18 වැනි සහ 19 වැනි සියවස්වල දී සිදු වූ විද්‍යාත්මක සොයා ගැනීම්වලින් අන්ධ වූ බොහෝ අපරදිග වැසියෝ, ආගම එහි ප්‍රයෝජනවත් භාවයෙන් හිස් වූයේ යයි ද සදාකාලිකව ම විද්‍යාවට යටපත් වූයේ යයි ද, සිතුහ. අපරදිග දක‍ෂ මනෝ විද්‍යාඥයෝ සහ සමාජ විද්‍යාඥයෝ සියලූ දෙනාම පාහේ මීට සමාන අදහස් පළ කළහ. මේ අයුරින් කීර්තිමත් මනෝ විද්‍යාඥ ප්‍රොයිඩ් වර්තමාන අවධියේ ආගම ඇදහීමේ නිෂ්ප්‍රයෝජනය දක්වමින්, මිථ්‍යා විශ්වාසය, ආගම හා විද්‍යාව යන ප්‍රධාන මනෝ විද්‍යාත්මක තල තුන අතරින් මනුෂ්‍ය ජීවිතය දිවෙන්නේ යයි ද, දැන් විද්‍යාත්මක යුගය හෙයින් සියලූ ආගම් යල් පැනගොස් ඇතැයි ද කියයි.

යුරෝපයේ විද්‍යාඥයන් ආගම් විරෝධි ජීවිත දර්ශනයක් වැළඳ ගැනීමටත් ඒ පිළිබඳ අප්‍රසාදයක් ගොඩනැගීමටත් තුඩු දුන් කරුණු කීපයක් ඇත. විද්‍යාගඥයන් සහ තමන් කරන සෑම දෙයක් ම ප්‍රතිගාමි යයි ද, මිථ්‍යා සහගත යයි ද, ඒ නිසා මනුෂ්‍යත්වයට ශිෂ්ටාචාර මාර්ගයේ ඉදිරියට යාමට තමා ලබා සිටි තැන විද්‍යාවට අවශ්‍යයෙන් ම ලැබිය යුතු යයි ද සාධාරණ අයුරින් මිනිසුන් ලවා සිතවීමට මග පෑදූ කි්‍රස්තියානි පල්ලිය ද අතර හටගත් උග්‍ර මත භේදය මෙයට හේතු විය.

මෙම කණගාටුදායක ගැටුම පවත්නා සමයෙහි, යුරෝපයේ ඇති වූ අපූරු ජීවන තත්ත්වයක් හා ඉස්ලාමීය පෙරදිග ජීවන තත්ත්වයන් අතර වෙනස අවබෝද කොට නොගෙන, තමන්ට පරපුරින් පරපුරට හිමි වූ පැරණි පාරිශ=ද්ධ සම්ප්‍රදායයන්ට විරුද්ධ වූ මිනිස්සු එම සම්ප්‍රදායයන් විනාශ කර දමන ලෙස ද උද්ඝෝෂණය කළහ. මීළඟට පැමිණි අනුකරණ රෝගය ඉස්ලාමීය පෙරදිග ලෙඩ බවට පත් කළේය. යුරෝපයේ ප්‍රධාන ජාතීන් අනුගමනය කළ මාර්ගය ප්‍රගතියේ එකම මාර්ගය බවද, යුරෝපියයන් දැනටමත් කර ඇති පරිදි තමන් ද තමන්ගේ ආගම අතහැර දැමිය යුතු බව ද, එසේ නොකිරීම නිසා තමන් ප්‍රතිගාමීත්වයේ හා නිවට බවේ අඳුරු අගාධයේ කොටුවන බව ද ඉස්ලාමීය පෙරදිග මිනිස්සු සිතන්නට පුරුදු වූහ.

අපරදිග සියලූම ප්‍රමුඛ උගතුන් ආගම් විරෝධී නැත. ඔවුන්ගේ එබඳු කිසිවක් පැහැදිලි වන්නේ නැත යන කරුණ සිතා ගැනීමට මේ මිනිස්සුන්ට නුපුළුවන් විය. අනෙක් අතට, අදේවක යුරෝපයේ භෞතික වාදයෙන් මිදුණු සමහර මහා ප්‍රාඥයෝ මනෝ විද්‍යාත්මක වන්නාක් සේම මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධිමය අවශ්‍යතාවන් වන්නේය යන නිගමනයට පැමිණියේ ය.

තාරකා විද්‍යාඥයකු වූ ජේම්ස් ජින්ස් මොවුන් අතරින් කැපී පෙනෙන පුද්ගලයාය. ඔහු තම බුද්ධිමය කාර්ය ආරම්භ කළේ අදේව දෘෂ්ටියකිනි. නමුත් ඔහුගේ විද්‍යාත්මක සොයා ගැනීම්වල අවසාන නිගමනය වූයේ විද්‍යාව නිසා උද්ගත වන දුෂ්කර ගැටළු දෙවියන් වහන්සේ ගැන විශ්වාසයෙන් තොරව නිරාකරණය කළ නොහැකි බව ය. සාමකාමී වින්තන ක්‍රමයක් හා බැඳුණු ප්‍රායෝගික ජීවන ක්‍රමයක් තුළ රැඳුණු බාහිර හා අධ්‍යාත්මික එකතුවක් ලබා තිබීම ගැන සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයකු වූ ජීන්ස් බි්‍රජ් ඉස්ලාම් ධර්මයට ප්‍රශංසාවක් කරයි. ප්‍රසිද්ධ ඉංග්‍රීසි ලේඛකයෙකු වූ සොමර්සෙට් මෝමි, වර්තමාන යුරෝපය ආගම කෙරෙහි දක්වන ආකල්පය විස්තර කරමින්, වර්තමාන යුගයේ යුරෝපයේ පැරණි දෙවියන් වහන්සේ එළවා දමා විද්‍යාව නමැති අලූත් දෙවියෙකු සොයාගෙන ඇතැයි සඳහන් කළේ ය.

විද්‍යාව නමැති දෙවියා ඇත්තෙන් ම අස්ථීරය. ඔහු, පවත්නා තත්ත්ව නිතර ම වෙනස් කරයි. ඊයේ අසත්‍ය යැයි ප්‍රතිෙක‍ෂ්ප කළ දෙය අද සත්‍යය සේ ගනියි. ඊයේ සත්‍යයයි ගත් දෙය අද අසත්‍යයයි ප්‍රතිෙක‍ෂ්ප කරයි. මෙබඳු ප්‍රතිඵල අනූව අපට පෙනෙන්නේ කුමක් ද? ඔහුට —වඳින්නන්˜ සාදාකාලිකව ම අසත්‍යයෙන් හා කුතුහලයෙන් ජීවත් වන බවයි. ඇත්තෙන්ම එබඳු වෙනස්වන සුලූ දෙවියෙකු යටතේ ඔවුන් හිතේ සාමය හා විවේකය ලබන්නේ කෙසේද? වර්තමාන අපරදිග මෙම නිරන්තර අසහනයෙන් පෙළෙන බව සත්‍යයෙකි. මේ නිසා මානසික හා ස්නායුගත අක්‍රමිකතා විශාල වශයෙන් අද අපරදිග ජන සමාජය තුළ දක්නට ලැබේ.

නවීන විද්‍යාව දේවත්වයට නැංවීම නිසා ඇති වූ තවත් ආදීනවයක් නම්, විරුද්ධ බලවේග අතර පවත්නා නිරන්තර අර්බුදකාරි තත්ත්ව මැද අප ජීවත් වන මේ ලෝකය අර්ථයෙන් හා පරමාර්ථයෙන් පිරිහී යෑම හා එයට මග පෙන්වීමට උසස් ආඥාවක් හා බලයක් නැති වීම ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙලොව පවත්නා සෑම දෙයක් ම වෙනස් වෙයි. ආර්ථීක ක්‍රම හා දේශපාලන ක්‍රම වෙනස් වෙයි. රාජ්‍යයන් හා පුද්ගලයන් අතර සබඳතාව වෙනස් වෙයි. විද්‍යාත්මක —සත්‍ය˜ පවා වෙනස් වෙයි. ජීවත් වීම සඳහා අරගලයක යෙදෙන මිනිසාට ආරක‍ෂාව, ශක්තිය හා සුව පහසුව බලාපොරොත්තුවෙන් උත්තරීතර බලයක් නැති, මේ ලෝකයෙහි තම දුර්භාග්‍යය හා නිරන්තර අසහනය නැති කර ගැනීම පිණිස කුමක් අපේක‍ෂා කළ හැකි ද?

ලෝකයට මනුෂ්‍යත්වය, සාමය හා සමාදානය ලබා දිය හැක්කේ ආගමට පමණි. මරණින් මතු දෙවියන් වහන්සේගේ ත්‍යාගය ලබා ගැනීම සඳහා ඉවසිල්ලෙන් යුතුව මෙලොව උන් වහන්සේගේ කැමැත්තට ප්‍රමුඛස්ථානය දෙනු පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්තෝෂය ලබා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් වශයෙනුත්, හොඳ දෙයට ආදරය කිරීමේ ගුණය හා පාපී හා දුෂ්ට බලවේග හමුවෙහි සෘජුව නැගී සිටීමේ ශක්තිය ද ආගම විසින් මිනිසා තුළ පිහිටුවනු ලැබේ. මිනිස් වර්ගයාට ඇත්තෙන් ම සාමය අවශ්‍ය නැද්ද? සැනසීම අවශ්‍ය නැද්ද? සුව පහසුව අවශ්‍ය නැද්ද? එක් වචනයකින් කියනවා නම් ආගම අවශ්‍ය නැද්ද?

මරණින් මතු පවත්නා සදාකාලික ජීවිතයක් කෙරෙහි විශ්වාසය හා ඇදහීම නැති නම් මිනිසාට කුමක් සිදුවේ ද? මේ සම්බන්ධයේ දී, මෙලොව මිනිසාගේ ජීවිතය ඉදිරියේ වඩා පැහැදිලි ප්‍රගතිය පිළිබඳ නව පැති දක්නට ලැඛෙනු ඇත. එය නැති වූ විට ඔහු තුළ ඇති වන ශ+න්‍යතාව පිළිබඳ විනාශකාරි හැඟීමක් අවශ්‍යයෙන් ම ඇති වන්නේ ය. එහි තේරුම මිනිසාගේ ජීවිත කාලය කෙටි කිරීම ය. මිනිසා ඔහුගේ හැඟීම් හා ආශාවන්ගේ හුදු කෙළි බඩුවක් බවට පත්වන්නේය මේ නිසා ඔහුට, තමා මෙලොව ජීවත් වන කෙටි කාලය තුළ උපරිම ප්‍රමාණයෙන් ප්‍රීතිය ලැබීමට සිදු වේ. මිනිසුන්ගේ ආශාවන් පාලනය කිරීමට උත්තරීය බලයක් නැති බැවින්, භෞතික ලාභ ලබා ගැනීම පිණිස පරස්පර තරඟකාරි බව, දරුණු සටන් හා ගැටුම් ඇති වෙයි. මේ අයුරින් තමාගේ ආශාවෙන් හා රාගයෙන් අන්ධ වූ ඔහු තමාගේ අතට හසුවන සෑම දෙයක් ම ඉතාම කෙටි කාලයක් තුළ ලබා ගැනීමට උත්සාහ කරයි.

මේ අයුරින් මිනිසා හැඟීම් හා ආශාවන් අතින් ඉතා පහත් තත්ත්වයකට පත් කොට තිබේ. ඔහුගේ සංකල්පය, චින්තනය පහතට කිඳා බසින අතර, ඒවා සන්තර්පණය කිරීමට උපයෝගි කර ගන්නා ක්‍රම ද පහත් තත්ත්වයට වැටෙයි. ඒ සියල්ල ම පහත් මට්ටමෙන් සලකුණු කරනු ලැබ ඇත. ජීවිතයේ උසස් හා උත්තම පරමාර්ථවලට බාධක වූ භයානක හා විනාශකාරි යුද්ධවලට මැදි වී සිටීමට මනුෂ්‍ය වර්ගයාට සිදු වී තිබේ. මිනිසුන් ස්වකීය ආශාවන් තෘප්තිමත් කිරීමෙහිම නියැලී ඇති එබඳු ලෝකයක ආදරයට හෝ අනුකම්පාවට තැනක් නැතිව යන්නේය. අන්ධ වූ ආශාවන්ගෙන් ඔවුහු මෙහෙයවනු ලබති. මෙබඳු තත්ත්වයක් යටතේ මිනිසුන් උසස් ප්‍රාර්ථනා ඇති කරගන්නේ කෙසේ ද? නියම මානුෂික හැඟීම් ඇති කර ගන්නේ කෙසේද?

මෙබඳු ලෝකයක මිනිස්සු නිසැකවම ඇතැම් ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබා ගනිති. තම සහෝදරයාගේ ඛෙල්ල කපා හෝ එම ප්‍රතිලාභ ලබා ගැනීමට, සහෝදර ජනතාව නිබඳව අරගල කරද්දී, ඔහු එම ලාභය තමාගේ යපත පිණිස පිළිගන්නේ කෙසේද? එයින් ඇති වන ප්‍රයෝජනය කුමක් ද? මිනිසාගේ භෞතික ලාභ නිෂ්ප්‍රයෝජන හා තේරුමක් නැති තත්ත්වයට පත් කිරීමට තරම් භෞතික වාදය මිනිසාගේ ජීවිතය දූෂණය කොට ඇත. ආශාව, රාගය හා ලෝභය විසින් මිනිසුන් වාලූන් බවට පත්කොට තිබේ. ඔවුන් පාලනය කරනු ලබන්නේ අන්ධ ආශාව විසිනි. මෙම දුෂ්චරිත පාලනය කිරීමට ඔවුනට කිසි සේත් පුළුවන්කමක් නැත. තමන් හසු වී සිටින මෙම ති්‍රකෝණ ජාලයෙන් මිදීමේ බලාපොරොත්තුවක් තැබීමට පවා කිසි විට පුළුවන්කමක් නැත.

මේ අයුරින් ම, මීට සමානම හේතු උඩ, ජාතීහු පවා ජීවිත සාමය විනාශ කරන යුද්ධ නැති කර දැමීමේ ප්‍රයත්න දරති. ඒ අතර විද්‍යාව, තමාගේ භයානක අවි ආයුධ මනුෂ්‍ය වර්ගයාගේ සුභ සිද්ධිය සඳහා සේවය කිරීමට යොදවනු වෙනුවට, මනුෂ්‍ය වර්ගයා විනාශ කොට අතුගා දැමීම සඳහා යොදවයි.

මේ අනූව සලකා බලන විට ආගම යන්නෙහි අරුත, මනුෂ්‍ය වර්ගයාගේ මානසික පථය පුළුල් කිරීමයි. කුමක් නිසා ද? මනුෂ්‍ය ජීවිතය මෙලොවට පමණක් සීමාවූවක් නොවේ. සදාකාලිකත්වය ලැඛෙන තුරු නොකඩවා පවත්නා හෙයිනි. මෙම අර්ථය මිනිසාගේ හදවත තුළ අපේක‍ෂා මුවහත් කොට, පාපයට හා මර්දනයට විරුද්ධව නිර්භයව සටන් කිරීමටද ඔහු පොළඹවයි.

ආගම, ආදරය, අනුකම්පාව හා විශ්ව සහෝදරත්වය උගන්වයි. ඒ නිසා සාමය, දියුණුව හා ප්‍රගතිය සඳහා ඒකායන මාර්ගය ද වෙයි. මේ කරුණම ආගම අතහැර නොදැමිය හැකි බවට හොඳ නිදසුනකි. ජීවත් වීම සඳහා මිනිසා කරන කටුක අරගලයෙන් ජය ගැනීම පිණිස ආගම මිනිසා සන්නද්ධ කරයි.

