විශ්වයට ආරම්භයක් තිබෙන බව ආගම්වලින් පමණක් නොව විද්‍යාඥයින් පවා පිළිගන්නා සත්‍යයකි. එහෙත් විශ්වයේ ආරම්භය කෙසේ සිදු වුයේද යන්න නිවැරදිව පැවසීමට නබිවරුන්ට මිස විද්‍යාඥයින්ට හැකිවී නොමැත. විශ්වයේ ආරම්භය සම්භන්දයෙන් විද්‍යාඥයින් නොයෙකුත් වාදයන් ඉදිරපත් කලත් ඒවා සියල්ලේම අඩුපාඩු තිබේ. දැනට වැඩියෙන්ම පිළිගැනීමට පත්ව තිබෙන්නේ මහා පිපුරුම් වාදයයි. එහෙත් එම වාදයෙන් විශ්වය නිර්මාණය වු අන්දම සම්පුර්ණයෙන්ම විස්තර කළ නොහැකිය.මහා පිපිරුම් වාදය ආරම්භ වන්නේ යම් ලක්ෂයකට ඒක රාශිවූ ශක්තියෙන් බව පැවසේ. එහෙත් එම ශක්තිය ඇතිවූ අන්දම ඉන් විස්තර කෙරෙන්නේ නැත. තවද එම ශක්තිය පුපුරා යාමෙන් පසු විශ්වය ඇතුළු සැම දෙයක්ම නිර්මාණය වුයේ කෙසේදැයි කිසිවෙකුත් දන්නේ නැත. තවද විශ්වය තුල ජිවය ඇතිවූ අන්දම විද්‍යාවෙන් මෙතෙක් සොයාගෙන නොමැත. ඒ හැරුණු විට ඉතා සංකීර්ණ මැවීමක් වන ප්‍රෝටීන අනුවක් ඇතිවන්නේ කෙසේදැයි විද්‍යාඥයින්ට පෙන්වා දීමට හැකිවී නොමැත. විද්‍යාඥයින් පවසන ආකාරයට DNA අනුවක් තුල ඇති විස්තරවලින් පුස්තකාලයක් පිරවිය හැකිය. මෙවැනි දෙයක් ඉබේ නිර්මාණය විය හැකිද?
විශ්වය පිපුරුමකින් ඇති වන්නේ නම් එහි මනා ලෙස සංවිදානය වු ක්ෂිරපත මිලියන ගණන් නිර්මාණය විය නොහැකිය. අපගේ පෘථිවිය සහ එහි ඇති ජිවින්ද ඉතා සංකීර්ණ මැවීම් වේ. ඒවා යම් නිර්මාණ කරුවෙකු නොමැතිව ඉබේ සිදු වුනා යැයි කීම විද්‍යාවට පටහැනි ප්රකාශනයකි. තාපගති විද්‍යාවේ දෙවන නියමය අනුව මහා පිපිරීමකින් සංවිදානය වු දේවල් ඇති වීම කිසි සේත්ම සිදු විය නොහැකි ක්‍රියාවන් වන්නේය.
ඇමරිකාවේ සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන මාහාචාර්ය ස්ටෙෆාන් හොකින් මහතා ඔහුගේ එක් කෘතියක සඳහන් කොට තිබුනේ විශ්වය දෙවියන් විසින් මැවූ බවය. කෙසේ වෙතත් ඔහු එම මතය දැන් වෙනස් කොට ස්වයං ජනනයක් ගැන පවසා තිබේ. එහෙත් මෙම දෙවන මතය ගැන බොහෝ විද්‍යාඥයින් ගේ විරෝධය පලකොට ඇත.
දෙවියන් පහල කල සෑම ආගමකින්ම පවසා ඇත්තේ විශ්වය දෙවියන් මැවූ බවයි. එහෙත් එය විශ්වාසය මත පදනම් වු කරුණකි. එම විශ්වාසය තහවුරු කිරීම සඳහා දෙවියන් විසින් යවන ලද සෑම නියෝජිතයෙක්ම ප්‍රාතිහාරයන් පෙන්වා තිබේ. දැනට අප අතර තිබෙන ප්‍රාතිහාරයක් වන්නේ අල්-කුරානයයි. නබිවරුන් විසින් පෙන්වන ලද ප්‍රතිහාරයන් ඔවුන්ටම මිස වෙන කිසිවෙකුට කළ නොහැකි වීමෙන් පැහැදිලි වන්නේ නබිවරුන් දෙවියන්ගේ නියෝජිතයින් බවයි.
මෙහිදී බොහෝ අය අසන ප්‍රශනයක් වන්නේ දෙවියන්ව මැව්වේ කව්රුන්ද යන්නයි. එහෙත් අර්ථ දක්විමෙන්ම දෙවියන් කිසිවෙකුගේ මැවීමක් නොවන නිසා එම ප්රශ්නය අර්ථ විරහිත එකක් වන්නේය. තවද දෙවියන් මැවුම්කරු මිස කිසිවෙකුගේ මැවීමක් නොවේ. එසේම දෙවියන් ඔහු මැවූ විශ්වය තුල ඇත්තේද නැත. ඔහු මවන ලද කිසිම දෙයක් ඔහුට සමාන වන්නේ නැත. මේ අනුව දෙවියන් ගැන දැනගත හැකි එකම ක්‍රමය ඔහු යවන ලද පණිවිඩයකිනි. අල්-කුරානයේ දැක්වෙන අන්දමට දෙවියන් ගැන පහත දැක්වෙන පරිදි විස්තර කොට ඇත.
අල්ලාහ් (දෙවියන්) එක් කෙනෙකි. කිසිවෙකු විසින් ඔහුව බිහි කලේ නැත. ඔහු විසින් කිසිවෙකු ප්‍රසුත කලේ ද නැත. ඔහුගේ පැවැත්මට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය නොවේ. කිසිම මැවිමකට ඔහු සමාන වන්නේද නැත. මේ අනුව අල්ලාහ් ට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. එහෙත් විශ්වය සහ එහි ඇති සියළුම දේවල් දෙවියන්ගේ මැවීම් බව ඔහු යවන ලද සැම පණිවිඩයකින් ම පවසා ඇත. එබැවින් ඒවා මැවූ දෙවියන්ට සියළු ප්‍රසංසා හිමිවිය යුතුය.
දෙවියන්ගේ මග පෙන්වීම අනුව ජිවත් වීම සැම ජිවියෙකුටම අනිවාර්ය වේ. එසේ නොකළේ නම් දෙවියන් පවසා ඇති පරිදි මරණයෙන් පසු කෙළවරක් නොමැති එම ජීවිතයේදී පාඩුවක්ම ලැබීමට සිදුවනු ඇත.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.