දේවල්වලය. ඒ අනුව ඇතැම් අය මත්ද්‍රව්‍යවලිනුත් සමහරු මත්කුඩුවලිනුත් සැනසුම සොයති. තවත් සමහරු ලෞකික දේවල් වැඩි වැඩියෙන් සේවිමෙනුත් සැනසීම සොයති. එහෙත් ඒවායින් ස්ථිර සහනයක් ලැබිය නොහැකිය. මේ නිසා වස්තුව සහ බලය කොයිතරම් තිබුනත් ඇතැම් අවස්ථාවලදී සිය දිව හානි කරගන්නා අවස්ථා ඕනෑතරම් දැකිය හැකිය. මින්පෙන්නුම් කරන්නේ ලෞකික දේවල් තුල සැනසුම නැති බවයි. කෙසේ වෙතත් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් සිත් සැනසීම අත්කරගන්නා බව අල් කුරානය මගින් අවධාරණය කොට තිබේ.
“අල්ලාහ්ව සිහිකිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබයි. දැනගන්න! අල්ලාහ්ව සිහි කිරීම තුළින් සිත් සැනසුම ලබයි” (කුරානය 13:28).
මුස්ලිම්වරු දිනකට පස්වතාවක් දෙවියන් නමදිති. එමගින් ඔවුන් විශාල සැනසීමක් ලබති. තවද නැමදීම මගින් දෙවියන්ට සමීප වීමට අවස්ථාවක් උදා කරගන්නේය. මුස්ලිම්වරුන්ගේ නැමදීම හරහා ඔවුන් තම අවශ්‍යතාවන් දෙවියන්ගෙන් ඍජුවම ඉල්ලා සිටින්නෝය. මෙමගින් ඔවුන් විශාල සැනසීමක් අත්කර ගනිති. කෙසේ වෙතත් නාම මාත්‍රික මුස්ලිම්වරුන්ට මෙය ලැබෙන්නේ නැත.
සංඛ්‍යා ලේඛන දෙස බලන කල මුස්ලිම්වරුන් අතර සිය දිවි නසාගැනීම ඉතාමත්ම අඩු මට්ටමක පවතින්නේය. ඊට ප්‍රධාන හේතුව ඔවුන් දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසයයි. දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා ඔවුන් සැනසුම ලබති.
බොහෝ අය වැරදි කිරීමෙන් සතුට සෙව්වත් ඉන් ලැබෙන අවසාන ප්‍රතිපලය දුකකි. නියම සතුට ඇත්තේ නිවැරදි මාර්ගය අනුගමනය කිරීම තුලය. මෙය කිසිම අකාරයකින් ලෞකික දේවල් වලින් අත්කර ගත නොහැකිය. දෙවියන්ගෙන් ලැබෙන සැනසුම සදාකල්ය. එය මෙලොවදී පමණක් නොව මරණයෙන් පසුත් පවතින දෙයකි.
By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.