جَنّٰتُ عَدْنٍ يَّدْخُلُوْنَهَا يُحَلَّوْنَ فِيْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّلُـؤْلُؤًا ۚ وَلِبَاسُهُمْ فِيْهَا حَرِيْرٌ

ඔවුන් සදාකාලික ස්වර්ග උයන්වලට ඇතුළු වනු ඇත. එහි ඔවුන්ට රන් හා මුතු වලින් සෑදූ වළලු පළඳවනු ලැබේ. එහි ඔවුන්ගේ ඇඳුම් සේදවලින් යුක්ත වේ.

وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِىْۤ اَذْهَبَ عَـنَّا الْحَزَنَ ؕ اِنَّ رَبَّنَا لَـغَفُوْرٌ شَكُوْرٌ

ඔවුහු මෙසේ පවසති:

අපගෙන් සියලු දුක් හා කනස්සල්ල පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමි වේ. සැබවින්ම අපගේ පරමාධිපතියා අතිශයින් ක්ෂමාශීලීය, කෘතඥතාව අගය කරන්නාය.

اَلَّذِىْۤ اَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهٖ ۚ لَا يَمَسُّنَا فِيْهَا نَصَبٌ وَّلَا يَمَسُّنَا فِيْهَا لُغُوْبٌ

තම කරුණාවෙන් අපව මෙම සදාකාලික නිවසෙහි පදිංචි කළේ ඔහුය. මෙහි කිසිදු වෙහෙසක් අපට ස්පර්ශ නොකරයි. කිසිදු ක්ලාන්තයක් අපට ඇති නොවේ.

(සූරතු ෆාතිර් 35:33–35)

  1. ස්වර්ගවාසීන්ගේ ප්‍රශංසාව

وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِىْ هَدٰٮنَا لِهٰذَا وَمَا كُنَّا لِنَهْتَدِىَ لَوْلَاۤ اَنْ هَدٰٮنَا اللّٰهُ

ඔවුහු මෙසේ පවසති:

මෙම භාග්‍යයට අපට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමි වේ. අල්ලාහ් අපට මඟ නොපෙන්වා තිබුණේ නම්, අප කිසිදා නිවැරදි මාර්ගය සොයා නොගන්නෙමු.

وَنَزَعْنَا مَا فِىْ صُدُوْرِهِمْ مِّنْ غِلٍّ تَجْرِىْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ‌ۚ وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِىْ هَدٰٮنَا لِهٰذَا وَمَا كُنَّا لِنَهْتَدِىَ لَوْلَاۤ اَنْ هَدٰٮنَا اللّٰهُ‌ ‌ۚ لَقَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِالْحَـقِّ‌ ؕ وَنُوْدُوْۤا اَنْ تِلْكُمُ الْجَـنَّةُ اُوْرِثْتُمُوْهَا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ‏

ඔවුන්ගේ සිත්වල තිබූ සියලු වෛරය අපි ඉවත් කර දමන්නෙමු. ඔවුන් යටින් ගංගා ගලා යයි. ඔවුහු මෙසේද පවසති:

අල්ලාහ් අපට මඟ පෙන්වා නොතිබුණේ නම් අප කිසිදා නිවැරදි මාර්ගය සොයා නොගන්නෙමු. සැබවින්ම අපගේ පරමාධිපතියාගේ දූතයන් සත්‍යයම ගෙන ආහ.

එවිට ඔවුන්ට මෙසේ නිවේදනය කරනු ලැබේ:

ඔබ කළ යහපත් ක්‍රියාවන් හේතුවෙන් ඔබට උරුම කර දෙන ලද ස්වර්ගය මෙයයි.

(සූරතුල් අඃරාෆ් 7:43)

  1. ස්වර්ගයට ඇතුළුවන විට ඔවුන්ගේ ප්‍රකාශය

وَسِيْقَ الَّذِيْنَ اتَّقَوْا رَبَّهُمْ اِلَى الْجَـنَّةِ زُمَرًا‌ؕ حَتّٰٓى اِذَا جَآءُوْهَا وَفُتِحَتْ اَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوْهَا خٰلِدِيْنَ‏

තම පරමාධිපතියාට බියබැතිව ජීවත් වූවන් කණ්ඩායම් වශයෙන් ස්වර්ගය වෙත ගෙන යනු ලැබේ. ඔවුන් එහි පැමිණි විට දොරටු විවෘත කරනු ලැබේ. එහි භාරකරුවන් ඔවුන්ට මෙසේ පවසති:

ඔබට ශාන්තිය වේවා! ඔබ පවිත්‍ර වී ඇත. එබැවින් සදාකාලිකව මෙයට ඇතුළු වන්න.

وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِىْ صَدَقَنَا وَعْدَهٗ وَاَوْرَثَنَا الْاَرْضَ نَتَبَوَّاُ مِنَ الْجَـنَّةِ حَيْثُ نَشَآءُ ‌ۚ فَنِعْمَ اَجْرُ الْعٰمِلِيْنَ‏

ඔවුහු මෙසේ පවසති:

අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමි වේ. ඔහු අපට දුන් පොරොන්දුව ඉටු කළේය. අප කැමති ඕනෑම තැනක වාසය කළ හැකි ලෙස මෙම ස්වර්ගය අපට උරුම කර දුන්නේය. යහපත් ක්‍රියා කළවුන්ගේ ත්‍යාගය කොතරම් අලංකාරද!

(සූරතුස් සුමර් 39:73–74)

  1. ස්වර්ගයේ ඔවුන්ගේ දුආ

اِنَّ الَّذِيْنَ اٰمَنُوْا وَ عَمِلُوا الصّٰلِحٰتِ يَهْدِيْهِمْ رَبُّهُمْ بِاِيْمَانِهِمْ‌ۚ تَجْرِىْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ فِىْ جَنّٰتِ النَّعِيْمِ‏

සැබවින්ම විශ්වාස කොට යහපත් ක්‍රියා කළවුන්ට, ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපතියා නිවැරදි මඟ පෙන්වයි. සුවපහසු ස්වර්ග උයන්වල ඔවුන් යටින් ගංගා ගලා යයි.

دَعْوٰٮهُمْ فِيْهَا سُبْحٰنَكَ اللّٰهُمَّ وَ تَحِيَّـتُهُمْ فِيْهَا سَلٰمٌ‌ۚ وَاٰخِرُ دَعْوٰٮهُمْ اَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَ‏

එහි ඔවුන්ගේ ප්‍රාර්ථනාව වන්නේ:

අපගේ අල්ලාහ්! ඔබ අතිශය පිවිතුරුය.

ඔවුන්ගේ සුබ පැතුම වන්නේ:

සලාම්!

ඔවුන්ගේ අවසාන ප්‍රශංසාව වන්නේ:

සියලු ප්‍රශංසා ලෝකවාසීන්ගේ පරමාධිපතියා වන අල්ලාහ්ටම හිමි වේ.

(සූරතු යූනුස් 10:9–10)

  1. මෙලොවදී ස්වර්ගවාසීන් කළ ප්‍රාර්ථනාව

 قُلْ اَؤُنَبِّئُكُمْ بِخَيْرٍ مِّنْ ذٰ لِكُمْ‌ؕ لِلَّذِيْنَ اتَّقَوْا عِنْدَ رَبِّهِمْ جَنّٰتٌ تَجْرِىْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِيْنَ فِيْهَا وَاَزْوَاجٌ مُّطَهَّرَةٌ وَّرِضْوَانٌ مِّنَ اللّٰهِ‌ؕ وَاللّٰهُ بَصِيْرٌۢ بِالْعِبَادِ‌ۚ‏

(නබිතුමනි!) පවසන්න:

“මෙයට වඩා උතුම් දේ ගැන මම ඔබට දන්වන්නද? අල්ලාහ්ට බියබැතිව සිටින අයට ඔවුන්ගේ පරමාධිපතියා අසල ස්වර්ග උයන් ඇත. ඒවා යටින් ගංගා ගලා යයි. ඔවුහු එහි සදාකාලිකව වාසය කරති. එහි පවිත්‍ර සහකාරියන් ද අල්ලාහ්ගේ තෘප්තිය ද ඇත.”