තව ද, මිනිසාට තමාගේ අභිවෘද්ධිය ගැන බලා පොරොත්තු තැබිය හැක්කේත්, උතුම්, හා උසස් ප්‍රාර්ථනා තැබිය හැක්කේත් විශ්වාසය නිසා පමණි. ඔහුගෙන් එය බැහැර ගිය දාට ඔහුට කිසිවක් ම ඉතිරි නොවන්නේය. ඔහුගේ අපේක‍ෂා සියල්ලම විනාශ වී ගියා වන්නේය. ඔහු වහාම මෘගයකු බවට පත්වන්නේය. බොහෝ මනුෂ්‍යයෝ සත්‍යයේ උත්තම නිධානය සොයා ගැනීම පිණිස තම මුළු ජීවිත කාලයම, කිසිදු භෞතික ලාභාපේක‍ෂාවකින් තොරව, ප්‍රයත්න දැරූහ. කිසිදු භෞතික ප්‍රදානයක් නැති බව දැන දැනම මේ ගෞරවනීය මනුෂ්‍යයන්ට එම ප්‍රයත්නයෙහි යෙදීමට හැකි වුනේ ඇයි? මෙම ප්‍රයත්නවල දී ඔවුන් සතුව තිබුණු ස්වල්පමාත්‍ර දෙය පවා ඔවුනට අහිමි විය. එය විශ්වාසයේ එක් ප්‍රාතිහාර්යයකි. ලෝභය, තෘස්ණාව හා රාගය වැනි ආත්මාර්ථකාමී පරමාර්ථයන් ගැන සලකන විට, මෙම ධර්මයෝ මිනිසාට කවදාවත් යහපතක් හෝ උතුම් දෙයක් හෝ ස්ථීර අගයකින් යුත් කිසිවක් ලබා දීමට අපොහොසත් වෙති. ආත්මාර්ථකාමි ලෝභයෙන් දිනා ගත් ජයග්‍රහණ කෙටි කාලීන හා තාවකාලික වන්නේ මේ නිසාය. ක‍ෂණික ලාභයකින් කිසි විට මිනිසාගේ චරිත වර්ධනයක් සිදු විය නොහැකිය. ඉවසීමෙන් දුක් විඳීමට ශක්තියක් ලබා දිය නොහැකිය. උසස් හා උතුම් සත්‍ය හේතුවක් සඳහා ආශාවන් ඇති කිරීමට ද නොහැකිය.

ආදරයෙන් නොව ද්වේශයෙන් ආශ්වාදය සොයන ඇතැම් ඊනියා —ප්‍රතිසංස්කරණ වාදීහු˜ වෙති. මෙය ඔවුන්ගේ ප්‍රධාන ලක‍ෂණයයි. තම අදහස මුදුන් පමුණුවා ගැනීම පිණිස, ඉවසිල්ලෙන් දුක් කම්කටළු විඳ දරා ගැනීමට ධෛර්යය ඒ මගින් ලැඛෙන්නේ යයි ඔවුහු කියති. ඔවුන් කැමති වන ඒ ද්වේශය පෞද්ගලික ස්වරූප දරයි. නැතහොත්, එය එක් පන්තියක මිනිසුන් අතරින් පැනනගින්නකි. එය පොදු මනුෂ්‍ය වර්ගයාට හෝ තමා අයත් වන ජාතියට විරුද්ධව යොමු කරවනු ලැබේ. මෙබඳු වෛරානුබද්ධ මිනිසුන් ඔවුන්ගේ ඇතැම් අභිප්‍රායයන් මුදුන්පත් කරගන්නේ මෙම ප්‍රතිසංස්කරණය මගිනි. ඔවුන්ගේ වෛරය සමග ඈඳුණු දේවේශය හා අභ්‍යන්තර කෘෘර ස්වභාවය ඔවුන් ආරක‍ෂා කරන අතර, ඔවුනට අභිමත කරණය සම්පූර්ණ කිරීම පිණිස විනයගරුක බවෙන් වෙනවෙති. නමුත් ආදරය නොව දුෂ්ට භාවය මත ගොඩනැගුණු ධර්මයකින් කිසි විටකත් මනුෂ්‍ය වර්ගයා යහපත කරා මෙහෙයවිය නොහැකිය. ඔවුන් සමහර පාපයන් නැතිකර දමන බව ඇත්තකි. පවත්නා අසාධාරණ තත්ත්ව නැතිකර දමන බව ඇත්තකි. එහෙත්, මනුෂ්‍ය වර්ගයා පෙළෙන ව්‍යාධීන් නැතිකර දැමීමට සුදුසු ප්‍රතිකර්මයක් ඉදිරිපත් නොකරති. වෛරය හා දුෂ්ටභාවය මත පදනම් වූ එබඳු ජීවිත දර්ශනයක් කවදා හෝ පිරිහෙයි. තිඛෙන පාපයන් හා අසාධාරණකම් නැතිකර දමනු වෙනුවට ඒවා තවත් වැඩි කරනු ඇත.

කිසියම් ආගම ධර්මයක්, මෙලොව දී ලැඛෙන ක්ෂණික ලාභ අපේක‍ෂා නොකරන්නේ ද, දුෂ්ට හැඟීම් ඇති නොකරන්නේ ද, ආදරය හා සහෝදරත්වය පිළිබඳ උතුම් හැඟීම් ඇති කොට සහෝදර ජනතාව සඳහා සේවය කිරීමට ආශාව ඇති කරන්නේද, එබඳු ආගම ධර්මයකට පමණි, මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ප්‍රගතිය හා සෞභාග්‍යය පිළිබඳ ස්ථීර තත්ත්වයක් ප්‍රදානය කළ හැක්කේ. එබඳු ආගම ධර්මයක හරය වන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය හා උන්වහන්සේ කෙරෙහි ආදරයයි. මේ නිසා ඇති වන ගුණගරුක ජීවිතය හේතුකොට ගෙන මිනිසාට තමාගේ මැවුම්කරු කරා ළං විය හැකි වෙයි. කිසියම් පුද්ගලයෙකු තුළ පරලොව පිළිබඳ විශ්වාසය තහවුරු වනතුරු මෙම අවස්ථා දෙකම කි්‍රයා විරහිතව පවතීයි. පරලොව පිළිබඳ විශ්වාසය මිනිසාට, තමා කායික මරණයෙන් අවසන් වේය යන බිය හදවතින් බැහැර කොට, ආරක‍ෂාව සලසයි. එසේ ම සදාකාලික ජීවිතය ලබා ගැනීමට උපකාරි වෙයි. වෙනත් වචනවලින් කියනවා නම්, මෙයින් අදහස් කරන්නේ, මිනිසාගේ ප්‍රයත්නයන් මෙලොව දී පල නුදුණහොත් පරලොවදීවත් සම්පූර්නයෙන් පල දරන බවයි.

කෙසේ වෙතත්, මේ සියල්ල, දෙවියන් වහන්සේ කෙරෙහි හා පරලොව ගැන විශ්වාසය නිසා ඇති වන සාමාන්‍ය ප්‍රතිඵලයකි. ඉස්ලාම් ආගම ගැන සලකන විට, එය මෙයින් නොනැවතී, තව බොහෝ දුර ඉදිරියට යයි. මීට වඩා වෙනස් සිත් ගන්නා සුලූ විස්තරයක් කිරීමට ඉස්ලාම් ආගමට පුළුවන.

ඉස්ලාම් ආගම යල්පැන ගොස් යයි ද, එය තව දුරටත් අවශ්‍ය නොවේ යයි ද සිතන මිනිස්සු. ඉස්ලාම් ආගමේ පරමාර්ථ මොනවාදැයි නොදනිති. මනුෂ්‍ය ජීවිතය වෙනුවෙන් එය කුමන විධියේ සේවයක් කරන්නේ දැයි සිතා ගැනීමට තරම් බුද්ධියක් නැත්තෝය. අධිරාජ්‍ය වාදී නියෝජිතයන් විසින් නියම කරන ලද ඉතිහාස පොත්වලින් උගත් පරිදි ඔවුහු පහත සඳහන් අයුරින් සිතීමට පුරුදුවූහ. ඉස්ලාම් ආගම පහළ වූයේ පිළිම වන්දනාව නැති කොට හුදෙක් දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීම සඳහා ය. විරුද්ධ වාදී ගෝත්‍රවලට ඛෙදී සිටි අරාබීහූ ඉස්ලාම් ආගම නිසා ශක්තිමත්. එක්සත් ජාතියක් බවට පත්වූහ. සුරා පානයට හා සූදුවට ඇබ්බැහිව දුරාචර ජීවිත ගත කළ අරාබීහූ ඉස්ලාම් ආගමේ බලපෑම නිසා එම දුරාචාර ජීවිතවලින් අත්මිදුණහ. තම දූවරුන් පණපිටින් වැළලීම, හා පලි ගැනීමේ කි්‍රයාවලට තම ශක්තිය වැය කිරීම වැනි දූෂිත සම්ප්‍රදායයෝ ඉස්ලාම් ආගම විසින් නැතිකර දමන ලදහ. ඉස්ලාම් ආගම, මුස්ලිම් භක්තිකයාට තම පණිවුඩය පතුරුවා හැරීමට ප්‍රකාශ කල බැවින් ඔවුහු එසේ කළෝය. මේ කරුණු මාරුවෙන් මාරුවට යුද්ධවලට තුඩු දීමෙන් පසු අවසානයේ දී අද පවත්නා පරිදි ඉස්ලාම් ලෝකයේ දේශ සීමා තීරණය විය. මේ මිනිසුන් කියන පරිදි මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ඉස්ලාම් ආගමේ පරමාර්ථය මෙය ය. එය ඓතිහාසික ධර්මදූත සේවාවකි. එකී කාර්යය ඉටු කොට බොහෝ කල් ය. ඉස්ලාම් ලෝකයේ පිළිම වන්දනාවක් නැත. වරක් විරුද්ධ වාදීව සිටි ගෝත්‍ර තමන්ගේ අනන්‍යතාව හැඳින ගත නොහැකි අයුරින් වඩා විශාල ජාතිවලට හා සමාජවලට අන්තර් ග්‍රහණය විය. කි්‍රයාවලියට භාජන විය. සූදුව හා සුරා පානය ගැන සලකා බලන විට, ආගමික තහංචි තිබුණත් එබඳු කී්‍රඩාවන් නීති විරෝධී යයි පිළිගැනීම වැඩකට නැති දෙයකැයි සිතන තරමට මනුෂ්‍ය ශිෂ්ටාචාරය දියුණු වී ඇති බව පිළිගත යුතුව තිබේ. ඒවා නැති කිරීමට උත්සාහ කිරීම නිෂ්ප්‍රයෝජන කි්‍රයාවකි. මේ අයුරින් ඉස්ලාම් ආගම එහි පරමාර්ථය ඉටු කොට ඇත්තේය. එහි කාලය අවසන්ය. එය යල් පැන ගොස්ය. ඒ නිසා තව දුරටත් එය අවශ්‍ය නොවේ. ඒ නිසා, අපි නූතන ජීවිත දර්ශනවලට හැරෙමු. අපගේ විමුක්තිය රඳාපවතින්නේ එහිය යනුවෙන් නිගමනය කරති.˜

අපරදිග ගුරුවරුන්ගේ අදහස් අන්ධ ව අනුකරණය කරන මේ මිනිස්සු, ඒ මගින් තම නොදත්කම පෙන්වති. ඔවුහු ඉස්ලාම් ආගම ගැන කිසිවක් නොදනිති. මනුෂ්‍ය ජීවිතයට එයින් සිදු වන මෙහෙවර ගැන නොදනිති. මනුෂ්‍ය ජීවිතයට එයින් සිදු වන මෙහෙවර ගැන නොදනිති. ඒ නිසා, තව පෙරට යාමට පෙර, ඉස්ලාම් ආගම යනු කුමක් ද, එය ඇත්ත වශයෙන් ම කුමක් සඳහා ද, එය ඇත්ත වශයෙන්ම කුමක් සඳහාද යන්න බලමු.

ඉස්ලාම් ආගම යන්නෙහි කෙටි තේරුම මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගතියට බාධා කරන්නා වූ ද, ගුණවත් සහ යහපත් මාර්ගය අනුගමනය කිරීමට බාධා කරන්නාවූ ද, සියලූ Þස භාවයන්ගෙන් මිදීම යි. මිනිසා බලයෙන් හා තර්ජනයෙන් Þස භාවයට පත් කරන තත්ත්වය, ගෞරවය, දේපල සහ ජීවිතයෙන් පවා ඈත් කරන, ඒකාධිපතීන් ගෙන් මිදීම එහි තේරුමයි. අල්ලාහ් තුළ පමණක් සර්ව බලධාරිත්වය ඇතැයි පවසමින්, මිනිසා සියලූ දුෂ්ට භාවයන්ගෙන් මුදවන්නේ ඉස්ලාම් ආගමයි. පරමාධිපත්‍යය නම් අල්ලාහ්ය. සියලූම මිනිස්සු ඔහුගේ මැවීම්ය. ඔහු ඔවුන්ගේ දෛවය පාලනය කරයි. ඔවුන් කිසිවෙකුට කිසි දෙයක් ප්‍රදානය කිරීමට බලයක් නැත. ඔහුගේ දේව කැමැත්තට විරුද්ධ වූ හෝ ස්වාධින වූ හෝ කිසිම ආපදාවක් තමාගෙන් වළක්වා ලීමට නුපුළුවන. මෙම ජීවිතයේ දී තමා විසින් කරන ලද දේ විමසා බලනු ලැබීමට සියලූ මිනිස්සු, තීන්දුව දෙන දිනයේත් ඔහු ඉදිරියෙහි පෙනී සිටිය යුත්තාහුය. ඉස්ලාම් ආගම තමා සේම අසරණ වූ ද, සර්ව බලධාරි අල්ලාහ්ගේ කැමැත්තට විෂය වන්නාවූ ද, මිනිසුන් විසින් තමා වෙත එල්ල කරනු ලබන තර්ජනවලින් හා විරුද්ධත්වයන් ගෙන් නිදහස ලබා දෙයි.

එපමණක් නොවේ ඉස්ලාම් යන්නෙහි තේරුම ආශාවෙන්, ජීවිත ආශාවෙන් පවා නිදහස ලබා දීම යනුයි. මිනිසාගේ මෙම දුර්වලකම නිසා දුෂ්ටයෝ සහ ඒකාධිපතියෝ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් තම සහෝදර ජනතාව සූරා කති. නමුත් කිසිම මිනිහෙක් තමා වැනි කෙනෙකුගේ දාසභාවය පිළිගන්නේ නැත. නැතහොත් පිටතින් පැමිණෙන දුෂ්ටභාවයේ තර්ජනය නිශ්ශබ්දව ඉවසන්නේ නැත. එසේ ම එයට විරුද්ධව අභියෝග නොකොට ඉන්නේ නැත. දුෂ්ටභාවය හා මර්දනය ඉදිරියේ නිවට-නියාළුව සිටිනවාට වඩා ඒවාට විරුද්ධව නිර්භීත ලෙස සටන් කිරීමට ඉස්ලාම් ආගමෙන් උගන්වා තිබීම මිනිසාට ලැබී ඇති ආශිර්වාදයකි. ශ=ද්ධ වූ කුර්ආනය මෙසේ කියයි. —ඔබගේ පියවරු හෝ වෙත්වා, පුත්තු හෝ වෙත්වා, සහෝදරයෝ හෝ වෙත්වා, යහළු-මිත්‍රයෝ හෝ වෙත්වා, නෑදෑයෝ හෝ වෙත්වා, උපයා ගත් ධනයක් හෝ වේවා, පරිහානියට අකැමැති, දියුණු කර ගැනීමට කැමැති වෙළඳාමක් හෝ වේවා, මේ සියල්ල දෙවියන් වහන්සේට වඩා ඔහුට පි්‍රය වනු ඇත. නැතහොත් උන් වහන්සේගේ ශ්‍රාවකයාට වඩා ඔබට පි්‍රය වනු ඇත. එවිට දෙවියන් වහන්සේ උන් වහන්සේගේ තීරණය දෙනතුරු නවතින්න. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන සේක. විරුද්ධ නොවන සේක˜ (ශ= අල්කුර්ආනය 9- 24

ජීවිත ආදරය, ගුණය, සත්‍යය සහ දෙවියන් වහන්සේගේ මාර්ගයෙහි උට්ඨාණ වීර්යය, සියලූ යහපත් දේ, ජීවිතයේ නැගීම හෙවත් දෙවියන් වහන්සේ පිළිබඳ ආදරය සමග සසඳන විට, අන්ධ ආශාවන් සහ අභිරුචීන් ඉස්ලාම් ආගමට අනූව පහත් තත්ත්වයට වැටෙනු ඇත. දරුණු ආශාවන්, දෙවියන් වහන්සේට ඇති ආදරය මගින් නැතිකර දැමිය යුතුය. දෙවියන් වහන්සේ කෙරෙහි ආදරය නැතිව කිසි ම කෙනෙකුට නියම මුස්ලිම් භක්තිකයෙකු විය නොහැකි බැවින් එය මිනිසාගේ ජීවිතයෙහි ප්‍රධාන හා නියම මාර්ගෝපදේශක බලවේගය විය යුතුය.

