ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය නම් අල් කුරානය තුල යුද්ධය ගැන සඳහන් වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කල හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම ආගමකට වඩා ජිවන මාර්ගයක් යැයි කීම නිවැරදි ය. ඒ අනුව එහි ආගමක තිබිය යුතු කරුණු වලට අමතරව ප්‍රායෝගික ජීවිතයේදී මුහුණ දෙන දේවල් පිලිබඳව ද සඳහන් කොට ඇත. උදාහරණයක් වශයෙන් විවාහය, දික්කසාදය, ව්‍යාපාරය, මුල්‍යමය ගනු දෙනු, නීතිය, යුද්ධය සහ ගැටුම් නිරාකරණය පෙන්වා දිය හැකිය.
අල් කුරානය මිනිසාට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීම සඳහා පහළ කරන ලද පණිවිඩයක් වුවද එහි යුද්ධය පිළිබඳ වැකි ඇතුලත් කොට තිබෙන්නේ සාමකාමී සමාජයක් ඇති කිරීම උදෙසාය. ඉස්ලාම් දහමේ පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිදානය ද සාමය වෙනුවෙන් පෙනී සිටියත් ඔවුන් ද නිත්‍ය හමුදාවක් නඩත්තු කරන්නේ ය. ඒ අනුව ඔවුන් අවශ්‍ය විටකදී සාමය වෙනුවෙන් යුද්ධ කරන්නේය. එසේම ලංකාව බුද්ධාගමට මුල්තැන දී තිබෙන රටක් වුවද එහි නිත්‍ය හමුදා බල ඇණි තිබෙන්නේ ය. එසේ තිබෙන්නේ රටේ ආරක්ෂාවට බව ඕනෑම කෙනෙකුට තේරුම් යා යුතුය. ඉස්ලාම් දහමත් එසේමය.
අල් කුරානය මගින් යුද්ධ කිරීමට අවසර ලබා දී තිබුනත් මුස්ලිම් හමුදාවකට යුද්දයක් ආරම්හ කල හැක්කේ සතුරා යුද්ධය ආරම්භ කළහොත් පමණි. එසේම සතුරා සාමයට කැමති වුවහොත් වහාම සටන් කිරීම නැවැත්වීමට අල් කුරානයෙන් නියෝග කොට ඇත. තවද මුස්ලිම්වරුන් කරන යුද්ධයකදී පිළිපැදිය යුතු සාරධර්ම විශාල ප්‍රමානයක් නබිතුමා පෙන්වා දී තිබේ. ඒ අනුව යුද්ධයට සම්බන්ද නොවන අය, මහළු අය, කාන්තවන්, ළමුන් ඝාතනය කිරීම තහනම් ය. තවද පල දරන ගස් කොළන්, සතා සිව්පාවන්, ගොඩනැගිලි, පුජනීය ස්ථාන විනාශ කිරීම තහනම් ය. මේ හැරුණු විට යුද්ධයකදී අල්ලාගනු ලබන සිර කරුවන්ට දිය යුතු මානුෂික අවශ්‍යතවයන් ඉස්ලාම් දහමින් පෙන්වා දී තිබේ.
ඕනෑම යුද්ධයකදී සතුරා දුටු තැන පහර දිය යුතුය. නැතහොත් ඝාතනය කල යුතුය. එය යුද්ධයක දී දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙවැනි වැකි අල් කුරානයේද දැකිය හැකිය. එහෙත් එම වැකි සන්දර්බයෙන් බැහැරව ඉදිරිපත් කරන්නේ නම් එය මුග්ධ කමකි. එසේ තිබියදී ඇතැම් අය හිතා මතාම කුරානයේ එන එවැනි වැකි උපුටාගෙන ඒවාට වැරදි අර්ථ කතන ලැබ දෙන්නේය.
යුද්ධය සහ ත්‍රස්තවාදය එකිනෙකට වෙනස් ය. එම නිසා අල් කුරානයේ එන යුද්ධය පිලිබඳව වැකි උපයෝගී කරගෙන ත්‍රස්තවාදය අනුමත කල නොහැකිය. ඇයිද යත් ත්රස්තවාදීන් කරන ක්‍රියාවන් නිසා කුර්ආන් වැකි උල්ලංගනය වන නිසාය. උදාහරණයක් වශයෙන් අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම ලොවැසියන් සියළුම දෙනා ඝාතනය කිරීමට සමානය. එහෙත් ත්රස්තවාදීන් අතින් අහිංසක මිනිසුන් විශාල වශයෙන් ඝාතනය වන්නේය. මෙය ඉස්ලාම් දහමින් කිසිසේත්ම අනුමත කරන්නේ නැත.
බොහෝ විට ත්රස්තවාදීන් බිහි වන්නේ පාලකයින් අතින් සිදුවන අසාධාරනකම් නිසාය. කෙසේ වෙතත් අල් කුරානයට අනුව සාධාරණ අන්දමින් රටක් පාලනය කරන්නේ නම් ත්රස්තවාදීන් බිහි වීමට තිබෙන ඉඩ කඩ අවම වන්නේය. අද නොයෙකුත් නම්වලින් ඉස්ලාමිය ත්රස්තවාදීන් බිහි වී තිබෙන්නේ ඉස්ලාමිය රාජ්‍යයයන් තුල බටහිර රටවල් විසින් කරනු ලබන කුමන්ත්‍රණ වල ප්‍රතිපලයක් ලෙසය. අද අපි දකින ISIS ත්රස්තවාදීන් බිහිවන්නේ ඇමරිකාවේ සහ ඉස්රායිලයේ උවමනාව මතය. ඒ අනුව ISIS බිහිවී මෙතෙක් කලකට ඔවුන් විසින් මුස්ලිම්වරුන්ට විරුද්දව මොනතරම් වැරදි කරත් ඒවාට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැත.
By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.