කොරෝනා වෛරසය නිසා මුළු ලොවම බියට පත්වී සිටින මෙවන් මොහොතක ලොව වාසි ජනතාවට ඉස්ලාමීය මග පෙන්වීම කුමක්ද? යනු දැනුවත් කිරීමයි මෙම කෙටි ලිපියේ අරමුණ.
මිනිසා සැම විටම අල්ලාහ් කෙරෙහි අවශ්‍යය තාවෙන් පසුවෙයි. විශේෂයෙන් පීඩිත අවස්ථාවන්හි එම අවශ්‍යතාව තව තවත් වැඩිවෙයි.
අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයේ මෙසේ සදහන් කරයි:
“ජනයිනි නුඹලා අල්ලාහ් වෙත අවශ්‍යතාව ඇත්තන්ය. තවද අල්ලාහ් ඔහුමය (කිසිවෙකු වෙත අනවශ්‍ය වූ) සර්ව සම්පූර්ණ සර්ව ප්‍රශංසාලාභී වන්නේ” (ශු අල්කුර්ආනය 35: 15).
මෙවන් මොහොතක ජනයා අනුමගමනය කළ යුතු උසස් ක්‍රම වේද හයක් පිළිබද අපේ අවදානය යොමු කරමු:
1- අල්ලාහ්ගේ නිමයමය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම. ඔහුගේ නිමයෙන් පිටත කිසිවක් සිදු නොවෙයි. සිදුවන සියල්ල ඔහුගේ නියමයට අනූවය. මිනිසා ඉතා ඉවසීමෙන්, අල්ලාහ්ගේ තෘප්තිය පමණක් අපේක්ෂා කර පීඩිත අවස්ථාවන්හි කටයුතු කරන විට ඔහුට අල්ලාහ් ඉදිරියේ ලැබෙන ප්‍රසාද ඉතා මහගුය.
2- අල්ලාහ් වෙත සියල්ල බාරකර ඔහු කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම. කවුරුන් අල්ලාහ්ට බියවෙයිද අල්ලාහ් ඔහුට දොරටු විවර කරයි, අල්ලාහ් වෙත තම කාර්්‍යයන් බාරකරන්නන්ට අල්ලාහ් ප්‍රමාණවත් බව ඔහු සදහන් කරයි.
3- පාපයන්ගෙන් මිදි ඔහුගෙන් සමාව අයද අල්ලාහ් වෙත හැරීම. මෙලොව සිදුවන විනාශ මිනිසා විසින්ම සොයාගත් දේවල්ය. මිනිසා පරීක්ෂණයට ලක්වෙන්නේ ඔහු යහපත් මග වෙත හැරීම සදහාය. පාපයන්ට සමාව අයද යහපත් මිනිසෙකු වීම සදහාය.
4- ලෞකීක විසදුම් වශයෙන්, මෙවන් වසංගතවලින් ආරක්ෂා වීම සදහා සැම විට පිරිසිදුව සිටීම, අවශ්‍ය කරන ආරක්ෂිත පියවර ගැනීම, එවන් වසංගත වැළදුනු අයගෙන් ඈත්ව සිටීම, අවශ්‍යය කරන ආවර්න පැළඳීම, එය පැතිරුනු පෙදෙස්වලට ඇතුල් නොවීම. එය බෝවීම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග ගැනීම.
5- අසත්‍යය තොරතුරුවලට බිය නොවී නොරැවටී එඩිතරව ක්‍රියා කිරීම. සත්‍යය තොරතුරු නිල වෙබ් අඩවී හරහා විශ්වාසනීය අයගෙන් ලබාගැනීම. තවත් කෙනෙකුව බියට පත් කිරීම කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරන බැවින් අසත්‍යය තොරතුරු ප්‍රචාරය කර අන් අයව බියට පත් කිරීමෙන් වැළකි සිටීම. සමහරු කිසිදු සොයා බැලීමකින් තොර එන සියල්ල ෂෙයාර් කරමින් මෙම වරද කරති. මෙවන් අයට දහම තුළ දැඩි අවවාද ඇත.
6- මෙවැනි වසංගත වලින් ආරක්ෂාව පතා නිරතුරුව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. අල්ලාහ්ගේ දූතවරයා මෙවැනි වසංගත වලින් ආරක්ෂාවීම සඳහා ඉගැන්වූ ප්‍රාර්ථනා පාරායනය කිරීම. විශේෂයෙන් අල්ෆලක් (113), අන්නාස් (114) පරිච්ඡේද පාරායනය කිරීම. උදේ, සවස හා නින්දට යන විට කිව යුතු ප්‍රාර්ථනා, නිවසින් පිටත්වන විට, නිවසට ඇතුල් වන විට කිව යුතු ප්‍රාර්ථනා වෙනත් දෛනික ජීවිතයේ කිව යුතු ප්‍රාර්ථනා අමතක නොකර කීම. දරුවන්ට ද ඉගැන්වීම.
By: Abu Asma
www.yayuthumaga.com