ඉන්ද්‍රිය සන්තර්පණයෙහි යෙදුණු මිනිසා ජීවිතය පිළිබඳ වැරදි බාහිර පෙනුමක් මවා ගන්නා අතර, අනෙක් මිනිසුන්ට වඩා තමා ජීවිතයෙන් ආශ්වාදය ලබන්නේ යයි සිතනු ඇත. එහෙත්, ඔහු තමාගේ වැරැද්ද වටහා ගත් විගසම, තම අන්ධ ආශාවන්ගේ වාලකු බවට පත්වන්නේය. ඔහු ජීවිතය පිළිබඳ බිඳුණු ආශා ඇත්තකු මෙන්ම අසහනකාරී පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. කුමක් නිසාද? කුපිත වූ මෘග ආශා කවදාවත් තෘප්තිමත් කළ නොහැකි හෙයිනි. එකම කරුණක් කෙරෙහි යොමුව ඇති, මුවහත් වූ එම ආශා නිසා මිනිසා තිරිසනකුගේ තත්ත්වයට හෙළන හෙයිනි. එකම කරුණක් යොමුව ඇත, මුවහත් වූ එම ආශා නිසා මිනිසා තිරිසනකුගේ තත්ත්වයට හෙලන හෙයිනි. එබඳු තත්ත්වයක් යටතේ ඔහු ජීවිතයේ උපරිම ඉන්ද්‍රීය තෘප්තිය ලබන්නේ කෙසේද? ජීවිතය කෙරෙහි එබඳු ආකල්පයක් භෞතික හෝ ආධ්‍යාත්මික දියුණුවක් මග පාදන්නේ නැත. අන්ධ මෘග ආශාවන්ගේ ග්‍රහණයෙන් නොමිදී මනුෂ්‍යත්වයේ ඉහළ තැන්වලට යාමට නොහැකිය. විද්‍යාව, කලාව හා ආගම පිළිබඳ ෙක‍ෂ්ත්‍රයන්ට නිදහසේ පිය නැගිය හැක්කේ එවිට පමණි.

මිනිසාගේ මෘග ආශාවන්ගෙන් ඔහු මුදවා ගැනීමට ඉස්ලාම් ආගම වැදගත් තැනක් දෙන්නේ මේ හේතුව නිසාය. මේ පරමාර්ථය සඳහා ඉස්ලාම් ආගම රාජ්‍ය වාදයට පක‍ෂපාතී වන්නේවත්, මේ ජීවිතයේ යහපත් දේවලට නිදහසේ සහභාගි වීම වළක්වන්නේ වත් නැත. මෙම අන්ත දෙක අතර සමබර බවක් ඇති කිරීම එහි අපේක‍ෂාවයි. මේ සෑම දෙයක්ම මිනිසා සඳහාය. ඒවා මිනිසාට සේවය කිරීම සඳහා මිස ඔහු යටත් කර ගැනීමට හෝ පාලනය කිරීමට නොවේ. මේ නිසා ඔහු එම දේවලට තමා වාලකු කර ගැනීමට ඉඩ දිය යුතු නොවේ. ඔහු ඒවා උපයෝගී කර ගත යුත්තේ උසස් පරමාර්ථ සඳහාය. උදා: දෙවියන් වහන්සේගේ වචනය උන් වහන්සේගේ අනුගාමිකයන් අතර පතුරුවා හැරීමෙන් ආධ්‍යාත්මික තෘප්තිය ලැබීම. මේ කරුණු සම්බන්ධයෙන් ඉස්ලාම් ආගමේ දෙවැදෑරුම් පරමාර්ථයක් ඇත. පෞද්ගලික ජීවිතයේ දී විනීත හා පවිත්‍ර ජීවිතයක් ගෙන යාම පහසු වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම සාධාරණ හා සෑහෙන ප්‍රතිලාභ සලසා දීම එකකි. සාමාජික ජීවිතයේ දී පුද්ගලයා හා ජන සමාජය අතරත් ඒකක හා ජන සමාජය අතරත් ජීවිතයේ මූලික ලක‍ෂණවලට අනූකූලව සමබරතාවක් ඇති කොට, ප්‍රගතියේ හා ශිෂ්ටාචාරයේ දියුණුව දෙසට යොමු වන අයුරින් කටයුතු සැලැස්වීම අනෙකකි.

ඉස්ලාම් ආගම මොන ක්‍රමයක හෝ මිථ්‍යා විශ්වාසයන්ට විරුද්ධ බැවින් එයට මිනිස් බුද්ධිය වර්ධනය කිරීමේ ශක්තියක් ඇත. පසුගිය කාල පරිච්ඡේදවලදී මනුෂ්‍යත්වය, චින්තනය පිළිබඳ විවිධ අසාධාරණකම්වලට හා මිනිසාගේ අභිරුචියට අනූව හැඩ ගැසුණු සමහර පුරුදුවලට ගොදුරු වූ බව පෙනෙන අතර සමහර ඒවා මිනිසා විසින් නිර්මාණය කරන ලද දෙවියන්ගෙන් පැවතෙන බව ද පෙනේ. මේ අයුරින් මිනිස් බුද්ධිය ඉස්ලාම් ආගම පැමිණීමට පෙර අන්ධකාරයේ බඩගාමින් තිබිණ. ඉස්ලාම් ආගම පැමිණීමත් සමගම මිනිස් බුද්ධිය පරිණත බවට පත්විය. බහුබූත අදහස් වලින්, ඊනියා දෙවිවරුන්ගෙන්, යුදෙවු සම්ප්‍රදායන්ගෙන් හා ඛෙලහීන කි්‍රස්තියානි ද මුදවනු ලැබූ එම මිනිස් බුද්ධිය යළිත් වරක් සත්‍ය විශ්වාසයේ හා සත්‍ය දෙවියන් වහන්සේගේ අභියසට පමුණුවන ලදි.

ඉස්ලාම් ආගම ඉතා සරල බස් වහරක් උපයෝගී කොට ගනී, එහි ඉගැන්වීම් අවබෝධයට, ධාරණයට හා විශ්වාසයට ඉතා පහසුය. තමාට ලබා දී ඇති ඉන්ද්‍රියයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට හා තමා වටා ඇති ජීවිතය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා උත්සාහ කිරීමටත් එය මිනිසාට ඇරයුම් කරයි. එය හේතුව හා ආගම අතර හෙවත් විද්‍යාව හා ආගම අතර සමාජ සහජ විරුද්ධතාවක් ඇතැයි නොපිළිගනී. දෙවියන් වහන්සේ පිළිබඳ ඇදහීමට පෙර පැවතිය යුතු තත්ත්වයක් වශයෙන් අනූවණයන් ගැන විශ්වාස කරන ලෙස එය මිනිසාට බල නොකරයි. විද්‍යාත්මක සත්‍යයන් පිළිගැනීම පහසු වනු පිණිස දෙවියන් වහන්සේ ප්‍රතිෙක‍ෂ්ප කරන ලෙස ඔහුට බල කිරීමක්ද නොකරයි. තමන් වහන්සේගේ මහත් අනුකම්පාව නිසා පෘථීවිය මතු පිට පවත්නා සෑම දෙයක්ම මිනිසාට විෂය කොට ඇත්තේ දෙවියන් වහන්සේ විසින්ම බව පැහැදිලිව ඉස්ලාම් ආගම කියා දෙයි. විද්‍යාත්මක ගවේෂණ මගින් සොයා ගන්නා ලද සියලූම සත්‍යයන් හා, ඒ නිසා මිනිසා වෙත ගලා එන සියලූ ප්‍රතිලාභයන් ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. මේ වෙනුවෙන් මිනිසා දෙවියන් වහන්සේට ස්තූති කටයුතු වෙයි. එබඳු අනුකම්පා සහගත, යහපත් ස්වාමියකුගේ හොඳ දාසයෙකු වීමට මිනිසා උත්සාහ කටයුත්තේය. මේ අනූව දැනුම හා විද්‍යාව දෙවියන් වහන්සේ පිළිබඳ නියම ඇදහීමට පාපයන් සේ සැලකීමට වඩා ඇදහීමේම කොටසක් වශයෙන් ඉස්ලාම් ආගම සලකයි.

මිනිසාට තරු පෙන්වන ඉහත සඳහන් කිසිම ප්‍රශ්නයක් තවම විසඳී නැත. නියම උසස් මානුෂික පරමාර්ථ අවබෝධ කළ යුතුව තිබේ. මිනිස් වර්ගයා තවමත් බොොහ් දුර්වලතාවන්ට භාජන වෙමින් සිටියි. එය තවමත් දුෂ්ටයන් හා ඒකාධිපතීන් යටතේ කෙඳිරිගායි. තිරිසන් බව සහ ඉන්ද්‍රිය සන්තර්පණය පිළිබඳ මර්දනකාරි කි්‍රයාවන්ගෙන් තවම මිදී නැත. ඉස්ලාම් ආගම විසින් ඉටු කළ යුතු මහත් වැදගත් කොටසක් තව තිබේ.

අද ලෝ වැසියන්ගෙන් හරි අඩක් පිළිම වන්දනා කරන්නෝය. නිදසුන් වශයෙන් ඉන්දියාව, චීනය හා එබඳු මිනිසුන් වාසය කරන ලෝකයේ විශාල ප්‍රදේශ හැඳින්විය හැකිය. මිනිසුන් නියම මාර්ගයෙන් ඈත් කොට තබන, ඔවුන්ගේ සිතිවිලි හා හැඟීම් මතට දුෂ්ට ලෙස බලපාන, ඉතා වැදගත් ලෙස පෙනී සිටින වෙනත් වර්ගයක දෙවියෙකු වෙත, ලෝකයෙන් ඉතිරි අර්ධය ඇදී යන බව පෙනේ. මේ දෙවියා වෙන කෙනෙකු නොව විද්‍යාවයි.

අපට වටා පවත්නා දේවල් පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමට අපට උදවු කරන බලවත් උපකරණයකි විද්‍යාව. එසේම, අලූත් සොයාගැනීම් පිළිබඳ ආකර්ශනීය වාර්තා එහි ගෞරවයට හේතු වෙයි. මේ සියලූම දීප්තිමත් සොයාගැනීම් අපරදිග වැසියන්ගේ එක් භයානක වැරැද්දක් නිසා පහත් මට්ටමට වැටී ඇත. මිනිසා අලංකාර කිරීමේ හා ආකර්ශනය කිරීමේ අයිතිය ඇත්තේ එයට පමණයයි කියමින්, ඔවුහු විද්‍යාව උත්තරීතර දෙවියා ලෙස තබා ගෙන ඇත්තාහුය. මනුෂ්‍යත්වය එහි පරමාර්ථයේ හෝ ගමනාන්තයේ අබියසට පමුණුවනවාට වඩා, අරමුණක් නැතිව ඉබාගාතේ යන තත්ත්වයට පත් කළහ. ප්‍රායෝගික විද්‍යාව විසින් පිළිගනු ලැබූ ක්‍රමය හැර අන් සියලූ ක්‍රම ඔවුහු බැහැර කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සියලූ ප්‍රායෝගික විද්‍යාවන් ආධ්‍යහාර කර ගත් සීමාවන් හමුවෙහි, මිනිස් ශක්තීන් හා ප්‍රගතිය ඉතා සුළු බවට පත් වී ඇත. හුදු කරුණක් වශයෙන් පමණක් ගතහොත්, මිනිසාගේ සහජ හැකියාවන් සමග සසඳන විට ප්‍රායෝගික විද්‍යාවේ විෂය පථය පටුයයි පිළිගත යුතුය. මිනිසාගේ ශක්තිය විසින් ණයට දෙන ලෙස බුද්ධිය නැත්නම්, විද්‍යාවට මිනිසාට වඩා ඉහළට නැගිය හැක්කේ විද්‍යාවේම පියාපත්වලින් පමණකි. මිනිසාට ඔහුගේ මැවුම්කරු වෙත ළඟා විය හැක්කේත්, අවසාන සත්‍යය පිළිබඳ වඩා හොඳ හා සත්‍ය අවබෝධයක් ලබා ගත හැක්කේත් ඔහුගේම බුද්ධියෙනි.
කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ්.
පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන.
මතු සම්බන්ධයි………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *