පුරුෂයින්ගේ චර්ම ජේදනය කරනු ලබන්නේ ශිෂ්නයේ පෙර සම ඉවත් කිරීමෙනි. එම අවස්ථවේදී වේදනාව සහ මානසික ආතතිය අවම කිරීම සඳහා ස්ථානීය නිර්වින්දනයක් ලබා දෙන්නේය. චර්ම ජේදනය සංස්කෘතික හේතුන් නිසාද ලෙඩ රෝග වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ද සිදු කරනු ලබේ. එහෙත් ඉස්ලාම් දහම අනුව එය පිරිසිදු කම උදෙසා කරනු ලැබුවත් එය නබිතුමාගේ සුන්නාවකි. එනම් නබිතුමාගේ නියෝගයකි. ඉස්ලාමීය සමාජයේ පිරිමි දරුවෙක් ඉපදී හත්වන දිනයේදී චර්ම ජේදනය සිදු කරනු ලබේ. මුස්ලිම්වරුන් පමණක් නොව මුස්ලිම් නොවන බොහෝ අයද වෛද්‍ය හේතුන් මත චර්මච්චේදනය සිදු කරති.

චර්ම ජේදනයේ ඉතිහාසය එක් ජන වර්ගයකට හෝ එක් ආගමකට සිමා වන්නේ නැත. එය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයකි. තවද ඊජිප්තුවේ පැරණි සොහොනකින් ලබාගත් සිතුවමකට අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයක් වන්නේය.

චර්ම ජේදනය සිදු කිරීම යුදෙව්වන්ට දහමින් අනිවාර්‍ය කොට තිබේ. ජේසුස් වහන්සේට  චර්ම ජේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් කොට ඇත.  අප්‍රිකානු සංස්කෘතියේද, ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් වරුන්ද චර්ම ජේදනය සිදු කරනු ලබති.

ඉස්ලාම් දහම අනුව චර්ම ජේදනය පිරිමින්ට සිදු කිරීම ඉතාමත් ම අවශ්‍ය කරුණකි. එහත් කාන්තාවන් සඳහා එහි බල කිරීමක් නොමැත. එහෙත් නබිතුමාගේ සම්ප්‍රාප්තියට පෙර සිටම අරාබියාවේ තිබුණු එම සම්ප්‍රදාය නබිතුමා විසින් තහනම් කොට නැත.

{ Ibn Qudamah (may Allah have mercy on him) said, in his book al-Mughni: “Circumcision is obligatory for men, and it is an honour for women, but it is not obligatory for them. This is the opinion of many scholars. (Imam) Ahmad said: For men it is more strictly required, but for women it is less strictly required.” (al-Mughni 1/70)}.

චර්ම ජේදනය නිසා ඇතැම් අය සිතන පරිදි කිසිවෙකුගේ ලිංගික චර්යාවන්ට බාදාවක් සිදු සිදු නොවන අතර එමගින් වාසි රැසක්ම සිදු වේ. පෙර සම ඉවත්කිරීම නිසා එය තුල එක්රැස්විය හැකි කුණු සහ විසබීජ පහසුවෙන් ඉවත්කර පිරිසිදු කර ගැනීමට හැකි වන්නේය. එසේ කිරීමෙන් HIV වෛරසය පැතිරයාම බොහෝ දුරට පාලනය වන බව වෛද්‍යවරුන්ගේ මතය වේ. තවද කාන්තාවන්ගේ ගර්භාශ්‍රිත පිළිකා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කර තිබේ. මේ බව අප්‍රිකාවේ සිදු කරනු ලැබූ සමීක්ෂණ වාර්ථාවලින් තහවුරු කර තිබේ.

HIV/AIDS (UNAIDS) පිලිබඳ ලෝක සෞක්‍යසංවිදානය එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමග එකතුවී නිකුත්කළ නිවේදනයෙන් දැක්වෙන්නේ මිනිසාට HIV වැළැක්වීමට හොඳම ක්‍රමය පිරිමින්ගේ චර්මච්චේදනය කිරීම බවයි. එහෙත් එය මනා පළපුරුදුකම් ඇති වෛද්‍යවරුන් විසින් සිදුකල යුතු බව ඔවුන් නිර්දේශ කොට තිබේ.

{The WHO and the Joint United Nations Programme on HIV/AIDS (UNAIDS) state that male circumcision is an efficacious intervention for HIV prevention, but should be carried out by well trained medical professionals and under conditions of informed consent}.

කුඩා කාලයේදී ඇතිවිය හැකි මුත්‍රාශය සම්බන්ද ආසාදනයන් බොහොමයක් චර්මචේදන්ය නිසා වලක්වා ගත හැකිය. මේපිළිබඳව දැනුවත්වීම සියල්ලන්ටම ප්‍රයෝජනවත් වනු ඇත.

{ A UTI affects parts of the urinary system including the urethra, bladder, and kidneys. There is about a 1% risk of UTIs in boys under two years of age, and the majority of incidents occur in the first year of life. There is good but not ideal evidence that circumcision reduces the incidence of UTIs in boys under two years of age, and there is fair evidence that the reduction in incidence is by a factor of 3–10 times }

මේ අනුව චර්ම ජේදනය මුස්ලිම්වරුන්ට ආගමින් නියම කොට ඇත්තේ මනා සෞඛ්‍යසම්පන්න ජිවිතයක් වෙනුවෙන් බව පැහැදිලිය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *