නියත වශයෙන්ම!
මෙම කුර්ආනය සෘජු මාර්ගය පෙන්වා දෙයි. යහපත් ක්‍රියාවන් සිදු කරන විශ්වාසවන්තයින්ට මහත් ප්‍රතිඵලයක් ඇති බව ශුභාරංචි දන්වයි. පරලොව විශ්වාස නොකරන අය සඳහා වේදනාකාරී දඬුවමක් අප සූදානම් කර ඇති බවද එය අනතුරු අඟවයි. අල්-කුර්ආන් (17:9)
1. අල්ලාහ් පමණක් වන්දනා කළ යුතුය. (17:18)
2. දෙමාපියන්ට යහපත් ලෙස සලකා කටයුතු කළ යුතුය. (17:18)
3. ඥාතීන්ගේ අයිතිවාසිකම් රැකබලා ගත යුතුය. (4:36)
4. දුප්පතුන්ට සහ අවශ්‍යතාවයෙන් පෙළෙන අයට දී උපකාර කළ යුතුය. (17:26)
5. නාස්තිකාර ලෙස වියදම් නොකළ යුතුය. (17:26)
6. කාම අපචාරයේ (ව්‍යාභිචාරයේ) නොයෙදිය යුතුය. (17:32)
7. මත්පැන් පානය නොකළ යුතුය. (5:90)
8. අයුක්තිසහගත ලෙස කිසිවෙකු ඝාතනය නොකළ යුතුය. (17:33)
9. සොරකම් නොකළ යුතුය. (60:12)
10. අනාථයන්ගේ දේපළ අයුතු ලෙස භාවිත නොකළ යුතුය. (17:34)
11. මිනුම් හා කිරුම්වලදී වංචා නොකළ යුතුය. (17:35)
12. පොලී ලබා නොගත යුතුය. (2:279)
13. භාරයට පවරන ලද වගකීම් ඒවායේ හිමිකරුවන් වෙත ආපසු භාර දිය යුතුය. (4:58)
14. සාධාරණ ලෙස විනිශ්චය කළ යුතුය. (4:58)
15. ඇති කරගත් ගිවිසුම් හා පොරොන්දු ඉටු කළ යුතුය. (5:1)
16. දැනුමක් නොමැති දේවල් පිළිබඳව ක්‍රියා නොකළ යුතුය. (17:36)
17. මහ පොළොව මත අහංකාරයෙන් නොහැසිරිය යුතුය. (17:37)
18. අඥානයන්ගේ අර්ථ විරහිත කතාවලින් වැළකී සිටිය යුතුය. (25:61)
19. බොරු සාක්ෂි නොදිය යුතුය. (25:68)
20. අයුක්තිය නොකළ යුතුය. (17:26)
21. ඉවසීම පවත්වා ගත යුතුය. (3:200)
22. මිනිසුන් සමඟ යහපත් වචන කතා කළ යුතුය. (2:83)
23. කාන්තාවන්ට හිංසා නොකළ යුතුය. (2:222)
24. මව්වරුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් විය යුතුය. (2:233)
25. ණය ගනුදෙනු හා වෙනත් ගනුදෙනු ලිඛිතව සටහන් කරගත යුතුය. (2:282)
26. සත්‍යයට සාක්ෂි දීමට පසුබට නොවිය යුතුය. (2:282)
27. යහපතෙහි එක්සත්ව සිටිය යුතු අතර, බෙදී වෙන් නොවිය යුතුය. (3:103)
28. යහපතට අනුබල දී, අයහපත වැළැක්විය යුතුය. (3:104)
29. අන් අයට සමාව දිය යුතුය. (3:134)
30. කෝපය පාලනය කළ යුතුය. (3:134)
31. කරුණු විමසා බැලීමකින් තොරව වැරදි තොරතුරු විශ්වාස නොකළ යුතුය. (49:5)
32. අන් අය සමච්චලයට හෝ උපහාසයට ලක් නොකළ යුතුය. (49:11)
33. අන් අයගේ අඩුපාඩු සොයමින් පරීක්ෂා නොකළ යුතුය. (49:12)
34. පදනම් විරහිත සැකයන් ඇති කර නොගත යුතුය. (49:12)
35. අන් අය ගැන පිටුපසින් නරක කතා කිරීමත්, කේලාම් කීමත් නොකළ යුතුය. (104:1)
36. සිදු කළ පාපයට අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය. (3:134)
37. එකම වරද නැවත නැවත සිදු නොකළ යුතුය. (3:134)
38. ඔහු එකම අල්ලාහ්ය; ඔහු කිසිවෙකු මත රඳා නොසිටින, සියලු දෙනා ඔහු මත රඳා සිටින තැනැත්තාය. (112:1–2)
39. ඔහුට පියෙකු හෝ දරුවෙකු නැත. (112:3)
40. ඔහුට සමාන කිසිවෙකු නැත. (112:4)