اَلَّذِيْنَ يَقُوْلُوْنَ رَبَّنَا اِنَّنَا اٰمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا وَقِنَا عَذَابَ النَّارِ

ඔවුහු මෙසේ ප්‍රාර්ථනා කළහ:

අපගේ පරමාධිපතියාණෙනි! සැබවින්ම අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පව්වලට සමාව දී, නිරා ගින්නේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව.

(සූරතු ආලු ඉම්රාන් 3:15–16)

  1. මෙලොවදී දඬුවම ගැන බියෙන් සිටි ස්වර්ගවාසීන්ගේ ප්‍රකාශය

وَاَقْبَلَ بَعْضُهُمْ عَلٰى بَعْضٍ يَّتَسَآءَلُوْنَ

ස්වර්ගවාසීහු එකිනෙකා සමඟ කතාබස් කරමින් විමසති.

قَالُوْا اِنَّا كُنَّا قَبْلُ فِيْ اَهْلِنَا مُشْفِقِيْنَ

ඔවුහු පවසති:

මීට පෙර අපි අපගේ පවුල් අතර සිටියදී (අල්ලාහ්ගේ දඬුවම ගැන) බියෙන් සිටියෙමු.

فَمَنَّ اللّٰهُ عَلَيْنَا وَوَقٰٮنَا عَذَابَ السَّمُومِ

එහෙත් අල්ලාහ් අප කෙරෙහි කරුණාව පෑ අතර, දැඩි ගින්නේ දඬුවමෙන් අපව ආරක්ෂා කළේය.

اِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوْهُ ۚ اِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيْمُ

සැබවින්ම අපි මීට පෙර (මෙලොව ජීවිතයේදී) ඔහුටම ප්‍රාර්ථනා කරමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහුම අතිශයින් උපකාරශීලී, අසීමිත කරුණාවන්තයාය.

(සූරතුත් තූර් 52:25–28)

 මෙම වැකි පාරායනය කරන විට ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ ප්‍රාර්ථනා කරන්නේය:

فَمَنَّ اللّٰهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ ۝

“එවිට අල්ලාහ් අප කෙරෙහි දයාව දක්වා, දැඩි ගින්නේ දඩුවමෙන් අපව ආරක්ෂා කළේය.”

اِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۚ اِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ ۝

“සැබවින්ම අපි මීට පෙර (මෙලොව ජීවිතයේදී) ඔහුගෙන්  අයැදිමින් සිටියෙමු. ඔහුමය පරම කරුණාභරිත, ත්‍යයාගශීලී වන්නේය (යැයි ද ඔවුහු පවසති)” (සූරතුත් තූර් 52:28–29)

اللَّهُمَّ مُنَّ عَلَيْنَا وَقِنَا عَذَابَ السَّمُومِ إِنَّكَ أَنْتَ الْبَرُّ الرَّحِيمُ

උච්චාරණය:

අල්ලාහුම්ම මුන්න අලයිනා වකිනා අදාබස් සමූම්. ඉන්නක අන්තල් බර්රුර් රහීම්.

අර්ථය:

“හිමියණි! අප කෙරෙහි ඔබගේ දයාව පිරිනමනු මැනව. දැඩි ගින්නේ දඩුවමෙන් අපව ආරක්ෂා කරනු මැනව. නියත වශයෙන්ම ඔබ පරම කරුණාභරිත, ත්‍යයාගශීලී වන්නේය.”

(මූලාශ්‍රය: ඉබ්නු අබී හාතිම්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *