වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලය. ඔහු දැනට සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා කටයුතු කොට ඇත. එතුමා ඉස්ලාමිය විද්වතෙක් වන අතර ඉස්ලාම් දහමට කිසිම දෙයක් එකතු කලේ හෝ ඉන් කිසිම දෙයක් ඉවත් කලේ හෝ නැත. කෙසේ වෙතත් ඔහු විසින් ඇති කල සංවිදානය කෙරෙහි බියට පත්වූ බටහිර ජාතින් සාමාන්‍ය ජනතාව කෙරෙහි භීතිකාවක් ඇති කිරීම සඳහා එම කණ්ඩායම වහාබ් වාදීන් ලෙස නම් කොට ඇත. එසේ තිබියදී ISIS සංවිදානය මිට වඩා වෙනස් මුහුණුවරක් ගන්නේය. එම සංවිදානය බිහි කලේ යුදෙව්වන් සහ නොමග ගිය මුස්ලිම්වරුන් විසිනි. ඒ අනුව ISIS සංවිදානය විසින් සිදු කරනු ලබන බොහෝ දේවල් ඉස්ලාමිය ඉගැන්වීම් වලට එකඟ වනෙන් නැත. මේ නිසා ISIS සංවිදානය විසින් වැඩිපුරම ඝාතනය කොට ඇත්තේ සාමන්‍ය මුස්ලිම්වරුන් ය.

ISIS සංවිදානය බිහිවී මෙතෙක් කාලයකට ඉස්රායලයට විරුද්ධව කිසිම බලපෑමක් සිදු කොට නැත. එහෙත් ඉස්රායිලය විසින් අහිංසක පලස්තීනුවන් දිනපතාම ඝාතනය කරමින් තිබේ. තවද පලස්තීනුවන්ගේ භුමිය මංකොල්ල කමින් ඇත. එසේ තිබියදී ISIS සංවිදානය ඔවුන්ට විරුද්ධව කිසිම ප්‍රකාශනයක් සිදු කොට නැත. මින් පැහැදිලි වන්නේ ඔවුන් අතර සම්භන්දයක් ඇති බවයි.

නබිතුමා අභාවයට පත්වන විට ඉස්ලාම් දහම තුල කිසිම පිල් බෙදීමක් තිබුනේ නැත. එහෙත් එතුමාගේ අභාවයෙන් දශක තුනක් පමණ ගිය පසු මුස්ලිම්වරුන් අතර හටගත් සිවිල් යුද්ධ හේතුවෙන් දේශපාලනික වශයෙන් ෂියා සහ කවරිජ් යැයි කණ්ඩායම් දෙකක් බිහි විය. පසු කාලීනව එම කණ්ඩායම් ආගමික නිකායන් බවට පත් වන්නේය. කෙසේ වෙතත් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඉස්ලාම් දහමට බෙහෙවින් වෙනස් වේ. මේ හේතුව නිසා ඔවුගෙන් නිවැරදි දහම අදහන මුස්ලිම්වරුන්ව හඳුනා ගැනීම සඳහා ‘අහුළුල් සුන්නා වල් ජමාඅ’ නොහොත් ‘සුන්නි’ යන නම භාවිතා කරනු ලැබේ. සුන්නිවරුන් අල් කුරානය සහ නබි මග අනුගමනය කරන පිරිසකි. මේ අතර කවාරිජ් කණ්ඩායම ඉස්ලාම් දහමට පටහැනි බොහෝ මතවාද අළුතින් ඇතිකරගෙන තිබේ. ඔවුන් ගැන නබිතුමා කලින්ම අනාවැකි පල කොට ඇත. අල්ලාහ්ගේ දූතයාණෝ පවසා ඇති පරිදි ඔවුන් නිරයේ සුනකයින් ය (ඉබ්නු මාජා 173). කවාරිජ්වරුන් අහුළුල් සුන්නා වල් ජමාඅ’ වරුන්ගෙන් වෙනස් වන අතර ඔවුන් තම අභිලාෂයන් සහ ආශාවන් මෙන්ම දහමට අළුතින් එකතුකරන ලද දේවල් අනුගමනය කරන අය වෙති. ඉස්ලාමයේ සිව්වන කලීෆා වන අලි රලි තුමා, සාද් ඉබ්නු අබිවක්කාස් සහ තවත් ඇතැම් සහබාවරුන් ඔවුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර තිබුනත් ඔවුන්ව කෆීර් යැයි නම් කොට නැත. ඔවුන්ගෙන් වැඩි දෙනා අතර මෑතක දී බිහිවූ ISIS සංවිදානයේ මත වාද දැකිය හැකිය.

ඉස්ලාම් දහම තුල බොහෝ බෙදීම් සහ නිකායන් ඇති වීමට ෂියා වරුන් ප්‍රධාන හේතුවකි. ඔවුන්ගේ අළුත් ඇදහිලි ක්‍රම නිසා නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාම් දහම තුල විශාල පිරිහීමක් සිදු විය. ඒ අනුව මළවුන් වෙනුවෙන් වාර්ෂිකව උත්සව පැවැත්වීම සහ ඔවුන්ගෙන් උදව් පැතීම ආරම්භ වන්නේය. තවද හජ් වන්දනාවට වඩා ඉහල වටිනාකමක් සොහොන් කොත් වන්දනාවට ලබා දී තිබුනේය. මේ හේතුවෙන් ඇතැම් සොහොන් වලට කඃබාවට වඩා ඉහල ගෞරවයක් දෙනු ලැබිය. තවද මෙම නාමික මුස්ලිම්වරුන් විසින් අනිවාර්ය සලතය ඉටු කිරීමෙහිලා උනන්දුවක් දක්වා නැත. එම හේතුවෙන් මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන දේවස්ථානයක් වන කඃබාව තුල නැමදීමට සිට ඇත්තේ ඉතා සුළු පිරිසකි. එහෙත් සොහොන් කොත් ආශ්‍රිත උත්සව සඳහා විශාල ලෙස පිරිස එකතු වී තිබේ. ඇතැම් අය දෙවියන්ගෙන් ආරක්ෂාව පතනවා වෙනුවට මළවුන්ගෙන් උදව් පතා තිබේ. මෙවැනි පසුබිමක මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ඊට විරුද්ධව නැගී සිට ඇත. ඔහු නබිතුමාගේ හදිස් අනුව යමින් මිනිසුන් විසින් වැඳුම් පිදුම් කරනු ලැබූ සොහොන් කොත් පොළවට සමතලා කොට ඇත. එහෙත් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් ඊට විරෝධය පල කොට තිබේ. අදටත් ඔවුන් නිවැරදි ඉස්ලාම් දහමින් බැහැරවී සිටිති. මේවා ගැන කිසිම දෙයක් නොදන්නා ඇතැම් උදවිය බහාබ් වාදය ගැන කතා කිරීම විහිළුවකි.

සෑම මුස්ලිම්වරයෙකුගෙන්ම බලාපොරොත්තු වන්නේ නබිතුමා මෙලොව හැර යන විට ඉස්ලාම් දහම කෙසේ තිබුනේද ඒ අන්දමටම එය පිළිපැදීමය. මෙය හඳුන්වන්නේ සලෆි ක්‍රමය ලෙසය. මෙම ක්‍රමයටත් වහාබි ක්‍රමයටත් විශාල වෙනසක් නොමැත. ඒ අනුව එම දෙපිරිසම කරන්නේ අල් කුරානය සහ නබි මග අනුගමනය කිරීමයි. කෙසේ වෙතත් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් යැයි කියාගන්නා අය ඉස්ලාම් දහමට බොහෝ අළුත් ඇදහිලි ඇතුලත් කොට ඇත. ඒ අනුව ඔවුන් නිවැරදිව  ඉස්ලාම් දහම අනුගමනය කරන්නෝ නොවෙති.

By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *