චර්මච්ඡේදනය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයකි. තවද ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් වලින් ලබාගත් සිතුවම්වලට අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයකි. කෙසේවෙතත් මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය සිදු කරන්නේ නබිතුමාගේ මග පෙන්වීමක් නිසාය. එහෙත් එය කුරානයේ නියෝගයක් නොවන බැවින් චර්මච්ඡේදනය කිරීම ෆර්ල් යන තත්වයට වැටෙන අනිවාර්ය කරුණක් නොවේ. කෙසේවෙතත් බොහෝ ඉස්ලාමීය විද්වතුන්ගේ මතය අනුව එය වාජිබ් තත්වයේ අවශ්‍යතාවයකි. ඒ අනුව චර්මච්ඡේදනය කොකර සිටීම නිසා ෆරල් ක්‍රියාවක් නොකරන තත්වයේ වරදක් සිදු වන්නේ නැත.

මුස්ලිම්වරුන් චර්මච්ඡේදනය කිරීමෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිසිදු භාවයයි. කෙසේවෙතත් ඇතැම් මුස්ලිම් නොවන සමාජවල එය සංස්කෘතික හේතුන් නිසාද ලෙඩ රෝග වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ද සිදු කරනු ලබන්නේය. චර්මච්ඡේදනය මුස්ලිම්වරුන්ට පමණක් නොව යුදෙව්වන්ද සිදු කරති. ජේසුස් වහන්සේට චර්ම ජේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. අප්‍රිකානු සංස්කෘතිය අනුව ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් වරුන් අතරද චර්මච්ඡේදනය දැකිය හැකිය. ඉස්ලාම් දහම අනුව පිරිමින් සඳහා චර්මච්ඡේදනය විශේෂයෙන්ම නිර්දේශ කොට ඇත. එහෙත් කාන්තාවන් සඳහා චර්මජේදනය අවශ්‍යනම් පමණක් කල හැකිය. ඊට හේතුව නබිතුමාගේ සම්ප්‍රාප්තියට පෙර සිටම කාන්තාවන්ට චර්මච්ඡේදනය කිරීමේ සිරිත අරාබියාවේ තිබී ඇති බැවින් නබිතුමා එය තහනම් නොකිරීම නිසාය.

චර්මච්ඡේදනය සිදු කිරීමෙන් කිසිවෙකුගේ ලිංගික චර්යාවන්ට බාදාවක් සිදු වන්නේ නැත. එහෙත් එමගින් වාසි රැසක්ම අත් වන්නේය. ඒ අනුව පිරිමින්ගේ පෙර සම ඉවත්කිරීමෙන් එහි එක්රැස් වන කුණු සහ විසබීජ පහසුවෙන්ම ඉවත්කර ගත හැකි වේ. එමගින් HIV වෛරසය පැතිරයාම බොහෝ දුරට පාලනය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. එපමණක් නොව පිරිමින්ට චර්මච්ඡේදනය කිරීම නිසා කාන්තාවන්ගේ ගර්භාශ්‍රිත පිළිකා සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කෙරේ. HIV/AIDS (UNAIDS) පිලිබඳ ලෝක සෞක්‍යසංවිදානය එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමග එකතුවී නිකුත්කළ නිවේදනයෙන් දැක්වෙන්නේ මිනිසාට HIV වැළැක්වීමට හොඳම ක්‍රමය පිරිමින්ගේ චර්මච්චේදනය බව පැවසේ. තවද කුඩා කාලයේදී ඇතිවිය හැකි මුත්‍රාශය සම්බන්ද ආසාදනයන් බොහොමයක් චර්මච්ඡේදනය නිසා වලක්වා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වේ.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *