අල්ලාහ් ඕනෑම කෙනෙකුගේ ඉල්ලීම්වලට කන්දෙන්නේය. එම තැනැත්තා අල්ලාහ්ව විශ්වාස කිරීම හෝ විශ්වාස නොකර සිටීම ඊට බලපාන්නේ නැත. විශේෂයෙන්ම අසාධාරණයට ලක්වුවන්ගේ ඉල්ලීමට අල්ලාහ් සවන් දෙන්නේය. එහිදී අසාදාරණයට ලක්වුයේ අල්ලාහ්ව විශ්වාස කරන කෙනෙක්ද අල්ලාහ්ව විශ්වාස නොකරන කෙනෙක්ද යන්න අදාළ නැත. එසේම තිරිසන් සතෙකුට හිංසාවක් කලත් අල්ලාහ් ඊට ප්‍රතිචාර දක්වන්නේය. මේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ මැවීම් වීම ඊට හේතුව වේ. විශේෂයෙන්ම කිසිවෙකුගේ පිහිටක් නොමැතිව ඉතා අසරණ තත්වයට පත්වූ කෙනෙක් හද පත්ලෙන්ම අල්ලාහ් වෙත හැරුණු විට ඔහුටත් අල්ලාහ් උදව් කරන්නේය. උදාහරණයක් ලෙස කෙනෙකුගේ දරුවෙක් අසාධ්‍ය ලෙස රෝගාතුර වී ඔහුව සුව කිරීමට නොහැකියැයි සෑම වෛද්‍යවරයෙකුම අත්හැර දැමු විට ඔහු අල්ලාහ් වෙත හැරුනේ නම් අල්ලාහ් ඔහුට උදව් කරන්නේය. මෙම ප්‍රාර්ථනාව ඉටු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු එම අවස්ථාවේදී අල්ලාහ් කෙරෙහි පුර්ණ විශ්වාසය තැබීමය.
අල්ලාහ්ගෙන් කරන සෑම ඉල්ලීමක්ම ඉබාදතයක් නොහොත් කුසල් ක්‍රියාවකි. තවද අල්ලාහ්ගෙන් ඉල්ලන තරමට ඔහු සතුටු වන අතර මිනිසා මිනිසාගෙන් ඉල්ලන තරමට කෝපයට පත් වන්නේය. කෙසේ වෙතත් ඇතැම් අවස්ථවලදී අල්ලාහ් කෙනෙකුගේ ප්රාර්ථනයන් ප්‍රමාද කල හැකිය. නැතහොත් එය මේ ලෝකයේදී ලබා නොදීමට ඉඩ ඇත. එහෙත් අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා තිබෙන තුරු ඒවා ඉවත දමන්නේ නැත.
මොන තරම් පින්දහම් කලත් කෙනෙකුගේ ප්රාර්ථනයන් ඉටු නොවීමට හේතුවක් වන්නේ ඔහු හරාම් දේවල් වලින් පෝෂණය වීමය. ඒ අනුව ඔහු කන කෑම හරාම් නම් ඔහු බොන පානයන් හරාම් නම් ඔහු අඳින ඇඳුම් හරාම් නම් ඔහුගේ දුආ ප්රාර්ථනයන් සපල වන්නේ නැත.
කෙනෙක් මොන තරම් පින් දහම් කලත් අල්ලාහ් කෙරෙහි සැක පහළ කරන්නේ නම් ඔහුගේ ප්‍රාර්ථනාවන්ද පල රහිත වන්නේය. උදාහරණයක් ලෙස කෙනෙක් යම් දෙයක් සඳහා අල්ලාහ්ගෙන් ප්‍රර්ථනා කල පසු එය සිදු වෙයිද නොවෙයිද යන චකිතයෙන් සිටින්නේ නම් ඔහුට ලැබෙන ආනිසංසත් එසේමය. එබැවින් තමන් ඉල්ලන දේ අල්ලාහ්ට ඉටු කිරීමට හැකි යැයි දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රර්ථනා කල යුතුය. සැzකරියා නබි තුමා ඔහුගේ මහළු වියේදී ඔහුගේ මහළු බිරිඳට දරුවෙක් ලබා දෙන මෙන් ප්‍රර්ථනා කලේ අල්ලාහ්ට එය කල හැකි බව දැඩි ලෙස විශ්වාස කල නිසාය. ඒ අනුව අල්ලාහ් ඔහුගේ එම ප්‍රාර්ථනාව ඉටු කර දුන්නේය. මෙවැනි තව බොහෝ සිදුවීම් අල් කුරානයේ සඳහන් කොට ඇත්තේ අපට අල්ලාහ් කෙරෙහි විශ්වාසය ගොඩ නගා ගැනීමටය.
මිනිසා කරන ප්රාර්ථනාවන්ගෙන් වැදගත්ම ප්‍රාර්ථනාව වන්නේ කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමය. අල්ලාහ් කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නේ නම් ඔහුව මං මුලා කිරීමට කිසිවෙකුටත් නොහැකිය.
By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons. Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.