නබිතුමා ඔහුගේ මිත්‍ර අබුබක්කර් රලි තුමාගේ දු කුමරිය වන ආයිෂා රලි තුමිය සමග සිදු කල විවාහය සුවිශේෂී එකක් වනෙන් එය අල්ලාහුතආලාගේ කැමැත්ත අනුව සිදු වූ බැවිනි. එම විවාහයට පෙර නබිතුමා කදිජා තුමිය සමග විවාහ වී සිටියේය. කදිජා රලි තුමිය සමග නබිතුමා වසර 28 ක් ඉතා සාර්ථක යුග දිවියක් ගත කර තිබේ. ඉන්පසු ඇය නබිතුමාගේ 53 වන වියේදී කලුරිය කළාය. නබිතුමාට සෑම අතින්ම රැකවරණය ලබා දුන් ඇය මිය ගිය වසරේදීම නබිතුමාගේ සුළු පියා වන ඇබුතාලිබ් තුමාද අභාවප්‍රාප්ත විය. මෙම සිදුවීම දෙකම එක පිට එක සිදුවීම නිසා නබිතුමාට එය විශාල සිත් තැවුලක් ගෙන දුන්නේය. එසේ තිබියදී නබිතුමට මිහ්රාජ් ගමන යාමට ලැබීම යම් තාක් දුරට සැනසුමක් ලැබීමට හේතුවක් විය. එම ගමනින් පසු නබිතුමා ආයිෂා රලි තුමියව විවාහ කර ගැනීමද ඔහුගේ සිත් සුවයට තවත් අස්වැසිල්ලක් විය.
නබිතුමාගේ ජිවිත කාලය තුලදී නොයෙකුත් හේතුන් මත විවාහයන් එකොළහක් සිදු කොට ඇතත් අයිෂා තුමිය හැර අන් සියළු දෙනාම වැන්දඹු කාන්තාවන් වූහ. නබිතුමාගේ පළමු විවාහය සිදු වුයේ දෙවරක්ම වැන්දඹු භාවයට පත්වූ කාන්තාවක් වන කදිජා රලි තුමිය සමගයි. ඇය නබිතුමාව විවාහ කර ගන්නා විටත් නබිතුමාට වඩා වයසින් මුහුකුරා ගොස් සිටියාය. එසේ තිබියදීත් නබිතුමාගේ පුත් ඉබ්රාහිම් රලි තුමා හැර අනෙකුත් සියළුම ළමයින් කදිජා තුමියට දාව ලැබී ඇත. වයස් පරතරය කෙසේ වෙතත් නබිතුමා කදිජා තුමිය සමග ඉතා සාර්ථක යුග දිවියක් ගත කර තිබේ. කදිජා රලි තුමියගේ අහාවය තෙක් නබිතුමා වෙනත් කිසිම විවාහයක් ගැන සිතුවේ නැත. කදිජා තුමියගේ අභාවයෙන් පසු නබිතුමාගේ තනිය මැකීම පිණිස දෙවන වරටත් විවාහ වුයේ දරුවන්ද සිටින වැන්දඹු කාන්තාවක් වන සව්දා රලි තුමිය සමග ය. ඒ අනුව ආයිෂා රලි තුමිය නබිතුමාගේ තෙවන භාර්යාව වන්නේය.
ආයිෂා තුමියගේ විවාහය ගැන සඳහන් කිරීමට පෙර එදා පැවති අරාබි චාරිත්‍රයක් ගැන සඳහන් කල යුතුව ඇත. එකල පැවති සිරිත අනුව දෙමව්පියන් තම දරුවන්ට කුඩා කාලයේදීම විවාහ ගිවිස ගෙන තිබේ. ඒ අනුව ආයිෂා තුමියටද නබිතුමා විවාහ වීමට පෙර මුතීම්ගේ පුත් ජුබෙයිර්ව යෝජනා කොට තිබී ඇත. එහෙත් ආයිෂා තුමිය ඉස්ලාම් දහම වැළඳ ගැනීම හේතුවෙන් එම විවාහය කැඩී ගියේය. අනතුරුව සිදු කල යෝජනාවකින් පසු ආයිෂා රලි තුමියව විවාහ වීම සඳහා නබිතුමාට යෝජනා කොට ඇත.
ආයිෂා රලි තුමියගේ වයස 6 දී නබිතුමා සමග විවාහ ගිවිසගෙන ඇතත් ඇයට වයස 9 දී හෝ 12 දී නබිතුමාගේ නිවසට කැන්දන් ගිය බව හදිස් වල සඳහන් වන්නේය. එම යුගයේදී කුඩා වයසේදී විවාහ වීම සාමන්‍ය සිරිතකක් විය. නබිතුමාගේ සහ ආයිෂා රලි තුමිය අතර සැලකිය යුතු වයස් පරතරයක් තිබුනද එම යුග දිවිය ඉතා සාර්ථක එකක් විය. කිසිම දවසක අයිෂා රලි තුමිය නබිතුමා ගැන වරදක් කියා නොමැත. නබිතුමාද ඔහුගේ සියළුම භාර්යාවන් අතර ආදර්ශවත් විවාහ දිවියක් ගත කර තිබේ.
ආයිෂා රලි තුමිය අඩු වයසින් විවාහ වීම මුස්ලිම්වරුන් ලැබූ විශාල භාග්‍යයක් ලෙස සැලකිය යුතුය. ඇයිද යත් එතුමිය විසින් හදිස් 2000 කට වඩා දැනුම් දී ඇත. ඒ අනුව ඇය හදිස් දැනුම් දීම අතින් සිව් වන ස්ථානයට පත් වන්නීය. ඇය අඩු වයසකදී නබිතුමාව විවාහ වීම වෙස්වලා ගත් ආශීර්වාදයක් ලෙස සැලකිය යුතුව ඇත.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.